අගමැතිනියට ගුරු සංගම්වල විරෝධය
(02.11.2025 – hirunews.lk)
පාසැල් පැවැත්වෙන කාලසීමාව පස්වරු 02:00 දක්වා පැය භාගයකින් (½) දීර්ඝ කිරීම සම්බන්ධයෙන් බිම් මට්ටමේ කිසිදු ගුරුවරයෙකුගෙන් විරෝධයක් එල්ල වී නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඇය මේ බව කියා සිටියේ ඊයේ (01) මඩකලපුවේ පැවැති වැඩසටහනකදී.
මේ අතර එම ප්‍රකාශයට ගුරු සංගම් විරෝධය පළ කරනවා.
ඔවුන් චෝදනා කරන්නේ කිසිදු අධ්‍යනයකින් තොරව පාසැල් පැවැත්වෙන කාලසීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති අතර කිසිදු සාකච්ඡාවක් නොපවත්වා මෙලෙස තීරණ ගැනීම තුළින් අධ්‍යාපන ක්ෂේත්‍රය බරපතල තර්ජනයකට ලක්වන බවයි.
+
6 වසර සිසුන්ට සමලිංගික ක්‍රියාවන් ප්‍රවර්ධනය වෙන දේවල් උගන්වන්න නිර්දේශ කරලා (02.11.2025)
+
නිසි මිලක් නැතුව ලොකු ලූනු ගොවීහු අසරණ වෙති
(02.11.2025 – hirunews.lk)
දේශීය ලොකු ලූනු සඳහා වෙළෙඳපොලේ නිසි මිලක් නොමැතිව ප්‍රදේශ රැසක ගොවීන් තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.
මේ සදහා පිළියමක් ලෙස රජය සතොස හරහා රුපියල් 140 ක මිලකට ලොකු ලූනු මිල දී ගැනීමට ක්‍රමවේදයක් සකස් කළද, එම ක්‍රමවේදයට ගොවීන්ගෙන් තවමත් එල්ලවන්නේ දැඩි විරෝධයක්.
ලොකු ලූනු සදහා අවම වශයෙන් රුපියල් 220 ත් 240 ත් අතර මිලක් හෝ ලබා දෙන ලෙසයි ගොවීන් රජයෙක් ඉල්ලා සිටින්නේ.
යල කන්නයේ ලොකු ලූනු වගා කළ ගොවීන් සිය ලූනු අස්වැන්න නෙළා, මේ වනවිට මාස 3 ක පමණ කාලයක් ගතව ඇති නමුත් දේශීය ලොකු ලූනු සඳහා වෙළෙඳපොළේ නිසි මිලක් නොමැති වීම හේතුවෙන් ඒවා අලෙවි කරෙගත නොහැකිව ප්‍රදේශ රැසක ගොවීන් පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.
පොළොන්නරුව ඇළහැර ගොවිජන ව්‍යාපාරය යටතේ මෙවර අක්කර 700 ක පමණ ලොකු ලූනු වගා කර ඇති අතර, එම ව්‍යාපාරය යටතේ වගා කරන එක් ගොවියෙකු සතුව ලොකු ලූනු කිලෝ 10,000 ක පමණ ප්‍රමාණයක් පවතිනවා.
නමුත් ඒවා අලෙවි කරගත නොහැකිව තවමත් ගොවීන්ගේ නිවෙස් තුළ ගොඩගසා ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
මෙවැනි පසුබිමක රජය සතොස හරහා රුපියල් 140 ක මිලකට ලොකු ලූනු මිල දී ගැනීමට පියවර ගත් නමුත් පොළොන්නරුව, බකමූණ, ඇළහැර ඇතුළු ප්‍රදේශවල ගොවීන්ට සතොසට ලොකු ලූනු අලෙවි කිරීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන ඒමට සිදු වනවා.
ගොවීන් පවසන්නේ කිලෝමීටර් 40 ක පමණ දුරක් ගෙවා සතොසට ලොකු ලූනු අලෙවි කිරීමට ප්‍රවාහන වියදම පමණක් රුපියල් 10,000 ක් පමණ වැය වන බවයි.
+
රුපියල් 100 වතුර බෝතලය 140 ට විකුණුවාට රු. ලක්ෂ 05 ක දඩයක්
(02.11.2025 – hirunews.lk)
පාරිභෝගික සේවා අඥාපනත උල්ලංගණය කරමින් භාණ්ඩ අලෙවි කළ ව්‍යාපාරිකයින් 8 දෙනෙකුට රු.743,000 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
ඒ වැඩි මිලට භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරිම, මිල ප්‍රදර්ශනය නොකිරිම යන චෝදනා මතයි.
නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් විසින් කළ වැටලීමකට පසුවයි මෙම නඩුව ගොනුකර ඇත්තේ.
නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා ධර්මදාස හමුවේ නඩුව කැඳවා තිබුණා.
දඩ මුදල් ගෙවූ අය අතර රු. 100 ක් වටිනා වතුර ලිටර් 1 ක බෝතලයක් රු. 140 ට අලෙවි කිරිමට එරෙහිව රුපියල ලක්ෂ 05 ක දඩයක්ද පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳුන් දෙදෙනෙකුට (2) රුපියල් ලක්ෂය බැගින් ද දඩ මුදල් නියම කර තිබෙනවා ෴
බොයිලේරුවක් පුපුරායාමෙන් තරුණයෙක් මරුට
(02.11.2025 – hirunews.lk)
යටියන්තොට කිර්පෝරුව වතුයායේ රබර් කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් පුපුරා ගොස් තිබෙනවා.
එම පිපිරීමෙන් 25 හැවිරිදි තරුණයෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
+
අයිඩීඑච් රෝහලේ රැකවලෙන් පැන්න රැඳවියාගෙන් අතරමගදී ‘හතරවරං සුද්දයක්’
(01.11.2025 – hirunews.lk)
බන්ධනාගාරය භාරයේ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියකු වැසිකිළියට යන බව පවසා එහි ඡනේලයෙන් පැන එම රෝහල් පරිශ්‍රයේම පිහිටි ගොතටුව ‘සසර’ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකාවගේ ගෙල බැඳි රන් මාලය කොල්ල කා පලා ගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය පවසනවා.
මෙම සැකකරු රෝහලෙන් පැන යන අවස්ථාවේදී රෝහල් භූමිය තුළ ම පිහිටි ‘සසර’ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිය නිල කාමරයේ සිටි අධ්‍යක්ෂිකාව දෙසට පැන ඇති බවත්, එහිදී ඇය සමඟ පොර බදා ඇගේ ගෙල පැළඳ සිටි පවුම් දෙකක් (2) බර රන් මාලය සහ පෙන්ඩනය කොල්ලකා දිව ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.
අධ්‍යක්ෂිකාව සමඟ පොරබදා ඇගේ රන් කොල්ලකෑ සැකකරු එම ස්ථානයෙන් පලා ගොස් අසල තිබූ ත්‍රීරෝද රථයකට නැග ඇති බවත්, පසුව එම ත්‍රීරෝද රථයෙන් කළපළුවාව ප්‍රදේශයට ගොස් සිය සාක්කුවෙන් මුදල් සොයන මුවාවෙන් රඟපා එතැනින් ද පලා ගොස් තිබූ බව පොලීසිය පවසනවා.
ත්‍රිරෝද රථ රියැදුරු එම පුද්ගලයා පසුපස ලුහුබැඳ ගියත් ඔහු වහ වහා දිව ගොස් සැඟවුණු බව ද ත්‍රීරෝද රථ රියැදුරු කළ පැමිණිල්ලේ සඳහන් වු බව පොලිසිය පැවසුවා.
මෙලෙස බන්ධනාගාර ආරක්ෂාවෙන් මිදී පලා ගිය සැකකරු සොරකමක් සම්බන්ධයෙන් සැකපිට ගොතටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවකු බව ද වාර්තා වෙයි.
මෙලෙස පැන ගොස් ඇත්තේ දුම්රියපොල පාර, දෙමටගොඩ පදිංචි ‘සම්පත්’ නමැත්තෙක් බව පොලිසිය පවසනවා.
සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
එම රන් භාණ්වල වටිනාකම රුපියල් ලක්ෂ හයක් (6) පමණ වන බව ද පොලිසිය පවසනවා ෴
නුවරඑළියේ පෞරාණික සීතා අම්මාන් කෝවිල සොරුන් බිඳී
(02.11.2025 – hirunews.lk)
නුවරඑළිය, හග්ගල පිහිටි පෞරාණික සීතා අම්මාන් කෝවිල ඊයේ (01) දින රාත්‍රියේ බිඳ එම කෝවිලේ තැන් කිහිපයක ස්ථාන ගත කර තිබූ පඬුරු පෙට්ටි 06 ක් තුළ වූ මුදල් රැගෙන ගොස් ඇති බවට එම කෝවිලේ පාලක සභාව විසින් නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
එම කෝවිල තුල විශේෂයෙන් සකස් කරන පඬුරු පෙට්ටි 06 ක් තිබු බවත්, ඉන් හිස් පඬුරු පෙට්ටි 03 ක් කෝවිල අසළින් ගලා බසින ඇළ මාර්ගයකට වීසි කර දමා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම, කෝවිල තුල සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත ගබඩා කොට තිබූ උපාංගද සොරුන් විසින් රැගෙන ගොස් තිබෙනවා.
කෝවිල තුළ මුරකරුවෙකු සිටියත්, එම මුරකරු නිදා සිටි අවස්ථාවේ දී සොරුන් කෝවිල තුළට පිවිස මෙම සොරකම සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
නුවරඑළිය පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.
+
ආණ්ඩුව තිගැස්සුණු නුගේගොඩ රැළියේ තිරය පිටුපස අලුත්ම කතාව | සමන්තගේ කටින් පැන්න මාලිමා – ජවිපෙ ගැටුම (02.11.2025)
+
ඥානසාර හාමුදුරුවන්ට මරන තර්ජන… ආරක්ෂාව ඉල්ලුවට තවම ලැබිලා නෑ (02.11.2025)
+
ආණ්ඩුව නර්ස් නෝනා විකෘති කිරීම අකුළා ගනී… සමරිසි සෙල්ලමත් මග නවතී (02.11.2025)
+
සෙවනගලයි පැලවත්තයි විකුණං කන ක්‍රමේ මෙන්න! දවසට පැය 3 ක් නිදියන JVP යූනියන් ලොක්කෙක් (01.11.2025)
+
පුවක්දන්ඩාවේ නන්දලාල්, අර්ජුන මහේන්ද්‍රන්ගෙ අවතාරයක්! මහබැංකුවේ මහවංචා මෙන්න! (02.11.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴