දැදුරු ඔයේ අතුරුදන් වූ සිව්දෙනාගේ (4) මළ සිරුරු හමුවෙයි – මරණ සංඛ්‍යාව 5 දක්වා ඉහළට

දැදුරු ඔයේ අතුරුදන් වූ සිව්දෙනාගේ (4) මළ සිරුරු හමුවෙයි – මරණ සංඛ්‍යාව 5 දක්වා ඉහළට


දැදුරු ඔයේ අතුරුදන් වූ සිව්දෙනාගේ (4) මළ සිරුරු හමුවෙයි – මරණ සංඛ්‍යාව 5 දක්වා ඉහළට

(05.11.2025 – hirunews.lk)

අද (05) සවස් කාලයේ හලාවත පොලිස් වසමේ දැදුරු ඔය පාලම යට දිය නාමින් සිටි පුද්ගලයන් 10 දෙනෙකු පමණ පිරිසකගෙන් 04 දෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

දියේ ගිලුනු තවත් පුද්ගලයෙකු (01) බේරා ගැනීමෙන් පසු ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුලත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම පිරිස කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ මෙම ස්ථානයේ දිය නාමින් සිටියදී මෙසේ දියේ ගිලී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

අතරුදන් වූ අය සොයා හලාවත පොලිසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්, නාවික හමුදාව හා ප්‍රදේශ වාසීන් එක්ව මෙහෙයුම් දියත් කර තිබෙනවා ෴

දැදුරු ඔයේ ගසාගෙන ගොස් අතුරුදන් වූ පුද්ගලයින් සිව්දෙනාගේ (4) මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

ඒ හලාවත පොලිසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්, නාවික හමුදාව හා ප්‍රදේශ වාසීන් එක්ව කළ මෙහෙයුම අතරතුරයි ෴

දැදුරු ඔයේ ගසාගෙන ගොස් අතුරුදහන් වූ පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය පවසනවා ෴

දැදුරු ඔයේ දිය නෑමට ගොස් මියගිය පිරිස අතර අවුරුදු 12 සහ 16 වයසේ පසුවන දරුවන් දෙදෙනෙක් (2) වන බව පොලිසිය පවසනවා.

තවත් දෙදෙනෙක් (2) අවුරුදු 19 සහ 27 වයසේ පසුවූ තරුණයන්.

මීට අමතරව තවත් අයෙක් (1) ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කළ පසුව මියගොස් තිබෙනවා.

මොවුන් මාකොළ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් විනෝද චාරිකාවක් සඳහා පැමිණි අතරතුර දිය නෑමට ගොස් මෙම අනතුරට පත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර පොලිසිය පැවසුවේ 10 දෙනෙකු පමණ එම ස්ථානයේ දිය නාමින් සිට ඇති බවයි.

එහිදී අනපේක්ෂිත ලෙස එම පිරිසෙන් පස් දෙනෙකු (5) දියේ ගිලී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ වනවිට මියගිය අයගේ මෘතශරීර හලාවත රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අතුරුදන් පුද්ගලයින් සොයා හලාවත පොලිසිය, පොලිස් ජීවිතාරක්ෂක එකකයේ නිලධාරීන්, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම්වල නිරත වුණා ෴

+++

+++

+++

+


ඉවසීම අවසන් වී ගලිගමුවේ හිමි ඕස්ට්‍රේලියාවේ ඉඳන් සියල්ල එළියට දායී – හාමුදුරුවෝ කරන්නේ බිස්නස් ද? (05.11.2025)

+


අනුරපුර රුවන්වැලි සෑ මළුව සැදැහැවතුන්ගෙන් උතුරා යයි | පාන්දර ඉඳන්ම ජන ගඟක් ගැලූ හැටි මෙන්න (05.11.2025)

+


වෙළඳ ඇමතියාගේ මෙට්‍රික් ටොන් සහ කිලෝ තක්කඩිකම (05.11.2025)

+

වලපනෙත් විපක්ෂයට – ආණ්ඩුවට අසාධ්‍යයි (05.11.2025)

+

මාලිමාවේ යටින් යන කුඩු / අයිස් මහා සංවර්ධන ව්‍යාපෘතිය (05.11.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *