උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවූ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් CIDයට පැමිණිල්ලක්
උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවූ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් CIDයට පැමිණිල්ලක්
(23.11.2025 – 12:51 +0530 – sinhala.adaderana.lk)
මෙවර අධ්‍යන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවූ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීම සදහා විභාග දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ, පසුගිය සතියේ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා විසින් ඊට අදාළ පැමිණිල්ල සිදු කර ඇති බවය.
මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථක විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා පළ විය.
අදාළ වාර්තා සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදු කර ඇති අතර එහිදී එවන් සිදුවීමක් පිළිබද ව කිසිදු නිෂ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
+++
උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවෙයි – ප්‍රශ්න පත්‍ර දෙකේ (2) ප්‍රශ්න 35 ක් එළියට ඇවිත් (23.11.2025)
+
පෙර පාසල් ටීචර්ගේ පපුව අස්සෙන් කුඩු මතුවෙයි – කිලෝ ගණන් ‘අයිස්’ එක්ක සැමියාත් මාට්ටු (23.11.2025)
+
ත්‍රි’මලේ බුදු පිළිමය රූගත කල මාධ්‍යවේදියාට මාලිමාවෙන් මැර ප්‍රහාරයක් (23.11.2025)
+++
ත්‍රී ‘මලේ බුදු පිළිම සිද්ධිය හෙලකල මාධ්‍යවේදියාට, මාලිමාවෙන් ගුටි.. (23.11.2025)
+
හඳුන්නෙත්තිගේ ඉංගිරිසි ‘පංතිය’ දිගටම… මේක ඇත්තටම පංති ප්‍රශ්නයක් (23.11.2025)
+
රංබණ්ඩාගේ පුතා මිලියන 100 ට මොකද කළේ ? තඹුත්තේගම ඉස්ටේසම තවම එහෙම්මමයි (23.11.2025)
+
නිරාගමික කල්ලියට රතු එළියක් – මෙහෙම ගියොත් අනුරට වෙන්නෙත් ගෝඨාභයට වෙච්ච දේම තමයි (20.11.2025)
+
රු. කෝටියට (1) වඩා බදු නොගෙවූ 4570 යි.. රු. කෝටි සියයකට (100) වඩා බදු නොගෙවූ 90 යි.. කිසිවෙකුට නඩු දමා නෑ…
(24.11.2025 – lankacnews.com)
මාලිමා ආණ්ඩුව ජාවාරම්කාරයන් මුලිනුපුටා දමන බවට වහසි බස් දෙඩුව ද රුපියල් ට්‍රිලිනයකට අධික බදු පොලු තැබූ සියලු ජාවාරම්කාරයන් වර්තමාන ජනාධිපති යටතේ ඉතාම සුරක්ෂිත බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
රුපියල් කෝටියට (1) වඩා බදු නොගෙවූ 4570 දෙනෙක් ද රු. කෝටි සියයකට (100) වඩා බදු නොගෙවූ අය 90 දෙනෙක් ද සිටින බව ද ඒ කිසිවෙකුට වර්තමාන ජනාධිපතිවරයා නඩු පවරා නැති බව ද හිටපු ඇමතිවරයා ප්‍රකාශ කරයි.
ආණ්ඩුව නඩු පවරා ඇත්තේ කන්නාඩි කුට්ටම් බෙදා දීම, පත්තර දැන්වීම් පළ කිරීම ආදියට බවත් සියලු බදු පොලුකාරයන් කිසිදු උපද්‍රවයක් නොමැතිව සිටින බවත් රණවක මහතා සඳහන් කරයි.
එපමණක් නොව ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ණය ලබා ගෙන රු. බිලියන 700 ක ණය පොලු තැබූ අය ද ජාවාරම්කාරයන් මර්දනයට ආ ආණ්ඩුව යටතේ කිසිදු කරදරයක් නැතිව සිටින බව ද ඔහු පෙන්වා දෙයි.
උත්සව සභාවක් අමතමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව කීය ෴
ත්‍රි’මලේ බුදු පිළිම සිද්ධියේ තුවාල ලැබූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට නොතිසි
(24.11.2025 – hirunews.lk)
ත්‍රිකුණාමලය, කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට අයත් ඉඩමක බුදු පිළිමයක් තැන්පත් කිරීමට යෑමේදී ඇති වූ සිද්ධියට පොලිසියට ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට ලබන දෙසැම්බර් 10 දිනට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එන්.එම්. සන්සුදීන් අද (24) නොසිති නිකුත් කළා.

ත්‍රිකුණාමල වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්.ජි.එස්.කේ. සමරසිංහ අධිකරණයට බී-වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටියේ ඉකුත් 16 වන දින ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් ගතවී සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමිගෙන් වෛද්‍ය අනුමැතිය මත ප්‍රකාශයක් සටහන් කර ගැනීමට යෑමේදී ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි.
එය ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 184 වගන්ති ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
විමර්ශනවලට අදාලව සහාය දැක්වීම සියලු පුරවැසියන්ගේ යුතුකමක් බවත් රටේ සංහිඳියාව බිඳ වැටිය හැකි සිදුවීමක් වන මෙම සිදුවීමේ විමර්ශනවලට සහාය නොදක්වන හිමිනමට අධිකරණයේ පෙනී සිටින ලෙස නොසිති නිකුත් කරන ලෙසත් පොලිසීය ඉල්ලා සිටියා.
උන්වහන්සේ දැනට වැඩ වාසය කරන ස්ථානයක් සොයා ගැනීමට නොහැකි නිසා වැඩ වාසය කරන ස්ථානය සොයා ගැනීමටත් ජාතික හැඳුනුම්පත් අංකය හා ලිපිනය තහවුරු කර ගැනීම සඳහාත් උන්වහන්සේ භාවිතා කරන ජංගම දුරකථන අංකයට දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන ලෙස පෞද්ගලික දුරකතන සමාගමක කළමනාකරුට නියෝගයක් නිකුත් කරන ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලීය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා හිමිනමට ලබන දෙසැම්බර් 10 දිනට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොසිති නිකුත් කිරීමට අමතරව හිමි නම භාවිතා කරන ජංගම දුරකථන අංකයට දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන ලෙස පෞද්ගලික දුරකතන සමාගමක කළමනාකරුට නියෝගයක් නිකුත් කළා.
විමර්ශනවලට අදාලව ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන දෙසැම්බර් 10 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා වරාය පොලිසියට වැඩිදුරටත් නියෝග කළේ ෴
+++
ත්‍රී’මලේ දී පොලිසියෙන් හොඳටම ගුටිකෑ කස්සප හිමි රටම හෙල්ලෙන ප්‍රකාශයක් කරයි (24.11.2025)
+
පානදුරේ මෙට්ට කම්හලක දැවැන්ත ගින්නක්
(24.11.2025 – hirunews.lk)
පානදුර, හිරණ ප්‍රදේශයේ පිහිටි මෙට්ට කර්මාන්ත ශාලාවක අද (24) දහවල් දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා.

එහිදී ගින්න මැඩපැවැත්වීම සඳහා මොරටුව මහ නගර සභාවට අයත් ගිනි නිවන රථ දහයක් (10) එම ස්ථානයට පිටත් කර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්න මැඩපැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා ෴
+++
+++
+++
+++
පානදුරම භීතියෙන් තැති ගත් ගින්නේ ඇග කිළිපොලා යන ගුවන් දර්ශන එළියට… කර්මාන්තශාලාව අළු ගොඩක් වෙයි (24.11.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴