සමාජ මාධ්‍ය භාවිතා කර සිදුකරන වංචාවල ඉහළ යාමක්
(15.12.2025 – 15:22 +0530 – sinhala.adaderana.lk)
සමාජ මාධ්‍ය භාවිතා කර සිදුකරන වංචා ඉහළ යාමක් පිළිබඳව ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ විසින් මහජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබේ.
පසුගිය සති කිහිපය පුරා සමාජ මාධ්‍ය වේදිකා හරහා මාර්ගගත වංචා සහ මුදල් වංචා කිරීමේ උත්සාහයන් වැඩිවීමක් දක්නට ලැබෙන බව එම සංසදය පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් අතිශයින්ම සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එළැඹෙන උත්සව සමය සහ දැනට පවතින කාලගුණික ආපදා තත්ත්වය උපයෝගී කරගනිමින් ‘සයිබර් අපරාධකරුවන්’ මහජන විශ්වාසය සහ අවදානම් තත්ත්වය අයුතු ලෙස යොදා ගෙන මුදල් ගසා කෑමේ උත්සාහයක නිරතව සිටින බව ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ පෙන්වා දෙයි.
රාජ්‍ය ආයතන, රාජ්‍ය දෙපාර්තමේන්තු, සුපිරි වෙළඳසැල් සහ ව්‍යාපාරික ආයතන ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටින වංචනිකයන් සම්බන්ධයෙන් Sri Lanka CERT ආයතනය වෙත සැලකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබේ.
මෙවැනි ක්‍රියා පිළිබඳ විමසිලිමත් නොවන ජනතාව නොමඟ යැවීම සඳහා මේ ආකාරයෙන් වංචාකාරී පුද්ගලයන් ව්‍යාජ ප්‍රවර්ධන දීමනා, මූල්‍ය පාරිතෝෂික සහ තයාග ලබා දෙන බවට තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන බව ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ පෙන්වා දෙයි.
සුළි කුණාටුවෙන් සහ දරුණු වර්ෂාවෙන් රටේ ප්‍රදේශ කිහිපයකට හානි සිදුවිය. සයිබර් අපරාධකරුවන්, සහන සහ යළි ගොඩනැංවීමේ කටයුතුවල නියැලී සිටින රජයේ ආයතන සහ සංවිධානවල ‘නම්’ වංචනික ලෙස අනුකරණය කරමින් සිටින බව ද ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ සඳහන් කරයි.
ඔවුන් වංචාකාරී සබැඳි (Links) පළකරන අතර මෙම සබැඳි හරහා මුදල් පරිත්‍යාග කිරීමට මහජනතාව පොළඹවන අයුරු නිරීක්ෂණය වී ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට අනවසර පිවිසුම් සිදුකර එම ගිණුම් වංචාකරුවන් විසින් සිය ග්‍රහණයට නතු කර ගත් අවස්ථා ඇති බවත් වින්දිතයින්ට ඔවුන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් එක එල්ලේම අහිමිව ගිය අවස්ථා ද ඇති බව ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ පෙන්වා දෙයි.
සැක සහිත සබැඳි වෙත ප්‍රවේශ නොවන ලෙසත්, පුද්ගලික තොරතුරු බෙදා ගන්නා විට එය ආරක්ෂාකාරී ලෙස සිදු කරන ලෙසත්, නොදන්නා පුද්ගලයින් හෝ සත්‍යාපනය නොකළ වෙබ් අඩවිවලට පිවිසීමේ දී වඩාත් සැලකිලිමත් වන ලෙසත් ‘එක් වරක් භාවිතා කළ හැකි මුරපද’ (OTP) කිසි විටෙකන් හෙළි නොකරන ලෙසත් ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ මහජනතාවට සිහිපත් කරයි.
රාජ්‍ය ආයතන සහ ස්ථාපිත සංවිධාන තමන් වෙත යොමු කළ කිසිදු ඉල්ලීමක් රහිතව, සමාජ මාධ්‍ය සටහන් හෝ මාර්ගගත සබැඳි හරහා මහජනතාවගේ සංවේදී තොරතුරු ඉල්ලා සිටින්නේ නැති බව ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ පවසයි.
මෙම කාල සීමාව තුළ තමන්ට ලැබෙන ඕනෑම සමාජ මාධ්‍ය පණිවිඩයක, අරමුදල් රැස් කිරීමේ ඉල්ලීමක් හෝ මූල්‍ය දිමනාවක් හෝ සඳහන් වන්නේ නම් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, එහි සත්‍යතාව තහවුරු කර ගන්නා ලෙසත් ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ මහජනතාවගෙන් ඉල්ලා සිටී ෴
පළාත් තුනක (3) පාසල් 640 ක් හෙට (16) ආරම්භ නොවේ – අධ්‍යාපන ලේකම්
(15.12.2025 – 18:46 +0530 – sinhala.adaderana.lk)
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640 ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.
පළාත් බලධාරීන් විසින් මේ බව දැනුම්දී ඇතැයි ද පැවසු නාලක කළුවැව මහතා, පළාත් 6 ක පාසල් හෙට (16) දිනයේ සම්පූර්ණ වශයෙන් විවෘත වන බවද කියා සිටියේය.
හෙට (16) දින ආරම්භ වන පළාත් වන්නේ බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද යි.
ඌව පළාතේ පාසල් 524 ක්, මධ්‍යම පළාතේ 111 ක් සහ වයඹ පළාතේ පාසල් 5 ක් එලෙස හෙට දිනයේ විවෘත නොවෙනු ඇත ෴
ඇමරිකාව – චීනය ලංකාව අත් හරී | මාලිමාවේ විදෙස් ආධාර ප්‍රෝඩාව මෙන්න (15.12.2025)
+
රන්වලගේ ජීප් රථයේ දෝෂ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
(15.12.2025 – hirunews.lk)
රිය අනතුරකට ලක්වූ හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පැදවූ ජීප් රථයේ තිරිංග පද්ධතිය නිසි නඩත්තුවක් සිදුකර නොමැති බවත් එහි දෝෂයක් ඇති බවටත් සිදුකළ පරික්ෂාවේදී අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් පවසනවා.
ඒ අනුව ඊට අදාළව මන්ත්‍රිවරයාට නඩු පැවරීමට ද ඉදිරියේදී පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.
කෙසේ වෙතත්, සැකකාර මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේ වාර්තාව මෙතෙක් පොලීසිය වෙත ලැබී නොමැති බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ ලේ සාම්පලයක් ද රජයේ රස පරීක්‍ෂක වෙත යොමුකර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේ, වෛද්‍යවරුන් ලබාදුන් උපදෙස් මත මෙම ලේ සාම්පලය යොමුකර ඇති බවයි.
අශෝක රන්වල පැදවූ ජීප් රථය සපුගස්කන්ද, දෙණිමල්ල ප්‍රදේශයේදී තවත් මෝටර් රථයක ගැටුණේ පසුගිය 11 වැනිදා රාත්‍රියේයි.
එහිදී, මෝටර් රථයේ ගමන්ගත් මාස 7 ක් වයසැති බිළිඳෙකු, ඇගේ මව සහ මිත්තණිය තුවාල ලැබුවා.
අනතුරින් පසුව මෝටර් රථවල රියදුරන් බීමත්ව සිටියේද, නැද්ද යන්න පිළිබඳව සොයා බැලීමට සිදුකරන බැලුම් පරික්ෂාව සිදු නොකළේ අනතුරට පත්වූ සියලු පාර්ශ්ව රෝහල්ගතවීම නිසා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ෴
+++
රංවල බේරාගන්න මෙයාලා මුළු මාලිමා ආණ්ඩුවම බිල්ලට දෙනවා! (15.12.2025)
+
‘දිට්වා’ ආපදාවෙන් නිවාස 6,164 කට පූර්ණ හානි
(15.12.2025 – hirunews.lk)
‘දිට්වා’ ආපදා හේතුවෙන් නිවාස 6,164 ක් සම්පූර්ණයෙන්ම හානි වී ඇති අතර තවත් නිවාස 112,110 කට අර්ධ වශයෙන් හානි සිදුව තිබෙනවා.
මේ අතර දෙසැම්බර් (14) වැනිදා වන විට ආරක්ෂිත ස්ථාන 796 ක පුද්ගලයින් 72,911 ක් පදිංචිව සිටින බවයි සඳහන්.
මේ අතර දැනට අධි අවදානම් කලාපවල පිහිටා ඇති නිවාස 15,000 ක් බවටද හඳුනාගෙන තිබෙනවා.
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව අද (15) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී මේ බව අනාවරණ වුණා.
මෙහිදී ජාතික ඒකාබද්ධ ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සහ 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනතට යෝජිත සංශෝධන පිළිබඳ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කෙරුණා ෴
අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම්දෙයි
(15.12.2025 – hirunews.lk)
හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා තිබෙනවා.

දූෂණය නැමැති වරද සිදු කළේ යැයි සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කළ මහේස්ත්‍රාත්වරයා සැකකාර හිටපු අමාත්‍යවරයා අද (15) දින අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරනවාදැයි විමසා සිටියා.
ඊට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ සහකාර නීතිය අධ්‍යක්ෂ අනූෂා සම්බන්ධපෙරුම සඳහන් කළේ සැකකාර අර්ජුන රණතුංග මේ වන විට විදේශගතව සිටින බවත් ඔහු ඉදිරියේදී අත්අඩංගුවට ගෙන අදිකරණයට ඉදිරිපත් කරන බවයි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කළා.
ඒ අනුව සැකකාර ධම්මික රණතුංග රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිර ඇප දෙකක් (2) මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකිරීමෙන් වළකින ලෙසත් ඔහුට අවවාද කළා.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ද්විත්ව පුරවැසියෙකු බැවින් ඔහුගේ ඇමෙරිකානු සහ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවටත් නියම කළා.
මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියා.
මෙහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කළ මහේස්ත්‍රාත්වරයා සැකකාර හිටපු අමාත්‍යවරයා අද (15) දින අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරනවාදැයි විමසා සිටියා.
ඊට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ සහකාර නීතිය අධ්‍යක්ෂ අනූෂා සම්බන්ධපෙරුම සඳහන් කළේ සැකකාර අර්ජුන රණතුංග මේ වන විට විදේශගතව සිටින බවත් ඔහු ඉදිරියේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
සැකකාර ධම්මික රණතුංග අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ අනූෂා සම්බන්ධප්පෙරුම සඳහන් කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය විසින් උපාලි අබේරත්න පරීක්ෂණ කමිටුවට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව සඳහන් කළා.
වැඩිදුරටත් කරුණු දැක්වූ සහකාර අධ්‍යක්ෂවරිය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන මිලදී ගැනීමේ ක්‍රමවේද දෙකක් පවතින බව සඳහන් කළා.
දිගුකාලීන ටෙන්ඩර් පටිපාටිය සහ කෙටිකාලීන (ස්ථානීය) ටෙන්ඩර් පටිපාටිය එම ක්‍රමවේද දෙක බවයි ඇය කියා සිටියේ.
2017 වසරේ ජුලි මස 27 වන දා දිගුකාලීන ටෙන්ඩර් පදනම යටතේ ‘චයිනා පෙට්‍රෝ’ සමාගම වෙතින් දිගුකාලීන පදනම යටතේ ටෙන්ඩර් තුනක් (3) මගින් ඉන්ධන මිලදී ගැනීමට ඛනිජ තෙල් සංස්ථාව විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සකස් කර අමාත්‍ය මණ්ඩලයට යැවීමට සූදානම් කර තිබූ බව ඇය කියා සිටියා.
එම අවස්ථාවේදී ඊට විරෝධය පල කළ මෙම සැකකරු එම දිගුකාලීන ටෙන්ඩර් තුන (3) යටතේ ඉන්ධන මිලදී ගැනීම අවදානම් බවත් ඒ අනුව එම ටෙන්ඩර් කැඳවීම අවලංගු කරන ලෙස ප්‍රකාශ කර ඇතැයි සහකාර අධ්‍යක්ෂවරිය කියා සිටියා.
පසුව මේ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා මෙම සැකකරු විසින් කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුවේ සාමාජිකයින් මෙම කාරණය සම්බන්ධයෙන් තමන්ට තීරණයක් දිය නොහැකි බව ප්‍රකාශ කර ඇතැයි කී අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරිය එම තීරණයට ප්‍රතිවිරුද්ධ තීරණයක් ලබා දෙන ලෙස මෙම සැකකරු එම කමිටුවේ නිලධාරීන්ට බලපෑම් සිදු කර තිබෙන බවත් සඳහන් කලා.
සැකකරුගේ එම ක්‍රියා කලාපය පිළිබඳව අදාල කමිටුවේ සාමාජිකයින් විසින් මේ වනවිට අල්ලස් කොමිසමට ප්‍රකාශ ලබාදී තිබෙන බවත් ඇය පෙන්වා දුන්නා.
ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින්ද මෙම කෙටි කාලීන මිලදී ගැනීම් නුසුදුසු බව සඳහන් කර ඇති අතර ඒ අනුව දිගු කාලීන ටෙන්ඩර් යටතේ ඉන්ධන මිලදී ගැනීම සුදුසු බවට තීන්දු කළ බවත් ඇය පෙන්වා දුන්නා.
එවක ජනාධිපතිවරයාද දිගුකාලීන ඉන්ධන මිලදී ගැනීමේ ටෙන්ඩර් සුදුසු බවට මත පල කර තිබූ බවත් ඇය සඳහන් කළා.
ඉන්පසුව දිගුකාලීන පදනම යටතේ ටෙන්ඩර් තුනක් (3) චයිනා පෙට්‍රෝ සමාගමට ඉදිරිපත් කළ ද ලංසු කාලය අවසන් වීම නිසා එම සමාගම ඉන්ධන සැපයීම ප්‍රතික්ෂේප කළ බව කියා සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරිය ඉන් පසුව රට තුළ ඛනිජ තෙල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා ස්ථානිය ටෙන්ඩර් 27 ක් යටතේ ඉන්ධන මිලදී ගැනිමට සිදුවූ බවත් කියා සිටියා.
සැකකරුගේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් රජයට රුපියල් මිලියන 800 ක පමණ පාඩුවක් සිදුවූ බවත් ඇය සඳහන් කළා.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන ඒ අනුව මෙම සැකකරු රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් එම ඉල්ලීමට දැඩි විරෝධය පළකළා.
මෙම සැකකරු සම්බන්ධ විමර්ශන මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් වී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙම සැකකරුට අල්ලස් කොමිසම විසින් පැන වූ විදේශ ගමන් තහනමට විරුද්ධව ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ බවත් එම පෙත්සම මේ වන විට විභාගයට ගැනීමට අවසර දී තිබෙන බවත් සඳහන් කළා.
කිසිදු දැනුවත් කිරීමකින් තොරව මේ ආකාරයෙන් ඒක පාක්ෂිකව විදේශ ගමන් තහනම් පැනවීමට අල්ලස් කොමිසම ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් තම සේවා දායකයා විමර්ශනවලට පූර්ණ සහාය ලබාදී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ඇපමත මුදා හැරීමට නියම කළ අතර මෙම නඩුකරය යළි ත් මාර්තු මස 13 වන දා කැඳවන ලෙසත් නියම කළා ෴
එන්නත ඉවත් කළේ IDH රෝගීන් දෙදෙනා (2) මියගිය බව දැනගැනීමට පෙර – විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම
(15.12.2025 – hirunews.lk)
වමනය සහ ක්ලාන්තය සඳහා ලබා දෙන Ondansetron නමැති එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේ IDH උණ රෝහලේ දී එම එන්නත ලබාගත් පසුව රෝගීන් දෙදෙනකු (2) මියගිය බව දැනගැනීමට පෙර බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේක්‍රම ප්‍රකාශ කරනවා.
මෙම එන්නත ඉවත් කිරීමට හේතුව රෝගීන් දෙදෙනාගේ මරණ නොවන බවත් එම එන්නත ඉවත් කිරීමට හේතුව මහනුවර ජාතික රෝහලේ ක්ෂුද්‍ර ජීව වෛද්‍ය අංශය මගින් පසුගිය(12) සිකුරාදා කරන ලද පරීක්ෂණයකින් පසුව ඒවායේ බැක්ටීරියා අඩංගු බවට විමර්ශන වාර්තාවක් ලැබුණු නිසා බවද විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කරනවා.
එම වාර්තාව පදනම් කරගෙන එන්නත් ඉවත් කිරීමට කටයුතු කළ බවත් ඒ පිළිබඳව වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දුන් බවද ආනන්ද විජේවික්‍රම විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා.
විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කරන්නේ මෙම රෝගීන් මියගියේ එම එන්නත භාවිතයෙන් දැයි සොයා බැලීම සඳහා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
මෙම එන්නතේ කාණ්ඩ හතරක් (4) වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස ඖෂධ ආනයනය කළ ඉන්දියානු සමාගමට ලිඛිතව දැනුම් දුන් බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා .
ඒ අනුව එම එන්නත් වර්ගය පෞද්ගලික රෝහල්වල සහ රජයේ රෝහල්වල භාවිතය වහාම නතර කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී ඇති බවත් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කරනවා .
මෙම රෝගීන් දෙදෙනාගේ (2) මරණ පිළිබඳව සහ මෙම ඖෂධය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බවත් එම පරීක්ෂණ වාර්තා අනුව ඉදිරි පියවර ගන්නා බවද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴
ආපදා හේතුවෙන් වගා බිම්වල එකතු වූ වැලි ප්‍රවාහනයටත් බලපත්‍රයක් ඉල්ලයි
(15.12.2025 – hirunews.lk)
පසුගියදා ඇදහැලුණු අධික වර්ෂාපතනයෙන් ඇතිවූ නාය යෑම් හා ගංවතුර තත්ත්වය නිසා වගා බිම් හා කුඹුරු ඉඩම්හි එක් රැස්වූ වැලි ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කරනවා.
මෙහිදී එම වැලි ප්‍රවාහනය සඳහා බලපත්‍ර ගාස්තු වශයෙන් රජය විසින් යම් මුදලක් අය කරන අතර කැණීම් කටයුතු සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අවශ්‍ය නොවන බවයි එම කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් දීපානි වීරකෝන් සඳහන් කළේ.
එම වැලි ප්‍රවාහනය මගින් ලැබෙන බලපත්‍ර ගාස්තුව රාජ්‍ය භාගය සේ සැලකෙන අතර එහි ආදායම මහා භාණ්ඩාගාරය වෙත යොමු කෙරෙනු ඇති.
සාමාන්‍ය පරිදි වැලි කැණීමක් සිදුකිරීමේදී සහ ප්‍රවාහනයේදී ඒ සඳහා භු විද්‍යා හා පතල් කාර්යාංශය විසින් බලපත්‍රයක් නිකුත් කරනු ලැබුවත් මෙම අවස්ථාවේ දී කැණීම් බලපත්‍ර ගාස්තුවෙන් නිදහස් කර තිබෙනවා.
මෙහිදී වැව් අමුණු හා ගංගා ද්‍රෝණියන්හි රැස්ව ඇති වැලි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ටෙන්ඩර් ක්‍රියාපටිපාටියට අනුව ලබාදීමට සූදානම් බවයි භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴