අසත්‍ය, අපහාසාත්මක හා ද්වේෂ සහගත ප්‍රකාශයක් කළැයි ඇමති සමන්ත ගෙන් රු. කෝටි දහයක් (10) ඉල්ලා කෙලින්ම නඩු දමයි
(19.12.2025 – lankacnews.com)
ඇමති සමන්ත විද්‍යාරත්න විසින් සිදු කළ අසත්‍ය, අපහාසාත්මක හා ද්වේෂ සහගත ප්‍රකාශයක් මගින් තමන්ගේ කීර්තිනාමයට හා ගෞරවයට සිදු කළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අයකර ගැනීම සඳහා හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් කොළඹ දිසා අධිකරණයේ දී අපහාස නඩුවක් පවරා ඇත.
නඩුවේ දෙවන (2) විත්තිකරු ලෙස ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයා සහ ස්වාධීන රූපවාහිනිය නම් කර ඇත.
2025 ජනවාරි 09 දින පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් හිටපු ආණ්ඩුකාරවරයා හල්දුම්මුල්ල බෝගහපැලැස්ස රක්ෂිතයේ විශාල ඉඩම් ප්‍රමාණයක් බලහත්කාරයෙන් අල්ලා ගෙන ඇතැයි ද, වංචනිකයෙක් දුෂිතයෙකු යැයි බව ප්‍රකාශ කර ඇත. අක්කරයකට රුපියල් ලක්ෂය බැගින් ලබාගෙන ඉඩම් විකුණා ඇතැයි ද, ජාවාරම්කරුවන් සමඟ අක්කර 5,482 ක් අල්ලාගෙන ඇතැයි ද, අඹ පැල සොරකම් කර ඇතැයි ද වශයෙන් අමාත්‍යවරයා චෝදනා 15 කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර තිබුණි.
සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා විසින් සිදු කල ප්‍රකාශණ සහ පාඨ අසත්‍ය වන අතර එම වචන, ප්‍රකාශන හා පාඨ අපහාසාත්මක බවත්, වක්‍රොක්තියෙන් එල්ල කළ චෝදනා ද අසත්‍ය බවත්, එම ප්‍රකාශ ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති විකාශනය හා ‘පත්තරෙන් එහා’ වැඩසටහන මගින් ද ප්‍රචාරය කර තිබු බව පෙත්සමේ නඩු පෙත්සමේ දැක්වේ.
තමන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රු. මිලියන 100 ක මුදල් ද, නඩු පවරන දිනයේ සිට තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනය දක්වා එම මුදල සඳහා වූ නෛතික පොළියද අයකර දෙන ලෙස අංක DMR/1467/25 නඩුවෙන් වන්දි ලෙස ඉල්ලා ඇත ෴
+++
ඇමති සමන්තට නඩුවක් වැටෙයි | කියපු කතාවක් සැරටම පත්තු වෙයි | උසාවියෙන් එළියට ආ රංජිත් සියල්ල හෙළිකරයි (19.12.2025)
+
වෛද්‍ය බෙල්ලන වෙනුවෙන් සිවිල් සංවිධාන මාධ්‍ය කැඳවා ගේමට එන්ටර් වෙයි – ආණ්ඩුවට අවසන් රතු නිවේදනයත් දෙයි (19.12.2025)
+
නාය අවදානමක් හේතුවෙන් පුස්සැල්ලාවේ වෙළෙඳසැල් හතක් (7) වසා දැමේ
(19.12.2025 – 16:46 +0530 – sinhala.adaderana.lk)
ගම්පොළ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලාව නගරයේ වෙඳෙළසැල් 7 ක් නායයෑමේ අවදානමක් හේතුවෙන් අද (19) දින වසා දමා එහි සිටි පුද්ගලයන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
අදාළ වෙළෙඳසැල් තුළ එක්වරම ඉරිතැලීම් ඇති වී ඇති අතර, මේ හේතුවෙන් වෙළෙඳසැල් වසා දැමීමට පියවර ගෙන ඇත.
මෙම අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලීසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් වෙළෙඳසැල්හිමියන් සහ ජනතාව දැනුවත් කිරීමට ද පියවර ගැණුනි.
අයහපත් කාලගුණය හේතුවෙන් පුස්සැල්ලාව නගරයට ආසන්නයේ පිහිටි සෙන්කුවාරි වත්තේ උඩ කොටසේ පොළොව ඉරිතලා නායයෑමේ අවදානමකට ලක්වුණි.
පුස්සැල්ලාව නගරයට පහළින් පිහිටි පුස්සැල්ලාව පල්ලේගම වසමෙහි ද මෙවැනිම ආකාරයට පුපුරා ඉරි තලා තිබී ඇති අතර, එම ස්ථානයන් පිළිසකර කිරීමට ප්‍රදේශවාසීන්, ග්‍රාම නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් කටයුතු කර ඇත.
+++
පුස්සැල්ලාවේ සෙන්කුවාරි වත්තේ – කඳු පන්තිය : පොළොව ඉරිතලා පුපුරා යයි (19.12.2025)
+
ගඟ තව නිදි නෑ – අපි තව ඉවසමු ගඟ නිදියන තුරු (19.12.2025)
+
ජෙප්පන්ට පංති පහේ නොතිබුණු දේශපාලන පාඩම… ලොවෙත් නැතිවෙන්න රට ගොඩදාන හැටි (19.12.2025)
+
අපි ඔක්කොමගේ නම් පැලවත්ත ලිස්ට් එකේ තියෙනවා… කටවල් වහන්න ෆුල් ට්‍රයි (19.12.2025)
+
බුරවි-ගොඨා සහ දිට්වා-අනුර සුළි කුණාටු මෙහෙයුම් සංසන්ධනය (19.12.2025)
+
මහනුවර හන්තාන හරහා උඩුවෙල මාර්ගයේ ගමන් කිරීමේදී විමසිලිමත් වන ලෙස දැනුම් දීමක්
(19.12.2025 – facebook.com/accident1stofficial/)
නාය ගොස් ගමනාගමනයට විවෘත කරන ලද මාර්ගවල ගමන් කිරීමේදී විමසිලිමත් වන ලෙස අපදා කළමණාකරණ මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
මහනුවර දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් මේ වන විට නාය යාම හා ගල් පෙරළීමට ලක්වී තිබේ.
ඒ අනුව මහනුවර උඩුවෙල මාර්ගය වාහන ගමනාගමනය විවෘත කර අති අතර එහි ගිලා බැසීම් සහ නාය යාම් කිහිපයක් සිදුව ඇති බැවින් විශේෂයෙන් රාත්‍රී කාලයේදී රිය ධාවනයේදී පරීක්ෂාකාරී වන ලෙස අපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා මහජනයාට දැනුම් දෙයි.
මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
+
බීලා ආපු ජෙප්පා නාමල්ගෙන් දමනය වූ හැටි ! (19.12.2025)
+
නලින්දට එරෙහිව නලින්ද අධිකරණයට යයිද ? බෙහෙත් හින්දා රෝගීන් මිය යෑම (19.12.2025)
+
ඉන්දියන් ජරාව ගෙනත් මිනිස්සු මරණ හැටි ඩොක්ටර් චමල් හෙළිකරයි | වෛද්‍ය චමල් සංජීව (19.12.2025)
+++
රෝගීන් මියගියේ තහනම් කළ බෙහෙතෙන්ද? කෙහෙළිය මාරු උනාට හොරු තාම ඇතුළෙ වැඩ. ජනාධිපතිතුමාට රට හදන්න ඕන (19.12.2025)
+
මාලිමා කුමරුන්ගෙන් පීඩා විදින රාජ්‍ය නිලධාරීන් (19.12.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴