ත්‍රිකුණාමලයේ බුදු පිළිමය පොලීසියෙන් ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්

ත්‍රිකුණාමලයේ බුදු පිළිමය පොලීසියෙන් ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්


ත්‍රිකුණාමලයේ බුදු පිළිමය පොලීසියෙන් ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්

(17.11.2025 – 13:37 +0530 – sinhala.adaderana.lk)

ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථ භූමියේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලිසිය පියවර ගැනීමත් සමඟ ඊයේ (16) රාත්‍රියේ එහි නොසන්සුන් තත්ත්වයක් ඇති විය.

ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය 1951 වසරේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බෞද්ධ විහාරස්ථානයකි.

එහි පවත්වාගෙන ගිය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන දහම් පාසල සුනාමි ව්‍යසනයෙන් විනාශයට පත්ව තිබු අතර යළි එහි කටයුතු ආරම්භ කිරීමට විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංසතිස්ස හිමියන් සහ දායක පිරිස් තීරණයක් ගෙන තිබුණි.

ඊයේ (16) උදෑසන ඊට අදාළව මුල්ගල තැබීම සිදුකර පස්වරුව වන විට එම ස්ථානයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමටද පිරිස කටයුතු කර තිබුණේ ඒ අනුවය.

නමුත් මෙම ඉදිකිරීම් අනවසර බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවට පොලිසිය ස්වාමීන් වහන්සේට දැනුවත් කර ඇත.

මෙවැනි පසුබිමක එම භූමියේ තැන්පත් කෙරුණු බුද්ධ ප්‍රතිමාව ඉවත්කිරීමට පොලිසිය ඊයේ (16) රාත්‍රියේ කටයුතු කර ඇති අතර එහිදී මෙසේ හිමිවරුන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට විරෝධතා එල්ල වී තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ බව පවසමින් විහාරාධිපති ස්වාමීන් වහන්සේ සහ තවත් ස්වාමීන් වහන්සේ නමක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ බුද්ධ ප්‍රතිමා වහන්සේට හානියක් සිදුකරන බවට ලද යම් තොරතුරක් අනුව ප්‍රතිමා වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ ක්‍රියාමාර්ගය ගත් බවය.

+++

ත්‍රිකුණාමල බුදු පිළිම ගැටළුව පාර්ලිමේන්තුවේ ඇඳෙයි – මුළු විපක්ෂයම එක පාරටම කැලඹෙයි (17.11.2025)

+

ත්‍රිකුණාමලයේ පන්සල කඩලා දාන්න ඩෝසර් එයි – තත්ත්වය උණුසුම් මෙන්න නවතම දර්ශන (17.11.2025)

+

සජිත් එක පාරටම සභාව කලඹයි – මිනිස්සුන්ට ධර්මය අදහන්න ඉඩ දෙන්න (17.11.2025)

+

ආනන්ද විජේපාලගේ බොරුව අතේ පත්තු වෙයි – මෙහෙම තොපිට රටක් ජාතියක් රකින්න බෑ බොලව් (17.11.2025)

+

ඊයේ (16) මහා රෑ පොලිසිය ඉවත්කළ බුදුපිළිමය අයත්භූමිය ගැන සියළු තොරතුරු එළියට (17.11.2025)

+

නාමල් ත්‍රිකුණාමලයේ කේස් එක සභාවේ අදියි – ආනන්ද විජේපාල එක පාරටම ‘ෆයර්’ වෙයි (17.11.2025)

+

ත්‍රිකුණාමලයේ උණුසුම් NPP මන්ත්‍රී පන්නා දමයි – ‘මම බෞද්ධයෙක්’ – පලයං බං යන්න; උඹ බෞද්ධයෙක් නම් ඔහොම කරයිද? (17.11.2025)

+

පාර්ලිමේන්තුවේ එකම ගිනි විජ්ජුම්බරයයි – ත්‍රිකුණාමල බුදු පිළිම ගැටළුව සභාව දෙවනත් කරයි (17.11.2025)

+

ඊයේ (16) මහ රෑ භික්ෂූන්ට පහර දී රැගෙන ගිය බුදු පිළිමය පොලිසිය ලවාම තැන්පත් කරවයි (17.11.2025)

+

බුදු දහමට අත තියන්න ලෑස්ති වෙන්න එපා – මේක බෞද්ධ අපේ රට බොලව් – මිහින්තලේ හිමි ආණ්ඩුවට අනතුරු අඟවයි (17.11.2025)

+

පන්සල් කඩන්න නෙවෙයි මිනිස්සු ඡන්දේ දුන්නේ – හාමුදුරුවෝ දෙනමක් තවමත් රෝහලේ (17.11.2025)

+

දිලිත් සභාවේ එකපාරටම යක්ෂාවේශ වෙයි – උඹලා තමයි ජාතිවාදියෝ, මිනීමරුවෝ (17.11.2025)

+

බුදුපිළිමය තැන්පත් කරන තැනට ගිය NPP මන්ත්‍රීට හූ කියා එලවා දමයි – ඇවිත් තියෙන්නේ ඩබල් කැබ් එකේ (17.11.2025)

+++

“පලයව් යකෝ…පලයව්, පලයව්, පලයව්” මාලිමා මන්ත්‍රීට හූ තියා එලවයි (17.11.2025)

+

මේ ඓතිහාසික අසාධාරණය සිදුකරන්නේ සිංහලයට විතරයි (17.11.2025)

+

උඹ හාමුදුරුවන්ට ගැහුවා – පොලිසිය රාත්‍රීයේ කඩාපැන පන්සල වටලයි – හාමුදුරුවන් ඇත්ත හෙලිකරයි (17.11.2025)

+

අමරපුර මහ නිකායේ මහානායක හිමිවරු වහාම මාධ්‍ය කැඳවයි – බුදු පිළිම සිද්ධිය ගැන හෙළිදරව්වක් (17.11.2025)

+++

+

බංග්ලාදේශයේ චිතගොං බෞද්ධයෝ සහ ලංකාවේ අමු ගොං බෞද්ධයෝ (17.11.2025)

+

කුඩු අයිස් ගහන අය, විසි වෙනිදා (20) තංගල්ලට යන්න, නොගහන අය 21 වෙනිදා නුගේගොඩ යන්න (17.11.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *