නිවාස පිරිසිදුවට හා ගෘහ උපකරණ ගැනීමේ දීමනාව දෙසැම්බර් 31 ට කළින් දෙන්න – ජනාධිපති
නිවාස පිරිසිදුවට හා ගෘහ උපකරණ ගැනීමේ දීමනාව දෙසැම්බර් 31 ට කළින් දෙන්න – ජනාධිපති
(20.12.2025 – hirunews.lk)
නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 25,000 සහ ගෘහ උපකරණ මිලදී ගැනීමට ලබා දෙන රුපියල් 50,000 ක දීමනාව මෙම දෙසැම්බර් 31 වැනිදාට පෙර ලබා දීමට කටයුතු කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවා.
ඒ ‘Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවිතය නැවත ගොඩනැගීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සැලසුම් කෙරෙන වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවට එක්වෙමින්.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් අද (20) ජනාධිපති කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වුණා.
ආරක්ෂක, කෘෂිකර්ම, වාරිමාර්ග, ජල සම්පාදන, ධීවර, ප්‍රවාහන, නිවාස සහ ඉදිකිරීම් ආදී විෂයයන්ට අයත් අමාත්‍යාංශවල ලේකම්වරුන්, අදාළ ආයතනවල ප්‍රධානීන් සහ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් මේ සඳහා සහභාහී වුණා.
මෙහිදී නිවාස සහ වගා හානි සඳහා වන්දි ගෙවීම්, දිවයින පුරා පවත්වා ගෙන යන සුරක්ෂිත මධ්‍යස්ථානවල කටයුතු, ජනතාව නැවත පදිංචි කිරීම, ජීවනෝපාය මාර්ග යළි ගොඩනැගීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වැඩ පිළිවෙළ සහ එහි ප්‍රගතිය පිළිබඳව මෙහිදී විමසා තිබෙනවා.
එම වන්දි ලබා දීමේ ක්‍රියාදාමයේදී මතුව ඇති ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරුණා.
එමෙන්ම එම කටයුතු කාර්යක්ෂම කිරීම සහ කිසිවෙක් අත්නොහැරෙන පරිදි වන්දි හිමි විය යුතු සියලු දෙනාටම එම ප්‍රතිලාභය ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
ජනතාව නැවත පදිංචි කිරීම් සහ ඒ සඳහා අවශ්‍ය ඉඩම් හඳුනා ගැනිම පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.
මේ අතර, ප්‍රධාන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කළ යුතු නිවාස ව්‍යාපෘති පිළිබඳ වෙනම සැලැස්මක් සකස් කිරීමටත්, ඊට අදාළව සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් යළි කැඳවීමටත් කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
අධි අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව කඩිනමින් එම ස්ථානවලින් ඉවත් කර සුරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා නිවාස හානි සඳහා වන්දි ලබාදීමේදී සාධාරණ සහ විනිවිද භාවයෙන් යුතුව එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද පැහැදිලි කළා.
මහ කන්නයට ගොවි ජනතාව සූදානම් කිරීම සඳහා අවශ්‍ය වාරිමාර්ග ප්‍රතිසංස්කරණය, වන්දි ලබාදීම සහ බිත්තර වී ඇතුළු පහසුකම් ලබාදීමේ වැඩසටහන්හි ක්‍රියාකාරිත්වයද ජනාධිපතිවරයාගේ විමසීමට ලක්වුණා.
මේ අතර හානි වූ සත්ත්ව ගොවිපොළ සඳහා වන්දි ලබා දෙමින් එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග යළි ආරම්භ කිරීම, ආපදාවෙන් හානි වූ කුඩා වෙළෙඳ ව්‍යාපාර යළි ආරම්භ කිරීමට සහාය වීම, ධීවර කර්මාන්තය යථාවත් කිරීම සහ පාසල් දරුවන් වෙනුවෙන් රජයෙන් ලබා දෙන රුපියල් 15,000 ක දීමනාව කඩිනමින් ලබාදීමේ ප්‍රගතියද මෙහිදී සාකච්ජාවට ලක් කෙරුණා ෴
ගණිතයට ලකුණු අඩුයි කියා සිසුවියකගේ අතට කෝටු පාර 160 ක් ගැසූ උපකාරක පංති ගුරුවරයාට ඇප
(20.12.2025 – hirunews.lk)
ගණිතය ප්‍රශ්ණ පත්‍රයට ලකුණු අඩුවු බව පවසා සිසුවියකගේ දෙඅත්වලට කෝටුවකින් 160 වාරයක් පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණන ලද උපකාරක පංති ගුරුවරයකු රුපියල් ලක්ෂ තුන (300,000) බැගින්වු ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් මහේෂිකා විජේතුංග ඊයේ (19) නියෝග කළා.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ ‘පවන් අරුණානන්ද ප්‍රේමවර්ධන’ නමැති උපකාරක පංති ගුරුවරයෙක්.
මෙම ගුරුවරයා උපකාරක පංතියේ ගණිත විෂය උගන්වන විශ්ව විද්‍යාලයක දෙවන (2) වසරේ සිසුවෙකු බවට පරීක්ෂණවලදි අනාවරණය වී තිබුණා.
මෙම ගුරුවරයා, තම දියණියගේ දෙඅත්වලට කෝටුවකින් 160 වාරයක් පහරදී ඇති බවට ඇයගේ පියා විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කළ බව ගාල්ල පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.
මෙම සිසුවිය මේ වන විට කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
ගාල්ල නගරයේ උපකාරක පංතියකදි මෙම පහරදීම සිදුව ඇති අතර පසුව සිසුවියගේ ඥාතීන් තමන්ටද පහර දුන් බව පවසා ගුරුවරයාද රෝහල් ගතව තිබුණා.
අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන සිසුවිය ගණිතය සඳහා මෙම උපකාරක පංතියට ගොස් ඇති අතර, එහිදි සැකකරු ගණිතය ප්‍රශ්ණ පත්‍රයක් ලබාදී තිබෙනවා. එහිදී එම ප්‍රශ්ණ පත්‍රයට මෙම සිසුවිය ලකුණු 32 ක් අඩුවෙන් ලබාගෙන තිබු බවට වාර්තා වුණා.
පසුව සැකකරු එක් ලකුණකට එක් පහර බැගින් සිසුවියගේ දෙඅත්වලට 160 වාරයක් පහරදී ඇතැයි වාර්තා වෙනවා.
පසුව ඇයගේ දෙමව්පියන් ඇය කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණා.
ගාල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.එස්. ජයවීරගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා විනෝදනි සමග සැරයන් ප්‍රියන්ත (54511) සැකකරු අධිකරණයට ඉදිරිපත් කළා ෴
භාවිතයෙන් ඉවත් කළ ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි : වියදම දැරීමට ඉන්දීය සමාගම සූදානම්
(20.12.2025 – hirunews.lk)
භාවිතයෙන් ඉවත් කර ඇති ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ එන්නත් කාණ්ඩ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පර්යේෂණාගාරයක් වෙත යොමුකර පරීක්ෂා කරන ලෙසත්, ඒ සඳහා වැයවන මුදල තම සමාගම මගින් දැරීමට සූදානම් බවත් ඉන්දියාවේ ‘මාන් ෆාර්මසූටිකල් පෞද්ගලික සමාගම’ ලිපියක් මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබෙනවා.
එමෙන්ම පරීක්ෂණ සඳහා යොමු කරන එන්නත් සාම්පල නිසි ප්‍රමිතියෙන් ගබඩා කර තිබූ බවට සහතික වීම මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක් බව ද අදාළ ලිපියේ සඳහන්.
වමනය සහ ඊට අදාළව මතුවන සංකූලතා සමනය කිරීම සඳහා රෝගීන්ට ලබාදෙන ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ නම් එන්නතේ ඉන්දීය සමාගමක් විසින් නිෂ්පාදනය කරන කාණ්ඩ 4 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ සහ පෞද්ගලික රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබුණේ පසුගිය 13 වැනිදායි.
ඒ, එම එන්නත සම්බන්ධයෙන් මහනුවර ජාතික රෝහලේ ක්ෂුද්‍ර ජීවී වෛද්‍ය අංශය සිදුකළ මූලික රසායනාගාර පරීක්ෂාවකදී විෂබීජ අන්තර්ගත බවට සැකයක් මතුව තිබීම හේතුවෙන්.
කොළඹ අයි.ඩී.එච්. රෝහලේ රෝගීන් දෙදෙනෙකු (2) පසුගියදා මියගොස් තිබූ අතර ඔවුන්ගේ ප්‍රතිකාර චක්‍රය තුළදී එම එන්නත ලබාදී තිබූ බව රෝහල් බලධාරීන් විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය දැනුවත් කර තිබෙනවා.
එම මරණවලට මෙම එන්නතෙන් බලපෑමක් එල්ලවී තිබුණාද නැද්ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක බවයි ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ.
මියගිය රෝගීන් දෙදෙනා (2) අතරින් අයෙක් හෝමාගම හබරකඩ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි දෙදරු මවක් වන අතර ඇයගේ අවසන් කටයුතු පසුගිය 12 වැනිදා සිදු කර තිබුණා.
මේ අතර අදාළ එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ ‘මාන් ෆාර්මසූටිකල් පෞද්ගලික සමාගම’ මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු බලධාරීන් වෙත ලිපියක් එවා ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළා.
අදාළ එන්නත් කාණ්ඩ වහාම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පර්යේෂණාගාරයක් වෙත යොමුකර පරීක්ෂා කරන ලෙසත්, ඒ සඳහා වැයවන මුදල තම සමාගම මගින් දැරීමට සූදානම් බවත් එම සමාගම අදාළ ලිපිය මගින් දැනුම් දී තිබෙනවා.
එමෙන්ම පරීක්ෂණ සඳහා යොමු කරන එන්නත් සාම්පල නිසි ප්‍රමිතියෙන් ගබඩා කර තිබූ බවට සහතික වීම මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක් බව සිහිපත් කරන බවද එම ලිපියේ සඳහන්.
+++
+++
බුදු අම්මෝ මට බැරියෝ – අනේ පලයං බන් යන්න – විමල් විරවංශ අද නම් ආණ්ඩුව හාන්සි කරවයි (20.12.2025)
+
ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට ලැබෙන සහන මෙන්න
(20.12.2025 – 17:55 +0530 – sinhala.adaderana.lk)
ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට ලබා දෙන ණය සහන පිළිබඳ කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
“ආපදාවට ලක් වූ ඔබ දැනටමත් පුද්ගලයෙක් විදිහට හෝ ව්‍යාපාරයක් ලෙස ණයක් අරගෙන තියෙනවා නම් ඒ ණය සහ පොලිය ආපසු ගෙවීම හෝ දෙකම එකවර ගෙවීමට මාස 03 සිට 06 දක්වා කල් ලබාදෙන්න කියලා ඉල්ලීම් කරනවා. අත්හිටුවන ලද කාලෙයේදී ගිවිසුම් ගත වෙලා තියෙන පොලී අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයක් අය නොකරන ලෙසත්, ඒ වගේම කල් දමන පොලියට ඇතිවන පොලිය සඳහා පොලිය අයකරන්න එපා කියලා කියලා තියෙනවා. දෙවන කාරණය තමයි බලපෑමට ලක්වුණු අයට අලුතෙන් ණය පහසුකම් ලබාදීම. මේ සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා. පුද්ගලයන්ටත් ව්‍යාපාරවලටත් ණය ඉල්ලීමේදී ක්ෂේත්‍ර කිහිපයක් තියෙනවා.”
“එකක් තමයි කලින් සඳහන් කරපු කාලසීමාව ඉක්ම වෙලා මාස තුනක (3) සහන කාලයකින් පසුව ආපසු ගෙවීම් ආරම්භ කරන ණය ලබාදෙන ලෙස තමයි කියලා තියෙන්නේ. උදාහරණයක් ලෙස සහන කාලය මාස 06 ක් ලබා දෙනවා පවතින ණයවලට. අලුතින් ණයක් ලබාගත්තා නම් ඒ ණයට ආපසු ගෙවීමට තව මාස 03 ක කාලයක් ලබාදෙනවා. ලබාදෙන අලුත් ණය වෙනුවෙන් පොලිය අයකිරීමේදී ඒ පුද්ගලයා හෝ ආයතනය අතීතයේ අවුරුදු දෙකක (2) ලාබාගෙන තිබුණු බර තැබූ පොලී අනුපාතය හෝ 9% ක් කියන පොලී අනුපාතයෙන් අඩු අගය තමයි අය කළ යුතු වන්නේ. එයත් ස්ථාවර පොලියක් ලෙස තමයි ලබාගත යුතු වන්නේ.”
“ඒ අනුව තුන්වන (3) කාරණය තමයි ව්‍යාපාර කටයුතු කරද්දී චෙක්පත් ලබාදෙනවා; ඒවා අගරු වෙන්න පුළුවන්; ඒවා ගෙවීම් නැවැත්වීම සඳහා බැංකුවෙන් අයකරන ප්‍රමාද ගාස්තු – විවිධ වූ ගාස්තු අය කිරීම 2026 ජනවාරි 31 වනදා දක්වා අත්අහිටුවලා තියෙනවා. නමුත් ඒ අයකිරීම් ගැන ව්‍යාපාරික ඔබ කලබල වෙන්න පුළුවන් – ස්ව්‍යංක්‍රීය ක්‍රම මගින් මේවා අයවෙලා තියෙන්න පුළුවන් – එහෙම අයවෙලා නම් ව්‍යාපාරික දින තුනක් (3) තුළ ඔබගේ ගිණුමට බැර කිරීම පිළිබඳවත් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම අලුත් ණය ඉල්ලා සිටිනකොට ණය තොරතුරු කාර්යාංශය වාර්තාව මත පමණක් පදනම් වෙලා තීන්දු ගන්න එපා. සිද්ධියෙන් සිද්ධියට බලලා ඒ පුද්ගලයාට ණය ලබාදෙන්න කියලා අපි යෝජනා කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් පැන නැගිලා තිබුණොත් එය මහ බැංකුවේ අදාළ විමර්ශන ආයතනයට දැනුම්වත් කරන්න.”
+
ගාල්ල නගරය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි – මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල (20.12.2025)
+
යාපනේ තිස්ස විහාරය ගැන ‘අරුන්’ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (20.12.2025)
+
රන්වලගේ වෙරි හිදුණට පස්සේ සාම්පල් අරන් ජෙප්පන්ගේ රෙදි ලෙෆ්ට් කරපු සජබේ අජිත් (20.12.2025)
+
ආයෙ මෙහේ ‘පික්මී’ දුවන්න බෑ ! හරිද ? ‘ඇල්ල පොලිස් රාජ්‍යයෙන්’ නව නීතියක් හඳුන්වා දෙයි (20.12.2025)
+++
+
පාරේ ඉදන් මොන ### කරන්නේ මීටරේ ළඟට ඇවිත් බිල ලියපන් යකෝ – ලයිට් බිල කඩන්න ආපු නිලධාරියාට පහර දෙයි (20.12.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴