කාලගුණ ලොක්කා නිවාස අඩස්සියේ.. දරුවෙකු සමඟවත් කතා කරන්න දෙන්නෑ..
කාලගුණ ලොක්කා නිවාස අඩස්සියේ.. දරුවෙකු සමඟවත් කතා කරන්න දෙන්නෑ..
(20.12.2025 – lankacnews.com)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ වන විට ‘නිවාස අඩස්සියේ’ තබා ඇති බවත්, ඔහුට තම දරුවෙකු සමඟ හෝ කතා කිරීමට ඉඩ ලබා නොදෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
ආරක්ෂක අමාත්‍යාංශය හරහා මෙලෙස ඔහු පාලනය කරන්නේ ආණ්ඩුවේ අඩුපාඩු හෙළිවේ යැයි පවතින බිය නිසා බව ද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද පිටු හතක (7) වාර්තාවකට අනුව, පසුගිය මැයි 23 වනදා සිටම රතු නිවේදන නිකුත් කරමින් බලධාරීන් දැනුවත් කර තිබුණ ද රජය ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
පසුගිය කාලයේ විනාශකාරී විපක්ෂයක් ලෙස කටයුතු කළ පිරිසක් අද ආණ්ඩු බලය ගෙන ඇති බැවින්, වර්තමාන විපක්ෂයේ සාධනීය මැදිහත්වීම් පවා ඔවුන්ට විනාශකාරී ලෙස පෙනෙන බව දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ආපදා නිසා මියගිය සහ අතුරුදන් වූ පිරිස පිළිබඳ නිවැරදි දත්ත ලබා දීමට පවා රජය අපොහොසත් වී ඇති බවත්, මරණ සහතික ලබා දෙන අවස්ථාවන් පවා ඡායාරූප ගනිමින් ප්‍රසිද්ධිය ලබා ගැනීමට රජය උත්සාහ කරන බවත් ඔහු විවේචනය කළේය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කටයුතු සඳහා විපක්ෂ නායකතුමා ඇතුළු පිරිස පූර්ණ සහයෝගය ලබා දෙන බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.
ආපදාවෙන් පීඩාවට පත් කුඩා ව්‍යාපාරිකයන් සඳහා දැනට ලබා දෙන රුපියල් ලක්ෂ දෙකක (2) මුදල ප්‍රමාණවත් නොවන බවත්, ඔවුන්ට යළි නැගී සිටීම සඳහා 7% ක් හෝ 8% ක අඩු පොලී අනුපාතයක් යටතේ සහනදායී ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවත් මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේය.
වෛද්‍ය බෙල්ලන මහතා ඉවත් කිරීමේ අර්බුදය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින දූෂණ සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, වෛද්‍ය බෙල්ලන මහතා සේවයෙන් ඉවත් කර ඇත්තේ 2022-2024 කාලසීමාවේදී සිදු වූ රුපියල් මිලියන 2500 ක මූල්‍ය වංචාවක් පිළිබඳව අල්ලස් කොමිසමට පැමිණිලි කිරීම නිසා බව සඳහන් කළේය. මෙම වංචාව හෙළිවීම වැළැක්වීම සඳහා ඔහුව ඉවත් කර ඇති බවත්, මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
+
කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසකට අද (20) පැය 8 ක ජල කප්පාදුවක්
(20.12.2025 – hirunews.lk)
කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ රැසකට අද (20) පෙරවරු 08:30 සිට පස්වරු 04:30 දක්වා පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
ලංකා විදුලිබල මණ්ඩලය (CEB) මගින් සිදුකරනු ලබන මාර්ග පවිත්‍ර කිරීමේ සහ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බවයි එම නිවේදනයේ සඳහන්.
ඒ අනුව, කොළඹ 01 සිට 15 දක්වා සියලුම ප්‍රදේශ, බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල මෙන්ම,
කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, මොරටුව සහ සොයිසාපුර යන ප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව සිදුකෙරෙනු ඇති ෴
රු. කෝටි තුනකට ආසන්න මත්ද්‍රව්‍ය එක්ක ජාවාරමෙක් අත්අඩංගුවට
(19.12.2025 – hirunews.lk)
කාලයක් තිස්සේ රහසිගතව මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයකු රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට (2,50,00,000) අධික වටිනා කේරල ගංජා සහ හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පවසනවා.
එම සැකකරු සමඟ ‘කේරළ ගංජා’ කිලෝ ග්‍රෑම් 90 යි මිලි ග්‍රෑම් 240 ක් හා ‘හොරෙයින්’ මත්කුඩු ග්‍රෑම් 58 මිලිග්‍රෑම් 640 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පුද්ගලයකු සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත දින ගණනාවක් තිස්සේ ලුහුබඳිමින් තොරතුරු රැස්කිරීමෙන් අනතුරුව පෑලියගොඩ ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරු සන්තකයේ තිබූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී එහි අඩංගුව තිබූ වට්සැප් පණිවිඩ ඇතුළු දත්ත සියල්ල මකා දමා තිබූ බවට අනාවරණය වූ බව පොලිසිය පවසනවා.
ඒ හේතුවෙන් සැකකරු සම්බන්ධයෙන් ඇති වූ සැකය හේතුවෙන් එම දත්ත යථාවත් කිරීමේදී ‘රුපියල් කෝටි 10 ක් දිලා හරි උඹව මරනවා’ යයි යම් පුද්ගලයෙකු සැකකරු වෙත එවන ලද වට්සැප් පණිවිඩයක සටහන්ව තිබීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකරු රහසිගතව සිදු කළ මත්ද්‍රව‍්‍ය ජාවාරමේ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරනවා.
සැකකරු පුද්ගලයෙකුගෙන් ලබාගත් කේරල ගංජා තොගයට මුදල් නොදීමේ සිද්ධියක් පදනම් කරගනිමින් ඔහුට මරණ තර්ජනය කර එම වට්සැප් පණිවුඩය එවා ඇති බවත් ඒ හේතුවෙන් ජීවිත ආරක්ෂාව පතා නිවසින් වසන්ව සිටින බවත් සැකකරු පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය කළ බවයි පොලිසිය පවසන්නේ.
එම ගංජා සම්බන්ධයෙන් සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඔහු පදිංචි මීගමුව කට්ටුව පදිංචි නිවසේ සිවිලිම තුළ සඟවා තිබූ අදාළ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
බස්නාහිර පළාත උතුරු දිශාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල, සහකාර පොලිස් අධිකාරී (මෙහෙයුම් හා පාලන) කුමාරදාස යන නිලධාරීන්ගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා, පොලිස් පරීක්ෂක කසුන් සුභාෂණ, කැලුම් බණ්ඩාර, පොලිස් සැරයන්වරුන් වන 73132 කුමාර 77930 ගයාන්, පොලිස් කොස්තාපල්වරුන් වන 88617 හෙන්නායක, 82128 මනෝජ්, 88753 අබේරත්න, 37801 ලක්මාල්, 15123 චරිත් යන නිළධාරින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූවා ෴
හිටපු කතානායක රන්වලගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි
(19.12.2025 – hirunews.lk)
හෙයියන්තුඩුව, දෙනිමුල්ල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරට අදාළව ඇප මත මුදා හැර සිටින ජාතික ජන බලවේගයේ බියගම ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු කතානායක අසෝක රන්වලගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ අද (19) නියෝග කළා.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ, මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (19) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.
මෙහි සැකකරු සම්බන්ධයෙන් වන වෛද්‍ය වාර්තා මෙතෙක් ලැබී නැතැයි ද සපුගස්කන්ද පොලිසිය අද (19) අධිකරණයට කරුණු වාර්තා කළා.
මෙම රිය අනතුරට සම්බන්ධ වාහන තුනක රියැදුරන්ගේ මත්ද්‍රව්‍ය පිළිබද වෛද්‍ය වාර්තාවක් ලබා ගැනිම සඳහා අධිකරණ වෛද්‍යවරුන් විසින් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කළ ඔවුන්ගේ රුධිර හා මුත්‍රා සාම්පල්වල වෛද්‍ය වාර්තා තවම ලැබි නැතැයි මෙහිදී පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
තවද පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල තවදුරටත් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට ඔහුගේ නීතිඥවරුන් විසින් අධිකරණයට දැනුම් දීම නිසා එම නඩුව ලබන ජනවාරි මස 16 වැනි දින යළි කැඳවීමට අධිකරණයෙන් නියෝග කළා.
සපුගස්කන්ද පොලිසිය මගින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 12 වැනිදා මහර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව කොළඹ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජානකි පෙරේරා එදිනම පස්වරුවේ කොළඹ ජාතික රෝහලට පැමිණ එහි නේවාසිකව ප්‍රතිකාර ලැබූ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු රුපියල් ලක්ෂ දෙකක (2) ශරීර ඇපයක් මත මුදා හරිනු ලැබුවා.
මේ නඩුව කැඳවු අවස්ථාවේ සපුගස්කන්ද පොලිසියේ නිලධාරීන් විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ සඳහන් කළා :
“මේ රිය අනතුරින් එකම පවුලේ මව, මාස හතක් (7) පමණ වයසැති දරුවා හා දරුවාගේ මිත්තනිය තුවාල ලැබුවා. එහිදි තුවාල ලැබු තිදෙනා (3) කිරිබත්ගොඩ රජයේ රෝහලට ඇතුළත් වුනා. පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා කාන්තාවන් දෙදෙනා (2) කොළඹ ජාතික රෝහලට හා කුඩා දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඈතළත් කළා. මේ වනවිට මව හා දරුවා රෝහලින් පිටවි නිවෙසට පැමිණ තිබෙනවා. නමුත් මිත්තනිය තවම කොළඹ ජාතික රෝහලේ අංක 73 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද තවම කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
මේ රිය අනතුරු ජාලයට සම්බන්ධ ජීප්රථය , මෝටර් රථය හා යතුරු පැදිය පැදවු රියදුරන් තිදෙනාගේ (3) වෛද්‍ය වාර්තා ඔවුන් ප්‍රතිකාර ලැබූ රාගම මහා රෝහලේ හා කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරනවා. එහි බීමත්ව නොසිටි බවට සදහන් වී තිබෙනවා. නමුත් මත්ද්‍රව්‍ය සම්බන්ධව ඔවුන්ගේ වැඩිදුර වෛද්‍ය වාර්තා ලබා ගැනීම සදහා ලේ හා මුත්‍රා සාම්පල් අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන් විසින් රජයේ රස පරික්ෂකවරයාට යොමු කර තිබෙනවා. එහි වෛද්‍ය වාර්තා තවම ලැබි නැහැ. ඒවා ලැබුණු විට අධිකරණයට ඉදිරිපත් කරනවා.
ජීප් රථයේ තිරංගවල දුර්වලතාවයක් පවතින බවට එය පරික්ෂාවට ලක් කළ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂකවරයා වාර්තා කර තිබෙනවා. ඒ සම්බන්ධව වැඩිදුර වාර්තාවක් ද අද (19) දින අධිකරණයට ඉදිරිපත් කරනවා. තවද ජීප්රථය පැදවු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
අනතුරට පත්වු මෝටර් රථයේ අලාභය ගැන තක්සේරු වාර්තාවක් කැඳවීමට අවසරය ලබා දෙන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මේ රිය අනතුරට සම්බන්ධ රියැදුරන් තිදෙනා (3) සම්බන්ධව විමර්ශන කරනවා. මෙහි වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා.
සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනි සිටි නීතීඥවරුන් විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කියා සඳහන් කළා.
“දැන් තම සේවාදායකයා ඇප මත සිටින්නේ. තවමත් ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඒ නිසා ඔහුට අද (19) දින අධිකරණයට පැමිණිමට නොහැකි වි තිබෙනවා. නමුත් ඔහු රෝහලින් පිටවු වහාම අධිකරණයට ඉදිරිපත් වෙනවා.
මේ රිය අනතුරින් තුවාල ලැබු තිදෙනෙකු (3) සිටිනවා. මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබන්නේ මිත්තනිය පමණයි. ඒ නිසා අපි තුවාලකරුවන් තිදෙනා (3) වෙනුවෙන් සානුකම්පිත දීමනාවක් ඔවුන් කැමති නම් ලබා දීමට කැමැත්තෙන් සිටිනවා. ඒ අනුව රෝහලේ දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන මිත්තනියට රුපියල් පනස් දහසක් (50,000) ද සෙසු දෙදෙනාට (2) රුපියල් විසිපන් දහස (25,000) බැගින් මුදලක් දීමට කැමැතියි.”
මේ අවස්ථාවේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පැමිණ සිටි රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන මිත්තනියගේ සැමියා වන ඩී.යු.පී. අතුකෝරල යන අය එවැනි දීමනාවක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා.
මෙහිදි දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු කෙරෙහි අවධානය යොමු කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙසේ ප්‍රකාශ කළා :
“මේ අවස්ථාවේ වන්දි ලබා දෙන්නට බැහැ. එය කළ හැකි වන්නේ අධිකරණයේ නඩුව අවසානයේයි. නමුත් සානුකම්පිත දීමනාවක් අගතියට පත් පාර්ශවයට දෙන්නට පුලුවන්. නමුත් එය භාර ගන්නට කැමති ද අකමැති ද යන්න ඒ අය සතු වෙනවා. සැකකරු රෝහලින් පිටවු පසු ජාතික ප්‍රවාහන වෛද්‍ය සභාවට ඉදිරිපත් කොට යෝග්‍යගතා වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කරනවා.”
එහි දී වැඩිදුර විභාගය ලබන ජනවාරි මස 16 වන දිනට කල් තැබුවා.
සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්. ජී.සුරවීරගේ උපදෙස් අනුව එහි රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයවීර දිසානායක, නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන්වරුන් වන චමින්ද (478), තිලකරත්න (36589) හා පොලිස් කොස්තාපල් ජයසිංහ (103658) යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවු අතර සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් නීතිඥවරුන් වන අකලංග උක්වත්ත , ලාල් කුමාරපේලි හා දේශාල් පෝල් අධිකරණයේ පෙනී සිටියා ෴
‘අනේ ප්ලීස්’ කිය කියා කරන ගමන් ඉගෙන ගන්නවා – චරිත් ආණ්ඩුවේ පට්ටම ලෙසටම ගලවයි (19.12.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴