ව්‍යාජ රියැදුරු බලපත්‍ර හැදූ දෙදෙනෙක් බඩුත් එක්ක අත්අඩංගුවට

ව්‍යාජ රියැදුරු බලපත්‍ර හැදූ දෙදෙනෙක් බඩුත් එක්ක අත්අඩංගුවට


ව්‍යාජ රියැදුරු බලපත්‍ර හැදූ දෙදෙනෙක් බඩුත් එක්ක අත්අඩංගුවට

(11.12.2025 – hirunews.lk)

ව්‍යාජ රියදුරු බලපත්‍ර සකසා මුදලට අලෙවි කිරීමේ යෙදුණු බොරලැස්ගමුව වේරහැර ස්ථාන දෙකක් (2) වටලා ව්‍යාජ රියදුරු බලපත්‍ර තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

එම සැකකරුවන් දෙදෙනා (2) සමඟ ව්‍යාජ රියැදුරු බලපත්‍ර 11 ක්, ව්‍යාජ තාවකාලික රියැදුරු බලපත්‍ර 70 ක්, තාවකාලික රියැදුරු බලපත්‍රවලට යොදන ස්ටිකර් 10 ක්, මොනිටරයක්, ලැප්ටොප් පරිගණකයක් හා රබර් මුද්‍රා 04 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

බොරලැස්ගමුව වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර සකසා මුදලට අලෙවි කරන ස්ථාන දෙකක් (2) කාලයක් තිස්සේ රහසිගතව පවත්වාගෙන යන බවට නුගේගොඩ කොට්ඨාස බුද්ධි අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ජි.ජේ. කහටදෙනිය ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබුණා.

එම එක් ස්ථානයකින් ඒවන විට ව්‍යාජ රියැදුරු බලපත්‍ර 11 ක් සකස් කර තිබූ අතර අනෙක් ස්ථානයේ ව්‍යාජ රියැදුරු ‍බලපත්‍ර 70 ක් සකස් කර තිබූ බවට තොරතුරු හෙළිවූ බව පොලිසිය පවසනවා.

එක් ස්ථානයක මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ අත්සන ව්‍යාජ ලෙස ඇතුළත් කර සකස් කරන ලද රබර් මුද්‍රාවක් ද තිබී පොලිසිය මගින් සොයාගෙන තිබුණා.

රියැදුරු බලපත්‍රය කාලය නිම වී හෝ අලුතින් ලබා ගැනීමට හෝ රියැදුරු බලපත්‍රයට අදාල වෙනයම් ගැටලුකාරී කරුණකට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසලට පැමිණෙන පුද්ගලයන් මුලාකර මෙම ස්ථාන දෙකට (2) සූක්ෂම ලෙස ගෙන්වාගෙන මෙම සැකකරුවන් දෙදෙනා (2) මෙම ජාවාරම සිදු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවට තැ‍රැව්කරුවන් යොදා රියැදුරු බලපත්‍රවලට අදාලව පැමිණෙන පුද්ගලයන් මුලාකර මිනිත්තු කිහිපයක් තුළදී රුපියල් 5000/= සිට ඉහළ මිල ගණන්වලට ව්‍යාජ රියැදුරු බලපත්‍ර සහ තාවකාලික රියැදුරු බලපත්‍ර විකුණා ඇති බවද විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබුණා.

බොරලැස්ගමුව වේරහැර සහ කිරුළපන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනා (2) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වනවා ෴


ඕනෑම ස්ථානයක සිට පාසල් සිසුන්ට ඊ-තක්සලාවට ප්‍රවේශවීමට අවස්ථාව

(11.12.2025 – 11:51 +0530 – sinhala.adaderana.lk)

‘දිට්වා’ සුළි කුණාටුවත් සමග ඇති වූ අනපේක්ෂිත හදිසි තත්ත්වය තුළ සිසුන් මුහුණ දුන් අභියෝග හඳුනා ගනිමින්, ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු සඳහා සහයෝගය ලබා දීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඩිජිටල් ඉගෙනුම් වේදිකා ශක්තිමත් කර ඇත.

ඒ අනුව සිසුන්ට ඕනෑම ස්ථානයක සිට විෂය කරුණු සහ පසුගිය ප්‍රශ්න පත්‍ර වෙත ප්‍රවේශ වීමට හැකි වන පරිදි, ජාතික ඉලෙක්ට්‍රොනික ඉගෙනුම් වේදිකාව වන ඊ-තක්සලාව (E-thaksalawa) සඳහා ප්‍රවේශය වැඩි දියුණු කර තිබේ.

https://e-thaksalawa.moe.gov.lk

මෙම ප්‍රයත්නය මගින්, පාසල් වසා දැමීම සහ බාහිර අර්බුද නොතකා සිසුන්ට විභාගය සඳහා අඛණ්ඩව සූදානම් වීමට හැකියාව ලැබෙන බව සඳහන් වේ.

අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගතයන් සකස් කර ඒවා මෙම ඉගෙනුම් වේදිකාවට ඇතුළත් කර, සිසුන්ට ප්‍රවේශ වීමේ හැකි බව සහතික කළ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහ අග්‍රාමාත්‍ය ඩිජිටල් කාර්ය සාධක බලකායේ කාර්ය මණ්ඩලය සඳහන් කළේ මෙම සහයෝගි ප්‍රයත්නය තුළින් අධ්‍යාපනය වේගයෙන් ඩිජිටල්කරණය කිරීමට හැකි වූ බවයි.

ඉදිරියේදී, සාමාන්‍ය පෙළ සිසුන් සඳහා ද මෙවැනි ඩිජිටල් ඉගෙනුම් සම්පත් 2026 පෙබරවාරි මාසයේ සිට ලබා දීමට නියමිත අතර, එමගින් අනපේක්ෂිත අභියෝගවලට අනුවර්තනය වීමේ හැකියාව ඇති, ඩිජිටල් ලෙස ඒකාබද්ධ වූ අධ්‍යාපන පද්ධතියක් කරා ගමන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බව අමාත්‍යාංශය පවසයි ෴


ජෙප්පෝ උඹලා ඔක්කෝම නිරාගමිකයෝ තොපි නිසා තමයි රටට මේ විපත් ආවේ (11.12.2025)

+


ජේවීපීකාරයො කටින් රට හදලත් ඉවරයි… දවස් කීයද ගියේ ? මුං නං මිනිස්සු වෙන්ඩ බෑ (11.12.2025)

+


කඩුගන්නාව – බලන ස්ටේෂම ළඟින් කෝච්චි පාරට වෙලා තියෙන විනාසේ | දෙයියනේ…ආයේ කෝච්චියක් කවදා යන්නද..? (11.12.2025)

+


‘ලංකාවට ඩොලර් එවන්න’ – නාමල් ලෝකෙන් ඉල්ලයි ! (11.12.2025)

+


ටීවී වල නොපෙන්වූ ආරුක්කු 5 පාලම ලඟින් රේල් පාර අහසේ පාවෙන්න ගිය නාය (11.12.2025)

+


නලින්දටත් උත්තර නැති ලීක් වෙච්ච පැරණි වීඩියෝව මෙන්න, සුළි කුණාටුව දැනන් හිටියේම නැද්ද ? (11.12.2025)

+


කල් දැමූ GIT විභාගය ජනවාරි 11

(11.12.2025 – hirunews.lk)

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කල් දමන ලද 12 වන ශ්‍රේණියේ සිසුන්ට අදාළ 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය පැවැත්වෙන නව දිනය විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර ඇති පරිදි, එම විභාගය 2026 ජනවාරි මස 11 වන ඉරිදා දින පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, ආපදාවට ලක්වූ පාසල් අයදුම්කරුවන් හට තම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම් තම පාසලේ විදුහල්පතිවරයා දැනුවත් කළ යුතු බවයි විභාහ දෙපාර්තමේන්තුව අවධාරණය කරනු ලබන්නේ.

විදුහල්පතිවරුන් තම විදුහලේ ආපදාවට ලක් වූ අයදුම්කරුවන් සිටී නම් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හා විභාග කොමසාරිස් (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල) දැනුවත් කළ යුතු බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා ෴


හිටපු කථානායක පා.ම. අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි

(11.12.2025 – 21:54 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා ගමන්ගත් ජීප් රථය, මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සපුගස්කන්ද ප්‍රදේශයේ දී අද (11) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ.

ප.ව. 07:45 ට පමණ සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ කාන්තාවක් හා කුඩා දරුවෙකු සිට ඇති අතර, ඔවුන් දෙදෙනා තුවාල ලබා තිබේ.

ඒ අනුව කාන්තාව කිරිබත්ගොඩ රෝහලටත්, කුඩා දරුවා ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කර තිබේ.

එමෙන්ම අනතුරින් තුවාල ලැබූ ජීප් රථයේ ගමන්ගත් මන්ත්‍රී අශෝක රන්වල මහතාද ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

මේ වනවිට අනතුරට ලක් වූ ජීප් රථය, මෝටර් රථය මෙන්ම යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴

+++

මගේ අසරණ කිරිසප්පයා තාම වමනේ දානවා – රන්වල බීමතින් රිය පැදවූ බවට චෝදනා – මව රෝහලේදී කුපිත වෙයි (12.12.2025)

+++

රිය අනතුරක් කරපු මාලිමාවේ හිටපු කතානායක කරපු අනතුර ගැන පොලිසිය කට අරියි (12.12.2025)

+++

ළමයගේ ඔළුව ගෙඩි ගැහිලා | මාරක අනතුරින් තුවාල ලැබූ පවුලේ ඥාතීන් වෙච්චි සියල්ල මාධ්‍යට හෙළිකරයි (12.12.2025)

+++

රිය අනතුරක් සිදු කළ ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගනී.

+


ආපදාවට හසු වූ මහියංගණය රෝහලේ දැන් හැටි බලන්නකෝ… | බෙහෙත්, මැෂින්, පොත්පත් සුන් වෙලා (11.12.2025)

+++

සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ ආපදා තත්වයත් සමග දිවයිනේ රෝහල් 410 කට බලපෑම් එල්ල වූ අතර ඉන් වැඩිම හානි සිදුව තිබුණේ මහියංගනය මූලික රෝහලට සහ හලාවත දිස්ත්‍රික් රෝහලටය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආයතන 500කට අධික ප්‍රමාණයකට බලපෑම් එල්ල වු බවය.

අද (11) ‘දෙරණ බිග් ෆෝකස්’ වැඩසටහනට එක්වෙමින් අනිල් ජාසිංහ මහතා මේ බව සදහන් කළේය.

අදාළ සෞඛ්‍ය ආයතන යථා තත්ත්වයට පත් කිරීමට තවත් කාලයක් ගතවනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම එම වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා සදහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් රෝහල් 53 ක උපකරණ සඳහා බලපෑම එල්ල වී ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා :

“මහියංගන රෝහල, ඒ වගේම හලාවත රෝහලේත් අරගෙන යන්න පුළුවන් දේවල් ඔක්කොම වගේ උපකරණ ඒ කාර්ය මණ්ඩලය ඒ වෙලාවේ අරගෙන ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මහියංගනය ගත්තහම ගොඩක් දේවල්. ඒ කියන්නේ සමහර මැෂින්වල ගලවන්න පුළුවන් කෑල්ල අරගෙන උඩට ගිහිල්ලා තියෙනවා. ගොඩක් ඩැමේජ් වෙච්ච ඒවා තුනයි තියෙන්නේ. එකක් ඔය හලාවත රෝහල, මහියංගනය අනිත් එක වත්තේගම.. ඒකේ ලොකු ඩැමේජස් නැහැ. බිල්ඩින් වල ඩැමේජ් වෙලා තියෙන්නේ දෙසිය තිස් හයකයි. ඒ කියන්නේ ඔය උපකරණවලට ඩැමේජ් තියෙනවා පනස් තුනක. ඒවා පිළිබඳ යම් තක්සේරුවක් කරමින් යනවා” ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *