චාමරටයි විජයදාසටයි නිදහස් පක්ෂයේ ලොකු පුටු දෙකක්
(14.12.2025 – hirunews.lk)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසක් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සමස්ත ලංකා කාරක සභාව, විධායක සභාව සහ මධ්‍යම කාරක සභාව අද (14) රැස් වුණා.
ඒ, ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි.
අනතුරුව රැස්වීම ආරම්භ කෙරුණු අතර, එහිදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කිහිපයක් ස්ථිර කෙරුණු අතර, ශ්‍රී ලංකා කාන්තා සහ තරුණ පෙරමුණේ සාමාජිකත්වය ලබාගත හැකි වයස් සීමාව අවුරුදු 16 දක්වා අඩු කර එය සම්මත කරගත්තා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පත් කරගත්තා.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වශයෙන් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ද පත් කර ගැනීමට සභාව ඒකමතිකව තීරණය කළා.
අවුරුදු 16 න් ඉහළ ඕනෑම අයෙකුට පක්ෂ සාමාජිකත්වය ලබා ගත හැකි බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා සතුව තිබෙන අසීමිත බලතල සීමා කරමින් නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කර ඇති බවත්, මෙහිදී පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා දැනුම් දුන්නා ෴
+++
+++
චාමර සම්පත් ලොක්කන්ගේ මුහුණටම සැරටම කිව්ව දේ (14.12.2025)
+
‘දිට්වා’ සුළි කුණාටුවෙන් වැනසුණු මීමුරේට හිරු ගිය අතිදුෂ්කර ගමන
(14.12.2025 – hirunews.lk)
කා අතරත් ජනප්‍රිය මීමුරේ ගම්මානයත් අද වනවිට හුදෙකලා වී ඇති අතර, ‘හිරු ප්‍රවෘත්ති කණ්ඩායම’ දින 2 ක් පුරා කිලෝමීටර් 27 ක දුරක් පාගමනින් ගොස් එම ගම්මානයේ තතු සොයා බැලුවා.
දුම්බර කඳුවැටිය මැද පිහිටි මීමුරේ ගම්මානය ඉහළ සංචාරක ආකර්ෂනයක් හිමි ගම්මානයක්.
හුන්නස්ගිරියේ සිට මීමුරේ දක්වා සමස්ත දුර කිලෝමීටර් 35 ක් පමණ වනවා.
‘හිරු ප්‍රවෘත්ති කණ්ඩායම’ට මෝටර් රථයකින් සහ ත්‍රිරෝද රථයකින් මෙම මාර්ගයේ ගමන් කිරීමට හැකි වුණේ කිලෝමීටර් 8 ක දුරක් පමණයි.
එතැන් සිට කිලෝමීටර් 27 ක දුරක් ගෙවා මීමුරය දක්වා ‘හිරු ප්‍රවෘත්ති කණ්ඩායම’ ගමන් ආරම්භ කළේ පාගමනින්.
පස්වරු 03:00 ට පමණ හුන්නස්ගිරියේ සිට ගමන් ආරම්භ කළ ‘හිරු ප්‍රවෘත්ති කණ්ඩායම’ට එදින රාත්‍රිය වනවිට මීමුරේ ගම්මානයට ළඟාවීමට නොහැකි වුණා.
පසුගියදා සිදුවූ ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් මේ වනවිට මීමුරේ ගම්මානයේ පවුල් 430 ක පුද්ගලයින් 1,500 ක් පමණ දින 15 ක් තිස්සේ කිසිවෙකුගෙත් පිළිසරණක් නොමැතිව හුදකලා වී සිටිනවා.
+
බොරතෙල් නැවේ කාන්දුව පාලනය කරයි
(14.12.2025 – hirunews.lk)
කොළඹ වරායට බටහිර දෙසින් නාවික සැතපුම් තුනහමාරක (3½) දුරින් මුහුදේ පිහිටි ඉන්ධන බෝයාවක සිදුවූ කාන්දුවක් හේතුවෙන් ඇතිවූ ඉන්ධන විසිරීම නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහය ඇතිව මේ වන විට පාලනය කර ඇති බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
අද (14) අළුයම 03:00 ට පමණ මෙම බෝයාවෙන් තෙල් කාන්දුවීම ආරම්භ වී තිබුණා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය සඳහන් කළේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමග එක්ව කාන්දු වූ ඉන්ධන සාගර ජලයට මුසුවී ඇත්දැයි නිගමනය කිරීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
අදාළ නෞකාව සිග්ගප්පූරුවේ සිට මෙරටට පැමිණි පැනමා රාජ්‍යයට අයත් නෞකාවක් බවයි වාර්තා වන්නේ ෴
හයිලෙවෙල් පාරේ මුදලට රේස් පැද්ද 13 ක් රිමාන්ඩ්
(14.12.2025 – hirunews.lk)
මහරගම – පන්නිපිටිය හයිලෙවල් මාර්ගයේ මුදල් ඔට්ටුවට අනතුරුදායක ලෙස යතුරුපැදි තරග පැවැත්වූ තරුණයන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා.
එහිදී තරුණයින් 18 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
එසේ අත්අඩංගුවට ගත් තරුණයින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි 13 දෙනෙකු මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර ඇත්තේ.
යතුරුපැදි 11 ක් සහ ත්‍රීරෝද රථයක් (01) එහිදී පොලිස් භාරයට ගෙන ඇති අතර, අදාළ තරුණයින් වට්ස්ඇප් සමූහයක් හරහා මෙය සංවිධාන කර ඇති බවටයි වාර්තා වන්නේ.
ඔවුන් මහරගම – පන්නිපිටිය හයිලෙවල් මාර්ගයේ අදාළ තරග සංවිධාන කර තිබුණේ අධි බලැති යතුරුපැදි ද ඇතුළු තවත් යතුරුපැදි රැසක් එක්කරගනිමින්.
එමෙන්ම අදාළ තරුණයින්, තරුණියන්ව ද යතුරුපැදි පිටුපස හිඳවාගෙන අනතුරුදායක ලෙස එම යතුරුපැදි ධාවනය කර තිබෙනවා.
මෙලෙස අධික ශබ්ද නංවමින් අපරික්ෂාකාරී ලෙස සිදුකරන යතුරුපැදි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් පොලිසියට දැනුම් දී ඇති අතර, ඒ අනුව මහරගම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම තරුණයින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් පිරිස මහරගම, හෝමාගම, මත්තේගොඩ, කොට්ටාව ප්‍රදේශවල පදිංචිකරුවන්.
මේ අතර පොලිස් භාරයට ගත් තරුණයින් පිරිසක් චෝදනා කළේ, මෙම සිදුවීමට සම්බන්ධ නොවූ තමන්වද පොලිසිය අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදුන් බවයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මහරගම පොලිසියෙන් ‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ විමර්ශනවලට අදාළ පුද්ගලයින් පමණක් තම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි ෴
දිට්වා බලපෑමෙන් මියගිය ගණන 644 දක්වා ඉහළට
(14.12.2025 – hirunews.lk)
රට තුළ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ අද (14) පස්වරු 05:00 වන විට මියගිය සංඛ්‍යාව 644 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 183 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
එසේම දිවයින පුරා පිහිටුවා ඇති ආරක්ෂිත මධ්‍යස්ථාන 766 ක් තුළ පවුල් 22,638 කට අයත් පුද්ගලයන් 70,359 දෙනෙකු නවාතැන්ගෙන සිටිනවා ෴
ආපදා සහන අරමුදල් බෙදාහැරීමේ නව මාර්ගෝපදේශ නිකුත් කෙරේ
(14.12.2025 – hirunews.lk)
ආපදාවෙන් බලපෑමට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේකයට අදාළව ආරක්ෂක අමාත්‍යංශය විසින් මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබෙනවා.
විපතට පත් ජනතාවට ආපදා සහන අරමුදල් බෙදාහැරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා විසින් සියලුම දිස්ත්‍රික් සහ ප්‍රදේශීය ලේකම්වරුන් වෙතයි මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත්තේ.
මෙම මාර්ගෝපදේශ සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ එකඟතාවද ලැබී තිබෙනවා.
එසේම ආපදාවට පත් ජනතාවට අදාළ සහන සැලසීම සම්බන්ධවන පාර්ශ්වවලට ඇති කාර්යභාර්යන් ද මෙම මාර්ගෝපදේශවලට අයත් වනවා.
ඒ අනුව, රුපියල් 25,000 හා රුපියල් 50,000 දීමනා සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී පැන නගින ගැටලු පිළිබඳව අවසන් තීරණය පැවරෙන්නේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ හා සහන සේවා කමිටුවටයි.
ආපදා තත්ත්වයෙන් පසු නිවාස පිරිසිදු කරගැනීම සඳහා නිවාස ඒකකයකට ලබාදෙන රුපියල් 25,000 ක දීමනාවට ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් මෙම මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙනවා.
ඒ අනුව පූර්ණ හානියට පත්වූ නිවාස, ගංවතුර, පිටාර ජලය, සුළි සුළං, නායයෑම්, කණ්ඩි කඩා වැටීම් හේතුවෙන් අර්ධ හානියට පත්වූ නිවාස, නිවාස හානියක් සිදු නොවුණද ගංවතුර, සුළිසුළං, නායයෑම්, කණ්ඩි කඩාවැටීම් හේතුවෙන් අපිරිසිදු තත්ත්වයකට පත් වූ නිවාස මෙම දීමනාව ලැබීමට සුදුසුකම් ලබනවා.
ඉඩමේ අයිතිය හා ආදායම් මට්ටම නොසලකා මෙම දීමනාව ලබා දිය යුතු අතර ආපදාවට ලක්වූ ස්ථිර පදිංචි නිවාස හිමියන්ට, වතු නිවාසවල පදිංචිකරුවන්, කුලී නිවාසවල පදිංචිකරුවන්, අනවසර නිවාසවල පදිංචිකරුවන්, රජයේ ලියාපදිංචි ළමා නිවාස, වැඩිහිටි නිවාස හා ආබාධ සහිත තැනැත්තන්ගේ නේවාසික මධ්‍යස්ථානවලටද මෙම දීමනාව ලබා දිය යුතුයි.
එමෙන්ම මෙම රුපියල් 25,000 ක දීමනාව හානි තක්සේරුවකින් තොරව ලබා දිය යුතු අතර එක් නිවාස ඒකකයක් තුළ පවුල් හෝ පුද්ගලයින් කිහිප දෙනෙක් පදිංචිව සිටින්නේ නම් නිවාස ඒකකයේ පදිංචි සියලු පවුල් හෝ පුද්ගලයින් අතර මෙම දීමනාව සමසේ බෙදී යා යුතු බවයි අදාළ මාර්ගෝපදේශයේ දැක්වෙන්නේ.
කුලී පදනමින් ලබා දී ඇති නිවසකට හිමි දීමනාව කුලී නිවැසියා වෙත පමණක් ලබා දිය යුතු අතර, නිවසේ හිමිකරුද කුලී නිවැසියන් සමග එකම නිවසක ජීවත් වන්නේ නම් මෙම දීමනාව ඔවුන් අතර ද සමසේ බෙදී යා යුතුයි.
එමෙන්ම මෙය දීමනාවක් වන බැවින් ආපදාවට පත්වූ සියලුම නිවාස ඒකක වෙත මුළු මුදල එකවර ගෙවා අවසන් කළ යුතු වනවා.
මේ අතර ආපදාවෙන් බලපෑමට ලක්වූ නිවාසවල මුළුතැන්ගෙයි උපකරණ සහ අත්‍යාවශ්‍ය ගෘහ උපකරණ හානි වී ඇත්නම් එම භාණ්ඩ නැවත මිලදී ගැනීම සඳහා නිවසේ අයිතිය නොසලකා එක් නිවාස ඒකකයකට රුපියල් 50,000 බැගින් ලබා දෙන අතර මෙම දීමනාව ගෙවීමේදී ඉඩමේ අයිතිය හා ආදායම් මට්ටම සලකා නොබලන නමුත් හානිය තහවුරු කරගැනීමෙන් අනතුරුව අදාළ දීමනාව ලබා දිය යුතුයි.
මෙම රුපියල් 25,000 හා රුපියල් 50,000 දීමනා සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී පැන නගින ගැටලු පිළිබඳව අවශ්‍ය තීරණ, ප්‍රාදේශීය අවශ්‍යතාද සැළකිල්ලට ගෙන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ හා සහන සේවා කමිටුව මගින් නිරවුල් කරගත යුතු අතර එම තීරණය අවසන් තීරණය ලෙස සැලකෙන බවද එහි සඳහන්.
මේ අතර නායයෑම් හා ගංවතුර හේතුවෙන් තම පදිංචි නිවස අහිමි වූ හෝ නිවස පූර්ණ ලෙස හානිවීම හේතුවෙන් ජීවනෝපාය කටයුතුවල අඛණ්ඩව නිරත වීමට නොහැකි පවුල් වෙත ගෙවන දීමනාව සම්බන්ධයෙන්ද මෙහි සඳහන්.
තම පදිංචි නිවස අහිමි වූ හෝ නිවස පූර්ණ ලෙස හානිවීම හේතුවෙන් සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අවදානම් ලෙස හදුනාගත් පදිංචියට නුසුදුසු ලෙස නිර්දේශ කිරීම හේතුවෙන් ජීවනෝපාය කටයුතුවල අඛණ්ඩව නිරත විය නොහැකි පවුල් සඳහා පමණක් මෙය ගෙවනු ලබන අතර කුලී නිවසක පදිංචිව සිට ආපදාවේ බලපෑමෙන් ජීවනෝපාය අහිමිවූවවන් ද මේ සදහා හිමිකම් ලබනවා.
මේ අතර ආපදාවෙන් බලපෑමට ලක්වූ පාසැල් සිසුන්ට පොත්පත් සහ ඇදුම් පැළදුම් මිලදී ගැනීම සඳහා එක්වරක් පමණක් ලබා දෙන දීමනාවක් ලෙස එක් පාසල් දරුවෙකුට රුපියල් 15,000 බැගින් දීමනාව ලබා දීමේදී පාසලේ විදුහල්පතිවරයා විසින් සහතික කළ යුතු අතර ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කළ යුතුයි.
මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් නිවස අහිමි වී පදිංචි වීමට නිවසක් නොමැති පුද්ගලයින් සඳහා නව නිවසක් ඉදි කරගන්නා තෙක් වෙනත් ස්ථානයක තාවකාලිකව පදිංචි වීමට රුපියල් 25,000 බැගින් උපරිමය මාස 6 ක් දක්වා මාසික කුලී දීමනාවක් ලබා දීමටද රජය තීරණය කළා.
ස්ථිර පදිංචිව සිටි නිවස සඳහා නිවාස හිමිකරුට පමණක් ගෙවන මෙම දීමනාව එක් පුද්ගලයෙකු සඳහා එක් නිවසකට පමණක් ගෙවනු ලබන දීමනාවක් වන අතර ස්ථිර පදිංචි නිවසට අමතරව එම පුද්ගලයා සතු හානියට පත් අනෙකුත් නිවාස සඳහා මෙම දීමනාව නොගෙවන බව ද එහි දැක්වෙනවා.
මීගමුවේ සුපිරි හෝටලේ කෑම එකේ පණුවෝ – පාරිබෝගිකයෝ හෝටලේ යකා නටති (14.12.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴