විපක්ෂයේ නුගේගොඩ රැලිය අද (21) පස්වරුවේ නුගේගොඩ, ආනන්ද සමරකෝන් එළිමහන් වේදිකාවේදී

විපක්ෂයේ නුගේගොඩ රැලිය අද (21) පස්වරුවේ නුගේගොඩ, ආනන්ද සමරකෝන් එළිමහන් වේදිකාවේදී


විපක්ෂයේ නුගේගොඩ රැලිය අද (21) පස්වරුවේ නුගේගොඩ, ආනන්ද සමරකෝන් එළිමහන් වේදිකාවේදී

(21.11.2025 – hirunews.lk)

විපක්ෂයේ පක්ෂ රැසක් එක්ව සංවිධානය කරන ‘මහා ජන හඬ’ මහ රැලිය අද (21) පස්වරුවේ නුගේගොඩ, ආනන්ද සමරකෝන් එළිමහන් වේදිකාවේදී පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා දේශපාලන පක්ෂ රැසක නායකයන් ඇතුළු පිරිසක් සහභාගී වන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කළේ.

ඒ අනුව අද (21) පස්වරුවේ විපක්ෂයේ නායකයන්, නියෝජිතයන්, ප්‍රභූන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙනු ඇති.

මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්ව ජන බලය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය ඇතුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන් සහභාගී වන බවයි සඳහන්.

මේ අතර ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමේදී නියමිත බලපත්‍ර කොන්දේසි මත කටයුතු කරන ලෙසයි පොලීසිය විසින් බලපත්‍ර ඉල්ලුම්කරුවන් වෙත දන්වා තිබෙන්නේ ෴

+++

+++

+++

+


රුපියල් මිලියන 150 ක් වටිනා කුෂ් කිලෝග්‍රෑම් 30 ක් පොලිස් භාරයට

(20.11.2025 – 16:06 +0530 – sinhala.adaderana.lk)

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCIB) නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30 ක් සොයා ගෙන තිබේ.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත.

පොලීසිය භාරයට ගත් මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 150 ක් වන බවද සඳහන් වේ.

+++

+


හෝටලයට එන මිනිස්සුන්ගේ රහසිගත දර්ශන හෝටලය තුන්වෙනි පාර්ශවයට ලීක් කරයි – ඔබත් මේ හෝටලයට ගියාද ? (20.11.2025)

+


ඇමති ඔයා වහාම ජාතියෙන් සමාව ගන්න – හිමිවරු ත්‍රි’මලේ සිටිම ඇමතිට අනතුරු අඟවයි (20.11.2025)

+


කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් 5කගේ වැඩ තහනම්

(20.11.2025 – hirunews.lk)

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට ප්‍රවේශපත්‍ර ලබා ගැනීමකින් තොරව විදේශිකයින් රැගත් ජිප් රථ ඇතුලු කර ඔවුන්ගෙන් මුදල් ලබාගත් එම වනෝද්‍යානයේ නිලධාරීන් 5 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

වනජීවි අධ්‍යක්ෂ ජනරාල් රංජිත් මාරසිංහ කියා සිටියේ නීති විරෝධී ලෙස වනෝද්‍යානයට ඇතුලු වූ සෆාරි ජිප් රථ 10 කට ද නඩු පවරා ඇති බවයි.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ ස්වෙච්ඡාවෙන් සේවය කළ 04 දෙනෙකුගේ සේවය අවසන් කර තිබෙනවා.

කවුඩුල්ල ජාතික වනෝද්‍යානය යනු දෙස් විදෙස් සංචාරකයින්ගේ නිබඳ ආකර්ශනය දිනාගත් වනඅලින්ගේ සුන්දරත්වය නැරඹීමට ඇති මෙරට සුවිශේෂීම ජාතික වනෝද්‍යානයක් ලෙසයි ලොව ප්‍රකට වී ඇත්තේ.

මෙම වනෝද්‍යානය තුළට දිනකට අති විශාල දෙස් විදෙස් සංචාරකයින් පිරිසක් පැමිණෙන අතර ඉන් රටේ ආර්ථිකයට ද සුවිශාල දායකත්වයක් සැපයෙනවා.

එහෙත් වනජීවී දෙපාර්තමේන්තුවෙන් පාලනය වන කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයින් රැගත් ජීප් රථ කලක සිට ප්‍රවේශපත්‍ර ලබා නොගෙන උද්‍යානය තුළට ඇතුළු කරන බවට සෆාරි ජීප් රථ සංගම්වලින් චෝදනා එල්ල වුණේ මෙවන් පසුබිමකයි.

විදේශිකයින් ලබා දෙන මුදල් වෙනත් කණ්ඩායමක් අතර බෙදා ගනිමින් මෙම ජාවාරම මහ පරිමාණයෙන් කෙරෙමින් පවතින බවට ඔවුන් චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ වෙත පෞද්ගලිකව ජීප් සෆාරි ජීප් රථ හිමියන් පැමිණිලි සිදු කර තිබූ අතර කොළඹ සිට විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පසුගිය දා කවූඩුල්ල ජාතික උද්‍යානයේ හදිසි වැටලීමකට ගොස් තිබුණේ එවන් පසුබිමකයි.

එහිදී කිසිදු පරීක්ෂාවක් නොකොට ප්‍රවේශපත්‍ර ලබා ගැනීමකින් තොරව විදේශිකයන්ට වනඅලි පෙන්වමින් සිටි ජීප් රථ දහයක් (10) පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැනීමට වැටලීම් කණ්ඩායමට හැකි වී තිබුණත් පරීක්ෂණ කණ්ඩායම පිළිබඳ අදාළ ජාවාරම්කරුවන්ට තොරතුරු ලැබීමෙන් පසු එම ජීප් රථ උද්‍යානයෙන් හොර රහසේම පිටව ගොස් ඇති බවට වාර්තා වනවා.

සාක් කලාපීය රටවල සංචාරකයෙකුගෙන් ඩොලර් 20 ක මුදලක් ද අනෙකුත් විදේශිකයින්ගෙන් ඩොලර් 25 ක මුදලක් ද අය කරමින් මෙම කූඨ ජාවාරම කරගෙන ගොස් ඇත්තේ අති විශාල මුදලක් මහා භාණ්ඩාගාරයට යාම වළක්වාලමින්.

මෙවැනි අනීතික සහ දූෂිත ක්‍රියාවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් සහ ඔවුන්ට එරෙහිව පියවර ගන්නා ආයතන ඒ පිළිබදව ගන්නා ක්‍රියාමාර්ග ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ අවධානයෙන් ෴


නාමල්ගෙ නීති උපාධිය මෙන්න සහතිකේ ! (20.11.2025)

+


ලැබෙන පළමු අවස්ථාවේදීම මේ ත්‍රස්ත ආණ්ඩුව එළවමු… – දිලිත් ජයවීර පාර්ලිමේන්තුවේදී කියයි… (20.11.2025)

+

මේ ආණ්ඩුවේ ටිල්වින් සිල්වා කියන්නෙ කවුද ? එතකොට නිහාල් අබේසිංහ රූකඩයක්ද ? (20.11.2025)

+

ත්‍රිකුණාමලයේදී කිච වුණාම, දියවන්නාවේ හෝදනවා… කෝ මේ ඩෝබි වොෂින්ටන්ලා ? (20.11.2025)

+

අනුර කුමාරගේ කතාව දේව වාක්‍යයක් ද ? පාර්ලිමේන්තු ඇවිත් අපේ සල්ලි කන්ඩ එපා (20.11.2025)

+

මේක ලැයිස්තු නලින්දගේ තවත් අහිංසක ට්‍රයි එකක් (20.11.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *