‘ආපදාව නොසලකා හැරීම’ට ජනපති අනුර පස් වසරක් (5) හිරේ දැමිය හැකියි.. අධිකරණ පූර්වාදර්ශ එයයි..

‘ආපදාව නොසලකා හැරීම’ට ජනපති අනුර පස් වසරක් (5) හිරේ දැමිය හැකියි.. අධිකරණ පූර්වාදර්ශ එයයි..


‘ආපදාව නොසලකා හැරීම’ට ජනපති අනුර පස් වසරක් (5) හිරේ දැමිය හැකියි.. අධිකරණ පූර්වාදර්ශ එයයි..

(05.12.2025 – lankacnews.com)

අද (05) කොළඹ පැවති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය :

“ලංකා ඉතිහාසයේ වාර්තා ගත දැවැන්තම ආපදාවට අපි පසුගිය සතියේ මුහුණ දුන්නා. සමස්ත ලංකාවටම එකවර බලපාන මෙවැනි ආපදාවක් පිළිබඳ අපි මීට පෙර අහලා තිබුණේ නෑ. මේ ආපදාවෙන් ජීවිත අහිමි වුණු දේපල අහිමි වුණු පීඩාවට පත් සියළුම ජනතාවට අපේ සංවේගය පළමුව පල කරනවා. අපේ උතුම් ශ්‍රී ලාංකික ගුණය ඉස්මතු කරලා විපතට පත් වුණු අයට සහන සලසවන්න පෙරට පැමිණි පරහිතකාමි ජනතාවට අපේ ප්‍රණාමය පුද කරනවා.

ස්වභාවික ආපදා ඇති වෙන එක නවත්වන්න ආණ්ඩුවට බැරි වුණත් මිනිස්සුන්ට සිදුවන හානිය අවම කරන්න කටයුතු කරන්න ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනේ. මෙහෙම කිව්වේ මම නොවේ. වත්මන් සභානායක බිමල් රත්නායක මැතිතුමා 2016 දී විපක්ෂයේ ඉන්න කාලයේ. ඒ නිසාම වත්මන් ආණ්ඩුව මේ ආපදාව නිසි ලෙස කලමනාකරණය කලා ද නැතිනම් ආණ්ඩුවේ හැසිරීම නිසා මෙම ආපදාවෙන් සිදු වුණු විපත තීව්‍ර වුණා ද කියන එක සොයා බලා රට දැනුම්වත් කිරීම විපක්ෂයේ අපේ යුතුකමක්.

මේ යුතුකම ඉටු කරන්න අපි කල් මැරුවා. ඒ නිසා පසුගිය දින දහයකට (10) වැඩි කාලයක් අපි ජනතාවට සහන සලසමින් ආණ්ඩුවට උපරිම සහයෝගය ලබා දුන්නා. දැන් අවදානම සහ දුෂ්කරතා බොහෝ දුරට පහ වී ගිහින් තිබෙන නිසා ‘ආණ්ඩුව දිහා විවේචනාත්මකව බලන්න කාලය හරි’යි කියලා අපි විශ්වාස කරනවා.

මේ ආණ්ඩුවත් ‘ඩෝබි බලකායේ’ සිටින ‘වොෂිංටන්ලා’ත් මෙතරම් බරපතල ආපදාවක් සිදු වුණේ ‘කාලගුණ වාර්තා නොසලකා සිටින්න ආණ්ඩුව කටයුතු කළ නිසා’ බව කියන තිත්ත ඇත්ත සෝදා දාන්න බරපතල උත්සාහයක් දැරුවා. නමුත් නොවැම්බර් 12 සිටම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කුණාටුවක් පැමිණීමේ හැකියාව ප්‍රකාශයට පත් කළ බවත් නොවැම්බර් 25 ‘බීබීසි වෙදර් නාලිකාව’ සුළි කුනාටුවක් පැමිණෙන බව මෙන්ම එහි වර්ෂාපතනය මිලි මීටර් 500 ඉක්මවා යා හැකි බව ද ප්‍රකාශයට පත් කළ බව ඇසින් දැකලා කනින් අහලා මේ රටේ ජනතාව දැනගෙන ඉවරයි. මාලිමා ආණ්ඩුව විසින් සුළි සුලඟක් එන බව දැනගෙන, කළ යුතු නමුත් නොකළ හැරිය කාරණා 14 ක් හේතුවෙන් මේ ආපදාව තීව්‍ර වුණා කියන එක තිත්ත ඇත්තක්. ඒ කාරණා 14 මොනවාදැයි අපි දැන් බලමු.

  1. වැසි ජලය රැස් කර ගැනීමට හැකි වන පරිදි ජලාශ හිස් කලේ නෑ.
  2. මෝය කට පලල් කිරීම් කලේ නෑ.
  3. හමුදාව යොදවා අතුරු ඇල මාර්ග මතු කලේ නෑ.
  4. පලාත්පාලන ආයතන හරහා ජලය බැස යන කානු පද්ධතිය පිරිසිදු කලේ නෑ.
  5. නාය යන දිස්ත්‍රික්ක හතේ (7) අධිඅවදානම් ප්‍රදේශ NBRO කලින්ම හඳුනා ගෙන තිබුණා. නමුත් ඒ ප්‍රදේශවල පදිංචිකරුවන් ඉවත් කලේ නෑ.
  6. ජල ගැලීම් සහ නාය යෑම් අවදානමට ලක් වුණු ප්‍රදේශවල ඇඳිරි නිතිය පනවා හමුදාව යෙදෙව්වේ නෑ. එහෙම නැතිව තමන් උපන් දා සිට උපයා ගත් දේවල් දාලා ජනතාව යන්නේ නෑ.
  7. ත්‍රිවිධ හමුදාව සම්බන්ධිකරණය කරන ආරක්ෂක මණ්ඩල ප්‍රධානි (Chief of Defence Staff) පත් කලේ නෑ.
  8. රාජ්‍ය යාන්ත්‍රණයට නායකත්වය දෙන්න පරිපාලන අත්දැකීම් ඇති ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් ජනාධිපති ලේකම් ලෙස පත් කර තිබුණේ නෑ. ජ්‍යේෂ්ඨත්වයෙන් පළමු දස දහසටවත් (10,000) අයිති නොවන පරිපාලනය ගැන මෙලෝ හසරක අත්දැකීමක් නැති කෙනෙක් තමයි – කැළණි සගයෙකු නිසා ජනාධිපති ලේකම් කලේ.
  9. හදිසි නීතිය ප්‍රකාශයට පත් කලේ, නොවැ. 28 දින ජාතික ව්‍යසන තත්වයක් ප්‍රකාශයට පත් කරන්න කියා විපක්ෂ නායක ඉල්ලුවාට පස්සේ.
  10. පාර්ලිමේන්තු සැසිය නැවැත්තුවේ නෑ; ඒක කලේ නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමා ඉල්ලුවාට පස්සේ.
  11. ජාතික ආපදා කළමනාකරණ පනත යටතේ ජාතික ව්‍යසන තත්වයක් ප්‍රකාශ කලේ නෑ.
  12. ආපදාවකට මුහුණ දෙන ආණ්ඩු – විපක්ෂ ඒකාබද්ධ යාන්ත්‍රණය වන ‘ජාතික ආපදා සභාව’ කැඳවූයේ නෑ.
  13. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ලා වැනි ආපදා කලමනාකරණය පිළිබඳ හසල අත්දැකීම් ඇති හිටපු ජනපතිවරුන්ගේ සහය ලබා ගත්තේ නෑ.
  14. රාජ්‍ය සේවය අත්‍යාවශ්‍ය කරනු වෙනුවට රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කලා.

මේ නොසලකා හැරීම් නිසා ජනාධිපතිතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලය දණ්ඩ නීති සංග්‍රහයේ 298, 327, 328 සහ 329 වගන්ති යටතේ සාපරාධි නොසැලකිල්ල කියන වරද සිදු කර තිබෙනවා. එය වසර පහක් (5) දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදක්. නොසැලකිලිමත්ව කටයුතු කිරීමට ජනාධිපතිවරයා වැරදිකරු කිරීමේ පූර්වාදර්ශ දෙකක් (2) මෑත ඉතිහාසයේ තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ හානිය වලක්වා ගැනීමට අසමත් වීම පිළිබඳ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා වැරදිකරු වීමත් ආර්ථික අර්බූදය මග හරවා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වැරදිකරු වීමත් තමයි ඒ අවස්ථා දෙක. ඒ නිසා ඒ අධිකරණමය පූර්වාදර්ශ අනුව යමින් වත්මන් ජනාධිපතිතුමාව වසර පහක (5) සිර දඬුවමකට යටත් කළ හැකියි.

‘මං ජනාධිපතිට බනිනවා.. පුළුවන්නං මාව අත්අඩංගුවට ගන්න..’ – උදය ගම්මන්පිල

(06.12.2025 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය :

“හදිසි නීතිය අතට අරන් ජනාධිපතිතුමාට බනින අයව වහාම අත්අඩංගුවට ගන්න කියා මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මැතිතුමා පොලිසියට උපදෙස් දෙනවා අපි දැක්කා. මේ දවස්වල ජනාධිපතිතුමාට බනින අයව අත්අඩංගුවට ගන්න ගියොත් ආණ්ඩුව ලොකු අමාරුවක වැටෙනවා. එහෙම කලොත් ඒ අයව රඳවා ගන්න පාසල් වහලා සෑම පාසලක්ම බන්ධනාගාරයක් බවට පත් කරන්න වෙනවා. මොකද දැන් ලංකාවේ ජනගහනයෙන් 80% කට වැඩි පිරිසක් ජනාධිපතිට බනිනවා. බනින්නේ නැත්තේ තවමත් පච වලට රැවටිලා ඉන්න ලෝකය ගැන දැනුමක් නැති සුළු පිරිසක් විතරයි. ඉතින් එච්චර දැවැන්ත පිරිසක් අත්අඩංගුවට ගන්න ගියොත් ආණ්ඩුව ලෝක අමාරුවක වැටෙනවා.

වටවල ඇමතිතුමාගේ නියෝගය කිහිප ආකාරයකින් නීති විරෝධියි. මුලින්ම මහජන ආරක්ෂක ඇමතිතුමා තමන්ගේ බලතල ගැසට් පත්‍රයක ප්‍රසිද්ධ කරන ප්‍රකාශනයක් මගින් නියෝජ්‍ය ඇමතිට පවරලා නෑ. කෙටියෙන්ම කිව්වොත් වටවල ඇමතිතුමා කිසිම බලයක් නැති නිකන්ම නිකන් නමට නියෝජ්‍ය ඇමති කෙනෙක් විතරයි. ඒ නිසා එතුමාට පොලිසියට නියෝග දෙන්න කිසිම බලයක් නෑ.

දෙවනුව, ආපදා තත්වය වලක්වා ගන්න කටයුතු නොකිරීම පිළිබඳ ජනතාව ජනාධිපතිට බනින්නේ සත්‍ය කරුණු මත පදනම් වෙලා. පුද්ගලයෙකුට අපහාසයක් වෙන්නේ යම් පුද්ගලයෙකු පිළිබඳ බොරු කිව්වොත් විතරයි. ඇත්තක් කීම අපහාසයක් නොවේ. උදාහරණයක් විධියට තට්ට හිසක් ඇති කෙනෙකුට ‘තට්ටයා’ කීම අපහාසයක් නොවේ. හිස පුරා කොණ්ඩය තිබෙන කෙනෙකුට තට්ටයා කිව්වොත් තමයි අපහාසය වෙන්නේ. මෙතරම් බරපතල ආපදාවක් වුණේ ජනාධිපතිතුමාගේ නොසැලකිල්ලෙන් කියලා කරුණු 14 ක් ඉදිරිපත් කරලා මම දැන් ප්‍රකාශයක් කලානෙ. ‘පුළුවන් නම් මාව අත්අඩංගුවට අරන් පෙන්වන්න’ කියා මම වටගල ඇමතිතුමාට අභියෝග කරනවා.

තුන්වනුව, අපහාසයක් සිදු කලත් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න බෑ. මොකද 2002 පසු ලංකාවේ සාපරාධි අපහාස නීතිය අහෝසි කරලා තිබෙන්නේ. එහෙම නම් නැති නීතියකින් අත්අඩංගුවට ගන්නේ කොහොමද? දැන් පුළුවන් වෙන්නේ අපහාස කිරීමකට සිවිල් නඩුවක් පවරලා වන්දි ලබා ගැනීම පමණයි. රජතුමාට අපහාස කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් කියලා වික්ටෝරිය රැජිනගේ කාලයේ දණ්ඩ නීති සංග්‍රහයට වගන්තියක් එක් කරලා තිබෙනවා. ඒ වගන්තිය යටතේ දඬුවම් කරන්න අනුර කුමරු රජ වුණේ නෑනෙ.

සිව්වෙනුව, හදිසි නීතිය යටතේ ඕනෑම පනතක්, රෙගුලාසියක්, චක්‍රලේඛයක් අත්හිටුවන්න ජනාධිපතිවරයාට බලය පැවරුනාට රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවන්න ජනාධිපතිට බෑ. ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, භාෂණයේ නිදහස තහවුරු කරලා තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තියෙන්. හදිසි නීතිය යටතේ ඒ වගන්තිය අත්හිටුවන්න ජනාධිපතිට බලයක් නෑ. ඒ නිසා ජනාධිපතිතුමාගේ නොසැලකිල්ල, අකර්මන්‍ය බව, නොහැකියාව විවේචනය කරන්න ඔබට තිබෙන අයිතිය හදිසි නීතිය යටතේ ඔබෙන් උදුරා ගන්න වටගල ඇමතිතුමාට බැරි බව වටගල ඇමතිතුමාටත් රටේ ජනතාවටත් සිහිපත් කරනවා.

විශේෂයෙන්ම ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා මේ මහ විපත සිදු වුණා කියන තිත්ත ඇත්ත ජනගත කරන අදීන මාධ්‍ය බියපත් කරන අදහසින් තමයි වටගල ඇමතිතුමා ඕක කිව්වේ. නමුත් හදිසි නීතිය බිල්ලා පෙන්වලා මේ රටේ සිටින ‘අදීන මාධ්‍ය’, ‘වොෂිංටන්ලා’ බවට පත් කරන්න බැරි බවට ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න කියා වටගල ඇමතිතුමාට අපි කියනවා.

වටගල ඇමතිතුමා මාධ්‍ය ඉදිරියේ පොලිසිය වට කරගෙන මේ නියෝග දෙන්නේ තමන් නීතිය දන්නා බව පෙන්වන්නයි. හැබැයි එතුමා තමන්ගේ නීතිය පිළිබඳ උගත්කම ප්‍රදර්ශනය කරන්න උත්සාහ කරන සෑම අවස්ථාවකම ප්‍රදර්ශනය වෙන්නේ නූගත්කම. ඒක හරියට ‘බිග් කුච්චන්’ ඉංග්‍රිසි කතා කරනවා වගේ. ඒ නිසා සහෝදර නීතිඥයින්ට අනුකම්පා කරලා නමට ඉදිරියෙන් නීතිඥ කියන තනතුර භාවිතා කිරීමෙන් වැලකී සිටින ලෙස අපි එතුමාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.

+++

+++

ඉදිරි කාලගුණය ගැන කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් දැනුම් දීමක් (05.12.2025)

+++

මාලිමාවේ ඉන්නේ බල්# – ලැජ්ජයි බං උඹලගේ ### ආණ්ඩුව ගැන – අර්චුනා පාර්ලිමේන්තුව දෙක කරයි (05.12.2025)

+++

ජනාධිපතිතුමා ජවනිකා නට නට හිටියා ආණ්ඩුවේ ඉන්න උඹලා සේරම ෆේල් (05.12.2025)

+++

කාලගුණේ අධ්‍යක්ෂකට ආණ්ඩුවෙන් තර්ජන – සජබේ ලේකම් රංජිත් හෙළි කරයි (05.12.2025)

+++

මේක ‘රතු තරුව’ට කොරන්න බෑ හලෝ – සජබේ නලීන් ආණ්ඩුව ‘ෆ්ලැට්’ වෙන්නම කියලා දීපු හැටි (05.12.2025)

+++

මේ ආණ්ඩුව අඩි ගාණක් හෑවා නම් හෑවේ ලක්මාලි, කොට්ටහච්චි, බිග් කුච්චන්, හෑවගේ | යක්ෂාවේශ වෙච්චි අසේල (05.12.2025)

+++

මාලිමාවේ ලක්මාලිට පොහොට්ටුවේ සංජීව රෙකෝඩින් පෙන්න පෙන්න කියලා දෙයි (04.12.2025)

+++

ආගම දහමට ගරහන එක දැන්වත් නතර කරන්න – මිහින්තලේ හිමි ජනපතිගෙන් ඉල්ලයි (04.12.2025)

+++

මාලිමාවෙ එවුන් කියපු පච දරාගන්න බැරුවයි අපේ පැත්තේ ගල් පුපුරලා නාය ගියේ – චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි (05.12.2025)

+


‘ට්‍රම්ප්’ට එරෙහිව ‘රම්පෝසා’ගෙන් කැරැල්ලක් – වසර 12,000 ට පසු ඉන්දියාවට එන හේලි අළු (01.12.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *