මාලිමා මන්ත්‍රිනීගේ විදුහල්පති සැමියා ‘හෙරොයින්’ කිලෝ එකයි ග්‍රෑම් විස්සක් සමඟ අත්අඩංගුවට

මාලිමා මන්ත්‍රිනීගේ විදුහල්පති සැමියා ‘හෙරොයින්’ කිලෝ එකයි ග්‍රෑම් විස්සක් සමඟ අත්අඩංගුවට


මාලිමා මන්ත්‍රිනීගේ විදුහල්පති සැමියා ‘හෙරොයින්’ කිලෝ එකයි ග්‍රෑම් විස්සක් සමඟ අත්අඩංගුවට

(05.11.2025 – hirunews.lk)

අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණ තොරතුරකට අනුව එප්පාවල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී එප්පාවල – ඇඳගල ප්‍රදේශයේ හෝටලයක සඟවා තිබියදී ‘හෙරොයින්’ කිලෝ එකයි ග්‍රෑම් විස්සක් (1.020) සමඟ එප්පාවල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු (2) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත් විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ පළාත් පාලන ආයතනයක ‘ජාතික ජන බලවේගයේ’ මන්ත්‍රීවරියක් බවයි වාර්තා වෙන්නේ.

මෙම සැකකරුවන් එම ප්‍රදේශයම පදිංචි අවුරුදු 54 හා 22 වයසේ පසුවන පුද්ගලයන් බවයි පොලිසිය පවසන්නේ.

මෙම සැකකරුවන් දීර්ඝ කාලයක් පුරා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලිසිය විසින් සිදුකරනු ලබනවා ෴

+++

කුඩු විකුණන එක නවත්වන්න කියලා සතියක් යන්න කළින් මාලිමා මන්ත්‍රීනීගේ සැමියා කොටු (05.11.2025)

+++

+


සහෝදරයා බේරාගන්න පොලිසියේ යකා නැටූ මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට

(05.11.2025 – hirunews.lk)

විදුලිබල මණ්ඩලයේ සේවකයින් දෙදෙනකුගේ (2) රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පෑමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා ගැනීමට උත්සාහ ගත් බව කියන හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ‘ජාතික ජනබලවේගයේ’ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය පවසනවා.

මෙම සැකකාර මන්ත්‍රීවරයා සිය සහෝදරයා සහ තවත් අයකු නිත්‍යානුකූල අත්අඩංගුවෙන් මුදවා ගැනීම සඳහා උත්සාහ කරමින් පොලිසිය තුළ කලහාකාරී ලෙස හැසිරී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ජතික ජනබලවේග මන්ත්‍රී යටියල්පතාන දකුණ, හිඟුරක්ගොඩ පදිංචි කේ.ඩබ්.එස්.එස්. උදයකුමාර (44) නමැත්තායි.

මෙම සැකකරුගේ සහෝදරයා විදුලිබල මණ්ඩලයේ සේවකයින් දෙදෙනකුගේ (2) රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.

විදුලි බිල් නොගෙවීම මත මන්ත්‍රීවරයාගේ සොහොයුරාගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට ආ විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුට (2) තර්ජනය කර ඔවුන්ගේ රාජකාරියට බාධා කර නිලධාරීන් පැමිණි යතුරු පැදියට පහරදී අනර්ථයක් සිදු කිරීමේ චෝදනාවට මන්ත්‍රීවරයාගේ සොහොයුරා හිඟුරක්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණා.

පසුව එම සැකකරු පොලිස් සිර මැඳිරියේ රඳවා සිටියදී ඔහුග් සුවදුක් බැලීමට පැමිණි සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පොලිසියේ උපසේවයේ සිටි පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපලයෙකු සමඟ කළහාකාරී ලෙස හැසිරී නිලධාරින්ට බැන තර්ජනය කර ඇතැයි පොලිසිය පවසනවා.

විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනා (2) මේ සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ ‍පොලිසිය සඳහන් කරනවා.

සිය ‍සහෝදරයා බැලීමට පොලිසියට ගිය සැකකාර මන්ත්‍රීවරයා රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීයකුගේ ජංගම දුරකතනය ද උදුරාගෙන ඇති බව ද වාර්තා වෙනවා.

ඒ අනුව සැකකාර මන්ත්‍රීවරයා නිත්‍යානුකූල අත්අඩංගුවේ සිටින සැකකරුවකු මුදවා ගැනීම සඳහා උත්සාහ කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන හිඟුරක්ගොඩ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහු මද්‍යසාර භාවිත කර ඇති බවට වාර්තාව ලැබුණු බව පොලිසිය පවසනවා.

සැකකරු හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


පල්ලෙකැලේ ගිනිපෙට්ටි කම්හලක ගින්නක්

(05.11.2025 – hirunews.lk)

මහනුවර, පල්ලෙකැලේ පිහිටි ගිනිපෙට්ටි කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා.

මේ වන විට ගින්න පැතිරෙමින් පවතින බවයි පල්ලේකැලේ පොලිසිය සඳහන් කළේ.

ගින්න පාලනය කිරීම සඳහා මහනුවර නගර සභා ගිනි නිවීම් ඒකකයේ රථ තුනක් (3) සමග නිලධාරීන් 15 ක් පිටත් කර හැරි බවද එහි නිලධාරියෙකු පැවසුවා ෴

+++

+++

+


රජයේ ඉඩමේ අනවසරයෙන් පස් කැපූ තිදෙනා (3) දැලේ

(05.11.2025 – hirunews.lk)

රජයට අයත් ඉඩමක ස්කැවේටර් යන්ත්‍රයක් යොදා ගනිමින් අනවසරයෙන් පස් කපමින් සිටි පුද්ගලයන් තිදෙනකු (3) නීතියේ රැහැනට හසුකර දීමට බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඊයේ (4) පියවර ගෙන තිබුණා.

බුලත්සිංහල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම තිදෙනා (3) අතර ස්කැවේටර් යන්ත්‍ර රියදුරු, ටිපර් රථ රියැදුරු සහ පස් කැපීමේ මූලිකව කටයුතු කළ පුද්ගලයා ද වන බව පොලිසිය පවසනවා.

‍බුලත්සිංහල දෙල්මෑල්ල, හිගුරබඕවිට රජයට අයත් ඉඩමක ස්කැවේටර් යන්ත්‍රයක් යොදා ගනිමින් අනවසරයෙන් පස් කපන බවට බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කේ.ටි.කේ. සුලෝචනීට ලද තොරතුරකට අනුව සහකාර ප්‍රාදේශීය ලේකම් පි.කේ.පි. මධුභාෂිනි, ඉඩම් නිලධාරී නදීෂා රුද්‍රිගු, පරිපාලන ග්‍රාම නිලධාරී ආර්.සි.එම්.කේ. සමරසුන්දර හා දෙල්මෑල්ල වසම බාර ග්‍රාම නිලධාරී බි.කේ.පි. මධුෂානි රංගිකා යන නිලධාරීන් එම ස්ථානය වටලා එම පිරිස භාරයට ගෙන පොලිසිය කැඳවා බාර දීමට කටයුතු කර තිබුණා.

‍අත්අඩංගුවට ගත් එම සැකකාර පුද්ගලයන් හිඟුරඹඕවිට ඉඩමේ දොළ රක්ෂිතයටද හානි වනපරිදි දීර්ඝ කාලයක සිට අනවසරයෙන් පස් කපා ඇති බව සිදුකළ ස්ථානීය පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.

අත් අත්අඩංගුවට ගත් සැකකරුවන් බුලත්සිංහල දෙල්මෑල්ල පදිංචිකරුවන්.

සැකකරුවන් අද (05) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි. එන්. එස්. කස්තුරිආරච්චිගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරනවා ෴


පාලන මිලට වඩා වැඩිමිලට කිරී සම්බා සහල් විකිණූ ව්‍යාපාරිකයෙකුට රු. ලක්ෂයක දඩයක්

(05.11.2025 – hirunews.lk)

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට දේශීය කීරි සම්බා සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ දී වරද පිළිගත් වෙළෙඳ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂයක (100,000) දඩ මුදලක් ගෙවීමට මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළා.

මෙසේ දඩ මුදලක් නියම කරනු ලැබුවේ ගනේමුල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක් හිමි ව්‍යාපාරිකයෙකුටය.

දේශීය කීරි සම්බා කිලෝ එකක පාලන මිල රුපියල් 260 ක්ව තිබියදි එම ව්‍යාපාරිකයා විසින් සිය වෙළෙඳසැලේ කීරි සම්බා සහල් කිලෝ එකක් (1) රුපියල් 324 බැගින් අලෙවි කර තිබෙන බවට අධිකරණයේදී අනාවරණය වුණා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානි උදය නාමල්ගම මහතාගේ උපදෙස් අනුව එහි විමර්ශන කටයුතු කර සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා ෴


බුලත් විට කෑමෙන් දිනකට මරණ තුනක් (3)

(05.11.2025 – hirunews.lk)

බුලත් විට භාවිතයෙන් දිනකට මුඛ පිළිකා රෝගීන් නව දෙනෙකු (9) වාර්තා වන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය හේමන්ත අමරසිංහ පවසනවා.

කොළඹ, ඊයේ (04) පැවති වැඩමුළුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පුවක් සහ දුම්කොළ හේතුවෙන් දිනකට මරණ 3 ක් වාර්තා වන බවයි ෴


මෝටර් රථයක් දුම්රියක ගැටී වනවාසල දී අනතුරක්

(05.11.2025 – 20:10 +0530 – sinhala.adaderana.lk)

වනවාසල හා කැලණිය අතර දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටී අද (5) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ.

කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ගමන්කරමින් තිබූ දුම්රියක මෝටර් රථය ගැටී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ එක් (1) අයෙකු පමණක් සිට ඇති අතර, ඔහු දුම්රිය සංඥා නොතකා ගමන්කර ඇති බව සඳහන්.

මෝටර් රථය දුම්රියේ ගැටීමත් සමග එය හරස් මාර්ගයේ සිට මීටර 200 ක් පමණ ඇදීගොස් ඇති අතර, එහි රියදුරු මේ වනවිට බරපතළ තුවාල ලබා රෝහල්ගතකර ඇත.

මෙම අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පැවසීය.

+++

+


තඹුත්තේගම පැටියෝ මේ අහපන් ඉක්මන් කරලා ලූණු ගොවියගේ ප්‍රශ්නය විසදපන් (05.11.2025)

+


සජිත්ව ඉන්දියාවට ගෙන්නගත්ත හේතුව සජබ මාධ්‍ය හමුවේ අද හෙළි වෙයි (05.11.2025)

+


යාපනය තිස්ස විහාරය ළඟ උණුසුම් වෙයි – පන්සලේ ආරක්ෂාවට පොලිසිය කැඳවයි (05.11.2025)

+


“මම වඩ කඩයක් කරන්නෙ, පුතා කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගත්තෙ කියලා මම දන්නෙ නැහැ” (31.10.2025)

+++

කොල්ලට සතුටට ඇඩෙනවා (05.11.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *