රාත්‍රි‍යේ නුවරඑළියට පිවිසෙන මාර්ගවල වාහන ධාවනය අවදානම් – නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය

රාත්‍රි‍යේ නුවරඑළියට පිවිසෙන මාර්ගවල වාහන ධාවනය අවදානම් – නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය


රාත්‍රි‍යේ නුවරඑළියට පිවිසෙන මාර්ගවල වාහන ධාවනය අවදානම් – නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය

(12.12.2025 – hirunews.lk)

රාත්‍රී කාලයේ නුවරඑළියට පිවිසෙන කිසිදු මාර්ගයක රථවාහන ධාවනය නොකරන ලෙසට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඊයේ (11) පස්වරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි මාධ්‍යට අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරිය ඒ බව පවසා සිටියා.

වාහන ධාවනයට විවෘත කරල ලද ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කටුකිතුල ප්‍රදේශයේදී නැවත ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇති බවත්, පවත්නා කාලගුණය අනුව තවදුරටත් මාර්ගවලට පස් කදු කඩා වැටීමේ අවධානමක් පවතින නිසා එම තීරණය ගත් බවයි දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට පත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවට පත් සියලු ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු පහසුකම් සලසා ඇති බවත්, ආපදාවට පත් සහ ආපදාවට පත් නොවු ඇතැම් පිරිස් රජය අපහසුතාවයට පත් කිරිමේ අරමුණින් සිදු කරන ඇතැම් ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් පවසා සිටියේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ, වලපනේ මන්දාරම්නුවර ප්‍රදේශයේ මාර්ගය අවහිර වී තිබියදි ගුවන් මගින් පවා
අවතැන් වුවන්ට ආහාර ද්‍රව්‍ය යොමු කළ බවත්, මාර්ගය යථා තත්වයට පත් කිරිමෙන් අනතුරුව අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ලක්ම යොමු කර තිබියදීත් කිසිදු සහනාධාරයක් නොලැබුන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයන් සිදු කරන ප්‍රකාශ පදනම් විරහිත ප්‍රකාශ බවයි.

ආපදාවට පත් ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් දිවා රාත්‍රි දෙකේ කැපවීමෙන් කටයුතු කර ආපදාවට පත් ජනතාවට තවදුරටත් කටයුතු කරමින් සිටින බවත්, සියලු දෙනා එකා මෙන් කටයුතු කර ආපදාවෙන් සහන නොලැබුණ යම් පිරිසක් සිටී නම් එම පිරිසට අවශ්‍ය සහන ලබා දි යළිත් නැගී සිටිමට සියලු දෙනා එකා මෙන කටයුතු කළ යුතු බවයි දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ ෴


ආපදාවන්ට ලක්වූ කර්මාන්තකරුවන් ඔසවා තබන්න රජයෙන් සහාය

(11.12.2025 – 22:22 +0530 – sinhala.adaderana.lk)

අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වූ වත්මන් ණය ගනුදෙනුකරුවන්ගේ දැනට පවතින ණය පහසුකම්වල මුල් ණය මුදල හෝ ණය පොළී ආපසු ගෙවීම මාස 3 සිට 6 දක්වා කාලයක් ඒ ඒ සිද්ධිය සලකා බලමින් අත්හිටුවීමට තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද (11) පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු සඳහා නිකුත්කළ නිර්දේශ සැලකිල්ලට ගෙන ඔහු මේ බව පැවසීය.

ඒ අනුව ණය අත්හිටුවන කාලය තුළ අදාළ ගිවිසුම්ගත පොලී අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයක් අය නොකරන ලෙසත්, කල්දැමූ පොලී ගෙවීම් සඳහා කිසිදු පොලියක් අය නොකරන ලෙසත් බලපත්‍රලාභී බැංකුවලට මහ බැංකුව දන්වා ඇත.

එමෙන්ම නව ණය පහසුකම් ලබාදීම සඳහා අවශ්‍ය උපදෙස්ද ලබාදී තිබේ.

“අපි සම්මත කළ අයවැයෙන් රුපියල් බිලියන 81 ක් වෙන්කළා මේ ආදි සහන ණය ලබාදෙන්න. ඒ මුදලුත් පවතිනවා. ඊට අමතරව නව ණය පහසුකම් ලබාදීමට කටයුතු කරගෙන යනවා.

ආපදාවෙන් විනාශයට පත්වුණු මේ කර්මාන්ත, කෘෂි, ධීවර යනාදී කර්මාන්ත ව්‍යාපාරික ස්ථාන නගාසිටුවීම සඳහා අවශ්‍ය සහාය රජය ලබාදෙනවා. ඒක කළ යුතුමයි.

මේකෙන් සිදු වූ ආර්ථික බලපෑම ඉක්මනින් යථා තත්වයට පත් කරලා, එතනින් එහාට ආර්ථිකය වර්ධනය කරගන්න නම්, මේ ආර්ථික ක්ෂේත්‍රයේ සෘජුවම නිරත වූ අයට සහන ලබාදිය යුතුයි” යනුවෙන් පැවසීය ෴


මාතලේ තේ වතු පිටින් නාය යෑමට පටන් ගනියි – තත්ත්වය එන්න එන්නම තවත් දරුණු අතට – ජනතාව ආරක්ෂිත තැන්වලට (12.12.2025)

+


දුංහිඳ පල්ලමේ අනූ නවයෙන් බේරුණු බස් එක – 2025.12.12 – බදුලුපුර නිවුස්

+


කෙබරාට සහ ගෝලයෝ 159 ට ඉගෙන ගන්න ජීවිත කීයක් බිලි දිය යුතුද? (11.12.2025)

+


ග්‍රීක බැඳුම්කර නඩුවේ රු. කෝටි 184 : බයි වර්ෂන් Vs ඩෝබි වර්ෂන්! | Rasika Jayakody | Yureshani Getaraluwa (11.12.2025)

+


නීතිය ගැන හරියට දන්නවා නම්, අනුර ඔය වගේ කතා කියන්නෙ නෑ… – උදය ගම්මන්පිල (12.12.2025)

+


‘25 වතාවක් කුණාටුව ගැන දැන්වූවා.. අපට මෙහෙම බැණුම් අහන්න බෑ..’ – කාලගුණ විද්‍යඥයන්ගෙන් නිවේදනයක්…

(12.12.2025 – lankacnews.com)

දිට්වා සුළි කුණාටුව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිසි ලෙස නිකුත් නොකළ බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට එල්ල වූ විවේචනවලට ප්‍රතිචාර දක්වමින්, ‘ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය’ විසින් නිල ප්‍රකාශයක් නිකුත් කර ඇත.

මෙම නිවේදනය මඟින් සංගමය දැඩිව අවධාරණය කරන්නේ, නොවැම්බර් මස 23 වැනි දින පටන් අවස්ථා 25 කදී දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් බලයලත් පාර්ශ්වයන් දැනුවත්කිරීමට කටයුතු කර ඇති බවයි.

ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම ආපදා තත්ත්වය හා දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සත්‍ය නොවන තොරතුරු රාශියක් සමාජය තුළ සංසරණය වන බවත්, මෙම මිථ්‍යා ප්‍රකාශ මඟින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශ්වාසනීයත්වයට හානි සිදුවන බවත් ය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *