කොළඹ වරායේ බොරතෙල් ගොඩබාමින් තිබූ නෞකාවක නල මාර්ගයක කාන්දුවක්

කොළඹ වරායේ බොරතෙල් ගොඩබාමින් තිබූ නෞකාවක නල මාර්ගයක කාන්දුවක්


කොළඹ වරායේ බොරතෙල් ගොඩබාමින් තිබූ නෞකාවක නල මාර්ගයක කාන්දුවක්

(14.12.2025 – 10:06 +0530 – sinhala.adaderana.lk)

කොළඹ වරාය ආසන්නයේ පිහිටා ඇති බොරතෙල් ගොඩබෑමේ බෝයාවක සිදුවු පිපිරීමකින් ඉන්ධන කාන්දුවක් සිදුව තිබේ.

සමූද්‍රී පරීක්ෂණ ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ අද (14) අලුයම සිදුවු මෙම පිපිරීමෙන් බොරතෙල් මුහුදු ජලයට මිශ්‍ර වී ඇති බවය.

කොළඹ වරායේ සිට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට බොරතෙල් ගොඩබෑම සිදුකරන බෝයාවක ආදාළ පිපිරීම සිදුව ඇති අතර එය මේ වන විට ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් මේ වනවිට මුහුදු ජලයට මිශ්‍ර වු ඉන්ධන ඉවත් කිරීමේ කටයුතු වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව හා සමූද්‍රී පරීක්ෂණ ආරක්ෂණ අධිකාරිය සහ නාවික හමුදාව එක්ව සිදුකරමින් සිටින බව වාර්තා වෙයි.

බොරතෙල් පැතිර ගිය සීමාව හදුනා ගැනීම සඳහා ගුවන් හමුදාවේද සහාය ලබාගැනීමට නියමිත බව සමූද්‍රී පරීක්ෂණ ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේය.

+


බාල එන්නත්වලින් රෝගීන්ට අතුරු ආබාධ…. කාණ්ඩ හතරක් (4) වහා අත්හිටුවයි…

(14.12.2025 – lankacnews.com)

වමනය, ඕක්කාරය, ශල්‍යකර්ම හා නිර්වින්දන ක්‍රියාවලිය තුළ ඇතිවන අතුරු ආබාධ ආදිය වැළැක්වීම සඳහා කුඩා දරුවන් ගර්භනී මවරුන් හා ශල්‍යකර්ම වලට භාජනය වන රෝගීන් සඳහා ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධයක් වන Ondesterone Injection කාණ්ඩ හතරක් (4) වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් තාවකාලික ඉවත් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන ඇත.

12/12/2025 දිනැතිව ඖෂධ නියාමන අධිකාරිය විධායක අධ්‍යක්ෂකවරයාගේ අත්සනින් නිකුත් කර ඇති NMRA/PA/I/ADR/04/2025 දරන එම ලිපියට අනුව අදාළ ඖෂධය භාවිතා කිරීම නිසා මතුවූ සංකූලතා හා අහිතකර ප්‍රතික්‍රියා මත මෙම ඖෂධය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බව සඳහන් වෙයි.

අදාල දිනේ සිට දින 28 ක් ඇතුළත මෙම ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීම සඳහා හේතු වූ කරුණු සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙසට අදාල සමාගම වෙතට උපදෙස් නිකුත් කොට ඇත.

වර්තමාන රජය බලයට පත්වීමෙන් අනතුරුව මෙම ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරිය අනුමත සහතිකය ලත් ඖෂධ ශ්‍රී ලංකාව තුළ තවදුරටත් පරීක්ෂා කිරීමකින් තොරව මෙයට රෝහල් පද්ධතිය තුළ භාවිතා කිරීමට අවශ්‍ය නියාමන රෙගුලාසි සකස් කිරීම සිදුකළ බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.

පසුගිය කාල සීමා මුළු ලේ දිගින් දිගටම ඉන්දියාවෙන් ගෙන්වන ලද ඖෂධ තත්ත්වයෙන් බාල වීම් මත භාවිතාවේ ඉවත් කළ අතර මෙරට ඖෂධ නියාමන අධිකාරිය ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරී Indian pharmacopeia හෙවත් IP ප්‍රමිතිය යටතේ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් ප්‍රබල සමාජ විරෝධයක් ද ඉස්මතු විය.

මේ සම්බන්ධ වන විරෝධතාවයන් නොසැලකෙමින් ඖෂධ නියාමනාධිකාරිය කටයුතු කළ නිසා ඉන්දියානු ඖෂධ තත්ත්වයෙන් බාල වීම මත අහිමිවන ආර්ථික කලාපයට සෞඛ්‍ය අමාත්‍යාංශය සෘජුව වගකිවයුතු බවද ඔහු පෙන්වා දෙයි ෴


රන්වල බීල ද බලන්න වෙරි හිඳෙන කල් බලා ඉඳලා…

(14.12.2025 – lankacnews.com)

රටේ තුන්වැනි පුරවැසියා වන කතානායක ධුරයට පත්වීම සඳහා අශෝක රන්වල බොරු ආචාර්ය උපාධියක් පෙන්වමින් සිදුකළ වංචාව හෙළි වූ විට ඔහු කතානායක ධුරයෙන් පමණක් නොව මන්ත්‍රී ධුරයෙන් ද නෙරපා හැරිය යුතුව පැවති බව හිටපු අමාත්‍ය ආචාර්ය චන්න ජයසුමන පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එදා එම වංචාවට විරුද්ධව නිසි පියවර ගත්තේ නම් ආණ්ඩුව අද අපහසුතාවට පත් නොවන බවයි.

රිය අනතුර සිදුවූ අවස්ථාවේම අශෝක රන්වල මත්පැන් පානය කොට තිබිණි දැයි වහා පරික්ෂා කළ යුතුව තිබුණ ද පසුදා දහවල් 12 වන විට ද එම පරික්ෂාව සිදුකිරීමට පොලිසිය කටයුතු කර නොමැති බවත් ඇතැම් විට පරික්ෂාව සඳහා රන්වලට වෙරි හිඳෙන තුරු බලා සිටිනවා විය හැකි බවත් චන්න ජයසුමන ප්‍රකාශ කරයි ෴


අනුර ගලවා ගැනීමේ මෙහෙයුම හඳුනා ගන්න (14.12.2025)

+


ආපදාවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස ගණන 6,000 ඉක්මවයි

(14.12.2025 – 12:03 +0530 – sinhala.adaderana.lk)

‘දිට්වා’ සුළි කුණාටුව සමග ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට පූර්ණ ලෙස හානි වූ නිවාස සංඛ්‍යාව 6,000 ඉක්මවා තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (14) නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්ව ඇත්තේ පැවැති ආපදා තත්ත්වයෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස සංඛ්‍යාව 6,164 ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

එමෙන්ම මෙම ආපදා තත්ත්වයෙන් තවත් නිවාස 112,110 ක් අර්ධ හානියට ලක්ව ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම නිවාස හානි අතුරින් පූර්ණ නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙනි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 2,013 ක් ආපදාවෙන් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව තිබේ.

දෙවැනියට වැඩිම පූර්ණ නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එහි නිවස 767 ක් පූර්ණ හානියට පත්වඇත.

අර්ධ හානි නිවාස වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ නිවාස 21,137 ක් අර්ධ හානියට ලක්ව තවත් නිවාස 632 ක් පූර්ණ හානියත් පත්න ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිවාස 596 ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 587 ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 265 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 256 ක්, මාතලේ දිස්ත්‍රික්කයේ නිවාස 247 ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 245 ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිවාස 157 ක්, අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස 111 ක් පූර්ණ වශයෙන් හානි වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

එමෙන්ම පිළිවෙළින් මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 14,562 ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 13,517 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 8,825 ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 8,540 ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 7,934 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිවාස 4,817 ක්, කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 4,433 ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිවාස 4,124 ක්, වවුනියාව දිස්ත්‍රික්කයේ නිවාස 4,121 ක්, මාතලේ දිස්ත්‍රික්කයේ නිවාස 3,773 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස 3,746 ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 3,058 ක් ආදී ලෙස වැඩිම නිවාස හානි ප්‍රමාණයක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන්ව ඇත ෴


රන්වල අඩිය ගහන ෆොටෝ මාධ්‍යට – අපිත් එක්ක ඉන්න කෙනා ගැන අපි දන්නේ නැත්ද (14.12.2025)

+


කබ්රාල්ගේ තීන්දුව අපිටත් දෙන්න මාලිමාවෙන් ඇහෙන අමුතුම කතාව | ලංකාව බරපතල විදෙස් ආධාර අර්බූදයක (12.12.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *