ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව තහනම් කරයි

ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව තහනම් කරයි


ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව තහනම් කරයි

(16.12.2025 – 22:03 +0530 – sinhala.adaderana.lk)

‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ ‘මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම’ නිෂ්පාදනය කරන සියලුම එන්නත් වර්ග මෙරට රෝහල් තුළ භාවිතය තාවකාලිකව තහනම් කිරීමට ‘ජාතික ඖෂධ නියාමන අධිකාරිය’ කටයුතු කර තිබේ.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ අදාළ එන්නත නිෂ්පාදනය කිරීමේදී සිදු වූ යම් දෝශයක් හේතුවෙන් මෙම සංකූලතා ඇතිවූ බවට පවතින සැකය මත මෙම තීරණය ගත් බවය.

මේ අතර භාවිතය අත්හිටුවා ඇති ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ එන්නත පිළිබඳ විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) කැබිනට් තීරණ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

එන්නතේ කාණ්ඩ කිහිපයක් භාවිතය අත්හිටුවනු ලැබුවේ එහි විෂබීජයක් ඇතැයි සැක මතුවීම සහ රෝහල් කිහිපයකින් ලද පැමිණිලි සලකා බලමින්ය.

‘ඔන්ඩැන්සෙට්‍රෝන් යනු වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබාදෙන එන්නතකි.

එය මෙරට රෝහල් තුළ බහුලව භාවිතයට ගැනේ.

නමුත් ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ නමැති එන්නතේ කාණ්ඩ හතරක් (4) මෙරට සියලු රෝහල්වලින් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙසට ‘ජාතික ඖෂධ නියාමන අධිකාරිය’ එම ඖෂධය මෙරටට ගෙන්වන පෞද්ගලික සමාගමට ලිඛිතව නියෝග කර තිබුණි.

ඒ පසුගිය දෙසැම්බර් 12 වැනිදාය.

එලෙස මෙම එන්නත අත්හිටුවීමට නියෝග කර තිබුණේ එන්නතේ සංකූලතා වාර්තාවීම සහ මහනුවර ජාතික රෝහලේ ක්ෂුද්‍රජීව විද්‍යා අංශය මෙම එන්නත සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයකින්, එම සාම්පලයක විෂබීජයක් අන්තර්ගත බවට සැකයක් ඇතැයි වාර්තා කිරීමත් සමගින්ය.

මෙම එන්නත ලබාදුන් පසු මහනුවර ජාතික රෝහලේ රෝගීන් කිහිපදෙනෙකුට උණ වැළඳීම හේතුවෙන් මෙම එන්නත විශේෂ පරික්ෂාවකට ලක් කර තිබුණි.

එමෙන්ම තවත් රෝහල් කිහිපයකින්ම මේ සම්බන්ධයෙන් මූලික වාර්තා ලැබුණු බව ‘ජාතික ඖෂධ නියාමන අධිකාරිය’ සඳහන් කළේය.

මේ අතර කොළඹ අයි.ඩී.එච්. රෝහලේ රෝගීන් දෙදෙනෙක් (2) එම එන්නත ලබාගැනීමෙන් පසු මියගොස් ඇති බවට ජාතික පුවත්පත් ඊයේ (15) වාර්තා කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ‘ජාතික ඖෂධ නියාමන අධිකාරියේ’ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කළේ අදාළ එන්නත් 2,70,000 ක් පමණ මෙරටට ආනයනය කර ඇති අතර පසුගිය සිකුරාදා සිට එම එන්නත් රෝහල්වලින් ඉවත් කිරීමට පියවර ගත් බවය.

නමුත් එම එන්නත රෝහල්වලින් ඉවත් කිරීමට පෙර එන්නත් 2,20,000 ක් පමණ භාවිතයට ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

අදාළ එන්නත ලබාදුන් කොළඹ අයි.ඩී.එච්. රෝහලේ රෝගීන් දෙදෙනෙකු (2) මියගොස් ඇතැයි වාර්තා වීම සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ‘ජාතික ඖෂධ නියාමන අධිකාරිය’ පැවසීය.

‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ සම්බන්ධයෙන් ‘ජාතික ඖෂධ නියාමන අධිකාරිය’ සිදුකරන පරීක්ෂණවලට අමතරව ‘වෛද්‍ය පර්යේෂණායතනයෙන්’ ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් වාර්තා වෙයි ෴


උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම ගැන පොලීසියෙන් දැනුම්දීමක්

(16.12.2025 – 21:00 +0530 – sinhala.adaderana.lk)

උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව, මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පැවසීය.

“මේ උත්සව සමයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයක් පිළිබඳව මේ වන විට පැමිණිලි කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වෙලා තියෙනවා. පන්දහසේ (5000) නෝට්ටුව වැඩි ප්‍රමාණයක් ව්‍යාජ ලෙස මුද්‍රන වුණු අවස්ථා වාර්තා වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරයට අරගෙන තියෙන මුදල් නෝට්ටු ගනන :

වසරරු. 5000රු. 2000රු. 1000රු. 500
20245966561193
20255352401109

අපි මතක් කරනවා සැකසහිත නෝට්ටුවක් පිළිබඳව ඔබගේ හිතට දැනුනොත් ඒ පිළිබඳව ළඟම ඇති පොලීසිය වාර්තා කළ යුතුයි.”

මේ අතර ඉදිරි උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව ජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගරාශ්‍රිත ප්‍රදේශවල සිවිල් ඇදුමින් සැරසුන පොලිස් නිලධාරීන් සහ බුද්ධි අංශ නිළධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය ෴


සහල් වැඩි මිලට විකිණූ වෙළෙඳ සැලකට රුපියල් ලක්ෂය ඉක්මවූ දඩයක්

(16.12.2025 – 17:52 +0530 – sinhala.adaderana.lk)

‘කිරී සම්බා සහල්’ වැඩි මිලට විකිණීම සහ ‘ලංකා බාස්මති’ ලෙස ව්‍යාජ නමින් බිල්පත් නිකුත් කෙරූ වෙළෙඳ සැළකට නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.

මාතලේ නාලන්ද ප්‍රදේශයේ වෙළෙඳසැලකට එරෙහිව මෙලෙස නීතිමය පියවර ගෙන ඇති අතර එහිදී අදාළ වෙළෙඳසැලට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇත.

එහිදී අදාළ වෙළෙඳසැලට එරෙහිව නාවුල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවරූ නඩුවේදී වරද පිළිගැනීමෙන් අනතුරුව අදාළ ව්‍යාපාරිකයා වෙත රුපියල් 110,000 ක දඩ මුදලක් පැනවීමට මහේස්ත්‍රාත්වරයා අද (16) නියෝග කළේය ෴


මහ වැස්සක් ආවේ ඇයි ? ඉදිරියේදී රටට එන මහා විපත ? ආධ්‍යාත්මික නායකයා රට භාරගන්නා දිනය (17.12.2025)

+


මහා විනාශයක් කරපු කොත්මලේ ඇරපු කතාවේ ඇත්ත හෙළිකරන්න මම ලෑස්තියි, නලින්ද ජයතිස්ස රට රැවට්ටුවා – පාඨලි රණවක (16.12.2025)

+


බේබදු ජෙප්පෝ සහනාධාර හොරු ? (16.12.2025)

+


එදා කෙහෙළිය, අද චූදිතයා කවුද ? නොපෙන්වූ ඉන්දියා ගිවිසුම්වල ඖෂධ ගිවිසුමත් තියෙනවාද ? (16.12.2025)

+

බාල බෙහෙත් ප්‍රශ්නය දුරදිග යයි. නලින්දටත් කූරු ගණින්න වෙයිද ? (16.12.2025)

+

රන්වල මෙහෙම නම්, නන්දසීලි අක්කා කොහොමට ඇද්ද ? ඩෝප් බැහැපුවාම ‘ඩිලීට්’ කළාද දන්නෑ (16.12.2025)

+

ග්‍රීක බැඳුම්කර නඩුවේ රු. බි. 1.84 කබ්රාල්ට ගෙවන්න වෙයිද? පත්තරකාරයො තීන්දු දෙකක් ලිව්වේ ඇයි? (15.12.2025)

+

නලින්ද කට ඇරියොත් කියන්නෙ බොරුමයි කියලා රටම දන්නවා (16.12.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *