බණ්ඩාරවෙල සහ බදුල්ලේ මත් ජාවාරමක නිරත වූ පිරිමියෙකු සහ ගැහැණු දෙදෙනෙකු අත්අඩංගුවට
බණ්ඩාරවෙල සහ බදුල්ලේ මත් ජාවාරමක නිරත වූ පිරිමියෙකු සහ ගැහැණු දෙදෙනෙකු අත්අඩංගුවට
(09.11.2025 – hirunews.lk)
බදුල්ල සහ බණ්ඩාරවෙල ප්‍රදේශවල හෙරොයින් ජාවාරමක නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු (3), එනම් පිරිමියෙකු (1) සහ හාලිඇල පදිංචි කාන්තාවන් දෙදෙනෙකු (2), පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ජාවාරම යටතේ අලුත්ගම ප්‍රදේශයෙන් හෙරොයින් ජාවාරමට සම්බන්ධ ද්‍රව්‍ය සපයා ගෙන ඒවා බදුල්ල සහ බණ්ඩාරවෙල ප්‍රදේශවල බෙදාහැරීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙහිදී බෙදා හැරීම සඳහා ඇසුරුම් කරන ලද හෙරොයින් පැකට් 1,000 ක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
බණ්ඩාරවෙල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව, හැලි-ඇළ ප්‍රදේශයේ පදිංචි 28 සහ 30 හැවිරිදි සහෝදරියන් දෙදෙනෙකු (2) විසින් බදුල්ල සහ බණ්ඩාරවෙල ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදු කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.
මෙම තොරතුර මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, සැකකාරියන් දෙදෙනා (2) මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදී ඔවුන්ගේ නිවස වටලා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, අලුත්ගම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් ඔවුන්ට හෙරොයින් සපයා ඇති බවයි.
බණ්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එක් කාන්තාවකගේ දුරකථනය උපයෝගී කරගෙන අදාල සැකකරු විහාරස්ථානයක් අසලට ගෙන්වාගෙන ඇති අතර, එහිදී සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴
සරසවි සිසුවියගේ මරණයට හේතුව කොඳු ඇටපෙළ තෙරපී මොළයට ලේ ගැලීමෙන්
(09.11.2025 – hirunews.lk)
හදිසියේ මියගිය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයේ හෙද සහ පවුල් සෞඛ්‍ය උපාධි පාඨමාලාව හදාරමින් සිටි තෙවැනි (3) වසරේ සිසුවියගේ වකුගඩු ඇතුළු තවත් අයෙකුට බද්ධ කළ හැකි අවයව පරිත්‍යාග කිරීමට දෙමව්පියන් තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම අවයව ඉවත්කර ගැනීමෙන් පසු සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේ දී අද (09) සිදුකළා.
කශේරුකාව තෙරපීමෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් මස්තිෂ්කයට රුධිර වහනය වීමෙන් මරණය සිදුව තිබෙන බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරුව තිබෙනවා.
ඉදිරිපත්වූ වෛද්‍ය වාර්තා සහ සාක්ෂි සැලකිල්ලට ගත් මහනුවර ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රවංශ වරකාඋල්ල, මෙය කෂේරුකාව තෙරපීමෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් මස්තිෂ්කයට රුධිර වහනය වීමෙන් සිදුවූ හදිසි මරණයක් බවට තීරණය කළා.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිට පසුගිය 05 වැනිදින නිවසට පැමිණ තිබෙන මෙම සිසුවිය නිවසේ නාන කාමරයේ වැටී සිටියදී මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන්නේ පසුගිය 06 වැනි දින අලුයම 02:00 ට පමණ.
මහනුවර හන්දෙස්ස ප්‍රදේශයේ පදිංචි එච්.එම්.එල්.ඩී. ජයතිලක නැමැති 24 හැවිරිදි සිසුවිය මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඊයේ (08) මියගියා ෴
දින 4 ක් තුළ 1818 ට පැමිණිලි 800 ක්
(09.11.2025 – 21:27 +0530 – sinhala.adaderana.lk)
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට හඳුන්වා දුන් 1818 දුරකථන අංකයට පැමිණිලි 800 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය දින 4 තුළ මෙම පැමිණිලි 800 ලැබී තිබූ බවය.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (09) පැවැති විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටුදැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
“පාසල්වල තොරතුරුත් ලැබිලා තිබෙනවා. 1818 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වාදීමෙන් පසු දින 4 ක් ඇතුළත දුරකථන ඇමතුම් 800 ක් විතර ලැබිලා තිබුණා. ඒවා පොලිස්පතිතුමාට භාරදීලා තියෙනවා වැටලීම් කරන්න. කොළඹ දිස්ත්‍රික්කයෙන් තොරතුරු විශාල ප්‍රමාණයක් එනවා.”
“ඒ වගේම මෙම මෙහෙයුම් ආරම්භ කරපු පළමුවෙනි දින 4 තුළ පොලීසිය සිදුකළ මෙහෙයුම්වලින් 5300 ක් අත්අඩංගුවට ගත්තා. එහිදී අපිට දැකගන්න ලැබුණේ කොළඹ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය විශාල වශයෙන් තිබෙන බව” ෴
උසස් පෙළ විභාග වංචා වැළැක්වීමට නීති තදින්
(09.11.2025 – 16:27 +0530 – sinhala.adaderana.lk)
හෙටින් (10) අරම්භ වන 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය සඳහන් කළේ හෙට (10) සිට දෙසැම්බර් මස 05 වන දින දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2362 කදී මෙවර උසස් පෙළ විභාගය පැවැත්විමට කටයුතු යොදා ඇති බවය.
විභාගය සඳහා අයදුම්කරුවන් 340,525 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර පාසල් අයදුම්කරුවන් 246,521 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004 දෙනෙකු ඊට ඇතුළත් වේ.
විභාගය ආරම්භ වීමට නියමිත වේලාවට පැයකට පෙර සියලුම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරිය :
“ඔබගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා ඔබගේ මුහුණ නිරාවරණය කරලා තිබෙන්න ඕනේ. සම්පූර්ණ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළම. ඒ වගේම ඔබගේ කන් නිරාවරණය කරලා තියෙන්න ඕනේ. මොකද දැන් තිබෙන සන්නිවේදන උපකරණ යම් අපේක්ෂකයෙකු පැළඳගෙන සිටින්නට පුළුවන්. එවැනි විභාග වංචා වැළැක්වීම සඳහා තමයි එම නීති ක්‍රියාත්මක වන්නේ.”
“තවත් විශේෂ කරුණක් තිබෙනවා. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට උත්තර සපයද්දි උත්තර ලකුණු කරනවා ‘බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ’. අපි පිළිතුරු පත්‍රය විදියට භාර ගන්නේ අපි ලබාදෙන ‘පිළිතුරු පත්‍රයේ’ සටහන් කරන පිළිතුරු පමණයි. ඒ නිසා අපේක්ෂකයන් වෙලාව කළමනාකරණය කරගෙන නිවැරදි පිළිතුරු ‘පිළිතුරු පත්‍රයේ’ සටහන් කරන්න ඕනේ.”
+++
+
අම්බලන්ගොඩ නගරයේ කඩ පේළියක ඇතිවූ මහා ගින්න (09.11.2025)
+
විමල් වීරවංශ මුළු හොරණම දෙවනත් කරපු හැටි මෙන්න (09.11.2025)
+
දැන් පුපුරන්න ළඟයි – හඬපට අරන් මාධ්‍ය හමුවට ආ පාඨලී මාලිමා ආණ්ඩුවට අනතුරු අඟවයි (09.11.2025)
+
සර්වජන භාරය පිහිටුවයි
(09.11.2025 – 11:34 +0530 – sinhala.adaderana.lk)
‘ව්‍යවසායකත්ව රාජ්‍යයක් – සතුටු දැයක්’ වෙනුවෙන් ‘සර්වජන ට්‍රස්ට්’ හෙවත් ‘සර්වජන භාරය’ පිහිටුවීම කොළඹ ශැන්ග්‍රීලා හෝටලේදි පසුගියදා සිදු කෙරුණි.
ඒ ‘සර්වජන භාරයේ’ ප්‍රදායක භාරකරු පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස්, චීන නියෝජ්‍ය තානාපති, ඉන්දිනීසියානු මහකොමසාරිස්, මාලදිවයින් තානාපති මෙන්ම කැනඩා, ජපන්, රුසියානු, තායිලන්ත, නේපාල ආදි රටවල රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින්, මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.
බිම් මට්ටමේ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ මාවතක් ලෙස ‘සර්වජන භාරය’ එළිදැක්වේ.
මෙරට ව්‍යවසාය දක්ෂතා සහිත තරුණයන් හා කාන්තාවන් ඇතුළු පිරිස් වෙනුවෙන් ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඒවාට පහසුකම් සැලසීමේ අරමුණින් සර්වජන භාරය ස්ථාපනය කෙරේ.
ව්‍යවසායකත්ව සංවර්ධන සහ කුඩා ව්‍යාපාර ඇරඹීම සඳහා මූල්‍යාධාර සැපයීම, දිළිඳු ජනතාවගේ සිතුම් පැතුම් ප්‍රගතශීලීව වෙනස් කරමින් ඔවුන්ගේ ආකල්ප යළි සකස්කිරීම, රට තුළ ශක්තිමත් ව්‍යවසායකත්ව රාජ්‍යයක් සකස්කිරීමට සංවිධානගත සමූහ දායකත්වය ප්‍රවර්ධනය සහ දිළිඳු ජනතාවගේ සෞඛ්‍ය පෝෂණ සහ අධ්‍යාපන දර්ශක ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණු වේ.
සර්වජන භාරය පිහිටුවනු ලබන්නේ ලාභ නොලබන පදනමක් ලෙසයි ෴
කොන්ක්‍රීට් තට්ටුවක් පුද්ගලයෙකු මතට කඩා වැටෙයි (09.11.2025)
+
‘දාවුද් ඊබ්‍රාහිම්’ සහ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය මැඩලීමේ ගැටුම! ලංකාවේ පාතාලය එල්ටීටීඊයට හරවයිද – අනාවරණ (09.11.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴