පිටකොටුව පළමු හරස් වීදියේ ගොඩනැගිල්ලක ගින්නක්

පිටකොටුව පළමු හරස් වීදියේ ගොඩනැගිල්ලක ගින්නක්


පිටකොටුව පළමු හරස් වීදියේ ගොඩනැගිල්ලක ගින්නක්

(20.09.2025 18:36 +0530 – hirunews.lk)

විදුලි උපාංග අලෙවිසැලක අද (20) පස්වරුවේ හටගත් ගින්න මැඩපැවැත්වීමට කටයුතු සිදුකරමින් පවතින බව ගිනිනිවන හමුදාව පවසනවා.

මේ වන විට ගිනි නිවන රථ 12 ක් එම ස්ථානයට ගොස් ගින්න මැඩලීමට කටයුතු කරමින් සිටින බවද සඳහන්.

මෙම ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටරයක් යොදා ගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

ඒ අනුව ‘බම්බි බකට්’ මගින් මෙම ගින්න නිවිම සිදුකරන බවද ඔහු සඳහන් කළා.

මේ අනුව අනෙක් වෙළෙදසල්වලට ගින්න පැතිරීම වළක්වාලීමට කටයුතු කරමින් සිටින බව පොලීසිය පවසනවා.

පිටකොටුව පළමු වැනි හරස් වීථියේ ගොඩනැගිල්ලක හටගත් ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදාවේ ගිනි නිවන රථ දෙකක් (2) ද යැවූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.

+++

+++

++++++++++++++++++++
++++++++++++++++++++

+++

+++

++++++++++++++++++++++
++++++++++++++++++++++

+++

+++

+++

+++

+++

+++

+++

පිටකොටුවේ ගින්න පැය 03 කට පසු මැඩ පවත්වයි

(20.09.2025 – hirunews.lk)

පිටකොටුව පළමුවැනි හරස් වීදියේ විදුලි උපාංග අලෙවිසැලක අද (20) පස්වරුවේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වූ බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ පැය තුනකට (3) අධික කාලයක් තිස්සේ දැරූ මහත් පරිශ්‍රමයකින් අනතුරුවයි.

අද (20) පස්වරුවේ ඇතිවු ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 15 ක් යොදාගත් අතර, අනතුරුව ගුවන් හමුදාවේ බෙල් 212 ගුවන් යානයක සහායද ලබා ගැනීමට සිදු වුණා.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි ෴


බොරුකියන්න උගන්වන ජවිපේ පන්තිය මුල් වරට ලීක් වෙයි | මේ බොරු කියන ක්‍රම ඔබ දන්නවාද බලන්න (20.09.2025)

+++

“අනුර හිට්ලර්ගේ පුනරුත්පත්තිය” |ආණ්ඩුවේ ප්‍රභලයින්ගේ කතා කියලා ගම්මන්පිල ජනපති අනුර හිට්ලර්ට සම කරයි (20.09.2025)

+


79 වැනි එජාප සංවත්සරයේදී රනිල් කළ සම්පූර්ණ කතාව – “මෙතනින් නවතින්න බෑ.. ඊළඟ පියවර අපි ගන්න ඕනේ” (20.09.2025)

+


රනිල් සීයා කෙලින් මිනිහා සජබයි බුද්ධික තක්සලාවට (20.09.2025)

+


“රෙදි කඩාගෙන තර්ක කරන වත්කම් ජෙප්පෝ…” එක බත්මුල හිටගෙන කෑවේ (20.09.2025)

+

“රටම ඔල්මොරොන්දම් වුණු ජෙප්පන්ගේ වත්කම් තුන් තේරවිල්ල…” (20.09.2025)

+

“ජෙප්පො මන්ත්‍රී විශ්‍රාම වැටුපට කෙළින හේතුව…” කවියකින් කියලා තියෙනවා (20.09.2025)

+

“එජාප සමුළුවේදී චාමර සම්පත්ගේ ක්වික් සෙන්චරිය…” (20.09.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *