සමාජ මාධ්‍ය භාවිතා කර සිදුකරන වංචාවල ඉහළ යාමක්
(15.12.2025 – 15:22 +0530 – sinhala.adaderana.lk)
සමාජ මාධ්‍ය භාවිතා කර සිදුකරන වංචා ඉහළ යාමක් පිළිබඳව ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ විසින් මහජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබේ.
පසුගිය සති කිහිපය පුරා සමාජ මාධ්‍ය වේදිකා හරහා මාර්ගගත වංචා සහ මුදල් වංචා කිරීමේ උත්සාහයන් වැඩිවීමක් දක්නට ලැබෙන බව එම සංසදය පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් අතිශයින්ම සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එළැඹෙන උත්සව සමය සහ දැනට පවතින කාලගුණික ආපදා තත්ත්වය උපයෝගී කරගනිමින් ‘සයිබර් අපරාධකරුවන්’ මහජන විශ්වාසය සහ අවදානම් තත්ත්වය අයුතු ලෙස යොදා ගෙන මුදල් ගසා කෑමේ උත්සාහයක නිරතව සිටින බව ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ පෙන්වා දෙයි.
රාජ්‍ය ආයතන, රාජ්‍ය දෙපාර්තමේන්තු, සුපිරි වෙළඳසැල් සහ ව්‍යාපාරික ආයතන ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටින වංචනිකයන් සම්බන්ධයෙන් Sri Lanka CERT ආයතනය වෙත සැලකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබේ.
මෙවැනි ක්‍රියා පිළිබඳ විමසිලිමත් නොවන ජනතාව නොමඟ යැවීම සඳහා මේ ආකාරයෙන් වංචාකාරී පුද්ගලයන් ව්‍යාජ ප්‍රවර්ධන දීමනා, මූල්‍ය පාරිතෝෂික සහ තයාග ලබා දෙන බවට තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන බව ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ පෙන්වා දෙයි.
සුළි කුණාටුවෙන් සහ දරුණු වර්ෂාවෙන් රටේ ප්‍රදේශ කිහිපයකට හානි සිදුවිය. සයිබර් අපරාධකරුවන්, සහන සහ යළි ගොඩනැංවීමේ කටයුතුවල නියැලී සිටින රජයේ ආයතන සහ සංවිධානවල ‘නම්’ වංචනික ලෙස අනුකරණය කරමින් සිටින බව ද ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ සඳහන් කරයි.
ඔවුන් වංචාකාරී සබැඳි (Links) පළකරන අතර මෙම සබැඳි හරහා මුදල් පරිත්‍යාග කිරීමට මහජනතාව පොළඹවන අයුරු නිරීක්ෂණය වී ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට අනවසර පිවිසුම් සිදුකර එම ගිණුම් වංචාකරුවන් විසින් සිය ග්‍රහණයට නතු කර ගත් අවස්ථා ඇති බවත් වින්දිතයින්ට ඔවුන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් එක එල්ලේම අහිමිව ගිය අවස්ථා ද ඇති බව ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ පෙන්වා දෙයි.
සැක සහිත සබැඳි වෙත ප්‍රවේශ නොවන ලෙසත්, පුද්ගලික තොරතුරු බෙදා ගන්නා විට එය ආරක්ෂාකාරී ලෙස සිදු කරන ලෙසත්, නොදන්නා පුද්ගලයින් හෝ සත්‍යාපනය නොකළ වෙබ් අඩවිවලට පිවිසීමේ දී වඩාත් සැලකිලිමත් වන ලෙසත් ‘එක් වරක් භාවිතා කළ හැකි මුරපද’ (OTP) කිසි විටෙකන් හෙළි නොකරන ලෙසත් ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ මහජනතාවට සිහිපත් කරයි.
රාජ්‍ය ආයතන සහ ස්ථාපිත සංවිධාන තමන් වෙත යොමු කළ කිසිදු ඉල්ලීමක් රහිතව, සමාජ මාධ්‍ය සටහන් හෝ මාර්ගගත සබැඳි හරහා මහජනතාවගේ සංවේදී තොරතුරු ඉල්ලා සිටින්නේ නැති බව ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ පවසයි.
මෙම කාල සීමාව තුළ තමන්ට ලැබෙන ඕනෑම සමාජ මාධ්‍ය පණිවිඩයක, අරමුදල් රැස් කිරීමේ ඉල්ලීමක් හෝ මූල්‍ය දිමනාවක් හෝ සඳහන් වන්නේ නම් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, එහි සත්‍යතාව තහවුරු කර ගන්නා ලෙසත් ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ මහජනතාවගෙන් ඉල්ලා සිටී ෴
පළාත් තුනක (3) පාසල් 640 ක් හෙට (16) ආරම්භ නොවේ – අධ්‍යාපන ලේකම්
(15.12.2025 – 18:46 +0530 – sinhala.adaderana.lk)
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640 ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.
පළාත් බලධාරීන් විසින් මේ බව දැනුම්දී ඇතැයි ද පැවසු නාලක කළුවැව මහතා, පළාත් 6 ක පාසල් හෙට (16) දිනයේ සම්පූර්ණ වශයෙන් විවෘත වන බවද කියා සිටියේය.
හෙට (16) දින ආරම්භ වන පළාත් වන්නේ බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද යි.
ඌව පළාතේ පාසල් 524 ක්, මධ්‍යම පළාතේ 111 ක් සහ වයඹ පළාතේ පාසල් 5 ක් එලෙස හෙට දිනයේ විවෘත නොවෙනු ඇත ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴