ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් වූ හැටි
(04.11.2025 – hirunews.lk)
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති 2024 වාර්තාවට අනුව, මුහුදු මාර්ග ඔස්සේ ක්‍රියාත්මක නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේදී මාලදිවයින සහ ශ්‍රී ලංකාව ප්‍රධාන ඉලක්කයක් වී ඇති බව දැක්වෙනවා.
එසේම මෙම රටවල් දෙක (2) ප්‍රධාන මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ස්ථාන බවට පත්ව ඇති බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

ආසියාවේ ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය නිපදවන රටවල් වලට සමීපව පිහිටා ඇති රටවල් දෙකක් (2) වන ශ්‍රී ලංකාව සහ මාලදිවයින සතු විශාල වෙරළ තීර සහ භූගෝලීය පිහිටීම හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන හුවමාරු මධ්‍යස්ථානයක් බවට එම රටවල් පත්ව තිබෙනවා.
වර්තමානය වන විට මන්නාරම, කන්කසන්තුරේ, යාපනය, මුලතිව් සහ කල්පිටිය ආශ්‍රිත මුහුදු තීර ඔස්සේ වැඩි වශයෙන් රට තුළට රැගෙන එනු ලබන්නේ ‘කේරළ ගංජා’ සහ ‘මත්පෙති’ වැනි තහනම් ද්‍රව්‍යයි.
එසේම දකුණු මුහුද ආශ්‍රිතව ‘හෙරොයින්’, ‘අයිස්’ වැනි මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට ජාවාරම්කරුවන් කටයුතු කරන බව ද එම වාර්තාවේ දැක්වෙනවා.
ශ්‍රී ලංකාව ආසන්නයේ පිහිටි ‘ගෝල්ඩන් ක්‍රෙසන්ට්’ ලෙස හඳුන්වන ඉරානය, ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය රටවල් හරහා ‘සින්තටික් මත්ද්‍රව්‍ය’ ලෙස හදුන්වන ‘ක්‍රිස්ටල් මෙත්’ (අයිස්) සහ ‘හෙරොයින්’ නැමති කෘත්‍රිම වර්ගයේ මත්ද්‍රව්‍ය මෙරටට වැඩි වශයෙන් පැමිණෙන බවද එම වාර්තාවේ සඳහන්.
බලුකිස්ථානය සහ ඉරානය අතර පිහිටා ඇති ‘මක්ක්‍රන් වෙරළ තීරය’ හරහා මත්ද්‍රව්‍ය බෙදා හැරීම ආරම්භ වෙන අතර එම මත්ද්‍රව්‍ය අප්‍රිකාවටත් බෙදා හරින බව එහි දක්වා තිබෙනවා.
එසේම ඒවා නැවත බෙදා හැරීම සඳහා මාලදිවයින හා ශ්‍රී ලංකාවට ද ප්‍රවාහනය කරන අතර ඒ හරහා ඔස්ට්‍රේලියාවට මත්ද්‍රව්‍ය රැගෙන යන බවයි වාර්තා කර ඇත්තේ.
අරාබි මුහුද, ඉන්දියන් සාගරය, මාලදිවයින සහ මුරුසි දූපත වටා ගමන් කරමින් මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය සිය වාර්තාවෙන් පෙන්වා දෙනවා.
ජාවාරම්කරුවන් විසින් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ‘විශාල ප්‍රමාණයේ බහු දින ධීවර යාත්‍රා’ මෙන්ම ‘විශාල ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන නෞකා’ද උපයෝගී කර ගන්නා බවත් එහි දැක්වෙනවා.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ආරක්ෂ අංශ සහ රජයේ ආයතන වලින් ලබාගත් තොරතුරු මත පදනම්ව මෙම වාර්තාව සකසා ඇති අතර, ඒ අනුව මත්ද්‍රව්‍ය ජාලවල සංවිධාන ව්‍යුහය, නැගෙනහිර ඉන්දියානු සාගරයේ ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ ජාලයන් සහ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරමට ඇති අනුග්‍රහය සම්බන්ධයෙන්ද තොරතුරු අධ්‍යනය කර තිබෙනවා.
එසේම අදාළ වාර්තාව අනුව නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ නීතිමය ආයතන තුළ ඇති දූෂණය ප්‍රධාන ගැටලුවක් ලෙස නම් කර ඇති අතර මත්ද්‍රව්‍ය සම්බන්ධ නීතිමය ක්‍රියාදාමයන්ට කාලය ගත වීමද දුර්වලතා ලෙස පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව මත්ද්‍රව්‍ය ජවාරම් සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුව යාවත්කාලීන කර ශක්තිමත් කළ යුතු බවයි එම වාර්තාවෙන් පවසන්නේ ෴
ආණ්ඩුවේ මන්ත්‍රී පන්සල ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක – නගරයේ කෝවිල් 300 කමක් නෑ, පන්සල් 02 එපා (05.11.2025)
+
විපක්ෂයේ නායකයන්ට ප්‍රශ්න පත්තරයක් (01.11.2025)
විපක්ෂයේ දේශපාලන පක්ෂ එකමුතුවක් ගැන කතාබහක් මේ වන විට ඇති වෙමින් තිබේ. එවැනි රැස්වීමක් ලබන 21 දා නුගේගොඩ දී පැවැත්වීමට නියමිත ය. එහෙත් රටේ වැදගත් ම ජාතික ප්‍රශ්න පිළිබඳ ව ඔවුන්ගේ ප්‍රතිපත්ති සහ මත මොනවා දැයි තව මත් ජනතාවට ප්‍රකාශ කර නැත. ඒ ගැන ඔවුන්න්ගෙන් ප්‍රශ්න කරන මේ වීඩියෝවකි මේ.
+
LGBTQI සහ ඊලාම් ඉතිහාසය ප්‍රවර්ධනය කරන පාසල් පෙළ පොත් සූදානම්? (03.11.2025)
ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබන ජනවාරියේ සිට පාසල්වලට නිකුත් කිරීමට නියමිත යැයි කියන පෙළ පොත් පිළිබඳ ප්‍රවෘත්තියක් පසුගිය දා වාර්තා විය. ඒ සම්බන්ධයෙන් සියලු දෙනාගේ හදිසි අවධානය යොමු කිරීම පිණිස මේ වීඩියෝව නිකුත් කරනු ලැබේ.
+
“එයාට ගලවගන්න ඒවා විතරයි තියෙන්නේ, අලවගන්නේ මේවා තමයි, භූතයෝ මවාගෙන තල තලා ඉන්නවා” (04.11.2025)
+
බුදුපිළිමයත් උස්සගෙන ගම්මුයි හාමුදුරුවරුයි සභාවට කඩා පනී | දෙහිවල සභාව උණුසුම් – පොලිසියත් කැඳවයි (04.11.2025)
+
මෝදර දේවාල කමිටුවේ සභාපති ඝාතනය කළ හේතුව හෙළිවෙයි
(05.11.2025 – 12:37 +0530 – sinhala.adaderana.lk)
විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවකු වන ‘කරන්දෙණිය සුද්දා’ගෙන් පළිගැනීමට ඔහුගේ මස්සිනා වන අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වෙඩිතබා ඝාතනය කර ඇතැයි සැක කරන බව පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ, මීටියාගොඩදී පසුගිය මැයි මාසයේදී ‘කරන්දෙණිය සුද්දා’ගේ පාර්ශ්වය වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයාගේ පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇතැයි මේවනවිට තොරතුරු හෙළිවී ඇති බවය.
අම්බලන්ගොඩ, නගර සභාවවට අයත් ප්‍රධාන පුස්තකාලය අසළදී ඊයේ (04) පෙරවරු 10:30 ට පමණ මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කළේය.
එම ඝාතනය සිදුකරන අයුරු අසළ වූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.
එහි දැක්වුණේ ඝාතනය වූ පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔහු පසුපස රතුපැහැති මෝටර් රථයක් ලුහුබැඳයන අයුරුය.
පසුව එම මෝටර් රථය අදාළ යතුරුපැදිය අනතුරට ලක්කර තිබුණි.
එම අවස්ථාවේදී යතුරුපැදිකරු ඇදවැටුණු පසු මෝටර් රථයෙන් බැස ගන්නා වෙඩික්කරු යතුරුපැදිකරු පන්න පන්නා වෙඩිතබා ඝාතනය කරන අකාරය සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.
මේ අතර පොලීසිය සැකපලකරන්නේ මීටියාගොඩ මානම්පිය, තඹහිටිය ප්‍රදේශයේ අවහන්හලක් තුළ ඉකුත් මැයි මස 04 වැනිදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවය.
‘කරන්දෙණිය සුද්දා’ගේ පාර්ශ්වය අදාළ ඝාතනය මෙහෙයවා තිබූ අතර ඊට පළිගැනීමක් ලෙස ඔහුගේ මස්සිනා වෙඩි තබා ඝාතනය කර ඇතැයි සැකකරන බව පොලිසි සඳහන් කළේය.
ඊට හේතුවී ඇත්තේ, මීටියාගොඩදී ඝාතනය වූ පුද්ගලයාගේ පියා වන ‘මහදුම නලීන්’ නැමැත්තාගේ පුත්‍රයා වන ‘ඉසුරු’ නැමැත්තා විසින් ‘කරන්දෙණිය සුද්දා’ගේ මස්සිනාගේ විදෙස්ගතව සිටින පුත්‍රයාට දුරකතන ඇමතුමක් ලබාදී තිබීමය.
එහිදී ඔහු “උඹේ තාත්තා මැරුවෙ මම. මගේ තාත්තා මරපු හින්දා.” යනුවෙන් පවසා තිබේ.
මේවනවිට ‘ඉසුරු’ නැමැත්තා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත ඇල්පිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මකයි.
+++
තවත් මන්ත්‍රී කෙනෙක්ගෙන් බිලි පූජාවක් – පොලිස්පතිටත් ඉහළින් ඉන්න මේ මාලිමාවේ මහලොකු ලොක්කා කවුද ? (05.11.2025)
+
ෆේස්බුක් සාදයක් වටලා 10 ක් අත්අඩංගුවට
(05.11.2025 – 16:40 +0530 – sinhala.adaderana.lk)
පානදුර ගොරකාන ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා එහි හිමිකරු, ඔහුගේ බිරිඳ ඇතුළු 10 ක් අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, බොරලැස්ගමුව, ගාල්ල, පස්සර සහ බදුල්ල ප්‍රදේශයේ පදිංචි 18 – 40 අතර වියේ පසුවන පිරිසක්ය.
අත්අඩංගුවට පත්වූවන් අතර සැකකරුවන්ට මත්ද්‍රව්‍ය සැපයූ පුද්ගලයා ද වන බව පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් අත්අඩංගුවට පත්වන මොහොතේ දී මත්ද්‍රව්‍ය භාවිතාකර සිට ඇති අතර, ඔවුන් සන්තකයේ ‘කොකේන්’ සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය සුළු වශයෙන් තිබී ඇත.
පානදුර උතුර පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ ෴
+++
+
ජර්මනිය සඳහා වන ෂෙන්ගන් වීසා පත්වීම් VFS Global හරහා පමණයි
(05.11.2025 – hirunews.lk)
2025 නොවැම්බර් 3 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ෂෙන්ගන් වීසා අයදුම්පත් සඳහා වන සියලුම පත්වීම් VFS Global විසින් මෙහෙයවනු ලබන නව මාර්ගගත පද්ධතියක් හරහා සිදු කරන බව මෙරට ජර්මානු තානාපති කාර්යාලය පවසනවා.
අයදුම්කරුවන් තම පත්වීම් VFS වෙබ් අඩවිය වන
https://visa.vfsglobal.com/lka/en/deu/login හරහා වෙන්කරවා ගැනීම දැන් අනිවාර්ය බවයි තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ.
මෙම නව ක්‍රමය හඳුන්වාදීමත් සමඟ, පෙර පත්වීම් පද්ධතිය යටතේ සිදු කරන ලද දැනට පවතින සියලුම ලියාපදිංචි කිරීම් කිසිදු බාධාවකින් තොරව දිගටම ක්‍රියාවට නංවනු ඇති බව ද තානාපති කාර්යාලය සහතික කරනවා.
මෙම වෙනස මගින් වීසා පත්වීම් ක්‍රියාවලිය විධිමත් කිරීමටයි අපේක්ෂා කෙරෙන්නේ ෴
පොලිස් මෙහෙයුමෙන් 736 ක් අත්අඩංගුවට
(05.11.2025 – hirunews.lk)
දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (04) සැකපිට පුද්ගලයින් 736 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අනුව, අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයින් සංඛ්‍යාව 16 ක්.
අත්අඩංගුවට ගෙන ඇති වරෙන්තුකරුවන් සංඛ්‍යාව 271 ක් වන අතර අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් සංඛ්‍යාව 194 ක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
මෙම විශේෂ පොලිස් මෙහෙයුමේදී බීමත් රියදුරන් 21 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴
දක්ෂිණ අධිවේගයේ ආරක්ෂක වැට කඩා පැන්න රියැදුරා අල්ලයි
(05.11.2025 – hirunews.lk)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට රුපියල් ලක්ෂ 10 කට අධික අලාභයක් සිදු කර පලාගිය ටිපර් රියැදුරෙකු අත්අඩංගුවට ගත් බව අධිවේගී රථවාහන පොලිසිය පවසනවා.
සැකකාර රියැදුරු ටිපර් රථය ගැටීමට සැලැස්වීමෙන් ආරක්ෂිත වැටේ යකඩ කණු 13 කට බරපතල හානි සිදුව තිබු බව පොලිසිය සඳහන් කරනවා.
සැකකාර පුද්ගලයා ඉකුත් මස 26 වෙනිදින ගාල්ල ප්‍රදේශයේ සිට කොළඹ දෙසට ටිපර් රථය ධාවනය කිරීමේදී කිලෝ මිටර් 17 ගැලණිගම කොළමැදිරිය ප්‍රදේශයේදී ආරක්ෂිත වැටේ ටිපර් රථය ගැටීමට සලස්වා ටිපර් රථය නොනවත්වා ධාවනය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
එම අවස්ථාවේදී කොළමැදිරිය පාලම මත සිටි සිවිල් පුද්ගලයකු සිය ජංගම දුරකථනයෙන් එය පටිගත කර පොලිසියට ලබාදීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී සැකකරු දින නවයකට පසු අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරු ආනමඩුව පදිංචිකරුවෙක්.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා බණ්ඩාරගම පොලිසිය වෙත බාර දී ඇත ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴