කඩුගන්නාවේ නාය අනතුරින් වෙළෙඳසල් හිමිකරුගේ පියා සහ බිරියත් මරුට
කඩුගන්නාවේ නාය අනතුරින් වෙළෙඳසල් හිමිකරුගේ පියා සහ බිරියත් මරුට
(23.11.2025 – hirunews.lk)
මාවනැල්ල පොලිස් වසමේ ගනේතැන්න පහළ කඩුගන්නාවේ නිවසක් හා වෙළෙඳසලක් මතට විශාල ගලක් සමඟ පස් කන්දක් කඩා වැටී පුද්ගලයින් හය දෙනෙකු (6) මියගිය අනතුරින් තුවාල ලබා රෝහල්ගත කර තිබෙන හත්දෙනාගේ (7) තත්ත්වය බරපතල නොවන බව මාවනැල්ල රෝහල් ආරංචි මාර්ග පවසනවා.
ඔවුන් මාවනැල්ල මූලික රෝහලේ 7 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
නාය යෑම සිදුවන අවස්ථාවේ උදෑසන ආහාර ගැනීම සඳහා පැමිණි හත් 7 දෙනෙකුද ඇතුළුව 10 දෙනෙකු හෝටලයේ සිට ඇති බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිව තිබෙනවා.
වෙළෙඳසලේ හිමිකරු අනතුර සිදුවන අවස්ථාවේ හදිසි අවශ්‍යතාවක් සඳහා පිටතට පැමිණ තිබෙන බව ද වාර්තා වෙනවා.
මෙම හෝටලයේ හිමිකරු ‘පුලන්දවේල් රගුනාදන් සසිදරන්’ නැමැති හතළිස් (40) හැවිරිදි පුද්ගලයෙක්.
අනතුරින් ඔහුගේ පියා වන ‘රාසලිංගම් කරුණාකරන්’ (66) සහ බිරිඳ ‘නිශාන්තනී කරුණාකරන්’ (39) නමැති අය මියගොස් තිබෙන අතර තුවාල ලබා සිටින මව ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වෙළෙඳසලේ හිමිකරු සහ දරුවන් දෙදෙනා (2) දිවි බේරා ගැනීමට සමත්ව තිබෙනවා.
පස්කන්දට යටව සිටි පිරිස බේරා ගැනීම සඳහා පොලීසිය, යුද හමුදාව, ගිනි නිවන භටයින් ඇතුළු විශාල පිරිසක් පැය 20 ක පමණ මෙහෙයුමක් දියත් කළ අතර ඊට යටවී සිටි 13 දෙනෙකු පිටතට ගෙන සුවසැරිය ගිලන් රථ මගින් රෝහල් කරා යැවීමට පොලීසිය පියවර ගෙන තිබුණා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වැලිගල්ල පාර ගල්අමුණ ලිපිනයේ පදිංචි ‘ලහිරු මධුශංක සමරකොන්’ (31), වෙළෙඳ සල් හිමිකරුගේ පියා වන ‘රාසලිංගම් කරුණාකරන්’ (66), වෙළෙඳසල් හිමිකරුගේ බිරිඳ වන ‘නිශාන්තනී කරුණාකරන්’ (39), කඩුගන්නාව බලවතගම ‘ලින්ටන් ජානක කුමාර ජයසිංහ’ (60), ඇඹිලිපිටිය නවනගරයේ පදිංචි ‘රුවන් කුමාර අබේසිරි සමරනායක’ (43), ගම්පොළ හීනරන්දෙණියේ පදිංචි ‘ගුණරත්න මුදියන්සේලාගේ පුලස්ති බණ්ඩාර’ (33) නැමැති අයයි.
ආපන ශාලාවේ සේවකයෙකු වන වට්ටප්පල පදිංචි ‘මීගහගෙදර සම්පත් බංඩාර ජයරත්න’ (44), පිළිමතලාව ඇඹිල්මීගම පදිංචි ‘ලහිරු රුමේෂ් රත්නායක’ (33), පිළිමතලාවේ පදිංචි ‘රුචිර තිලාන් මුණසිංහ’, දන්තුරේ හාලියද්දේ පදිංචි ‘චන්ද්‍රිකා නිශාන්ති’ (56) නමැති අය තුවාල ලබා මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා ෴
+++
පහළ කඩුගන්නාව නායයෑම් ප්‍රදේශය ගැන NBRO වෙතින් නිවේදනයක්
(23.11.2025 – 06:28 +0530 – sinhala.adaderana.lk)
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඊයේ (22) ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ප්‍රදේශය මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමට බෙරගල යුද හමුදාව මැදිහත්වීම මත සිදුකෙරෙමින් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම සංවිධානය පැවසුවේ මේ අනුව ඉදිරි පැය 24 ක කාලය තුළත් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමීමට පියවර ගත් බවය.
ඒ අනුව අදාළ මාර්ගය භාවිත කරන රියදුරන් මේ සඳහා විකල්ම මාර්ග භාවිත කළ යුතු බවත් සඳහන් කර ඇති එම සංවිධානය පැවසුවේ ඒ සඳහා කොළඹ සිහ කුරුණෑගල හරහා මහනුවර දක්වාත්, කොළඹ සිට කරඬුපන හරහා මහනුවර දක්වාත්, කොලඹ සිට මාවනැල්ල, හෙම්මාතගම, රම්පල හරහා මහනුවර දක්වා මෙන්ම කොළඹ සිට මාවනැල්ල, ගනේවත්ත හන්දියෙන් කොවිල් කන්ද හරහා පිළිමතලාව, මහනුවර දක්වාත් වූ විකල්ප මාර්ග භාවිත කළ හැකි බවය.
එමෙන්ම හෙට (24) දින පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා මහනුවර ප්‍රදේශයට සහ කඩුගන්නාව ප්‍රදේශය වෙත යන දරුවන් සඳහා ප්‍රවාහන පහසුකම් මාවනැල්ල සහ කඩුගන්නාව ඩිපෝ මගින් ආරක්ෂිතව සලසා දීමට කටයුතු යොදා ඇතැයිද එම සංවිධානය සඳහන් කළේය.
තවද මෙම නායයෑම් ප්‍රදේශය නැරඹීම සඳහා සාමාන්‍ය ජනතාව පැමිණීමෙන් වැළකී සිටින ලෙසත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා දන්වා ඇතැයිද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ ෴
+++
නාය ගිය කඩුගන්නාවේ අද (23) තත්ත්වය – මහ පාරත් නොසිතූ ලෙස ගිලා බහියි (23.11.2025)
+++
ගෙයක් තිබ්බද කියලා හොයාගන්නත් නැහැ; සුන්බුන් විතරයි – කඩුගන්නාවේ නවතම දර්ශන මෙන්න (23.11.2025)
+++
+++
කඩුගන්නාවේ නාය යාමට අසුවූ තරුණයාගේ නෑදෑයින් සංවේදී වෙමින් කියපු කතාව (23.11.2025)
+++
මේ ප්‍රදේශයම අනතුරු දායකයි… | කඩුගන්නාව පාර ගැන NBRO එකෙන් කිසිවෙක් නොසිතූ විශේෂ අනාවරණයක් (23.11.2025)
+++
කඩුගන්නාව ඛේදවාචකයෙන් සදහටම දෙනෙත් පියාගත් කථිකාචාර්ය ළහිරු (23.11.2025)
+++
කඩුගන්නාව සුන්බුන් අතර සිරව සිට දිවි බේරාගත් ඇයගේ බිහිසුණු අත්දැකීම (23.11.2025)
+++
කඩුගන්නාව නාය ගිය හෝටලයේ සේවය කළ ලින්ටන්ගේ අවසන් ගමනට නිවස සුදානම් වෙයි (23.11.2025)
+
දුම්රියේ වනඅලි ගැටීමට විසඳුම් ඉල්ලා දුම්රිය රියදුරන්ගෙන් තීරණයක්
(23.11.2025 – 11:04 +0530 – sinhala.adaderana.lk)
මහව සිට ත්‍රිකුණාමලය, මඩකලපුවට සහ කන්කසන්තුරේට ධාවනය කරන භාණ්ඩ හා තෙල් ප්‍රවාහන දුම්රියන් ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය පවසයි.
අද (23) මාධ්‍ය රාත්‍රීයේ සිට තෙල් හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා සඳහන් කළේය.
මීට අමතරව හෙට (24) දිනයේදී රාත්‍රී කාලයේදී ධාවනය වන තැපැල් දුම්රිය ධාවනයෙන්ද ඉවත්වීමට බලාපොරොත්තු වන බවද දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය සඳහන් කළේය.
“වාර්තමානයේ දුම්රියේ අලි ගැටීම නිසා දුම්රිය ධාවනයට විශාල බාධාවක් එල්ල වෙලා තියෙනවා මහව සිට ත්‍රිකුණාමලයටත්, මහව සිට මඩකලපුවටත්, මහව සිට කන්කසන්තුරේටත් වනඅලි ගැටීම නිසා වනඅලීන්ට හා දුම්රියටද හානි සිදුවෙනවා. දුම්රිය රියදුරන් ලෙස මේක අපිට පාලනය කරන්න බැහැ. ඒ නිසා දුම්රිය ධාවනයට විශාල බධාවක් වෙලා තියෙනවා මොකද අපිට ක්ෂණිකව දුම්රිය නතර කරගැනීමේ හැකියාවක් නැති නිසා. ඒ නිසා අපිට මේකට වගකීමක් දෙන්න බැහැ.”
“වනසතුන් දුම්රියේ ගැටීමේ හේතුව නිසා ඉදිරියේදී මේ කලාප හරහා දුම්රිය ධාවනය කිරීම සිදුකර නොහැකි තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මේක ලොකු ගැටලුවක් මොකද දුම්රිය මගීන්ට ඒ නිසා වේලාවට දුම්රියේ ගමන් කිරීමට නොහැකි.”
“වසර ගණනාවක් තිස්සේ අපි රජයටත් දෙපාර්තමේන්තුවටත් මේක දැනුම්දුන්නා මෙය රියදුරන්ට වගකියන්න බැහැ. මේකට මොකක් හරි පාලනය කරලා දෙන්න කියලා නමුත් මේ වෙනකම් කිසිම සාධනීය මට්ටමක දෙයක් සිදුවුණේ නෑ.”
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴