නුගේගොඩ රැලියේ ශබ්ද විකාශනය පරිශ්‍රය තුල පමණයි
(21.11.2025 – hirunews.lk)
විපක්ෂයේ පක්ෂ රැසක් එක්ව සංවිධානය කරන ‘මහා ජන හඬ’ මහ රැලියට අදාළව එම පරිශ්‍රය තුල පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන ලෙසත් බලපත්‍ර කොන්දේසි අනුව කටයුතු කරන ලෙසත් පොලිසිය විසින් බලපත්‍ර ඉල්ලුම්කරුවන් වෙත දන්වා තිබෙනවා.
ඊට නියමිත ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර මිරිහාන පොලිසිය විසිනුයි සංවිධායකවරුන් වෙත නිකුත් කර ඇත්තේ.
රැලිය පවත්වන ස්ථානයට යාබදව මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස්පෙළ) විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන පිහිටා ඇති බැවින් මහජන රැලිය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම මගින් එම විභාග සඳහා පෙනී සිටින සිසුන් හට බාධාවක් සිදුවිය හැකි බැවින් මෙම තීරණය ගෙන තිබෙනවා.
මෙදින උදෑසන 08:30 සිට උදෑසන 11:40 දක්වාත් සවස 02:00 සිට සවස 05:00 දක්වාත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස්පෙළ) විභාගය පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේදී පවතින නීතිරීතිවලට අනුව කටයුතු කිරීමට හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට හා විභාග කටයුතු අවසන් වීමෙන් පසුව නැවත පිටව යාමට සහ විභාග පැවැත්වෙන අවස්ථාවේදී ඒ සඳහා කිසිදු බාධාවක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමට වග බලා ගන්නා ලෙසටයි ශබ්ද විකාශණ යන්ත්‍ර කොන්දේසි ලබා දී ඇත්තේ.
+++
+++
+++
+
මවට හා 16 හැවිරිදි පුතුට ඇසිඩ් ප්‍රහාරයක් – මව මරුට
(21.11.2025 – 07:52 +0530 – sinhala.adaderana.lk)
අයගම පොලිස් වසමේ කොළඹෑව ප්‍රදේශයේ කාන්තාවකට හා ඇයගේ වයස අවුරුදු 16 ක් වූ පුත්‍රයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඊයේ (20) රාත්‍රියේ මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වූ බවට පොලීසියට පණිවුඩයක් ලැබී තිබුණි.
ඇසිඩ් ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබු මව සහ දරුවාව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් අයගම රෝහලට ඇතුළත් කර ඇත.
එහිදී 40 හැවිරිදි කොළඹෑව, ගවරගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි මව ජීවිතක්ෂයට පත්ව තිබේ.
අසල්වැසියන් පිරිසක් සමඟ ඇතිවූ පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය රත්නපුරය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අයගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි ෴
බයි ටොයි සජබයි නුගේගොඩට එන ගමන් ! (21.11.2025)
+
කයිතන් ආණ්ඩුවේ අවසානයේ ආරම්භය අදයි – තොපි සේරම අපේ ආණ්ඩුවෙන් හිර ගෙට දක්කනවා බොලව් – උදය ගම්මන්පිල (21.11.2025)
+++
LIVE මහා ජන හඬ විපක්ෂයේ මහජන රැළිය | 2025-11-21
+
මාලදිවයිනේ රැකියා අවස්ථා ගැන ව්‍යාජ දැන්වීමක්
(21.11.2025 – 15:46 +0530 – sinhala.adaderana.lk)
මාලදිවයිනේ රැකියා අවස්ථා ඇති බවට ව්‍යාජ දැන්වීම් ප්‍රචාරය කර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මුලා කරමින් සිදුකරන මූල්‍ය වංචාවක් සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම කාර්යාංශය සඳහන් කර ඇත්තේ මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් මේ සම්බන්ධව සිය කාර්යාංශය වෙත වාර්තා කර ඇති බවය.
ඒ අනුව Whatsapp, Facebook, Linkedin වැනි සමාජ මාධ්‍ය භාවිත කරමින් මෙම ජාවාරම්කරුවන් විසින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට මාලදිවයිනේ රැකියා අවස්ථා ඇති බවට දැන්වීම් පළ කර ඒ සඳහා මුදල් අයකර මාලදිවයිනට විවිධ ක්‍රම මගින් පුද්ගලයින් පිටත් කර ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
එලෙස මාලදිවයිනට පැමිණි පිරිස්වලට ජාවාරම්කරුවන් විසින් රුපියල් 60,000 – 80,000 අතර මාසික වැටුප් සහිත රැකියා ලබා දීමට හැකි බව පවසා අමතර රු. 350,000 සිට රු. 500,000 දක්වා ඇති බව නිරීක්ෂණය වී ඇති බවත් එම කාර්යාංශය සඳහන් කර තිබේ.
මාලදිවයිනේ හෝ වෙනත් ස්ථානයක වෙසෙන ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන් පිරිසක් සංවිධානාත්මකව මෙලෙස සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් සිදුකරන මෙවැනි ප්‍රචාරයන්ට හසු නොවන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂිකයින්ගෙන් ඉල්ලීමක්ද සිදුකර ඇත.
එමෙන්ම කාර්යාංශයේ බලපත්‍රලාබී රැකියා නියෝජිතායතන මගින් පමණක් රැකියා අවස්ථා සඳහා යොමුවීම වැදගත් බවත් ස්වයං රැකියා මාර්ගයෙන් රැකියා සඳහා යොමු වන්නේ නම් ඒ සම්බන්ධව දැඩි අවධානයක් යොමු කරන ලෙසත් කාර්යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ ෴
අල්ලස් ගත් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට
(20.11.2025 – 17:58 +0530 – sinhala.adaderana.lk)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බවුසර් රිය සහායක තනතුරේ රැකියා ලබාදීමේ පොරොන්දුවක් මත අල්ලස් ගත් පුද්ගලික අංශයේ ආරක්ෂකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා මත අද (20) අත්අඩංගුවට ගෙන ඇත.
චෝදනා එල්ල වූ ආරක්ෂක නිලධාරියා අවස්ථා 02 කදී පැමිණිලිකරුගෙන් සහ පැමිණිලිකරුගේ මිතුරකුගෙන් රු. 40,000 ක මුදලක්ද, බැංකු ගිණුමක් මගින් රු.10,000 ක මුදලක්ද අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන ඇති බව සඳහන්.
ඒ අනුව එම පුද්ගලික අංශයේ ආරක්ෂක නිලධාරියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (20) පෙ.ව. 11:30 ට පමණ කැලණිය, පෙතියාගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴
කලවංචිකුඩි අධිකරණ ගබඩාවේ තිබු රු. කෝටියක රන් බඩු සොරාගෙන
(21.11.2025 – lankadeepa.lk)
කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ රුපියල් එක්කෝටි තිස්හය ලක්ෂයකට (1,36,00,000) අධික වටිනා රන් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම අධිකරණයේ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරයා අත්අඩංගුවට ගත් බව කලවාංචිකුඩි පොලිසිය පවසයි.
සැකකරු විසින් නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ග්‍රෑම් 350 ක බරකින් යුත් රත්තරන් ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
ඉහත රන් භාණ්ඩ නඩුවේ පැමිණිලිකරු විසින් තම නඩුවට අදාළව නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ රත්තරන් ප්‍රමාණය කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවට ඊයේ (20) මේ සම්බන්ධයෙන් කලවංචිකුඩි පොලිසියට පැමිණිල්ලක් සිදුකර කළ බව පොලිසිය පවසයි.
එම පැමිණිල්ල අනුව විමර්ශන පවත්වා වාලච්චෙන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඉහත සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. මෙම රන් බඩු ආකාරයෙන් රැගෙන ගිය ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැත ෴
දෙසැ 12 අපි එනවා… ඇයි බයද ? (21.11.2025)
+
ජේවීපීකාරයො තණකොළ එල්ලලා ඉල්ලං කෑවේ… ඒ තණකොළ දැන් තොපිම කාපියව් (21.11.2025)
+
මම උඩට නැග්ගෙ පහළම පඩියේ ඉඳන්… දැන් තියෙන්නෙ ‘චාමර සුළඟ’ (21.11.2025)
+
ටිල්වින්ගේ යකඩ දෝලියේ පුත්‍රයාගේ කොටුව – උද්ගෝෂණයට ලක්ෂයක් ඇවිත් (21.11.2025)
+
‘වෙන දෙයක් වෙච්චදෙන් හාමුදුරුවනේ’ කියලා අනුර මට කිවුවා – ඇල්ලේ ගුණවංස හාමුදුරුවෝ (20.11.2025)
+
කුඩු ගේන අයයි, කුඩු අල්ලන අයයි අද (20) තංගල්ලේදී හමුවේවිද? පොලීසියට තියෙන අමුතු රාජකාරි (20.11.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴