නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුව කඩා වැටී හිමිවරු හත්නමක් (7) අපවත් වෙති; හයනමකට (6) තුවාල

නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුව කඩා වැටී හිමිවරු හත්නමක් (7) අපවත් වෙති; හයනමකට (6) තුවාල


නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුව කඩා වැටී හිමිවරු හත්නමක් (7) අපවත් වෙති; හයනමකට (6) තුවාල

(25.09.2025 – 07:02 +0530 – sinhala.adaderana.lk)

මැල්සිරිපුර පන්සියගම ප්‍රදේශයේ නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේ ප්‍රවාහනය සඳහා යොදාගත් ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණි.

පූජා භූමියේ පැවති ආගමික වතාවත් අවසන් කොට භාවනා කුටි වෙත අදාළ භික්ෂුන් වහන්සේ වැඩම කරන අවස්ථාවේ ඊයේ (24) රාත්‍රී 09:00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේ අදාළ රථය තුළ භික්ෂූන් වහන්සේ 13 නමක් සිට ඇති අතර, ඉන් භික්ෂූන් වහන්සේලා හත් නමක් (7) ජීවිතක්ෂයට පත්වුණි.

අනතුරෙන් තුවාල ලැබූ භික්ෂුන් වහන්සේ කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ පොල්ගහවෙල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණි.

අපවත් වූ භික්ෂූන් වහන්සේලා අතර විදෙස් ජාතික භික්ෂුන් වහන්සේ තෙනමක් (3) ද සිටින බව සඳහන්ය.

ඔවුන් රුමේනියා, රුසියා සහ ඉන්දීය යන ජාතික භික්ෂූන් වහන්සේලා බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් තවත් භික්ෂූන් වහන්සේ හය නමක් (6) තුවාල ලබා ඇති අතර උන්වහන්සේලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

භික්ෂුන් වහන්සේ කඳු මුදුනට රැගෙන ගිය ඩක්කුවෙහි ආධාරක කම්බියක් කැඩී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පල කරන අතර පන්සියගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

අනතුර සිදුවන අවස්ථාවේ දී භික්ෂූන් වහන්සේලා දෙනමක් (2) ඩක්කුවෙන් ඉවතට පැනීම හේතුවෙන් සුළු තුවාල ලබා දිවි බේරාගෙන ඇති අතර, සිව්නමක් (4) බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටී.

+++

(මැල්සිරිපුර පන්සිළුගම නාඋයන ආරණ්‍ය සේනාසනයේ ‘මාරක ඩක්කුව’ සැලසුම්කළ පිංවතාට සිහිපත් උනේ නැත්ද, කේබලය කැඩුණු විට ‘මාරක ඩක්කුවට’ සහ එහි සිටින මගීන්ට කුමක් සිදුවේවිද යන්න ? කේබලය තදවන විට තිරිංග ස්වයංක්‍රීයව අක්‍රීය වන ලෙසත්, කේබලය බුරුල් වන විට / කේබලය කැඩුණු විට තිරිංග ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ලෙසත්, තිරිංග පද්ධතියක් ‘මාරක ඩක්කුවට’ සවිකළ යුතුව තිබුණා – අමරසර)

(විපස්සනා භාවනාව යටතේ අනිත්‍ය සංඥාව වඩන විට, තමන්වහන්සේලා ගමන්කරන ‘මාරක ඩක්කුවේ’ කේබලය ද අනිත්‍ය බව නුවනින් වරින්වර මෙනෙහි කළා නම් මෙබඳු විපතක් සිදුනොවනු ඇත – අමරසර)

(ගමන්කරන මගීන්ගේ උපරිම බර කිලෝග්‍රෑම් 500 බව ‘මාරක ඩක්කුවේ’ සඳහන්කර තිබෙනවා. අනතුර සිදුවනවිට 13 නමක් ගමන්කරමින් සිට තිබෙනවා. ප්‍රඥා පාරමිතාව යටතේ ගණිතයේ සහ භෞතික විද්‍යාවේ මූලික සිද්ධාන්ත ආරණ්‍ය සේනාසනයේ භාවනා පාඨමාලා වලට ඇතුලත් කරන්න. එවිට වඩා බුද්ධිමත් භික්ෂූන්වහන්සේලා පිරිසක් ආරණ්‍ය සේනාසනයෙන් බිහිවනු ඇත – අමරසර)

(බිහිසුනු වනසතුන් සර්පයන් සිටින මහ වනාන්තරවල තිබෙන දුෂ්කර කඳු මුදුන් වලට ගොස් භාවනාකරන විට ඉක්මනින් නිවන් අවබෝධ වනවා යැයි ත්‍රිපිටකයේ සඳහන්ව තිබේද? ආරක්ෂා සහිත තැනිතලා බිම්වල සාදන ලද කුටිවල සිටිමින් භාවනා කරන්න බැරිද? පෙර පින් ඇති අය දම්දෙසුම අවසානයේදීම මගපල ලබාගෙන තිබේ – අමරසර)

+++

+++

+++

+++

+++

නා උයන ආරණ්‍යයේ ඩක්කුවේ පෙර දිනක භික්ෂුන්වහන්සේ අනාරක්ෂිතව වඩිනා හැටි | දර්ශන පෙළක් එළියට (25.09.2025)

+++

+++

නා උයන ඛේදවාචකය ගැන මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු වූ හැටි | ඩක්කුව පෙරළුනු ස්ථානය මුල්වරට එළියට (25.09.2025)

+++

නා උයනේ අපවත් වූ භික්ෂූන් වහන්සේලා ගැන විපක්ෂයත් ආණ්ඩුවත් පාර්ලිමේන්තුවේදී ශෝකය ප්‍රකාශ කරයි (25.09.2025)

+++

නාඋයන ආරණ්‍ය සේනාසනයේ අනතුරින් අපවත් වූ සහ තුවාල ලැබූ හිමිවරුන් මෙන්න..

(25.09.2025 – hirunews.lk)

මැල්සිරිපුර පන්සිළුගම නාඋයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරින් අපවත් වූ හිමිවරුන් හත් නමගේ නම් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

රුමේනියාවේ ධම්මරංසි හිමි (47), රුසියාවේ ධම්මරක්ඛිත හිමි (34), ඉන්දියාවේ ධම්මගවේෂී හිමි (34), නාවලපිටිය උත්තරනන්ද හිමි (27), උඩවලවේ සත්තසුමන හිමි (41), නුගේගොඩ විපස්සී හිමි (37), මල්වානේගම සමිද්ධ හිමි (47) මෙලෙස අපවත් වී තිබෙනවා.

තුවාල ලබා ප්‍රතිකාර ලබන හිමිවරුන් වන්නේ, ගල්නෑවේ පඤ්ඤාදීප හිමි (36), රාජගිරියේ ලෝකනිති හිමි (39), පොකුණු විට තමරසමාහිත හිමි (26), උණපානේ චන්ද්‍රසිරි හිමි (35), පන්නිපිටියේ ඉන්ද්‍රභාෂිත හිමි, අනින්වත්තේ සරණංකර හිමි යන ස්වාමීන් වහන්සේලායි ෴

+++

+++

+++

+


වෘත්තීය සමිති නායකයො තට්ටු ගෙවල් හදපු හැටි… 2015 දී ජේවීපී නායකයා කියූ හැටි (25.09.2025)

+

මර්වින් සිල්වලා දේශපාලනයෙන් ඉවත් විය යුතුයි – ඒ පුත්තු වගේ තවත් පුත්තු එපා (25.09.2025)

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *