ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට වැඩ තහනමක්..?

ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට වැඩ තහනමක්..?


ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට වැඩ තහනමක්..?

(09.12.2025 – lankacnews.com)

ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා, රෝහලේ ප්‍රධාන රසායනාගාරවල සිදුවූ බවට කියන අක්‍රමිකතා, දූෂණ සහ වංචාවන් හෙළිදරව් කිරීම හේතුවෙන් තමන් පළිගැනීමකට ලක්වෙමින් සිටින බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී තිබේ.
වෛද්‍ය බෙල්ලන මහතා විසින් 2025 ජුනි මාසයේදී කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන රසායනාගාර තුළ සිදුවූවා යයි සැලකෙන අක්‍රමිකතා, දූෂණ හා වංචාවන් පිළිබඳව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

මෙම පැමිණිල්ල සමගම, ප්‍රතික්‍රියක මිලදී ගැනීම් සම්බන්ධයෙන් රු. කෝටි 900 කට අධික විශාල වංචාවක් පිළිබඳව විගණකාධිපති විසින්ද විගණන විමසුමකට ලක් කර ඇති අතර, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින්ද විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා තිබේ.

මෙම සිදුවීමෙන් පසු, සෞඛ්‍ය ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් තමන්ට එරෙහිව විවිධ කරුණු ඔස්සේ විනය පරීක්ෂණ පවත්වමින් දැඩි පීඩනයකට ලක්කර ඇති බවට වෛද්‍ය බෙල්ලන මහතා චෝදනා කරයි.

මේ වනවිට තමන්ගෙන් විවිධ කාරණා සම්බන්ධයෙන් විමර්ශන 6 ක් පමණ සඳහා ප්‍රකාශ ලබාගෙන ඇති අතර, එම විමර්ශන වංචා හා දූෂණ අක්‍රමිකතාවයන්ට අනුකූලව නොව, තම පරිපාලනමය රාජකාරි පිළිබඳව වන බව ඔහු පෙන්වා දෙයි.

සෞඛ්‍ය ලේකම්වරයා මූල්‍ය වංචාවන්ටත් එහා ගිය විලසින් බරපතල චෝදනා විලසින් විමර්ශන පසුපස හඹා යමින් ක්‍රියා කරන බවද ඔහු සඳහන් කරයි.

වෛද්‍ය බෙල්ලන මහතා වැඩිදුරටත් චෝදනා කරන්නේ වසර 10 කට පෙර කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ, පසුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වූ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා රසායනාගාරයේ අක්‍රමික මිලදී ගැනීම්වලට වගකිව යුතු ආකාරයෙන් ක්‍රියා කළ බවත්, තමා එය විගණන පරීක්ෂණයේදී සනාථ කළ බවත්ය.

ඉන් අනතුරුව පත් වූ අධ්‍යක්ෂක ලෙස වෛද්‍ය කුමාර වික්‍රමසිංහද (වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් – වෛද්‍ය සේවා) ඔහුගේ එම අක්‍රමික ක්‍රියාපිළිවෙළ දිගටම පවත්වා ගෙන ගිය බවට චෝදනා කරයි.

ඔවුන් දෙදෙනා එක්වී පසුගිය මාස කීපය තුළ අසාමාන්‍ය ලෙස තමාගෙන් විනය විරෝධී ක්‍රියාවන් යයි සැලකෙන කරුණු අරඹයා පරීක්ෂණ සිදුකළ බවත්, තමාට එරෙහිව ක්‍රියාත්මක වීමට නිර්දේශයක් සහ විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට සැලසුම් කරන බවත්, ඒ තුළින් වැඩ තහනම් කිරිමක් හෝ ස්ථාන මාරුවක් ලබා දීම තුළින් පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරුවකු වශයෙන් තමාට බලපෑම් කිරීමට උත්සාහයක් ක්‍රියාත්මක වන බවත් වෛද්‍ය බෙල්ලන මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම තම නිල බලයෙන් සිදුවෙන රසායන ප්‍රතික්‍රියක මිලදී ගැනීම තමා විසින් වර්තමානයේ නවත්වා ඇති බැවින් ඒය නැවත ආරම්භ කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

වෛද්‍ය බෙල්ලන මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින්නේ යම් කිසි විනය පරීක්ෂණ වාර්තාවක් ඇත්නම්, එය සම්පූර්ණයෙන් කියවා බලා ඔප්පු කිරීමට සාධාරණ සාක්ෂි ඇත්නම් පමණක් තමාට එරෙහිව ක්‍රියා කරන ලෙසටය.

තවද, සෞඛ්‍ය ලේකම්වරයාගේ නියෝගය පක්ෂපාති වී ඇති බවද ඔහු රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දන්වා සිටී ෴


නායයාමෙන් නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට බරපතලයි.. දොස්තරලා, හෙදියන් රැසක් අවතැන්…

(10.12.2025 – lankacnews.com)

නුවරඑලිය ප්‍රදේශයට පසුගිය දා ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල පිටුපස විශාල පස් කන්දක් රෝහලට සහ රොහලේ වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ නේවාසිකාගාරවලට කඩා වැටී වැසි ජලය කාන්දු වීමෙන් ඔවුන් රැදි සිටි නේවාසිකාගාරවලට දැඩි ලෙස හානි සිදු වී ඇති බවත්, නිළ නිවාස 15 ක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවත් එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් විරසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති නුවරඑලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙදි ප්‍රකාශකළේය.

එහිදි එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් වීරසුරිය මහතා කියා සිටියේ තම රෝහලේ කාර්යමණ්ඩලය 1390 ක් බවත්, මහල් 4 කින් යුත් වෛද්‍යවරුන්ගේ සහ මහල් 4 කින් යුත් හෙදියන්ගේ නේවාසිකාගාරවලට දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇති බවයි.

ඉන් 230 දෙනෙකු අවතැන් වී, එම පිරිස එම රෝහලේම රෝගීන් නොමැති වාට්ටුවල තාවකාලිකව රැදී සිටි බව ජනාධිපතිවරයා වෙත කරුණූ පැහැදිලි කිරිමෙන් පසු ජනාධිපතිවරයා එම රෝහලේ අධ්‍යක්ෂකවරයාට කියා සිටියේ එම නේවාසිකාගාර පවත්වාගෙන යැම සදහා වෙනත් ගොඩනැගිලි කුලි පදනම මත ලබා ගැනීමට හැකි නම් ඒ සදහා ප්‍රතිපාදන ලබා දිය හැකි බවයි.

මෙහිදි රෝහල් අධ්‍යක්ෂකවරයා ජනාධිපතිවරයා හමුවේ කියා සිටියේ දැනට රෝහලේ සේවය කරන හෙදියන් 80 දෙනෙකුට පමණ තව දුරටත් රෝහලේ වාට්ටුවල රැදී සිටිමට නොහැකි නිසා නුවරඑලිය රෝහල ආසන්නයේ තිබෙන රජයේ සංචාරක නිවාඩු නිකේතන කිහිපයක් රොහල වෙත තාවකාලිකව ලබා දෙන්නේ නම් ඒ සදහාද විසදුම් ලබා දිය හැකි බවයි.

එම සංචාරක නිකේතන ලබා දිය හැකි බවත්, එම ඉල්ලීම ලිඛිතව දිස්ත්‍රික් ලේකම්වරිය වෙත ඉදිරිපත් කරන ලෙසත්, එම නිවාඩු නිකේතන ලබා ගැනිමට යම් ගැටළුවක් වේ නම් ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරිය තමාට දුරකථන ඇමතුමකින් ඒ බව දැනුම් දෙන ලෙස දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය වෙත ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබුවා.

මෙහිදි රෝහල් අධ්‍යක්ෂකවරයා ජනාධිපතිවරයා හමුවේ කියා සිටියේ පවත්නා තත්වය මත වුවද රෝහලේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවයි.

රංජිත් රාජපක්ෂ


කොත්මලේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් ඉවත් කර ජවිපෙට හිතවත් ආධුනික ඉංජිනේරුවන් පත් කරලා…

(10.12.2025 – lankacnews.com)

පසුගිය දින කිහිපය තුළ මෙරටට බලපෑ දරුණු සුළි කුණාටු තත්ත්වය සහ ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කළේ, වත්මන් ආණ්ඩුව මෙවැනි දරුණු අනතුරු පිළිබඳ අනතුරු ඇඟවීම් නොතකා හරිමින් ආපදාව සිදුවීමට ඉඩ දුන් බවයි.

මහජන නියෝජිතයෙකු ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ වසර 20 කට අධික අත්දැකීම් ඇති තමන් මේ තත්ත්වය දකින බව පියතිස්ස මහතා පැවසීය. පසුගිය දින කිහිපය තුළ ඇද හැළුණු ධාරාණික වර්ෂා පතනය හේතුවෙන් ජලාශ පිටාර ගැලීම සහ නාය යෑම් වලින් මුළු රටම පීඩාවට පත් වූ බවත්, විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශ ඉතා බරපතල ඛේදවාචකයකට මුහුණ දුන් බවත් ඔහු පෙන්වා දුන්නේය. මේ ආපදාවෙන් මානව සම්පත මෙන්ම දේපළ විශාල වශයෙන් අහිමි වීම හේතුවෙන් ජන ජීවිතය සම්පූර්ණයෙන්ම ඉතා බරපතල ලෙස අස්ථාවර වී අරාජික වූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි අනතුරු ඇඟවීම් කරන විට ඕනෑම ආණ්ඩුවක් ඊට මුහුණ දීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව පියතිස්ස මහතා සිහිපත් කළේය. කාලගුණ දෙපාර්තමේන්තුව විශේෂ අනාවැකි නිකුත් කළ බවත්, ජාත්‍යන්තර කාලගුණ දෙපාර්තමේන්තු, BBC රූපවාහිනිය, ඉන්දියානු කාලගුණ දෙපාර්තමේන්තු වැනි විවිධ මාධ්‍ය ආයතන මඟින් වේලාසනින් මේ පිළිබඳව අනතුරු ඇඟවීම් කළ බවත් ඔහු පැහැදිලි කළේය.

කොත්මලේ ජාලාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරරවරුන් තුන්දෙනෙකු (3) ඉවත් කර ජනතා විමුක්ති පෙරමුණට හිතවත් ආධුනික ඉංජිනේරුන් ඊට පත් කර තිබූ බවටත් තොරතුරු ඇතැයිද ඒ මහතා එහිදී සඳහන් කළේය.

කාලගුණ අනතුරු ඇඟවීම් වේලාසන කර තිබේදී ජලාශය ඉහළම මට්ටමට එන තෙක් බලා සිටියා හැර ක්‍රමානුකූලව ජලාශයේ ජලය අඩු කිරීමේ ක්‍රියාවලියකට ඔවුන් යොමු නොවූ බවටද හෙතෙම චෝදනා කළේය.

මෙහිදී 2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනත ශක්තිමත් පනතක් බවත්, එවැනි තත්ත්වයක් වාර්තා වූ විට ආපදා තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති බවත් ඔහු අවධාරණය කළේය.

මෑත ඉතිහාසයේ අත්දැකීම් උපුටා දක්වමින් පියතිස්ස මහතා කියා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පැවති සමයේදී මෙවැනි වාර්තා කිරීමක් ලැබුණු විට ආණ්ඩුව ක්ෂණිකව ආපදා කළමනාකරණ කමිටුව කැඳවා අදාළ සැලැස්ම සකස් කළ බවයි.

එවකට වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ මහතා එම සැලැස්ම සකස් කර, සුළි කුණාටුව පැමිණීමට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින්, පැහැදිලි කළ බවද ඔහු සිහිපත් කළේය. එම සැලැස්ම යටතේ ජලාශවල ජල ධාරිතාවය අඩු කිරීම සහ අවතැන් වන අය පිළිබඳව වැඩපිළිවෙළ සකස් කර තිබුණි.

නමුත්, මෙවැනි අත්දැකීම් තිබියදීත්, මිලිමීටර් 400ක හෝ 500ක වැනි වැසි ධාරිතාවක් සහිත දරුණු සුළි කුණාටුවක් එන බවට අනතුර අඟවා තිබියදීත්, ඒ බව දැන දැනම, වත්මන් ආණ්ඩුව ඒ පිළිබඳව කිසිවක් නොතකා, මේ ආපදාව වීමට ඉඩහැරියා. ආපදා කළමනාකරණ පනත යටතේ සැලැස්ම සකස් කිරීමේ පූර්ණ බලතල කමිටුවට හිමිවන අතර, 2030 දක්වාම එම පනතේ බලය ප්‍රකාරව වැඩ කිරීමට හැකියාව තිබෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය ෴


රටේ විනාශය මැද ජෙප්පන්ගේ නිලධාරීන් සහනාධාරවලින් ගසා කනවා සාක්ෂිත් එක්කම ගම්මන්පිල රටට හෙලිදරව් කරයි (10.12.2025)

+


ෆිටෝන් රූම් එකේ කැමරාව දුටු තරුණිය සියල්ල හෙළි කරයි – “අපේ සේෆ්ටියට තමයි වීඩියෝ කළේ” (09.12.2025)

+


අවතැන් ළමයින්ට පාසල් බෑග් අරගෙන ආ කාර් එක කෝච්චියේ වැදිලා කුඩුපට්ටම් වෙලා | රියදුරාට සීරීමක්වත් නැහැ (10.12.2025)

+


“කිරිබත් කන්න පස්සෙ පුලුවන්, නායගිය තැන්වලට මාස 6ක් යනකම් අතවත් තියන්න එපා” (09.12.2025)

+


අනේ Plz කියලා සජිත්ට ඔයා අපහාස කරා අනුර කෝ ඔයාගේ වැදගත්කම කොහොද ගියේ (10.12.2025)

+


මාලිමාවේ මන්ත්‍රීවරු අපිට බලපෑම් කරනවා – හිතවතුන්ට ආධාර දෙන්න කියනවා (10.12.2025)

+


අනුර කුමාර නිකම් නත්තල් පප්පා වගේ – මුන් රාජ්‍ය නායකයෝ නෙවෙයි ජෝකර්ලා (10.12.2025)

+


රනිල් ගෝටා ජනාධිපති ළඟට ගෙනිච්චෙ මමයි… පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති – ගැමුණු විජේරත්න (10.12.2025)

+

ජේවීපීකාරයෝ අපට අපේ රාජකාරිය කරන්න දෙන්නේ නෑ – ශ්‍රී ලංකා ග්‍රාමනිලධාරීන්ගේ සංගමය පැමිණිලි කරයි (10.12.2025)

+


‘දිට්වා ව්‍යසනය’ අස්සේ සමහරු කැත ගේමකට බැහැලා… | ළමයි ගැන බය හිතෙන හෙළිදරව්වක්, මේවනම් මහා ජරා වැඩ (10.12.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *