මහාචාර්ය හිමිනමක් හා පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස රඟපා නායක හිමිගේ ගිණුමෙන් රු. කෝටි 2 ක් ඇදලා

මහාචාර්ය හිමිනමක් හා පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස රඟපා නායක හිමිගේ ගිණුමෙන් රු. කෝටි 2 ක් ඇදලා


මහාචාර්ය හිමිනමක් හා පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස රඟපා නායක හිමිගේ ගිණුමෙන් රු. කෝටි 2 ක් ඇදලා

(07.11.2025 – dinamina.lk)

මහාචාර්ය හිමිනමක ලෙස සහ පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින් නායක හිමිනමකගේ බැංකු ගිණුමකින් රුපියල් දෙකෝටි අටලක්ෂ හත්දහසක (2,08,07,000) මුදලක් වංචාසහගතව ලබාගත් පුද්ගලයන් දෙදෙනකු (2) ඇතුළු සිවු දෙනකු (4) අත්අඩංගුවට ගත් බව පාණදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජා-ඇළ, ඒකල, මිනුවන්ගොඩ ප්‍රදේශවල පදිංචි 33, 34, 45 සහ 48 හැවිරිදි පුද්ගලයන් බව පොලීසිය කීය. පාණදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක මහාචාර්ය නායක හිමිනමක විසින් කරන ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කීය.

නායක හිමිගේ හැඳුනුම්පතට සමාන හැඳුනුම්පතක් සකස් කරගෙන සැකකරුවන් ඉතා සූක්ෂ්ම ලෙස උන්වහන්සේගේ ගිණුමෙන් මුදල් ලබාගෙන තිබූ බව පොලීසිය කීය. සැකකරුවෙක් මෙම වංචාවට සම්බන්ධව ඇත්තේ සිවුරක් ද ඇඟලාගෙන බව පොලීසිය පවසයි.

සැකකරුවන් පාණදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලීසිය සඳහන් කරයි.

කළුතර නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිණී, පාණදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න මහත්ම මහත්මීන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්ත විජයසිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් සැරයන්වරුන් වන (12175) පෙරේරා, (863) රවීන්ද්‍ර, (40354) සමන්, (44649) විජේවීර, කාන්තා සැරයන් (7300) තනූජා, කොස්තාපල්වරුන් වන (102160) කෝසල සහ කාන්තා (11884) දුලංගා නිලධාරීහු වැටලීමට එක්වූහ ෴


ඉංග්‍රීසි කතා කරන ‘නිම්සර’ පුතාට උදව් කිරීමට ‘ඩඩ්ලි සිරිසේනගේ බෑනා සංජීව රාසපුත්‍ර’ ඉදිරිපත් වෙයි (06.11.2025)

+++

ඉංග්‍රීසි කතා කරපු දරුවා Lyceum ජාත්‍යන්තර පාසලට ඇතුළත් කරයි | ස්තූතියි සංජීව ‍රාජපුත්‍ර මල්ලි (07.11.2025)

+++

මම දැක්කා සමාජ මාධ්‍යයේ, මේ දරුවා ගැන නොයෙක් දෙනෙක්, කතා ගොඩක් කියල තිබුණා (07.11.2025)

+


‘ජමාතේ ඉස්ලාම්’ ආණ්ඩුව අල්ලලා! ඊබ්‍රහිම් නානාව තව හුරතල් කරපල්ලා – බරපතල අන්තවාදී ආක්‍රමණයක් අත ළඟ? (07.11.2025)

+


“පච වට්ටෝරුවක් කිව්වා, කිසිම හිතක් පපුවක් නැති ආණ්ඩුවක් මේක” සජිත් දෙනවා දීමනාවක් රෙදි ගැලවෙන්නම (07.11.2025)

+

විපක්ෂයේ සහ ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා දෙන්න අයවැය ගැන කියපු කතා, වාහන ටෙන්ඩර් එක දුන්න හැටි හොයන්න ඕන (07.11.2025)

+

“එකහමාර පටන් ගත්තේ දැන් හයයි, තාම කියවනවා ; දැන් තේ නෙවෙයි, රෑ කෑම දෙන්න ඕනේ” (07.11.2025)

+

ඊළඟ අයවැදී ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරුන්ට විටමින් දෙන්න වෙයි | විපක්ෂයෙන් අයවැයට දැවැන්ත ප්‍රහාරයක් (07.11.2025)

+

ඉතිහාසයේ සුපිරිම බජට් එක – තක්සලාවෙන් ජනපතිට සැලියුට් ! (07.11.2025)

+


ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක් කුඩු බිස්නස් කළ පළමු අවස්ථාව ? (06.11.2025)

+

හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල හැමදේම තියෙනවා වගේ… සමරිසි වගේම කුඩු අයිස් ආතල් නේද ? (06.11.2025)

+

තමන්ගේ පුතා ලව්වා කුඩු විකිණෙව්ව පුදුම අම්මයි තාත්තයි… රටේ ළමයින්ට මුං කොහොම කරයිද ? (07.11.2025)

+


ස්වාමීනි, පොලිසිය කියන්නෙ බොරු ‍| මාලිමා මන්ත්‍රීනිගේ සැමියා ගැන උසාවියේ දී තවත් රහස් හෙළිවෙයි (07.11.2025)

+++

මාලිමා මන්ත්‍රිගේ විදුහල්පති සැමියාට කුඩු ආපු තැන මෙන්න . ඩුබායි සශී ගැනත් කතාව එලියට (07.11.2025)

+


බහරේන් වලදි එකම රන් පදක්කම ගත්ත ලහිරු ජනාධිපතිට දාපු FB පෝස්ට් එකත් මුන් බලපෑම් කරලා අයින් කරවලා (04.11.2025)

+


මැර පිරිසක් කොල්ලුපිටියේ සමාජ ශාලාවක් කුඩු පට්ටම් කර ගිනි තියති

(08.11.2025 – lankacnews.com)

කොල්ලුපිටිය ප්‍රදේශයේ, ආර්.ඒ. ද මෙල් මාවතේ පිහිටි තට්ටු ගොඩනැගිල්ලක දෙවන (2) මහලේ පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලාවක් පසුගිය 07 දා අලුයම මැර කණ්ඩායමක ප්‍රහාරයකට ලක්ව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

වාර්තා වන පරිදි, වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම සමාජ ශාලාවට කඩා වැදී පහර දී ගිනි තබා තිබේ. මෙම ප්‍රහාරය හේතුවෙන් සමාජ ශාලාවේ සේවය කළ සංගීත ශිල්පියෙකු (ඩී.ජේ.) සහ ආරක්ෂක නිලධාරියෙකු බරපතල ලෙස පිලිස්සුම් තුවාල ලබා ඇත. ඔවුන් දෙදෙනා (2) වහාම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

ගින්න හටගැනීමත් සමඟ, එම ගොඩනැගිල්ලේ තුන්වන (3) මහලේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයේ සේවය කළ පුද්ගලයන් දෙදෙනෙකු (2) ජීවිත අවදානම හේතුවෙන් බිමට පැන ඇත. මෙහිදී තුවාල ලැබූ ඔවුන් දෙදෙනා (2) කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක මේ වන විට ප්‍රතිකාර ලබති.

සිද්ධිය වන අවස්ථාවේදී රාත්‍රී සමාජ ශාලාවේ කළමනාකරු ඇතුළු තරුණියන් දෙදෙනෙකු (2) සමග පුද්ගලයන් සය දෙනෙකු (6) සිට ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

එමෙන්ම, සිව්වන (4) මහලේ ලැගුම්ගෙන සිටි රාත්‍රී සමාජ ශාලාවේ තවත් ආරක්ෂක නිලධාරියෙකු සහ කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහුගේ පුත්‍රයා ද කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ භටයන් විසින් කිසිදු අනතුරක් නොමැතිව මුදාගෙන තිබේ. ගිනි නිවන රථ හතරක් (4) යොදා ගනිමින් පැමිණි ගිනි නිවන භට පිරිස් දැඩි වෙහෙසක් දරා ගින්න තවත් මහල්වලට පැතිරීම වළක්වා ගැනීමට සමත් වී ඇතත්, රාත්‍රී සමාජ ශාලාව සම්පූර්ණයෙන් දැවී ගොස් ඇත.

පලා ගිය මෙම මැර කණ්ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය මේ වන විට පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත ෴


‘කුඩුපිනා’ගෙන් පසු පොලිස්පතිගෙන් නියෝගයක්.. සැකකරුවන් හා විමර්ෂණ තොරතුරු මාධ්‍යට දීම සීමා කරයි

(08.11.2025 – lankacnews.com)

අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ පින්තූර සහ අත්අඩංගුවට ගන්නා ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු නිකුත් නොකරන ලෙස පොලිස්පතියා විසින් සියලු පොලිසි වලට චක‍්‍රලේඛයක් නිකුත් කර ඇතැයි විපක්ෂ නායක සජිත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරියකගේ සැමියා මත්ද්‍රව්‍ය සමඟ අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු බවද ඔහු කියා සිටී.

නමුත් මීට පෙර ක්‍රියාත්මක වූයේ තනිකරම මාධ්‍ය සංදර්ශන බවත් හෙතෙම චෝදනා කළේය.

පොලිස්පතිවරයා විසින් එසේ නිකුත් කරන ලද චක්‍රලේඛයද මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කළේය.

එම චක්‍රලේඛය : [පිටුව 1][පිටුව 2]

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *