ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වූ ගල්කිස්සේ මත් ස්ටිකර් සිද්ධියේ සැකකරු රිමාන්ඩ්

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වූ ගල්කිස්සේ මත් ස්ටිකර් සිද්ධියේ සැකකරු රිමාන්ඩ්


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වූ ගල්කිස්සේ මත් ස්ටිකර් සිද්ධියේ සැකකරු රිමාන්ඩ්

(17.11.2025 – 20:47 +0530 – sinhala.adaderana.lk)

ගල්කිස්ස ප්‍රදේශයේ ඩිජිටල් මුද්‍රණ ආයතනයක හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ඇසුරැම් කිරිමට යොදාගන්නා ස්ටිකර් හා ඊට භාවිත කළ මුද්‍රණ යන්ත්‍ර සමග කොළඹ මධ්‍යම අපරාධ ඒකකය මගින් පසුගියදා අත්අඩංගුවටගත් එහි හිමිකරු හෙට (18) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් අද (17) එම නියෝගය දුන් බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

මෙලෙස චෝදනා එල්ල වන්නේ, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකුට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා ඊයේ (16)පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තම මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීම සඳහා භාවිත කරන සලකුණු නිර්මාණය කරන ගල්කිස්සේ පිහිටි ස්ථානයක් පිළිබඳව පසුගියදා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ ස්ථානය පසුගිය 14 වනදා පස්වරුවේ වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගැනුණි.

සොයාගත් ස්ටිකර් ගල්කිස්ස හා බඩෝවිට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් බහුලව භාවිත කර ඇතැයි සැක කරයි.

ලොව ප්‍රකට කාටුන් සහ රූපවාහිනී කතා මාලාවන්හි එන චරිත යොදාගෙන සැකසූ ස්ටිකර් තොගයක්ද ඒ අතර වේ ෴


කතකට මරු කැඳවූ මීටියාගොඩ වෙඩි තැබීම ගැන කරුණු රැසක් හෙළිවෙයි

(18.11.2025 – hirunews.lk)

ගාල්ල – මීටියාගොඩ – කිරළගහවෙල මංසන්ධියේ හෝටලයක් තුළ ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව මියගොස් තිබෙනවා.

ඇය රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බවයි බලපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්වුණේ රජමැදුර පාර, තඹහිටිය, මීටීයාගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක්.

ඇය අදාළ හෝටලයේ අයකැමි ලෙස කටයුතු කර තිබුණා.

කලු පැහැති යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) හෝටලය තුළට පැමිණ කාන්තාවට වෙඩි තබා පලාගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මීටියාගොඩ පොලිසිය සඳහන් කළේ, වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය බද්දේගම – අම්පෙගම ප්‍රදේශයේ දමාගොස් තිබියදී ඊයේ (17) රාත්‍රියේ සොයාගත් බවයි.

මෙම ඝාතනය අම්බන්ගොඩ නගර සභාව අසළදී පසුගියදා වෙඩිවැදීමෙන් මියගිය අම්බන්ගොඩ මෝදර දේවාල කමිටුවේ සභාපති ‘මිරන්ත වරුෂවිතාන’ගේ ඝාතනයට පලිගැනීමක් ලෙස සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

මෙලෙස ඊයේ (17) මියගියේ ‘මිරන්ත වරුෂවිතාන’ ඝාතනය කළ බවට සැක කෙරෙන ‘මහදුරු ඉසුරු’ නැමැත්තාගේ නැන්දා බවට වාර්තා වනවා.

ඇය පසුගිය මැයි මස 04 වැනිදා මීටියාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලකදී ඝාතනයට ලක් වූ ‘මහදුර නලීන්’ නැමැත්තාගේ සහෝදරියද වනවා.

‘මිරන්ත වරුෂවිතාන’ නැමැත්තා සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන ‘සොබනහන්දි ජයලත් ද සිල්වා’ හෙවත් ‘කරන්දෙණිය සුද්දා’ නමැත්තාගේ නැගණියගේ සැමියා ද වනවා.

ඒ අනුව, ඊයේ (17) සිදුවූ වෙඩිතැබීම ‘කරන්දෙණිය සුද්දා’ගේ මෙහෙයවීම මත සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

මෙම වෙඩි තැබීමත් සමග 2025 වසරේ මේ දක්වා සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදුකළ වෙඩි තැබිමේ සිද්ධීන් සංඛ්‍යාව 104 දක්වා ඉහළ ගියා.

ඉන් 55 දෙනෙකු මියගිය අතර තුවාල ලැබු සංඛ්‍යාව 56 ක් ෴


GMOA වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව

(18.11.2025 – 08:00 +0530 – sinhala.adaderana.lk)

සිය ගැටලුවලට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී සිය ගැටලු සම්බන්ධයෙන් ස්ථීර විසඳුමක් නොලැබුණු බවය.

ලබන 2026 වසරේ අයවැයෙන් වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට පියවර නොගැනීමට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (17) දිනයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.

අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (17) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

කඩා වැටී තිබූ ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයට පත්කොට ඇති බවත් එම ස්ථාවරත්වය පවත්වාගෙන යාම රජයේ මූලික අභිප්‍රාය බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සහාය ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කළේය.

කෙසේවෙතත් අදාළ සාකච්ඡාවෙන් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විධායක කමිටු රැස්වීමක් පවත්වා ඇති අතර එහිදී සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය වූ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේය.

මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු සංකිර්ණයේ දී එම සාකච්ඡාව පැවැත්වෙන බවය ෴


වැට කපා පොලිසිය බලහත්කාරයෙන් ඇතුලට – තුවාල ලැබූ බලංගොඩ කස්සප හිමියන් රෝහලේ (17.11.2025)

+++

ත්‍රිකුණාමලේ භික්ෂූන් තක්කඩි ලෙස තර්ජනය කල නිරාගමික පාපතරයින් දෙදෙනාට සාක්ෂි ඇතුව පාඩමක් (18.11.2025)

+


මිෂේල් දිල්හාරා සහ රොනාල්ඩෝ ගැන | ඒහි භික්ෂු භාවය , උපසම්පදාව ගැන , කත්නෝරුවේ සහ හන්තානයේ හාමුදුරුවරු… – ධම්මරාජ මහා බෝසතානන් වහන්සේ ගෙන් (18.11.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *