ශක්තිමත් සෞඛ්‍ය සේවයක් වෙනුවෙන් 2026 අයවැයට GMOA වෙතින් යෝජනාවලියක්

ශක්තිමත් සෞඛ්‍ය සේවයක් වෙනුවෙන් 2026 අයවැයට GMOA වෙතින් යෝජනාවලියක්


ශක්තිමත් සෞඛ්‍ය සේවයක් වෙනුවෙන් 2026 අයවැයට GMOA වෙතින් යෝජනාවලියක්

(04.11.2025 – 18:17 +0530 – sinhala.adaderana.lk)

වෛද්‍යවරුන් සහ රෝහල් පද්ධතිය මුහුණ දී ඇති ගැටළු විසඳමින් නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට තිරසාර සහ ශක්තිමත් වැඩපිලිවෙළක් වෙනුවේ එළැඹෙන 2026 අයවැය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

එම සංගමය පැවසුවේ රට තුළ පැවැති ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හමුවේ ප්‍රමාණවත් වැටුප් නොලැබීමත්, අහිතකර වෘත්තිය පරිසරයත්, අධික බදු බරත් හේතුවෙන් 2,000 කට අධික වෛද්‍යවරුන් පිරිසක් මෙරටට අහිමි වී ඇති බවත් තවත් 5,000 කට අධික පිරිසක්ද රට හැර යාමට සූදානම් වෙමින් පවතින බවත්ය.

තවද ඖෂධ සහ උපකරණ හිඟය, රෝගී සත්කාර සේවා ලබා දීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම, රෝගීන්ට අවශ්‍ය පහසුකම් නොමැතිවීම සහ රෝහල් පද්ධතිය තුළ අනාරක්ෂිත බව වැනි ගැටලු හේතුවෙන් සෞඛ්‍ය සේවාව පවත්වා ගැනීම දැඩි අභියෝගක් බවත් මෙම ප්‍රවණතාවන් අඛණ්ඩව පැවතුණහොත් මෙරට රෝහල් පද්ධතිය බිඳ වැටීම වළක්වා ගත නොහැකි බවත් එම සංගමය පෙන්වා දී තිබේ.

මේ හේතුවෙන් වෛද්‍යවරුන් රට තුළ රැඳි සිටීම දිරිමත් කිරීම සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ ගැටලු විඳීමට ප්‍රමුඛතාව ලබා දෙන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාව වෙනුවෙන් එකී වැඩපිලිවෙළක මූලික අඩිතාලම දැමීමට හැකි වන පරිදි අට වැදෑරුම් යෝජනාවලියක් එම සංගමය විසින් රජය වෙත ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාවලිය පහතින් :

  1. විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කිරීම අරමුණු කරගනිමින්, ආර්ථික ස්ථායිතාවය තහවුරු කිරීම හා තෘප්තිමත් වෘත්තීය පරිසරයක් බිහි කිරීම වෙනුවෙන් කාල රාමුවක් සහිත තිරසාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.
  2. රෝහල් පද්ධතිය තුළ පවතින ඖෂධ සහ උපකරණ හිඟය තිරසාර ලෙස විසඳමින්, ඖෂධ සැපයුම් ක්‍රියාවලියේ ගුණාත්මකබව සහ අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහා කෙටිකාලීන සහ දීර්ඝකාලීන උපාය මාර්ග සහිත ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම.
  3. රෝහල් පද්ධතිය තුළ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම, අවශ්‍ය නව නීති ප්‍රතිපාදන හඳුන්වාදීම සහ සෞඛ්‍ය ආයතන වලට ආවේණික වූ ක්‍රියාකාරී සැලසුම් ස්ථාපිත කිරීම.
  4. සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින සේවා අවශ්‍යතාවයන් සහ අනාගත සේවා පුළුල් කිරීම් විශ්ලේෂණය කර, සෞඛ්‍ය පද්ධතියේ අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ප්‍රක්ෂේපණය කිරීම සහ ඊට අනුරූපව අනුමත වෛද්‍යවරුන්ගෙ සංඛ්‍යාව හැකි ඉක්මනින් යාවත්කාලීන කිරීම.
  5. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අධ්‍යාපන, පශ්චාත් උපාධි සහ පුහුණු අවස්ථා පුළුල් කිරීම මගින් රෝගි සත්කාරක සේවාවේ ගුණාත්මකභාවය ඉහල නැංවීම.
  6. රෝහල් පද්ධතිය තුළ රෝගී සත්කාර සේවාවන් ලබාදීමේදී, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඒ සඳහා අවශ්‍ය නිල නිවාස, ප්‍රවාහන පහසුකම් ඇතුලු මූලික යටිතල පහසුකම් ප්‍රමිතිගත ලෙස ස්ථාපිත කිරීම තුළ යහපත් වෘත්තිය පරිසරයක් බිහි කිරීම.
  7. රෝහල් පද්ධතිය තුළ රෝගීන් සඳහා ලබාදෙන ය‌ටිතල පහසුකම් හා සනිපාරක්ෂක පහසුකම් වල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම.
  8. ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයකින් යුතුව ක්‍රමවේදයක් සැකසීම සහ ඒ හරහා සෞඛ්‍ය සේවාවන් ජනතාවට වඩා සමීප කිරීම ෴

2025 වසරේ දැනට වාහන දෙලක්ෂ විසිදහසක් (2,20,000) ලංකාවට

(04.11.2025 – hirunews.lk)

2025 වසරේ මෙතෙක් වාහන 220,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති අතර, ඒ හරහා රේගු ආදායමෙන් රුපියල් බිලියන 587.11 ක් උපයා ඇති බව වාර්තා වනවා.

ඒ අනුව 2025 වසරේ ආනයනවලින් රාජ්‍ය ආදායමට ලැබුණු විශාලතම තනි දායකත්වය එම ආදායම බව නිලධාරීන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවට දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් කාරක සභාවට ඉදිරිපත් කරන ලද දත්තවලට අනුව, ඔක්තෝබර් 14 වන දා වන විට මෝටර් රථ 55,447 ක්, භාණ්ඩ ප්‍රවාහන වාහන 7,331 ක්, යතුරුපැදි 142,524 ක්, ත්‍රිරෝද රථ 15,035 ක් සහ මගී බස් රථ හා වෑන් රථ 1,679 ක් රේගුව හරහා නිෂ්කාශනය කර ඇති බව සඳහන්.

මෙම වසරේ සමස්ත රේගු ආදායමෙන් 37% ක් වාහන ආනයන ආදායමෙන් ලැබුණු බව නිලධාරීන් පැවසූ අතර, එමගින් දෙපාර්තමේන්තුවට නියමිත කාලයට බොහෝ කලකට පෙර සිය වාර්ෂික ආදායම් ඉලක්කය ඉක්මවා යාමට හැකි වී තිබෙනවා.

සැප්තැම්බර් 30 වන විට රේගුව රුපියල් බිලියන 1,737 ක් එකතු කර ඇති අතර, එය රුපියල් බිලියන 1,485 ක අපේක්ෂිත ඉලක්කයෙන් 117% ක ප්‍රතිශතයක් ෴


දැරියක දූෂණය කර තවත් දැරියක අපයෝජනය කළ පරිවාස නිලධාරියෙක් රිමාන්ඩ්

(04.11.2025 – hirunews.lk)

ළමා සංවර්ධන මධ්‍යස්ථානයක රැකවරණය යටතේ සිටි 15 හැවිරිදි දැරියක බරපතළ ලෙස දූෂණය කර තවත් දැරියක බරපතළ අපයෝජනයකට ලක් කළ පරිවාස අධීක්ෂණ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව දෙහිඅත්ත කණ්ඩිය පොලිසිය පවසනවා.

ඉකුත් 31 වැනිදා ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවත්, එම ළමා නිවාසයේම පරිවාස නිලධාරියකු වශයෙන් සේවය කරමින් සිටි සැකකරු මෙම අපරාධය සිදු කර ඇති බවත් පොලිසිය කියනවා.

පොලිසිය වැඩිදුරටත් පවසන්නේ සැකකරු දෙහිඅත්ත කණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ඇති බවයි ෴


අම්බලන්ගොඩදී ඝාතනය වූණේ සජබ අපේක්ෂකයෙක්

(04.11.2025 – hirunews.lk)

අම්බලන්ගොඩ නගර සභාව අසලදී වෙඩි තබා ඝාතනය කළ ‘මිරන්ත වරුෂවිතාන’ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයකු බව සමගි ජන බලවේගයේ අම්බලන්ගොඩ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා ප්‍රකාශ කරනවා.

ඔහු පැවසුවේ මිරන්ත අම්බලන්ගොඩ නගර සභාවේ සමගි ජන බලවේගයේ සමගාමී ලැයිස්තුවේ අපේක්ෂකයෙක් වශයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ බවයි.

මීට පෙරද මිරන්ත අම්බලන්ගොඩ නගර සභාවට තරග කළ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරිකයකු බවද ශාන් විජයලාල් ද සිල්වා ප්‍රකාශ කරනවා.

මියගිය මිරන්ත ධීවර රැකියාවේ නියුතු වන අතර ඔහු සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වශයෙන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ කටයුතු කළ බව ද ශාන් විජයලාල් ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ මෝදර දේවාලයේ සභාපතිවරයා බව තහවුරු කළ ආරංචි මාර්ග පවසනවා.

මෙසේ මියගියේ අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි මිරන්ත වරුෂවිතානයි.

මෙම වෙඩි තැබීම සිදුවුයේ අද (04) උදෑසන අම්බලන්ගොඩ නගර සභාව අසලදීයි.

සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔහු කරන්දෙණිය සුද්දාගේ මස්සිනා බවටයි තොරතුරු වාර්තා වෙන්නේ ෴


දුම්කොළ සහ මද්‍යසාර ප්‍රධාන ලෙඩ 200කට හේතුවක් බව හෙළිවෙයි

(04.11.2025 – 22:26 +0530 – sinhala.adaderana.lk)

දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය රෝග 200කට පමණ හේතුවන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.

දුම් රහිත දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය අවම කිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (04) පැවති වැඩමුළුවකදී මෙම අදහස් පලවුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය හේමන්ත අමරසිංහ මහතා :

“දුම්කොළ සහ මද්‍යසාර ප්‍රධාන ලෙඩ 200කට හේතුවක්. දුම්කොළ සහ මද්‍යසාර නිසා දිනකට 110 ක් මිය යනවා. මේ සංඛ්‍යාව වැඩිවන විට මියයන ගණනත් වැඩි වෙනවා. බුලත් විට භාවිතය අඩුවෙන්නේ නැහැ. කොච්චර දැනුම්වත් කළත් භාවිතය අඩු වෙන්නේ නැහැ.”

දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසා සිටියේ, “දුම්කොළ භාවිතයේ බරපතළ චිත්‍රයක් අප පසුපස තියෙනවා. දුම්කොළ භාවිතය නිසා එකවර මිය යන්නේ නැහැ. රෝගීන් වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරනවා. රුපියල් බිලියන 204 ක් පමණ වියදම් කරනවා. අධිවේගී මාර්ග 3 ක්, මොරගහකන්ද ජලාශ දෙකක් (2) හදන මුදල්. එච්චර මුදල් ප්‍රමාණයක් අකාලයේ දවා අළු කරනවා” ෴

+++

+


BYD වාහන රේගුවෙන් මුදා හැරීමේ ප්‍රමාදයට විසඳුම් ඉල්ලා විරෝධතාවක්

(04.11.2025 – 15:46 +0530 – sinhala.adaderana.lk)

BYD වාහන රේගුවෙන් මුදා හැරීමේ ප්‍රමාදයට විසඳුම් ඉල්ලා අද (04) කොළඹදී විරෝධතාවක් පැවැත්විණි.

ඒ කොළඹ පිහිටි BYD වාහන ප්‍රදර්ශනාගාරය ඉදිරිපිටදීය.

එහිදී විරෝධතාකරුවන් සඳහන් කර ඇත්තේ ශ්‍රි ලංකා රේගුව විසින් BYD වාහන රඳවා තබා ගැනීමට ගෙන ඇති තීරණය හේතුවෙන් එම වාහන සාමාන්‍ය පරිදි මිලදී ගැනීමට බාධා මතුව ඇති බවය.

එම නිසා ශ්‍රී ලංකා රේගුව ඇතුළු වගකිව යුතු පාර්ශව මැදිහත්ව කඩිනමින් ඊට විසඳුම් ලබා දිය යුතු බවත් විරෝධතාකරුවන්ගේ ඉල්ලීම විය.

මීට මාස කිහිපයකට පෙර මෙරටට ආනයනය කළ BYD වාහන රඳවා තබා ගෙන පරීක්ෂා කිරීමට රේගුව කටයුතු කළ අතර ඒ මෙතෙක් අනුගමනය කළ නිල ක්‍රියා පටිපාටියට අනුව වාහනයේ නිෂ්පාදකයාගේ සහතිකය පිළිනොගන්නා බව පවසමිනි.

කෙසේ නමුත් BYD වාහන රඳවා තබා ගැනීම පිළිබඳව අධිකරණ කටයුතු තවමත් සිදුවන බැවින් JKCG Auto සමාගම නිවේදනය කර ඇත්තේ පවතින තත්ත්වයට සාධාරණ විසඳුමක් රේගුව පාර්ශ්වයෙන් කඩිනමින් ලැබෙනු ඇති බවට අපේක්ෂාවෙන් පසුවන බවය ෴


අධි­රු­ධිර පීඩ­න­යට කැල­ණිය සර­ස­වි­යෙන් තනි පෙත්තක්

(05.11.2025 – dinamina.lk)

අධි­රු­ධිර පීඩ­න­යෙන් පෙළෙන රෝගීන් සඳහා දෙනු ලබන ත්‍රිත්ව පෙති මාත්‍රාව වෙනු­වට පෙති තුනේම ඖෂධ ගුණය කැටි කර ගත් එක් පෙත්තක් ලොව ප්‍රථම වරට නිප­ද­වී­මට කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය කණ්ඩා­ය­මක් සමත්ව තිබේ.

මේ ඖධය හඳුන්වා­දීමේ මාධ්‍ය හමු­වක් කැල­ණිය විශ්ව­වි­ද්‍යාල පරි­ශ්‍ර­යේදී පෙරේදා (03) පැවැ­ත්විණි.

කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය පීඨයේ සාය­නික අත්හදා බැලීම් ඒක­කය මූලි­ක­ත්වය ඇතිව දිව­යිනේ රෝහල් කිහි­ප­යක් සහ විදේ­ශීය විශ්ව­වි­ද්‍යාල කීප­යක් සහ පර්යේ­ෂණ ආය­තන එක්ව ඉකුත් 2016 වසරේ සිට සිදු කරනු ලැබූ සාර්ථක පර්යේ­ෂ­ණ­යක ප්‍රති­ඵ­ල­යක් ලෙස මෙම නව ඖෂ­ධය සොයා­ගෙන තිබේ.

අධි­රු­ධිර පීඩ­නය හේතු­වෙන් මොළය අභ්‍ය­න්ත­රයේ සිදු­වන ලේ ගැලීම හෙවත් ආඝා­තය පාල­නය කිරී­මට හැකි­වීම මෙම ඖෂ­ධයේ විශේ­ෂ­ත්ව­යකි. සෑම වස­ර­කම ලොව පුරා පුද්ග­ල­යන් මිලි­යන විස්සක් (20) ආඝාත තත්ත්ව­යට ගොදුරු වන අතර මේ අත­රින් අවම වශ­යෙන් සිය­යට දහ­යක රෝගීන් මොළයේ අභ්‍ය­න්තර රුධිර වහ­නය නිසා හට ගන්නා තත්ත්ව­යට ගොඳුරු වෙන බවත් පර්‍යේ­ෂ­කයෝ පෙන්වා දෙති.

පසුව සුව වුවද නැවත ආඝාත තත්ත්ව­ය­කට පත්වීමේ අවස්ථා ඉහළ බවත් ඒ සඳහා ත්‍රිත්ව ප්‍රති­කාර අධ්‍ය­ය­නය ‘ට්‍රයි­ඩන්ට්’ [TRIDENT] ආඝාත වැළැ­ක්වීමේ හැර­වුම් ලක්ෂ්‍ය­යක් ලෙස සොයා­ගෙන ඇත. මොළයේ අභ්‍ය­න්තර රුධිර වහ­නය ඇති රෝගීන් තුළ නැවත නැව­තත් ආඝාත තත්ත්ව­යට ගොඳුරු වීම වැළැ­ක්වීම සඳහා වඩාත් තිව්‍ර රුධිර පීඩන පාල­න­යක බල­පෑම තීර­ණය කිරීම අර­මුණු කර ගත් මෙය ජාත්‍ය­න්තර වශ­යෙන් සිදු­කළ වෛද්‍ය පර්යේ­ෂ­ණ­යක් බව මේ මාධ්‍ය හමුවේ දී කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ඖෂ­ධ­වේ­දය පිළි­බඳ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය සහ වෛද්‍ය පීඨයේ සාය­නික අත්හදා බැලීම් ඒක­කයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය අසිත ද සිල්වා මහතා පැව­සු­වේය. ශ්‍රී ලංකාව දකුණු ආසි­යාවේ ඉහ­ළම ආඝාත මරණ අනු­පා­ත­ය­කට මුහුණ දෙන රටක් වන බැවින් මෙම නව සොයා­ගැ­නීම අපේ රටේ අධි­රු­ධිර පීඩ­න­යෙන් පෙලෙන රෝගී­න්ටද ඉම­හත් අස්වැ­සි­ල්ලක් වන බව ද හෙතෙම කීවේය.

ශ්‍රී ලංකාවේ ජන­ග­හ­නය මිලි­යන 22 ක් ජීව­ත්වන අතර ඉන් වැඩි­හි­ටි­යන් 1000 කට සිය­යට 10.04 ක් ආඝාත තත්ත්ව­යට ගොදු­රුව ඇති බවත් වාර්තා වී ඇතැ­යිද කීවේය. ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය මගින් අත්‍ය­වශ්‍ය ඖෂ­ධ­යක් හැටි­යට මෙම ඖෂ­ධය අනු­මත කර ඇති බවත් මේ සඳහා සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ පූර්ණ අනු­ග්‍ර­හ­යද ලැබී ඇති බවත් ඒ මහතා කීවේය. ශ්‍රී ලංකාවේ රෝහල් එකො­ළ­හක (11) රෝගීන් 700 ක් මෙම අධ්‍ය­ය­න­යට සහ­භාගි කරවා ගෙන ඇති අතර පෙති ත්‍රිත්ව­යක් (3) එක් කොට සැකසූ නව තනි පෙත්ත (1) භාවි­තය හේතු­වෙන් රෝගී­න්ගෙන් සිය­යට හැත්තෑ­වක (70%) පමණ 140/90 ප්‍රමා­ණ­යක හෝ ඊට අඩු රුධිර පීඩන මට්ටම් ලබා ගැනී­මට හැකිවූ බව ද මෙහි දී වෛද්‍ය­වරු කීහ. හෘද රෝග විශේ­ෂඥ වෛද්‍ය ගාමිණී ගල­ප්පත්ති හෘද රෝග විශේ­ෂඥ වෛද්‍ය ගෝඨා­භය රණ­සිංහ ස්නායු රෝග විශේ­ෂඥ වෛද්‍යය බිම්සර සේනා­නා­යක ස්නායු­රෝග විශේ­ෂඥ මහා­චාර්ය උදය රණ­වක ඇතුළු පිරි­සක් මෙහි දී අද­හස් දැක්වූ අතර කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය නිලන්ති ද සිල්වා මහ­ත්මි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැති මෙම මාධ්‍ය හමුව කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලීය ජන­ස­න්නි­වේ­දන අධ්‍ය­යන අංශය විසින් සංවි­ධාන කර තිබිණි.


මාලිමා සමූප චන්ඩි බේරුවලින් වැඩ පටන් ගනියි (04.11.2025)

+

කොටපොල – බේරුවල ජේවීපී මැරයෝ පරාජයෙන් වියරු වැටෙති (04.11.2025)

+

නලින්ද ජයතිස්සගේ උම්මා දෙන්ඩ හිතෙන හුරුබුහුටි කතා (04.11.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *