බදුල්ල හිඳගොඩ ප්‍රදේශයේදී තාප්පයක් කඩා වැටී අයෙක් මරුට
බදුල්ල හිඳගොඩ ප්‍රදේශයේදී තාප්පයක් කඩා වැටී අයෙක් මරුට
(20.12.2025 – hirunews.lk)
බදුල්ල හිඳගොඩ ප්‍රදේශයේදී තාප්පයක් සහිත පස් කණ්ඩියක් කඩා වැටීමෙන් යට වූ අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එහිදී තාප්පය සහිත පස්වලට යටවූ දෙදෙනෙකු (2) රෝහල්ගත කර තිබුණා.
බරපතල තත්ත්වයේ පසුවූ අයෙක් (1) මෙසේ ජීවිතක්ෂයට පතව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මොවුන් මුදා ගැනීමේ මෙහෙයුම සඳහා බදුල්ල රෝහලේ වෛද්‍යවරු, යුද හමුදාව සහ බදුල්ල මග නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සමග ප්‍රදේශවාසීන්ද එක්ව සිටියා.
+++
බදුල්ලේ පස් කණ්ඩියක් කඩා වැටෙයි – වැඩ කරමින් සිටි කම්කරුවන් 03 දෙනෙක් යටවෙයි (20.12.2025)
+
නලින්ද ඔයා මේකත් දණහිස්සෙන් ඉහළට ගන්නේ නැද්ද ? මේක අන්තිම අසමත් ආණ්ඩුවක් (20.12.2025)
+
සුනිල් සෙනෙවි, ඔය ඇමතිකම ළමයෙකුට දීපං… මේ ව්‍යසනයෙන් රට ගොඩදාන්න මේ හරක් සෙට් එකට බෑ (20.12.2025)
+
ග්‍රාමසේවකලාට කරන ජේවීපී බලහත්කාරය, බොරු හොඳේ… බොරු හොඳේ, බොරු හොඳේ, බොරු හොඳේ (20.12.2025)
+
සියලුම මැති ඇමතිවරුන් නිදොස් කොට නිදහස්! – රාජ්‍ය නිලධාරීන් බිල්ලට දුන් හැටි (20.12.2025)
+
මිනිස් ජීවිත බිලි ගත් ඉන්දියානු බෙහෙත් ගෙන්වන මාලිමාවේ ගජමිතුරා නගරාධිපති බල්තසාර්ගේ මස්සිනා (20.12.2025)
+
අනුර නිසා කෝටිපතියන් පිරිසකට නඩු පිට නඩු | මාලිමාව වප් මගුල කරන හැටි හෙළි වෙයි (20.12.2025)
+
කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ ගාස්තු අය කිරීම නවතී
(21.12.2025 – hirunews.lk)
කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී සිදුකෙරෙන ගාස්තු අය කිරීම නවතා දැමීමට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අනවශ්‍ය රථවාහන තදබදයක් වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.
පිටත වටරවුම මාර්ගයේ සිට කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන රථවාහන සහ කටුනායක අධිවේගී මාර්ගයේ සිට පිටත වටරවුම මාර්ගයට පිවිසෙන රථවාහනවලට කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී නවතා ගෙවීම් සිදුකිරීමකින් තොරව ඉදිරියට ගමන් කළ හැකි වනවා ෴
ගංජා වැටලීම කළ පොලිස් නිලධාරියාට මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී මැරයා ගෙන් ප්‍රහාරයක්
(21.12.2025 – hirunews.lk)
ජාතික ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ‘ශාන්ත පද්මකුමාර’ගේ මාමණ්ඩියගේ ඉඩමක ගංජා වැටලීම සිදුකළ පොලිස් නිලධාරියාට එම මන්ත්‍රීවරයා පහරදීමක් සිදුකර තිබෙනවා.
අදාල පහරදීමෙන් මේ වන විට ‘සුසන්ත’ නැමැති එම නිලධාරියා ඇඹිලිපිටිය මූලික රෝහලේ අංක 01 වාට්ටුවේ 35 වැනි ඇඳේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.
රාජකාරිය නිමවා එමින් සිටි අවස්ථාවේ වෙළඳසැලක් අසළදී තමන්ට මෙම පහර දීම සිදුකළ බවයි පොලිස් නිලධාරියා පවසන්නේ.
එම අවස්ථාවේ මන්ත්‍රීවරයාගේ කැබ් රථය නවත්වා තිබී ඇති අතර මන්ත්‍රීවරයා පැමිණ “මට උඹව හම්බෙන්න ඕනෑ” යැයි පවසා තිබෙනවා.
එහිදී තමා “හම්බ වෙන්න ඕනේනම් හම්බ වෙමු” යැයි කියා කී බවත් එහිදී වචන කිහිපයක් හුවමාරු වූ බවයි පහරකෑ නිලධාරියා පැවසුවේ.
පසුව මොහු නිවස බලා යමින් සිටියදී කැබ් රථය පාර හරහා නවත්වා සිය යතුරුපැදියේ යතුර බලෙන්ම මන්ත්‍රීවරයා විසින් ගත් බවද ඔහු පවසනවා.
එම අවස්ථාවේ පොලිස් නිලධාරියා යතුරුපැදියෙන් බැසීමට උත්සාහ කළ මොහොතේ කසිප්පු පැකට්ටුවකින් මුහුණට පහරදුන් බවද ඔහු පැවසුවා.
එම අවස්ථාවේ තමාගේ දෑස් නොපෙනී ගිය බවත් ඒ සමගම තමුන්ට පහරදුන් බවයි ඔහු පවසන්නේ.
ඒ මොහොතේ ඉන්දික, චාමර, ළහිරු සහ ගුණතිලක යන අයද එහි සිටි බවත් වාහනය ඇතුළේ තවත් පිරිසක් සිටි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
පහරදීම සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයේ 118 සහ 119 අමතා දැනුම්දුන් නමුත් මේ වනතෙක් පොලිසිය කිසිදු ප්‍රකාශයක් තමාගෙන් ලබා නොගත් බවද ඔහු පවසනවා.
කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පසුව තමා කොලොන්න රෝහලට පළමුවෙන් ඇතුළත් වූ බවත් එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා තමුන් බැලීමට පැමිණි බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර බයිපාස් සැත්කමක් සිදුකර තිබෙන බැවින් පහරකෑම හේතුවෙන් ඔහුගේ පපුව, හිස සහ දෑස්වල වේදනාවක් පවතින බවයි ඔහු පවසන්නේ ෴
+++
මාලිමා මන්ත්‍රී ශාන්තගෙන් ගංජා වැටලීම කළ පොලිස් නිලධාරියාට ප්‍රහාරයක්
(21.12.2025 – 10:05 +0530 – sinhala.adaderana.lk)
සේවය නිම කර නිවස බලා පැමිණෙමින් සිටි සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සහයක නිලධාරියෙකුට රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු කණ්ඩායමක් පහරදී ඇතැයි එම පොලිස් නිලධාරියා චෝදනා කර තිබේ.
ඊයේ (20) රාත්‍රියේදී කළ මෙම පහර දීමෙන් තුවාල සිදුවූ බව පවසමින් එම පොලිස් නිලධාරියා මේ වන විට ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් සිටියි.
සූරියකන්ද පොලිසිය මගින් පසුගියදා සිදුකළ ගංජා වැටලීමට මෙම පහරකෑමට ලක්ව සිටි පොලිස් නිලධාරියාද සහභාගී වී ඇත.
අදාළ ගංජා වැටලීම සිදුකර ඇත්තේ මෙම පහරදීම සිදුකළ මන්ත්‍රීවරයාගේ මාමාණ්ඩියට අයත් ඉඩමක බව පැවසේ.
මන්ත්‍රීවරයා සහ තවත් පිරිසක් වාහනයකින් පැමිණ තමන්ට “තෝ මරනවා” යනුවෙන් ප්‍රකාශ කරමින් පහරදුන් බවයි පොලීස් නිලධාරියා සඳහන් කර ඇත්තේ.
එමෙන්ම ජාතික ජනබලවේග මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයාද මෙම පොලිස් නිලධාරියා සම්බන්ධව පොලීසියට පැමිණිලි කර ඇති බවත් වාර්තා වේ.
සූරියකන්ද පොලිසිය මගින් පසුගිය 16 දා සවස සූරියකන්ද බුලුතොට වැලිආර ප්‍රදේශයේ මඤ්ඤොක්කා සහ බඩ ඉරිඟු වගාවක් තුළ වගා කර තිබූ අඩි එකහමාර සහ අඩිය (1½ , 1) තරම් ප්‍රමාණයේ ගංජා ගස් දෙකක් (2) සමග එම ප්‍රදේශයේම විසිහතර (24) හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු ගංජා ගස් දෙක (2) සමඟ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේත්‍රාත් දිලුම් යූ. ප්‍රනාන්දු මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් තුන්දහසක (3000) දඩයක් නියම කරනු ලැබීය.
ජාතික ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතාගේ බිරිඳගේ පියාට අයත් බව කියන මෙම ඉඩම ගංජා පැළ දෙක (2) සමඟ අත්අඩංගුවට ගත් සැකකරුට වගාවන් සිදු කිරීම සඳහා ලබා දී ඇති බවත් වාර්තා විය.
අතර මෙසේ දඩ නියම කරනු ලැබුවේ ගහගත්ත සූරියකන්ද බුලුතොට තලගහවත්ත පදිංචි 24 හැවිරිදි තරුණයෙකුටය ෴
+++
මාලිමා මන්ත්‍රී ශාන්තගේ පහරදීමේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්
(22.12.2025 – 07:42 +0530 – sinhala.adaderana.lk)
ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර ඇතුළු පිරිසක් විසින් පොලිස් නිලධාරියෙකුට කළ බව කියන පහරදීමක් සම්බන්ධව වාර්තා වන කරුණුවලට අදාළව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ පසුගිය 20 වැනි දින රාත්‍රී 08:40 ට පමණ සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු ඔහුගේ රාජකාරි නිම කර නිවසට යමින් සිටියදී කළුගල පන්සල අසලදී අදාළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් තමාට පහරදී යතුරුපැදිය පැහැරගෙන ගිය බවට 119 මධ්‍යස්ථානය මගින් කොළොන්න පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබුණු බවය.

එදින රාත්‍රී 10:10 ට පමණ ජාතික ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර විසින් ද කළුගල සිට හල්වින්න දෙසට කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී සූරියකන්ද පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඔහුගේ යතුරුපැදිය හරස් කර තම කැබ් රථය නවතා මාර්ගය අවහිර කර පහරදීමට තැත් කළ බව දන්වමින් කොළොන්න පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති බවත් පොලීසිය සිය නිවේදනයේ සඳහන් කර ඇත.
එමෙන්ම පොලිස් කොස්තාපල්වරයාගේ යතුරුපැදිය කළුගල පන්සල අසල මාර්ගයේ තිබී කොළොන්න පොලිස් භාරයට ගෙන ඇති අතර අදාළ පොලිස් නිලධාරියා කොළොන්න රෝහලට ඇතුළත් වීමෙන් පසු ඇඹිලිපිටිය රෝහල වෙත මාරු කර යවා ඇති බවත් පොලීසිය සිය නිවේදනයේ සඳහන් කර ඇත.
අදාළ නිවේදනය මගින් පොලීසිය සඳහන් කර ඇත්තේ රෝහලේ රෝගී කාර්ය සටහන් වාර්තාවේ ප්‍රශ්වාස වාතයේ ඇල්කොහොල් ගඳ වහනය වන බවට වෛද්‍ය වාර්තාවේ සටහන්ව ඇති බවත් නිලධාරියාගේ මුත්‍රා සාම්පල්වල මත්ද්‍රව්‍ය සාන්ද්‍රන්‍ය නොමැති බැවින් රුධිරයේ සාම්පල් ලබා ගෙන මත්පැන් භාවිත කර සිට ඇද්ද යන්න පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත යොමු කිරීමට කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවත්ය.
එමෙන්ම සිදුවූ බව කියන මෙම සිදුවීම සම්බන්ධව ඇඹිලිපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලීසිය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත ෴
සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කරන ඔහු පසුගියදා ඇඹිලිපිටිය ප්‍රදේශයේ අදාළ මන්ත්‍රීවරයාගේ ඥාතියකුට අයත් ගංජා වැටලීමක් සිදුකළ පොලිස් කොස්තාපල්වරයකු බව සඳහන් වේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුඩ්ලර් මහතා සඳහන් කළේය.
එම සිදුවීම සිදුවූ ප්‍රදේශයේ සී.සී.ටී.වී. දර්ශන සහ අදාළ ස්ථානයේ රැදී සිටි පුද්ගලයින්ගේ සාක්ෂි ලබාගෙන ඒ පිළිබඳව මූලික විමර්ශන මේ වන විටත් සිදුකර ඇති බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් තමන් එලෙස කිසිදු පහරදීමක් සිදු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා පවසයි.
අදාළ පොලිස් කොස්තාපල්වරයා තමා ගමන් ගත් මෝටර් රථය නතර කර තර්ජනය කිරීමක් සිදු කිරීම සම්බන්ධයෙන් කොලොන්න පොලිසියට පැමිණිල්ලක් ද සිදු කළ බව ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අදාළ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයාගේ බිරිද සඳහන් කළේ තම සැමියා විසින් 20.12.2025 දින රාත්‍රී දුරකථනයෙන් අමතා මෙම පහරදීම පිළිබදව දැනුම් දුන් බවය.
අනතුරුව ඔහු රෝහල්ගත කිරීමට තමන් ඇතුළු පිරිසක් කටයුතු කළ බව පොලිස් කොස්තාපල්වරයාගේ බිරිඳ සඳහන් කළාය.
+++
+++
+++
සුසන්ත-ශාන්ත සටනේ ඇත්ත කතාව! කසිප්පු බීලද? කසිප්පු ගහලද? (21.12.2025)
+++
මාලිමා මන්ත්‍රීගෙන් පහර කෑ පී.සී. අත්අඩංගුවට
(22.12.2025 – hirunews.lk)
ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර තමන්ට පහර දුන් බවට මීට පෙර චෝදනා කළ සූරියකන්ද පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැරදි ලෙස බාධා කිරීම ඇතුළු චෝදනා තුනක් යටතේ මොහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
පසුගියදා සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සහ කොස්තාපල්වරයා යන දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය වශයෙන් චෝදනා එල්ල කරනු ලැබුවා ෴
+++
පොලිස් නිලධාරියා මාලිමා මන්ත්‍රීට බලපෑම් කළා – පොලිස් මාධ්‍ය හමුවට සබරගමු DIGවත් ගෙන්නයි (22.12.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴