ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් අය අතර මාලිමාවේ මහනුවර නියෝජ්‍ය නගරාධිපතිගේ දියණියත්
ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් අය අතර මාලිමාවේ මහනුවර නියෝජ්‍ය නගරාධිපතිගේ දියණියත්
(13.12.2025 – 16:32 +0530 – sinhala.adaderana.lk)
වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් පිරිස අතර ජාතික ජනබලවේගය නියෝජනය කරන මහනුවර නියෝජ්‍ය නගරාධිපතිගේ දියණියද සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ.
තෙල්දෙණිය පොලිස් වසමට අයත් වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටි පුද්ගලයින් 26 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
එහිදී පිරිමි පුද්ගලයින් 22 සහ කාන්තාවන් සිව් දෙනෙකු (04) අත්අඩංගුවට ගැනිමට හැකි විය.
එහිදී ‘අයිස් මත්ද්‍රව්‍ය’ මිලිග්‍රෑම් 4,134 ක්, ‘හෑෂ් මත්ද්‍රව්‍ය’ 1,875 ක්, ‘කුෂ් මත්ද්‍රව්‍ය’ මිලිග්‍රෑම් 2,769 ක්, ‘කොකේන් මත්ද්‍රව්‍ය’ මිලිග්‍රෑම් 390 ක් ඇතුළු තවත් මත්පෙති සහ නීතිවිරෝධී දුම්වැටි තොගයක්ද පොලීසිය භාරයට ගැනීමට හැකියාව ලැබී ඇත.
සැකකරුවන් වයස අවුරුදු 18-31 ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් බවද පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් සහ සැකකාරියන් අද (13) දිනයේදී තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව ඇත.
මේ අතර අත්අඩංගුවට ගත් පිරිස අතර ‘ජාතික ජනබලවේගය’ නියෝජනය කරන මහනුවර නියෝජ්‍ය නගරාධිපති රුවන් කුමාරගේ 26 හැවිරිදි දියණියද සිටින බව සඳහන් වේ.
+++
+
ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
(13.12.2025 – 15:55 +0530 – sinhala.adaderana.lk)
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ දරුවන්ගේ ඡායාරූප, වීඩියෝපට, ඇතුළත් තොරතුරු සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍යන් තුළ ප්‍රචාරණය කිරීමෙන් වළකින ලෙසත්ය.
එසේ සිදු කිරීමෙන් එම දරුවන්ගේ අනන්‍යතාවට සහ පෞද්ගලිකත්වයට හානි වීම සහ එම ඡයාරූප සහ තොරතුරු අවභාවිත කරන ජාවාරම්කරුවන් අතට පත්වීම මෙමගින් සිදුවිය හැකි බවද අමාත්‍යාංශය පවසයි.
මෙමගින් ඔවුන්ගේ තොරතුරු භාවිත කරමින් දරුවන් සූරාකෑම, ජාවාරම් සඳහා භාවිත කිරීම වැනි ක්‍රියාවන් සිදුකරන බවත් සඳහන් කර ඇති අමාත්‍යාංශය පැවසුවේ තැනැත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යාංශය කටයුතු කරන බවය.
එමෙන්ම අනාරක්ෂිත දරුවන් පිළිබඳව හෝ මෙවැනි ජාවාරම් සිදු කරන තැනැත්තන් පිළිබඳව තොරතුරු ඇත්නම් වහාම 1929 දුරකථන අංකයෙන් ළමා උපකාරක සේවය වෙත දැනුම්දෙන ලෙසත් නැතහොත් ආසන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හෝ ළමා ආරක්ෂක නිලධාරී දැනුවත් කරන ලෙසත් අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක්ද සිදුකර තිබේ ෴
ආපදාවෙන් බලපෑමට ලක්වූ කර්මාන්ත 13,000 ඉක්මවයි
(13.12.2025 – 14:45 +0530 – sinhala.adaderana.lk)
පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ බලපෑමට ලක්වූ කර්මාන්ත සම්බන්ධව කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය වෙත මේ වන විට ව්‍යාපාර 13,698 ක දත්ත ප්‍රමාණයක් ලැබී ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය සඳහන් කළේ මේ වන විට ආපදාවට පත් ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර 5,639 ක්, සුළු පරිමාණ ව්‍යාපාර 4,636 ක්, මධ්‍ය පරිමාණ ව්‍යාපාර 2,986 ක් සහ මහා පරිමාණ ව්‍යාපාර 437 ක තොරතුරු මේ වන විට ආපදා සහාය මධ්‍යස්ථානය වෙත ලැබී ඇති බවය.
මේ අතර ආපාදවට පත් කර්මාන්ත පිළිබඳව දැනුවත් කිරීම සඳහා 071 266 6660 යන දුරකථන අංකය මේ වන විට අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති අතර ඒ අනුව ආපදාවට පත් කර්මාන්ත සම්බන්ධව හැකි ඉක්මනින් තොරතුරු ලබා දෙන ලෙසද අමාත්‍යාංශය කර්මාන්තකරුවන්ගෙන් ඉල්ලීමක්ද සිදුකර තිබේ.
ඒ අනුව මෙම තොරතුරු එළැඹෙන 16 වැනි දින පස්වරු 2 ට පෙර ලබාදීම සිදුකළ යුතු බවත් ඒ සම්බන්ධව තොරතුරු ඇතුළත් කිරීම සඳහා https://www.industry.gov.lk/ වෙත පිවිස සිදුකළ හැකි බවත් අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ සඳහා අවශ්‍ය සහය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන්ද ලබා ගත හැකි බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
අවශ්‍ය සහයෝගය ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන් ද ලබා ගත හැකියි ෴
මහ වැස්සෙන් හලාවත මහ රෝහලට රු.මි. 1200 කට වැඩි හානියක්
(13.12.2025 – 13:05 +0530 – sinhala.adaderana.lk)
ජලගැලීමට ලක් වූ හලාවත මහ රෝහලට රුපියල් මිලියන 1200 කට වැඩි හානියක් සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (12) එක්වූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත.
එමෙන්ම රෝහලෙන් ලබාදෙන සාමාන්‍ය ප්‍රතිකාර සේවා නැවත ආරම්භකිරීම සඳහා රුපියල් මිලියන 1,200 ක පමණ මුදලක් වැයවනු ඇති බවත් එහිදී පවසා තිබේ.
මේ අතර රෝහලේ ඉදිකරමින් පවතින වාට්ටු සංකීර්ණය නිරික්ෂණය කළ අමාත්‍යවරයා, එය ලබන වසරේ (2026) නොවැම්බර් වනවිට ඉදිකර අවසන් කිරීමට හැකිවනු ඇති බව පැවසීය.
එමෙන්ම හදිසි අනතුරු හා ප්‍රතිකාර ගොඩනැගිලි සංකිර්ණය වසර 2 ක් වැනි කාලයක් තුළ කඩිනමින් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත් පවසා ඇත.
ඒ අනුව ඉදිකිරීම් කඩිනම් කර රෝහල පැවති මට්ටමට වඩා උසස් තත්ත්වයට රැගෙන එන බව අමාත්‍යවරයා පවසයි.
හලාවත නගර මධ්‍යයේ අක්කර 7.5 ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති මෙම රෝහල, පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රජයේ රෝහල වේ.
දහසකට (1000) ආසන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ඇති මෙහි ඇදන්ඳ ධාරිතාව 645 කට අධිකය ෴
ඉන්දියාවෙන් ආපු සුරූපී ව්‍යාජ දොස්තර ළඳ කොටු කරගත් Top News වරෙන්තුව මෙහෙයුම (13.12.2025)
+
නාය යන්න ඔන්න මෙන්න තියෙන තැනකට ආපහු යන්න කියලා අවතැන් වූවන්ට බලපෑම් (13.12.2025)
+
මාලිමාවේ කවුරුත් ආවේ නෑ බලන්න – ‘හොරාචාර්ය රන්වල’ විසින් අනතුරට ලක්වුනු පවුලේ අය කට අරියි (13.12.2025)
+
රනිල් – මෛත්‍රී ඉස්සරහා තියාගෙන ඇල්ලේ ගුණවංශ හිමි දැනෙන්න අමතයි.. (13.12.2025)
+
විපතට පත් කුඩා දරුවා ගැන හොයා බලන්න… ඒක රන්වලගේ මනුස්ස යුතුකමක් (13.12.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴