2026 සම්පූර්ණ අයවැය යෝජනා මෙන්න
(07.11.2025 – 13:35 +0530 – sinhala.adaderana.lk)
2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවට පැමිණියේය.
අද (07) ඉදිරිපත් කෙරෙන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැය වන අතර, 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434 කි.
එළැඹෙන 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ ජනපතිවරයා යටතේ පවතින මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634 කි.
සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 554 ක් ද , ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 455 ක් ද , අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301 ක් ද වෙන්කර තිබේ.
+++
+
අනුන්ගේ නැති වූ ජාතික හැඳුනුම්පත් වලින් හොර බැංකු ගිණුම් හැදූ අයෙක් රිමාන්ඩ්
(07.11.2025 – hirunews.lk)
පුද්ගලයන්ගේ නැති වූ ජාතික හැඳුනුම්පත් ලබාගෙන ව්‍යාජ බැංකු ගිණුම් සදා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවෙකු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද(7) නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අද අධිකරණට ඉදිරිපත් කර තිබුණා.
නුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් සඳහන් කර සිටියේ, පුද්ගලයන්ගේ නැති වූ ජාතික හැදුනුම්පත් ලබාගෙන ඒ හරහා බැංකු ගිණුම් සාදා ඇති බවයි.
එම සාදන ලද බැංකු ගිණුම් වලට අදාල ගිණුම් අංක යොදාගෙන වට්සැප් හරහා ‘හැක්’ කරමින් මෙම ව්‍යාජ ජාවාරම සිදුකර ඇති බව විමර්ශන නිලධාරින් අධිකරණයට කරුණු දැක්වූවා.
අත්අඩංගුට ගන්නා ලද පුද්ගලයා නුවර ප්‍රදේශයේ බවත් මෙම සිද්ධියට අදාලව තවත් සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වුවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කළා ෴
විදේශ රැකියා පෙන්වා ලක්ෂ ගණනක් වංචාකළ කතක් අත්අඩංගුවට
(06.11.2025 – hirunews.lk)
දකුණු කොරියාවේ, ඉතාලියේ සහ නවසීලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 50 ක පමණ මුදලක් වංචා කළ කාන්තාවක්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‌යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද (06) ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය ඉහත රටවල රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයින් රවටා මෙම මුදල ලබාගෙන ඇති අතර, පොරොන්දු වූ පරිදි රැකියා ලබා නොදුන් බවට කාර්යාංශයට පැමිණිලි 8 ක් ලැබී තිබෙනවා.
විමර්ශන නිලධාරීන් සැකකාරියගේ පදිංචි කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසට ගිය අවස්ථාවලදී ඇය නිලධාරීන් මඟහරිමින් සිට ඇති බවත්, එහෙත්, ඇය අද (06) දින ගම්පහ ප්‍රදේශයේ ආයතනයක් තුළ ඊශ්‍රායල් රැකියා සඳහා බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පවත්වන බවට ලද තොරතුරක් අනුව විමර්ශන නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් ඇයව අත්අඩංගුවට ගත් බවයි එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම කාන්තාව මීට පෙර ද විදේශ රැකියා වංචාවන් සම්බන්ධයෙන් කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයෙන් ඇප ලබා සිටින අයෙකු බවයි.
එසේම, වෙනත් පොලිස් ස්ථානවල ද ඇයට එරෙහිව විදේශ රැකියා වංචාවන් සම්බන්ධයෙන් පැමිණිලි පවතින බවත්, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවා ගැනීම සහ මුදල් අය කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සැකකාරිය, හෙට දින (07) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම නිවේදනයේ සඳහන් ෴
ඕස්ට්‍රේලියාව විදෙස් සිසුන්ට සීමා පනවයි – අළුත්ම නීති මෙන්න – උදය ගම්මන්පිල (04.11.2025)
+
අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතියට බාධාකිරීම වළක්වාලමින් ගම්පොළ ප්‍රාදේශීය ලේකම් වෙත තහනම් නියෝගයක්
(07.11.2025 – 17:55 +0530 – sinhala.adaderana.lk)
අම්බුළුවාව ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතුවලට අනිසි ලෙස මැදිහත්වීම් සිදුකිරීම හෝ බාධා කිරීම් සිදුකිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද (07) ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත රිට් ආඥාවක් නිකුත් කළේය.
ඊට අමතරව ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය විසින් රුපියල් ලක්ෂයක (100,000) නඩු ගාස්තුවක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවටත් එම නියෝගයේ සඳහන් වුණි.
අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ‘ඇම්බර් ඇඩ්වෙන්චර් පුද්ගලික සමාගම’ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක තීන්දුව දෙමින් අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම නියෝග ප්‍රකාශයට පත් කළේය.
පෙත්සම්කාර සමාගම අභියාචනාධිකරණයට සිය පෙත්සම ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ, අම්බුළුවාව ප්‍රදේශය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සියලු රාජ්‍ය ආයතන අනුමැතිය ලබා දී තිබියදී ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය එම කටයුතුවලට බාධා සිදුකළ බවය.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලී සබ්රි මහතා, නඩු විභාගය පැවති අවස්ථාවේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබුණේ අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම නාගරික සංවර්ධන අධිකාරියට අයත් බලප්‍රදේශයක් බවත් ඊට මැදිහත්වීමට ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරියට බලයක් නොමැති බවය.
වගඋත්තරකාර ප්‍රාදේශීය ලේකම්වරිය සිදුකළ බාධා කිරීම් හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය නිසි කාලයට අවසන් කර ගැනීමට නොහැකි වූ බවත් එබැවින් මෙම කටයුතුවලට ප්‍රාදේශීය ලේකම්වරිය අනිසි ලෙස මැදිහත්වීම සහ බාධා කිරීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි ෴
‘ගණේමුල්ල සංජීව’ ඝාතන විමර්ශන අධිකරණයට දැනුම් දෙයි
(07.11.2025 – 13:28 +0530 – sinhala.adaderana.lk)
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමේ ක්‍රියාදාමය පසුපස ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් 09 දෙනෙකු සම්බන්ධ වී ඇති බවත්, ඉන් 04 දෙනෙකු විදේශවලට පලාගොස් සැඟවී සිටින බවට තොරතුරු ලැබී තිබෙන බවත් කොළඹ අපරාධ කොට්ඨාශය අද (07) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම ඝාතනයට සංවිධානාත්මක අපරාධකරුවන් 06 දෙනෙකු සෘජුවම සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පවසා ඇත.
‘ගණේමුල්ල සංජීව’ ඝාතන සිද්ධියට අදාළ නඩුකරය අද (07) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එම කොට්ඨාශයේ නිලධාරියා මේ බව අනාවරණය කර සිටියේය.
මෙම නඩුව අද (07) කැඳවූ අවස්ථාවේදී බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින සැකකරුවන් පස් දෙනෙකු (05) සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
ඊට අමතරව ‘ඉෂාරා සෙව්වන්දි’ නැමැති සැකකාරියට පලායාමට ආධාර අනුබල දුන් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් තුන්දෙනෙකු (03) සහ සැකකාරියන් දෙදෙනෙකු (02) බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මෙම නඩුකරය අද (07) කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියා විසින් මෙතෙක් සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සහ රැඳවුම් භාරයේ සිටින සැකකරුවන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත්, ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් එම නිලධාරියා සඳහන් කළේය.
මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් 09 දෙනෙකු සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ පොලීසිය ඉන් 04 දෙනකු රඳවා තබා විමර්ශන සිදු කරන බවත් සඳහන් කළේය.
තවත් සැකකරුවකු (01) වෙනත් අපරාධයක් සඳහා පෑලියගොඩ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර ඔවුන් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මේ අතර රැඳවුම් භාරයේ පසුවන සැකකරුවන් නිරීක්ෂණය කිරීම කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් සිදු කරන බව සඳහන් කළ එම නිලධාරියා එම සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට සහ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 08 මහෙස්ත්‍රාත්වරයාට වාර්තා කරන බවත් සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් තවදුරටත් ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළේය.
ඊට අමතරව විදේශවලට පලා ගොස් සිටින සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් වැඩි දුරටත් පොලීසියට නියෝග කර සිටියේය ෴
පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට යන සිසුන්ට තොරතුරු ගන්න ක්ෂණික ඇමතුම් සේවාවක්
(07.11.2025 – 11:37 +0530 – sinhala.adaderana.lk)
පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට යොමු වීම සඳහා සිසුන්ට අවශ්‍ය තොරතුරු නිවැරදිව සහ කාර්යක්ෂමව ලබාදීමේ අරමුණින් ‘1966’ වෘත්තීය අධ්‍යාපන ක්ෂණික ඇමතුම් (Hotline) සේවාව හඳුන්වා දී තිබේ.
නාරාහේන්පිට ‘නිපුණතා පියස’ පරිශ්‍රයේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ කර ඇත.
‘1966’ක්ෂණික ඇමතුම් සේවාව මඟින් වෘත්තීය අධ්‍යාපනයට අදාළ ඕනෑ ම තොරතුරක් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම ලබාගත හැකි අතර, තවදුරටත් කාර්යක්ෂම සේවාවක් සඳහා, කෘත්‍රීම බුද්ධි තාක්ෂණය (AI) ඔස්සේ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ තාක්ෂණික නිලධාරීන් විසින් සකස් කරන ලද ‘AI Chat BOT’ වෙත පිවිසිය හැකි වේ.
එමඟින් වෘත්තීය අධ්‍යාපනයට අදාළ ඕනෑම ගැටලුවකට විසඳුම් ලබාගත හැකිය.
නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාවලියත් සමඟ නව පාසල් විෂය ධාරාව යටතේ මූලිකව ඉගෙන ගනු ලබන වෘත්තීය අධ්‍යාපනය ඉදිරියට හැදෑරීම සඳහා නවීන තාක්ෂණය හා ඒකාබද්ධ වීමේ වැදගත්කම, මෙහි දී අගමැති හරිනි අමරසූරිය සභාව අමතමින් පැහැදිලි කළා ය.
වෙනස් කළ යුතු තැන් නොපැකිලව වෙනස් කරමින් වෘත්තීය අධ්‍යාපන ව්‍යුහය තුළ හෙට දින වැඩලෝකයට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය මානව හා භෞතික සම්පත් ගුණාත්මකව සංවර්ධනය කළ යුතු බවත් ඇය මෙහි දී වැඩිදුරටත් කියා සිටියාය.
මෙම අවස්ථාවට වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ඇතුළු වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් රැසක් ද සහභාගී වූහ ෴
දියවඩන නිලමේ ධූරයට යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල
(07.11.2025 – 17:18 +0530 – sinhala.adaderana.lk)
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල මහතාට හිමිවී තිබේ.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම අද(07) පස්වරුවේ මහනුවර බෞද්ධ මණ්ඩයේ දී පැවැත්විණි.
එහිදී ප්‍රදීප් නිලංග දෑල මහතා ඡන්ද 195 ක් ලබා ගනිමින් තුන්වන (3) වරටත් වසර 10 ක කාලයක් සඳහා දියවඩන නිලමේවරයා ලෙස තේරී පත්ව ඇත ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴