රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක මැණික් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් (2) රේගු භාරයට
රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක මැණික් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් (2) රේගු භාරයට
(22.12.2025 – 09:09 +0530 – sinhala.adaderana.lk)
මැණික් තොගයක් ගුද මාර්ගයෙහි සහ ගමන් මල්ල තුළ සඟවාගෙන චීනය බලා රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු (2) කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් දෙදෙනා (2) බේරුවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 සහ 39 වයස්වල පසුවන මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් (2) බව වාර්තා වේ.
මෙම සැකකරුවන් දෙදෙනා (2) ඊයේ (21) රාත්‍රී 10:20 ට චීනයේ චෙන්ඩු නුවර බලා පිටත්ව යන චීන ගුවන් සේවයේ සී.ඒ. 426 දරන ගුවන් යානයෙන් පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙහිදී රේගු නිලධාරීවරුන්ට මෙම පුද්ගලයින් දෙදෙනා (2) පිළිබඳව සැකපහල වී ඇති අතර එහිදී සිදු කළ පරීක්ෂා කිරීම්වලදී මෙම මැණික් තොගය සොයා ගෙන ඇත.
මෙම මැණික් තොගයේ වටිනාකම රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් (3,20,00,000) පමණ වන බව සඳහන් වේ.
එම මැණික් අතර නිල් මැණික්, පද්මරාග, කිරින්චි, රතු කැට, කනක, සැවරයිට්, වෛරෝඩි, සැවරයිට්, චන්ද්‍රකාන්ත, තෝරමල්ලි, සහ ආරනූල් යන ප්‍රධාන මැණික් වර්ග වල කැරට් 756 ක් බරැති මැණික් කැට 390 ක් තිබී ඇති බව වාර්තා වේ.
+++
+
කුච්චවේලි ප්‍රදේශයේ ATM මැෂිම කැඩූ අය සොයා CCTV සාක්ෂි ඔස්සේ මෙහෙයුම්
(22.12.2025 – hirunews.lk)
කුච්චවේලි ප්‍රදේශයේ නිලාවේලි පාරේ ස්ථාපිත කර ඇති පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයක් ඊයේ (21) අලුයම කඩා මුදල් ගැනීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව කුච්චවේලි පොලිසිය පවසනවා.

කිසිවකු හෝ එම ඒ.ටි.එම්. යන්ත්‍රයේ යට කොටසේ ආවරණය කඩා මුදල් සේප්පුව විවෘත කිරීමට උත්සහා දරා ඇති අතර එය විවෘත කිරීමට නොහැකි වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් බැංකු කළමනාකාරවරයා පොලිසියට පැමිණ කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඒ.ටි.එම්. යන්ත්‍රයට සවිකර ඇති සී.සී.ටි.වී. දර්ශන ආධාරයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ ෴
රට වටේම ඉන්න ‘පික්මී’ රියදුරන් ඇල්ලට – ඇල්ලේ ත්‍රීවිල් චණ්ඩි හොයා ගන්නත් නෑ (22.12.2025)
+++
පික්මී දුවන්න එපා මෙහේ,මෙහේ මිනිස්සු ජීවත් වෙන්න එපාද,පොලිසිය හා පික්මී රියදුරුන්ගේ උණුසුම් සංවාදය (22.12.2025)
+
ගුරුවරුන්ගෙන් ‘රතු එළියක්’
(22.12.2025 – 15:44 +0530 – sinhala.adaderana.lk)
පාසල් කාලය වෙනස් කිරීම සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ජනවාරි මස 05 වන දිනට පෙර ලබානොදුනහොත් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව ගුරු වෘත්තිය සමිති පවසයි.
ගුරු වෘත්තිය සමිති සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක් අධ්‍යාපන අමාත්‍යංශයේදී අද (22) පෙරවරුවේදී පැවැත්වුණි.
ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග පාසල් කාලය වෙනස් කිරීම සම්බන්ධයෙනි.
මෙහිදී වෘත්තී සමිති ප්‍රකාශ කර සිටියේ දෙසැම්බර් 12 වනදා වෘත්තීය ක්‍රියාමාර්ගයක නියලීමට සිටියත් එය සිදුනොකළ බවය.
අග්‍රාමාත්‍යවරිය අද (22) දිනයේදී යම්කිසි මට්ටමකට තමන්ගේ ප්‍රකාශවලට ඇහුම්කන් දීමක් සිදුකළ බවත් ඒ පිළිබඳව සලකාබලන බව ඇය ප්‍රකාශ කළ බවත් ගුරු වෘත්තිය සමිති ප්‍රකාශ කළේය ෴
මාලිමා මන්ත්‍රී ගංජා වගාව ගැන කියන්නේ පට්ටපල් බොරු. ඇත්ත කතාව එළියට (22.12.2025)
+
කරන්ඩ බැරි නං පුළුවන් කෙනෙකුට දීලා පලයල්ලා බං… රටම විපතක, ජන ජීවිතය අවුලක (21.12.2025)
+
12 වෙනිදා අයින් කරපු බෙහෙත් 13 වෙනිදාත් විදලා… ඒවායේ විෂබීජත් තිබිලා – Dr ආනන්ද විජේවික්‍රම (22.12.2025)
+
අනුර, අර රත්නපුරේ ගංජාගාමර් ගැන මොකද කියන්නේ… ඌ ඉඳගෙන බොරු කියනවා (21.12.2025)
+
තහනම් කලාට පස්සෙත්, තවත් අට දෙනෙකුට විදලා… මේ මොන පිස්සු ආණ්ඩුවක්ද ? (21.12.2025)
+
මීටර් 800 ට කෝටි 182 යි! මාලිමාවේ සූරපප්පාගේ අමුතු ගණන් හිලව් (21.12.2025)
+
බාල බේත් ෆේක් ලියුම් සහ ව්‍යාජ පෙම්වතියන් (21.12.2025)
+
සජිතිස්ම් , රනිලිස්ම් වලින් එහාට Loading… Waiting… (22.12.2025)
+
යාල්දේවී දුම්රිය යළිත් කන්කසන්තුරයට
(22.12.2025 – hirunews.lk)
ගමනාගමනය සීමා කර තිබූ උතුරු දුම්රිය මාර්ගය එළඹෙන දෙසැම්බර් 24 වන දින සිට කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා සම්පූර්ණයෙන්ම දුම්රිය ධාවනය සඳහා විවෘත කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරනවා.
ඒ අනුව, එදින සිට ‘යාල්දේවී’ දුම්රිය කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර යළි ධාවනය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
යාල්දේවී දුම්රිය කොළඹ කොටුවෙන් සහ කන්කසන්තුරයෙන් ගමන් ආරම්භ කරන වේලාවන් ලෙස, පෙරවරු 06:40 ට කොළඹ කොටුවෙන් පිටත් වන දුම්රිය පස්වරු 02:32 ට කන්කසන්තුරය වෙත ළඟා වීමට නියමිත අතර, පෙරවරු 10:30 ට කන්කසන්තුරයෙන් පිටත් වන දුම්රිය පස්වරු 06:54 ට කොළඹ කොටුව වෙත ළඟා වීමට නියමිත බවයි එම නිවේදනයේ සඳහන්.
මෙම දුම්රිය ගමනේදී කුරුණෑගල, අනුරාධපුරය, වව්නියාව සහ යාපනය ඇතුළු ප්‍රධාන දුම්රිය ස්ථාන රැසක නතර කරනු ලබයි.
යාල්දේවී දුම්රිය සඳහා පළමු (1) පංතියේ (වායු සමනය කළ) සහ දෙවන (2) පංතියේ ආසන වෙන්කිරීමේ පහසුකම් මගීන්ට සලසා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙනුවෙන් ගමනාගමන අධිකාරිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
යාල්දේවී නව දුම්රිය කාල සටහන පහතින් :


+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴