කිලිනොච්චියේ දී STF නිලධාරීන්ට පහර දුන් පිරිසක් අත්අඩංගුවට

කිලිනොච්චියේ දී STF නිලධාරීන්ට පහර දුන් පිරිසක් අත්අඩංගුවට


කිලිනොච්චියේ දී STF නිලධාරීන්ට පහර දුන් පිරිසක් අත්අඩංගුවට

(03.11.2025 – 19:42 +0530 – sinhala.adaderana.lk)

කිලිනොච්චිය, රාමනාදපුරම් ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට, ප්‍රදේශවාසීන් පිරිසක් පහරදී තිබේ.

පහරදුන් පිරිස, නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු ද මුදාගෙන පලාගොස් තිබුණි.

ප්‍රහාරයට සැකපිට දසදෙනෙකු (10) මේවනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර කාන්තාවන් 5 දෙනෙකු ද සිටි.

කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් රාමනාදපුරම්, සුඩලකුලම් ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට ඊයේ (02) පෙරවරුවේ ගොස් තිබුණි.

ඊට සම්බන්ධ සැකකරුවෙකු (1) එහිදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී , තවත් පිරිසක් එහි කඩාවැදී ඇත්තේ යකඩ පොලු සහ ලී පොලු රැගෙනය.

ඔවුන් එහි සිටි නිලධාරීන්ට පහරදී පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරු මුදාගෙන එම ස්ථානයෙන් පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් දෙදෙනෙකු (2) මේ වනවිට කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සටියි.

පහරදුන් පිරිස සොයා රාමනාදපුරම් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුම් ආරම්භ කළ අතර එම ප්‍රදේශයේම පදිංචි සැකකරුවන් 5 දෙනෙකු සහ සැකකාරියන් 5 දෙනෙකු ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වයස අවුරුදු 16 ත් 32 ත් අතර හා සැකකාරියන් වයස අවුරුදු 26 ත් 45 ත් අතර වයස්වල පසුවන අය බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන් සියලුදෙනා කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

+


වයඹ පළාතේ ජනතාවට විශේෂ නිවේදනයක්

(03.11.2025 – 22:19 +0530 – sinhala.adaderana.lk)

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක් දින සේවා රාජකාරි කටයුතු අද (03) දින සිට ආරම්භ කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ඒ අනුව වයඹ පළාත් ජනතාවට ‘එක් දින සේවය මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම හා ඒ සම්බන්ධ අනෙකුත් සේවාවන්’ වඩාත් පහසුවෙන් සිදුකර ගැනීමට හැකිවනු ඇත.

පළාත් කාර්යාලයේ ලිපිනය :

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වයඹ පළාත් කාර්යාලය,
03 වන මහල,
නව වෙළඳ සංකීර්ණය,
කුරුණෑගල

දුරකථන අංකය : 037 222 4337
ෆැක්ස් අංකය : 037 222 4337


පාසල් වේලාව දීර්ඝ කිරීමේ තීරණය ගැන අගමැති මෙනෙවිය කියන කතාව

(03.11.2025 – 18:36 +0530 – sinhala.adaderana.lk)

පාසල් කාලය පැය භාගයකින් (½) දීර්ඝ කිරීමේ තීරණය ගනු ලැබුවේ වෘත්තීය සමිති ඇතුළු අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව අග්‍රාමාත්‍ය අචාර්යය හරිනි අමරසූරිය මෙනෙවිය පවසන්නීය.

වෙනස්කම් සිදුකිරීමේදී විවිධ අදහස් මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි.

කෙසේවෙතත් පාසල් පැවැත්වෙන කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ කිසිදු කරුණු අධ්‍යයනයකින් කිරීමකින් තොරව බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය පවසයි.

අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පැවසුවේ, ආණ්ඩුව එම තීරණය ගැනීමට හේතුවු කරුණු සම්බන්ධයෙන් අනාවරණය කළ යුතු බවය.

සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි පැවසුවේ, අදාළ තීරණය සම්බන්ධයෙන් පැවැත්වු සාකච්ඡාවලදී මේ දක්වා කිසිදු එකඟතාවක් පළ කර නොමැති බවය.

කෙසේවෙතත් පාසල් වේලාව වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කුලියාපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය අචාර්යය හරිනි අමරසූරිය ‍මෙනවිය පළ කළේ මෙවන් අදහසකි :

“අපි මේ අවුරුද්ද පුරාම වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කරා. සංවාද කරා. ඒ විතරක් නෙමෙයි අපි ගුරුවරු එක්කත් විදුහල්පතිවරු එක්කත් සාකච්ඡා කළා. ඒ හරහා තමා පැය භාගයක වැඩිකිරීමක් කරන්න අපි තීරණය කරලා තියෙන්නේ. සති දෙකකට විතර කලින් අමාත්‍යාංශයෙනුත් ඒ පිළිබඳ චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. මේක කරන හැටි මොඩල් ටයිම්ටේබල් විදුහල්පතිවරුන්ට යවලා තියෙනවා. මේ වගේ වෙනසක් එද්දි විවිධ අදහස් එන එක සාමාන්‍යයි. බිම් මට්ටමේ මේක ක්‍රියාත්මක කරන්න බැහැ කියලා ලොකු විරෝධයක් පේන්න නෑ” ෴

+++

+++

+


සිසුවියකට අතවර කළ සරසවි ආචාර්යවරයා ගැන පරීක්ෂණයක්

(03.11.2025 – 16:40 +0530 – sinhala.adaderana.lk)

වයඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු විසින් සිසුවියක්ව බලහත්කාරයෙන් සිය නේවාසිකාගාරයේ රඳවා ගනිමින් අතවර කිරීමක් සිදුකර ඇතැයි යන සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විධිමත් පරීක්‍ෂණයක් සිදුකරන බව අග‍්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ, වයඹ විශ්වවිද්‍යාලයේ කොරියානු රජයේ ආධාර යටතේ ඉදිකිරීම් සිදුකර ඇති තාක්‍ෂණවේදී ජාතික විද්‍යාපීඨය නිල වශයෙන් භාරදීමේ ජාතික උත්සවයට අද (03) සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එමෙන්ම එම පරීක්ෂණ කටයුතු ඉතාම ස්වාධීනව හා අපක්‍ෂපාතීත්වයෙන් යුතුව කමිටුවක් මඟින් ක‍්‍රියාත්මක වන බවත් අග‍්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එහිදී වැඩිදුරටත් පවසා ඇත.

උත්සවයෙන් පසුව අදාළ සිදුවීම පිළිබඳව පැමිණිලි කිරීමට විශ්වවිද්‍යාලයේ වත්මන් ශිෂ්‍ය සභාපතිවරයා ඇතුළු සිසුන් පිරිසක් පැමිණ තිබූ අතර ඉන් දෙදෙනෙකුට (2) අග‍්‍රාමාත්‍යවරිය මුණගැසී අදාළ සිදුවීම පිළිබඳව ලිඛිතව හා වාචිකව දැනුම්දීමට අවස්ථාව හිමිව තිබේ ෴


ඊයේ (02) අහු උනේ එන්න තියෙන කුඩු කිලෝ 1000 න් ටිකක් විතරයි. මුන් මාව මරල දාන්න කංජිපානීට ඕඩර් එක දීල (03.11.2025)

+


දරුවා මරා සියදිවි නසාගත් අම්මා…| පිළිකාව ඇතුළු රෝග සුව කරන මාවත… – ධම්මරාජ මහා බෝසතානෝ (03.11.2025)

+


CCTV දර්ශන සේරම අපි ගාව තියෙනව මවක් සහ පියෙක් සීලරතන හිමි සමග පොලිස් මූලස්ථානයට (03.11.2025)

+++

+++

+


ලයිසන් වංචාවෙන් ටුවරිසම් කෙලවන හැටි ! (03.11.2025)

+


මේ වැඩසටහන CIDයට කරන ප්‍රසිද්ධ පැමිණිල්ලක් ලෙස සලකන්න (03.11.2025)

+

විකෘති ලිංගිකයන්ට ද පාසල් පොත්වල පාඩම් තියෙන්නෙත් ? දැන් රටේ AIDS රෝගියෝ කීදෙනෙක් ඉන්නවාද ? (03.11.2025)

+

අනුරගේ ආණ්ඩුව නායයෑම බරපතළයි… කොටපොළ හොඳටම පරාදයි (03.11.2025)

+


මාලිමා ආණ්ඩුව ගෙදර යවන සටන පොහොට්ටුව අතට ගනියි – මහා ජන ගඟක් එක්වෙයි (03.11.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *