මිදිගම හෝටල් හිමිකරු ඇතුළු පවුල ඝාතනය කිරීමේ සැලසුම හෙළිවෙයි
මිදිගම හෝටල් හිමිකරු ඇතුළු පවුල ඝාතනය කිරීමේ සැලසුම හෙළිවෙයි
(19.11.2025 – hirunews.lk)
මිදිගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක හිමිකරු ඝාතනය කිරීමට පැමිණ අත්අඩංගුවට පත්වූ සැකකරුගෙන් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව, සැකකරු අදාළ හෝටල් හිමිකරු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඝාතනය කිරීමටත් පසුව හෝටලයට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමටත් සැලසුම් කර තිබූ බවටයි පාපොච්ඡාරණය කර ඇත්තේ.
මෙම ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල වෙත තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුවයි, විමර්ශන කණ්ඩායමක් මිදිගම ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුණේ.
එහිදී, මිදිගම ප්‍රදේශයේ නිවසක් වැටලීමට පොලිස් නිලධාරින් කටයුතු කළ අතර එම අවස්ථාවේදී ටී-56 ගිනි අවියක්, උණ්ඩ 30 ක් මැගසිනයක් සමග මෙම සැකකරු අත්අඩංගුවට ගත්තා.
පසුව, නිවස ආසන්නයේ වළ දමා තිබූ ජීව අත් බෝම්බයක් ද සොයාගැණුනා.
35 හැවිරිදි තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ අත්අඩංගුවට ගත් සැකකරු වෙඩි තැබීම සඳහා අදාළ හෝටලයට ගමන් කිරීමට සූදානම් කර තිබූ යතුරුපැදියක් ද සොයාගෙන තිබෙනවා.
සැකකරු වසර පහකට (5) ආසන්න කාලයක් යුද හමුදාවේ සේවයේ නිරතව සිට ඇති අතර පසුව ඔහු යුද හමුදාවෙන් පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඔහු පාපොච්ඡාරණය කර ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘ආමි චුටි’ නැමැත්තාගේ මෙහෙයවීම මත තමන් අදාළ වෙඩි තැබීමට සූදානම්ව සිටි බවයි.
ඔහු සමග තවත් දෙදෙනෙකු (2) මෙම ඝාතනයට සූදානම්ව සිට ඇති අතර ඔවුන් දෙදෙනා (2) පොලිස් නිලධාරින් පැමිණෙන අවස්ථාවේදී පලාගොස් තිබෙනවා.
අදාළ සංචාරක හෝටලයේ හිමිකරුගේ උපන් දින සැමරුම ඊයේ (18) දිනට යෙදී තිබූ අතර ඒ වෙනුවෙන් ඔහු සිය හෝටලය තුළ පවුලේ ඥාතීන් වෙනුවෙන් සාදයක් ද සංවිධානය කර තිබෙනවා.
එය ඉලක්ක කර අදාළ වෙඩි තැබීම සිදුකිරීමටයි සැකකරුවන් සැලසුම් කර ඇත්තේ ෴
තහනම් පිරමිඩ යෝජනා ක්‍රම 22 ක් ගැන දැනුම්දීමක්
(19.11.2025 – hirunews.lk)
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් පිරමිඩ යෝජනා ක්‍රම බවට තීරණය කළ සමාගම් 22 ක් පිළිබඳව මහජනතාව දැනුම් දෙනවා.
ඊට අදාළ නව නව ලැයිස්තුවක් මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා.
1988 අංක 30 දරන බැංකු පනතේ සංශෝධිත 83 (C) වගන්තිය යටතේ සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුවයි මෙම තීරණයට එළඹ ඇත්තේ.
“SGO / sgomine.com” නම් ආයතනය තහනම් යෝජනා ක්‍රමයක නිරත වී ඇති බවට තහවුරු වී ඇති අතර, ඊට අමතරව තහනම් යෝජනා ක්‍රම ලෙස හඳුනාගත් සමාගම් පහතින් සඳහන් :
- Tiens Lanka Health Care (Pvt) Ltd
- Best Life Inteational (Pvt) Ltd
- Mark – Wo Inteational (Pvt) Ltd
- V M L Inteational (Pvt) Ltd
- Global Lifestyle Lanka (Pvt) Ltd
- Fast3Cycle Inteational (Pvt) Ltd
- Sport Chain app, Sport Chain zs society Sri Lanka
- OnmaxDT
- MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
- Fastwin (Pvt) Ltd
- Fruugo Oline App / Fruugo Oline (Pvt) Ltd
- Ride to Three Freedom (Pvt) Ltd
- Qnet / Questnet
- Era Miracle (Pvt) Ltd. And Genesis Business School
- Ledger Block
- Isimaga Inteational (Pvt) Ltd
- Beecoin App and Sunbird Foundation
- Windex Trading
- The Enrich Life (Pvt) Ltd
- Smart Win Entrepreneur (Pvt) Ltd
- Net Fore Inteational (Pvt) Ltd / Netrrix
- Pro Care (Pvt) Ltd / Shade of Procare (Pvt) Ltd
මේ අනූව මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම යෝජනා ක්‍රමවල ආයෝජනය කිරීමෙන් හෝ ඒවා ප්‍රවර්ධනය කිරීමෙන් වළකින ලෙසයි ෴
රටම කැලඹෙන සිදුවීමක් හෙට (20) පාර්ලිමේන්තුවේ – කවුරුත් නොසිතූ කරුණු රැසක් එළියට (19.11.2025)
+
ත්‍රස්තවාදයට මුදල් දුන්න පුද්ගලයින් 11 දෙනෙකුගේ නම් තහනම් නිවේදනයෙන් ඉවත් කරලා – ජනාධිපති දන්නැද්ද? (20.11.2025)
+
විපක්ෂයේ කණ්ඩායම් අදත් (20) කොළඹදි රැස්වෙයි – ආණ්ඩුව අද හදන්නේ දුප්පතුන් මරලා පොහොසත් රටක් හදන්න (20.11.2025)
+
ත්‍රිකුණාමලයේ විහාරාධිපති හිමි රෝහලේ සිට ඇවිත් සියල්ල එළියට දමයි – අපිට තිබුණු බලපෑම් මෙන්න (20.11.2025)
+++
පොලිසිය හාමුදුරුවන්ට බැනලා යනවා | ත්‍රිකුණාමලය සිද්ධිය නිසා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිට වැඩ වරදින ලකුණු (20.11.2025)
+
රු. කෝටි 400 ක මත්ද්‍රව්‍ය තොගයට අදාලව සජබ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙක් අත්අඩංගුවට
(20.11.2025 – hirunews.lk)
දකුණු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් දැවැන්ත මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන්, සමගි ජනබලවේගයේ (SJB) ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු පන්නල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) නිවේදනය කරනවා.
රුපියල් කෝටි 400 කට අධික වටිනාකමකින් යුත් ‘අයිස් සහ හෙරොයින්’ තොගයක් සමග අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රගතියක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
දකුණු මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව අද (20) පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන ආ අතර, එම යාත්‍රාව තුල පාර්සල් 18 ක් ඇසුරුම් කර තිබී ‘අයිස් (Ice) මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 200 ක් සහ ‘හෙරොයින් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 100 ක් පමණ සොයාගැනීමට සමත් වුණා.
එමෙන්ම මෙම යාත්‍රාව තුල තිබී ගිනිඅවි 02 ක්ද ආරක්ෂක අංශ භාරයට ගනු ලැබුවා.
මෙම මත්ද්‍රව්‍ය තොගය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උණාකූරුවේ ශාන්ත නැමැත්තාට අයත් බවටයි පොලිසිය සැක කරන්නේ.
බහුදින ධීවර යාත්‍රාවක මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටින බවට නාවික හමුදාවට ලද තොරතුරකට අනුව මෙම මෙහෙයුම සිදුකර තිබුණා ෴
+++

+++
+
හෙට්ටිවීදියේ රන් කොල්ලයට තවත් සුරාබද්දන් දෙදෙනෙක් (2) අත්අඩංගුවට
(20.11.2025 – hirunews.lk)
නීත්‍යානුකූල වැටලීමක් කරන මුවාවෙන් කොළඹ 11 හෙට්ටිවිදිය රන් භාණ්ඩ අලෙවිසැල් දෙකකින් (2) රුපියල් 10,20,00,000 ට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියට තවත් සුරා බදු කෝප්‍රලුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් මීට පෙර සුරා බදු කෝප්‍රලුන් සිව් දෙනකු (4) සහ සුරාබදු පරීක්ෂකවරෙකු (1) අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කර ඇති බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එලෙස අත්අඩංගුවට ගත් සහ රිමාන්ඩ් භාරයට පත් කළ සියලූම නිලධාරීන් සුරා බදු දෙපාර්තමේන්තුවේ ගොතටුව මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්ත නිලධාරින්.
ඉකුත් ජුනි මස 05 වෙනි දින සැකකාර සුරා බදු නිලධාරීන් වැටලීමක් සිදුකරන මුවාවෙන් රන් අළෙවි වෙළඳසැල් දෙකට (2) ඇතුළු වී රුපියල් 102,000,000/= මුදලක් ද කොල්ලකා එම ආයතන දෙකේ (2) සේවකයන් හත් දෙනෙකු (7) අත්අඩංගුවට ගෙන තිබූ බවද රහස් පොලිසිය සඳහන් කරනවා.
සැකකරුවන් එම වැටලීම සිදුකර තිබුණේ නීති විරෝධීව ආනයනය කර සඟවා ඇති දුම් වැටි තොගයක් අත්අඩංගුවට ගන්නා මුවාවෙන්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශය පරීක්ෂණ පවත්වනවා ෴
‘ශේඩ් ඔෆ් ප්‍රෝකෙයා’ මහ බැංකුවේ අවධානයට යොමු කර වාර්තාවක් කැඳවන්න – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්
(20.11.2025 – hirunews.lk)
‘ශේඩ් ඔෆ් ප්‍රෝකෙයා’ නමින් ආයතනයක් පවත්වාගෙන යමින් මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියා ලබා දෙන බව පවසා රු. කෝටි 1000 කට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධියට අදාලව මහ බැංකුව දැනුවත් කර අධිකරණයට වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
මෙම පිරමීඩ වංචාවට අමතරව වෙනත් පිරමීඩ ජාවාරම් මේ සඳහා සෘජුවම ක්‍රියාත්මක වී තිබේද යන්න පිළිබඳව ද අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වූවා.
සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සඳහන් කර සිටියේ, එක් එක් සැකකරුවන් සම්බන්ධයෙන් එලෙස වාර්තාවක් ලබා දීමට කටයුතු කරන ලෙසත් මෙම ආයතනයේ කිසිම සම්බන්ධතාවයක් වෙනත් ආයතන අතර නොමැති බවද නීතිඥවරයා සඳහන් කර සිටියා.
සිද්ධියට අදාල නඩුව ජනවාරි 22 කැඳවීමට නියමිතයි.
එම ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයා වන ‘මහාචාර්ය මංජුල රණසිංහ’ සහ ප්‍රධාන විධායකවරයා රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදා හැර තිබුණා ෴
+++
‘ෂේඩ් ඔෆ් ප්‍රෝකෙයා’ තහනම් කරද්දි වෙනත් නම් වලින් පිරමීඩ ජාවාරම් හදලා, ජනතාව රැවටිලා – CID කියයි
(20.11.2025 – hirunews.lk)
“ෂේඩ් ඔෆ් ප්‍රෝකෙයා” නමින් ආයතනයක් පවත්වාගෙන යමින් මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියා ලබා දෙන බව පවසා රු. කෝටි 1000 කට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධියට අදාලව විමර්ශන කටයුතු සිදු කරන බැවින් එම නම භාවිතා නොකර වෙනත් නම් ඔස්සේ මෙම පිරමීඩ ජාවාරම රට තුළ ක්‍රියාත්මක වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දන්වා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ, ‘ෂේඩ් ඔෆ් ප්‍රෝකෙයා’ නමැති ආයතනය මේ වන විට තහනමට ලක්ව ඇති බැවින් එම ආයතනයේ සිටින අධ්‍යක්ෂකයන් ඇතුලු පිරිස විසින් වෙනත් නම් ඔස්සේ මෙම පිරමීඩ ජාවාරම සිදු කරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විමර්ශන නිලධාරියා සඳහන් කර සිටියේ, එම පිරිමිඩ වංචාව විවිධ නම් වලින් පවත්වාගෙන යන බවයි.
දැනට කරන ලද විමර්ශනවලින් නම් තුනක් (3) මේ වනවිට අනාවරණය වී ඇති බව ද අධිකරණයට දැන්වුවා.
‘ඉනෙක් ඉන්ටනැෂනල්’, ‘ෆ්‍රිලාන්ස් ක්‍රියේටිව්’, ‘සංදේශ්’ යන නම් ඔස්සේ මාර්ග ගත ක්‍රම ඔස්සේ රැකියා ලබා දෙන බව පවසා ජනතාවට සතු මුදල් වංචා කරන බව විමර්ශන නිලධාරීයා අධිකරණයට දැන්වුවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් භාවයක් නොමැතිකමින් රැවටීමට ලක්ව ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැන්වූවා.
සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී ඔවුන් මේ බව සඳහන් කර සිටියා ෴
පෞද්ගලික බැංකුවක පද්ධතියේ තොරතුරු වෙනත් පුද්ගලයෙකුට ලබාදී රු. ලක්ෂ විසිතුනකට (23) අධික මුදලක් වංචා කළ අයෙක් රිමාන්ඩ්
(20.11.2025 – hirunews.lk)
පෞද්ගලික බැංකුවක සේවකයෙක් එම බැංකුවේ බැංකු පද්ධතියේ තොරතුරු වෙනත් පුද්ගලයෙකුට ලබාදී රු. ලක්ෂ විසිතුනකට (23) අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු ලබන 05 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (20) නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිපුර බී-වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ, ප්‍රධානපෙළේ පෞද්ගලික බැංකුවක සේවයේ නියුතු පුද්ගලයෙක් විසින් එම බැංකු පද්ධතියේ දත්ත වෙනත් අයකුට ලබාදී එම පුද්ගලයා සමඟ එක්ව රු. ලක්ෂ විසි තුනකට (23) අධික මුදලක් ලබාගෙන ඇති බවයි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික බැංකුවේ සේවය කරන ලද පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර මේ වන විට ඇපමත මුදාහැර තිබෙන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.
මෙම සිද්ධියට අදාල දෙවන සැකකාර පුද්ගලයා විසින් එම පෞද්ගලික බැංකුවේ පාරිභෝගික සේවා අංශයට කතා කර ඇති බවත්, OTP ක්‍රමය ඔස්සේ මුදල් ලබාගෙන ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූවා.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරු ලබන 05 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴