ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වූ ගල්කිස්සේ මත් ස්ටිකර් සිද්ධියේ සැකකරු රිමාන්ඩ්
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වූ ගල්කිස්සේ මත් ස්ටිකර් සිද්ධියේ සැකකරු රිමාන්ඩ්
(17.11.2025 – 20:47 +0530 – sinhala.adaderana.lk)
ගල්කිස්ස ප්‍රදේශයේ ඩිජිටල් මුද්‍රණ ආයතනයක හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ඇසුරැම් කිරිමට යොදාගන්නා ස්ටිකර් හා ඊට භාවිත කළ මුද්‍රණ යන්ත්‍ර සමග කොළඹ මධ්‍යම අපරාධ ඒකකය මගින් පසුගියදා අත්අඩංගුවටගත් එහි හිමිකරු හෙට (18) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් අද (17) එම නියෝගය දුන් බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.
මෙලෙස චෝදනා එල්ල වන්නේ, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකුට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා ඊයේ (16)පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තම මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීම සඳහා භාවිත කරන සලකුණු නිර්මාණය කරන ගල්කිස්සේ පිහිටි ස්ථානයක් පිළිබඳව පසුගියදා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කළේය.
එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ ස්ථානය පසුගිය 14 වනදා පස්වරුවේ වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගැනුණි.
සොයාගත් ස්ටිකර් ගල්කිස්ස හා බඩෝවිට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් බහුලව භාවිත කර ඇතැයි සැක කරයි.
ලොව ප්‍රකට කාටුන් සහ රූපවාහිනී කතා මාලාවන්හි එන චරිත යොදාගෙන සැකසූ ස්ටිකර් තොගයක්ද ඒ අතර වේ ෴
කතකට මරු කැඳවූ මීටියාගොඩ වෙඩි තැබීම ගැන කරුණු රැසක් හෙළිවෙයි
(18.11.2025 – hirunews.lk)
ගාල්ල – මීටියාගොඩ – කිරළගහවෙල මංසන්ධියේ හෝටලයක් තුළ ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව මියගොස් තිබෙනවා.
ඇය රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බවයි බලපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මෙලෙස ඝාතනයට ලක්වුණේ රජමැදුර පාර, තඹහිටිය, මීටීයාගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක්.
ඇය අදාළ හෝටලයේ අයකැමි ලෙස කටයුතු කර තිබුණා.
කලු පැහැති යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) හෝටලය තුළට පැමිණ කාන්තාවට වෙඩි තබා පලාගොස් තිබෙනවා.
කෙසේ වෙතත් මීටියාගොඩ පොලිසිය සඳහන් කළේ, වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය බද්දේගම – අම්පෙගම ප්‍රදේශයේ දමාගොස් තිබියදී ඊයේ (17) රාත්‍රියේ සොයාගත් බවයි.
මෙම ඝාතනය අම්බන්ගොඩ නගර සභාව අසළදී පසුගියදා වෙඩිවැදීමෙන් මියගිය අම්බන්ගොඩ මෝදර දේවාල කමිටුවේ සභාපති ‘මිරන්ත වරුෂවිතාන’ගේ ඝාතනයට පලිගැනීමක් ලෙස සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
මෙලෙස ඊයේ (17) මියගියේ ‘මිරන්ත වරුෂවිතාන’ ඝාතනය කළ බවට සැක කෙරෙන ‘මහදුරු ඉසුරු’ නැමැත්තාගේ නැන්දා බවට වාර්තා වනවා.
ඇය පසුගිය මැයි මස 04 වැනිදා මීටියාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලකදී ඝාතනයට ලක් වූ ‘මහදුර නලීන්’ නැමැත්තාගේ සහෝදරියද වනවා.
‘මිරන්ත වරුෂවිතාන’ නැමැත්තා සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන ‘සොබනහන්දි ජයලත් ද සිල්වා’ හෙවත් ‘කරන්දෙණිය සුද්දා’ නමැත්තාගේ නැගණියගේ සැමියා ද වනවා.
ඒ අනුව, ඊයේ (17) සිදුවූ වෙඩිතැබීම ‘කරන්දෙණිය සුද්දා’ගේ මෙහෙයවීම මත සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
මෙම වෙඩි තැබීමත් සමග 2025 වසරේ මේ දක්වා සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදුකළ වෙඩි තැබිමේ සිද්ධීන් සංඛ්‍යාව 104 දක්වා ඉහළ ගියා.
ඉන් 55 දෙනෙකු මියගිය අතර තුවාල ලැබු සංඛ්‍යාව 56 ක් ෴
GMOA වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව
(18.11.2025 – 08:00 +0530 – sinhala.adaderana.lk)
සිය ගැටලුවලට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී සිය ගැටලු සම්බන්ධයෙන් ස්ථීර විසඳුමක් නොලැබුණු බවය.
ලබන 2026 වසරේ අයවැයෙන් වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට පියවර නොගැනීමට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (17) දිනයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.
අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (17) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
කඩා වැටී තිබූ ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයට පත්කොට ඇති බවත් එම ස්ථාවරත්වය පවත්වාගෙන යාම රජයේ මූලික අභිප්‍රාය බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සහාය ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කළේය.
කෙසේවෙතත් අදාළ සාකච්ඡාවෙන් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විධායක කමිටු රැස්වීමක් පවත්වා ඇති අතර එහිදී සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය වූ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේය.
මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු සංකිර්ණයේ දී එම සාකච්ඡාව පැවැත්වෙන බවය ෴
වැට කපා පොලිසිය බලහත්කාරයෙන් ඇතුලට – තුවාල ලැබූ බලංගොඩ කස්සප හිමියන් රෝහලේ (17.11.2025)
+++
ත්‍රිකුණාමලේ භික්ෂූන් තක්කඩි ලෙස තර්ජනය කල නිරාගමික පාපතරයින් දෙදෙනාට සාක්ෂි ඇතුව පාඩමක් (18.11.2025)
+
මිෂේල් දිල්හාරා සහ රොනාල්ඩෝ ගැන | ඒහි භික්ෂු භාවය , උපසම්පදාව ගැන , කත්නෝරුවේ සහ හන්තානයේ හාමුදුරුවරු… – ධම්මරාජ මහා බෝසතානන් වහන්සේ ගෙන් (18.11.2025)
+
මොරටුවේ ‘මොරටු විද්‍යාලයේ’ සිසුවෙකු අපයෝජනය කළ වල්ගුරා රිමාන්ඩ්; පිනාට ඇප
(18.11.2025 – 17:17 +0530 – sinhala.adaderana.lk)
වයස අවුරුදු 14 ක සිසුවෙකු අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයෙකු දෙසැම්බර් මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරටුව මහෙස්ත්‍රාත්වරයා අද (18) නියෝග කර තිබේ.
එමෙන්ම මෙම සිදුවීම වසන් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාව රු. ලක්ෂ දෙකක (2) ශරීර ඇප 2 ක් මත නිදහස් කිරීමටත් මෙහිදි නියෝග කර ඇති බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.
මොරටුව පොලිස් වසමේ ප්‍රසිද්ධ පාසලක වයස අවුරුදු 14 ක සිසුවෙකු අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් එම පාසලේ ගුරුවරයෙකු සහ එම සිදුවීම වසන්කිරීම සම්බන්ධයෙන් එහි විදුහල්පතිවරයා මොරටුව පොලීසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය සහ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 58 සහ 59 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු (2) බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයා පාසල් රථ වාහන නියාමක භාර ගුරුවරයෙකු වන අතර ඔහුට විරුද්ධව තවත් පැමිණිලි ඇතැයි සඳහන් වේ.
+++
මොරටුවේ ‘මොරටු විද්‍යාලයේ’ 14 හැවිරිදි දරුවෙක් ගුරුවරයකු විසින් අපයෝජනය වී ඇත. එම ‘වල්ගුරා’ (ගුරුබල්ලා) සහ ‘පාසලේ පිනා’ අත්අඩංගුවට
+
හෙට ලොව වෛද්‍ය විද්‍යාව අද : ශ්‍රී ලංකාවේ සිටින දීගොඩ කුමාර මහතා, කිලෝමීටර් දහස් ගනනක් ඈත විදෙස් රටවල්වල සිටින රෝගීන් සමග සූම් තාක්ෂණයෙන් සම්බන්ධවී, එම රෝගීන් ක්ෂණිකව සුවපත්කල ආකාරය (19.11.2025)
+
ඉන්දියාව බියවද්දන සුදු කරපටි කල්ලිය හෙළි වෙයි – ලෝකයේ ලොකුම වැටුප එළියට (18.11.2025)
+
සිය 80 වැනි උපන් දිනය සැමරූ මහින්ද නුගේගොඩ රැලියට..
(19.11.2025 – lankacnews.com)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂ දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරනු ලබන නුගේගොඩ විරෝධතා රැලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතය.
මෙම රැලිය නොවැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත.
සිය උපන්දිනය නිමිත්තෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගිය අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා මෙම රජයට එරෙහිව සංවිධානය කරනු ලබන විරෝධතා රැලියට තමන් සහභාගී වීමට අපේක්ෂා කරන බව තහවුරු කළේය.
මහින්ද රාජපක්ෂ මහතා නොවැම්බර 18 වැනි දින සිය 80 වැනි උපන් දිනය සමරනු ලැබීය ෴
අවුරුදු හයක් (6) වයසැති බාල වයස්කාර දැරියක අපයෝජනය කළ අයෙකුට වසර 17ක සිර දඬුවමක්
(18.11.2025 – hirunews.lk)
අවුරුදු හයක් (6) වයසැති බාල වයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ත්‍රිරෝද රථ රියැදුරෙකුට වසර 17 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අද (18) නියම කළා.
සිද්ධියට අදාල පළමුවැනි චෝදනාව සඳහා වසර දෙකක (2) බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ විනිසුරුවරයා රුපියල් 1500 ක දඩයක් ගෙවන ලෙසටද විත්තිකරුට නියම කළා.
සිද්ධියට අදාලව දෙවැනි චෝදනාවට වසර 15 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ විනිසුරුවරයා රුපියල් 25,000 ක දඩ මුදලක් ද විත්තිකරුට නියම කළා.
එම දඩ මුදල් නොගෙවන්නේ නම් මාස හයක (6) තවත් සාමාන්‍ය සිර දඬුවමක් නියම කළා.
මෙම නඩුවේ වින්දිත තැනැත්තියට රුපියල් ලක්ෂ පහක (5) වන්දි මුදලක් ගෙවන ලෙසටද විනිසුරුවරයා විත්තිකරුට නියෝග කළා.
එම වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසරක (1) සාමාන්‍ය සිරදඬුවමක් ද විත්තිකරුට නියම කෙරුණා.
මෙම නඩුවේ චූදිතට නීතිපතිතුමා විසින් ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රයෙහි චෝදනා දෙකක් (2) තිබෙන බව විනිසුරුවරයා සඳහන් කළා.
විත්තිකරුට එරෙහි පළමු චෝදනාව වන්නේ, වයස අවුරුදු 16 අඩු බාලවයස්කාරියක් වූ දැරියව ඇගේ නීත්‍යානුකූල භාරකරු වන සූරියගේ දොන් හැරිසන් ප්‍රේමලාල් යන අයගේ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමයි.
එලෙස නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කරන ලද අවුරුදු 16 ට අඩු අදාල දැරියව බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම විත්තිකරුට එරෙහි දෙවන චෝදනාව බව විනිසුරුවරයා අධිකරණයට දැන්වුවා.
චූදිත එම චෝදනා දෙකට (2) වෙන් වෙන්ව නිවැරදිකරු බවට පවසා සිටීම මත නඩු විභාගය පවත්වන ලද අතර, අද (18) දින නඩුවේ තීන්දුව විවෘත අධිකරණයේ ප්‍රකාශ කරන බව විනිසුරුවරයා සඳහන් කළා.
එම තීන්දුවේ සඳහන් හේතූන්වලට යටත්ව චූදිත පළමු සහ දෙවැනි චෝදනා දෙකටම වැරදිකරු බව අධිකරණයේදී ප්‍රකාශ කළා ෴
ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබූ තඹ කම්බි සොරකම් කළ සැකකරුවන් රිමාන්ඩ්
(18.11.2025 – hirunews.lk)
ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබූ රුපියල් 416,000/= ක් වටිනා තඹ කම්බි සොරකම් කළ බව කියන සැකකරුවන් තුන්දෙනකු (3) ලබන 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (18) නියෝග කළා.
කෙසෙල්වත්ත පොලිසියට එම අධිකරණයේ සේවකයෙක් විසින් කරන ලද පැමිණිල්ලකට අදාලව කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
සිද්ධියට අදාලව සැකකරුවන් බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ විදුලි රැහැන් සඳහා භාවිතා කිරීමට තිබූ තඔ කම්බි මෙලෙස සොරකම් කළ ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන පවත්වන බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට අදාල තවත් සැකකරුවන් සිටිනම් අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴