කාන්තා ‘ෆිටොන්’ කාමරයේ කැමරා සවිකළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට : දුරකතනයේ විඩීයෝ 200 ක්
කාන්තා ‘ෆිටොන්’ කාමරයේ කැමරා සවිකළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට : දුරකතනයේ විඩීයෝ 200 ක්
(08.12.2025 – hirunews.lk)
ඇඳුම් ඇඟලා බැලීමේ කාමරයක් තුළ සූක්ෂම ලෙස කැමරාවක් සඟවා කාන්තාවන් ඇඳුම් මාරු කළ අවස්ථාවන් වීඩියෝ ගත කළ තලවතුගොඩ නගරයේ නිමි ඇඳුම් අලෙවිසලක හිමිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

43 හැවිරිදි ඔහු කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී එලෙස වීඩියෝ ගත කළ දර්ශන 200 කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.
ඒවා අන්තර්ජාලයට යොමු කර තිබේද, එසේ නොමැතිනම් අසභ්‍ය වෙබ් අඩවි වෙත අලෙවි කර ඇත්ද යන්න සෙවීම සඳහා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
+++
තලවතුගොඩ ඇඳුම් කඩේ ෆිටෝන් රූම් එකේ හොරෙන් කැමරා ගහපු මෑන් අත්අඩංගුවට (08.12.2025)
+
රට යළි හදන මග මෙන්න – ටොකු සහිත ලිපියක් ගම්මන්පිල ජනපතිට යවයි (08.12.2025)
+
සහනාධාර බෙදන්න දේශපාලන බලපෑම්.. ග‍්‍රාමසේවකලා විරෝධයේ..
(08.12.2025 – lankacnews.com)
ආපදාවෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් සහනාධාර ලබාදීමේ ක්‍රියාවලියට රජයේ දේශපාලන නියෝජිතයන් බලපෑම් කරන බවට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම ලධාරීන්ගේ සංගමය මේ වනවිට චෝදනා කරයි.
සහනාධාර ලබාදීමේ කටයුතු වලදීත්, ඒ වගේම කඳවුරු පවත්වාගෙන යාමේ කටයුතු වලදීත් විවිධ දේශපාලඥයන්ගේ බලපෑම් ග්‍රාම නිලධාරීන්ට එල්ල වී ඇති බව සංගමය පවසයි.
පෙර රජයන්ට සාපේක්ෂව මෙම රජයේ සමහර දේශපාලඥයන්, විශේෂයෙන් දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය නායකයින් පවා ග්‍රාම නිලධාරී කටයුතුවලට බාධා කරන අවස්ථාවන් බහුලව වාර්තා වී ඇති බව සංගමය සඳහන් කරයි.
කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල පැහැදිලිවම දේශපාලන අධිකාරිය ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දිසාපතිවරුන්ට ලිපි පවා එවමින් කියා ඇත්තේ කඳවුරු සඳහා තමන්ගේ නියෝජිතයන් නම් කරන ලෙස දන්වා ඇති බවත් ඔවුන් චෝදනා කරයි.
සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පෙන්වා දෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ප්‍රජාශක්ති නිලධාරීන්ගෙන් සහ දේශපාලන අධිකාරියෙන් අත්සන් ගන්නා ලෙසට බලපෑම් කර ඇති බවත් රුපියල් 25,000 දෙන සහනාධාරය සම්බන්ධයෙන් දේශපාලනාධිකාරියෙන් නිර්දේශ ලබා ගැනීමට ගියහොත් ග්‍රාම නිලධාරීවරයාගේ ස්වාධීනව කරන රාජකාරියට බාධාවක් ඇති වන බවත්ය.
මේ සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් දිසාපතිවරයා ලිපි නිකුත් කර ඇති බවත්, කුරුණෑගල දිස්ත්‍රික් දිසාපතිවරුන්ට පවා බලපෑම් කර ඇති බවත් හෙතෙම පැවසීය.
තවදුරටත් මේ සහනාධාර බෙදීමේ ක්‍රියාවලියේදී ග්‍රාම නිලධාරීවරයාට කමිටු හරහා වූ දේශපාලන අධිකාරිය හරහා වූ හෝ ප්‍රාදේශීය දේශපාලනියන් හරහා වූ යම්කිසි බලපෑමක් එල්ල කරන්නේ නම්, මෙම අවස්ථාවේ වෘත්තීය ක්‍රියා මාර්ග වලට යාමට සිදු වන බව සංගමය පැහැදිලිව අවධාරණය කරයි ෴
විපක්ෂය දැන් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතුයි… අනුර රටේ ජනතාවගෙන් සමාව නොගන්නේ ඇයි? (08.12.2025)
+++
යක්කු මළ පෙරේතයො පිරිත් නූල් බඳින්නෙ නෑනෙ… ඒ වුණාට, ඒක උන්ගෙ අයිතියක් (08.12.2025)
+
අනුරගේ අනුප්‍රාප්තිකයා හෙවත් අලුත් වීරයාගේ සම්ප්‍රාප්තිය (08.12.2025)
+++
දත්ත ගත්ත එකා ඉක්මනට ආපහු දීපන් බන් අනුර අඬනව අහන් ඉන්න බෑ (08.12.2025)
+
ගම්පොළ නගරයේ අද තත්ත්වය – හාල් ටොන් ගණන් ගංවතුරෙන් විනාශයි (08.12.2025)
+
කැමරාව ඉස්සරහ නිලධාරීන් ‘ලිඳේ දාපු’ ජනපතිගේ මාධ්‍ය සංදර්ශනය (07.12.2025)
+
ජනතා සහනාධාර මංකොල්ල කන මාලිමාවේ කෝටිපති හොරු! (08.12.2025)
+
ආපදා සහන සලසන බවට පවසා දත්ත එක්රැස් කිරීමේ ජාවාරමක්
(09.12.2025 – hirunews.lk)
‘දිට්වා’ සුළි කුණාටුව හේතු කොටගෙන ආපදාවට පත් වූ ජනතාවට සහන සලසන බවට ප්‍රකාශ කරමින් සහ ආපදාවට පත්වූවන්ගේ පුද්ගලික තොරතුරු රැස් කරමින් කෙටි පණිවිඩ රාශියක් WhatsApp, Facebook ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන බවට නිරීක්ෂණය වී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.
තම අමාත්‍යංශය විසින් පශ්චාත් ආපදා සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය දත්ත රැස්කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා අනුයුක්ත කර ඇති අදාල ක්ෂේත්‍ර නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් හරහා විධිමත්ව සිදුකරන බැවින් මෙවන් ව්‍යාජ පණිවිඩ සඳහා නොරැවටෙන ලෙසත් එවන් පාර්ශව වෙත තම පුද්ගලික තොරතුරු හුවමාරු කිරීමේන් වැළකී සිටින ලෙසත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය මහජනතාව වෙත දැනුම් දෙයි.
තවද රටක් ලෙස සියලු ජනතාව දුෂ්කර තත්ත්වයකට මුහුණ දෙමින් සිටින කාල පරාසයක් තුළ ඔවුන් නැවත වරක් වින්දිතයින් බවට පත්කිරීම වැළැක්වීමේ අරමුණින් එවන් වංචනික ක්‍රියා සහ ජාවාරම් සිදු කරන පුද්ගලයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරනවා ෴
ආපදා නිසා වසා දැමුණු පාසල් 16 වැනිදා සිට ඇරේ – උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 16 වැනිදා සිට
(09.12.2025 – hirunews.lk)
03 වන පාසල් වාරයේ 02 වන කොටස සඳහා බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත්වල සියලු පාසල් දෙසැම්බර් 16 වනදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පවසනවා.
ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටින්නේ ආපදා තත්ත්වය නිසා නැවතුණු උසස් පෙළ විභාගය ජනවාරි 12 සිට 20 දක්වා පැවැත්වෙන බවයි.
මේ අතර 2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග 2026 පෙබරවාරි 14 සිට මාර්තු 02 දක්වා පැවැත්වීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
එමෙන්ම තෙවන (3) වාර විභාගය නොපැවැත්වෙන බවත් 11 වන ශ්‍රේණියට පමණක් විභාග පෙරහුරුවක් පැවැත්වෙන බවයි ලේකම්වරයා මෙහිදී පවසා සිටියේ.
දෙසැම්බර් 16 වැනිදා විවෘත නොකරන පාසල් පහතින් දැක්වේ :
+++
පාසල් සිසුන් සහ කාර්ය මණ්ඩලවල ඇඳුම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක්
(09.12.2025 – hirunews.lk)
දෙසැම්බර් 16 වැනි දින ආරම්භ වන සියලු පාසල්වල විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය දෙසැම්බර් 15 වැනි දින සේවයට වාර්තා කළ යුතු බවත් පැවති ආපදා තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවල සිසුන් සහ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ඇඳුම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කළුවැව ප්‍රකාශ කළා.
පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අද (09) පැවැති මාධ්‍ය හමුවකදී ලේකම්වරයා මේ බව පැවසුවා.
10,076 ක් වන දිවයිනේ සියලු පාසල් අතරින් පාසල් 9,929 ක් 2025.12.16 වැනි දින විවෘත කරන බවයි.
ආපදා තත්ත්වයට මුහුණ දුන් පාසල් 147 ක් මේ වන විට ආරම්භ කළ නොහැකි මට්ටමේ පවතින බවත්, පළාත් වශයෙන් ලබා දෙන ඉදිරි තහවුරු කරගැනීම්වලදි සිදු විය හැකි සංඛ්‍යාමය වෙනස් වීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් නිල දැනුවත් කිරීම් සිදු කරන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළා ෴
+++
+
හෙලිකොප්ටරය ගිංඔයට වැටුණේ කාර්මික දෝෂයකින් : සහාය නියමුවා මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී කියයි
(09.12.2025 – hirunews.lk)
ආපදාවට ලක්වූවන්ට සහන සලසමින් සිටියදි පසුගියදා වෙන්නප්පුවේදී අනතුරට පත් ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානය ගිංඔයට ගොඩබැස්සවීමට සිදුවූයේ එහි කාර්මික දෝෂයක් හටගැනීම නිසා බව සහයක ගුවන් නියමු පියාසර ලුතිනන් එරංග චාමර ඒකනායක ප්‍රකාශ කර තිබෙනවා.
සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්‍ෂණය මාරවිල මහේස්ත්‍රාත් දිනිඳු සමරසිංහ ඉදිරියේ පැවැත්වූ අවස්ථාවේ සාක්ෂි ලබාදෙමින් ඔහු කියා සිටියේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වී වෙන්නප්පුවට ඉහළ අහසේ යානය පියාසර කරමින් සිටියදී ගිංඔය පාලම මත සහ අවට සිටි පිරිස් දෑත් වනමින් ආධාර ඉල්ලා සිටි බවයි.
කෙසේ වෙතත්, විශාල පිරිසක් සිටීම සහ අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් ඇද තිබූ නිසා යානය පාලම මත හෝ මාර්ගයට ගොඩබැස්සවීමට නොහැකි වූ බවත් සුදුසු ස්ථානයක ගොඩබැස්සවීමට උත්සහ කළ අවස්ථාවේදී යානය කාර්මික දෝෂයක් පවතින බවට මියගිය ප්‍රධාන ගුවන් නියමුවාට සහ තමන්ට හැඟී ගිය බවයි සහයක ගුවන් නියමුවා සඳහන් කළේ.
කෙසේ වෙතත්, යානය හරවනවාත් සමග එය එක්වරම ගිංඔයට කඩා වැටුණු බව සාක්ෂි ලබාදෙමින් හෙලිකොප්ටරයේ සහයක ගුවන් නියමු පියාසර ලුතිනන් එරංග චාමර ඒකනායක වැඩිදුරටත් කියා සිටියා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴