රතු නිවේදන නිකුත් කළ පාතාලයේ 15 ක් නීති කටයුතුවලින් පසු දිවයිනට – මහජන ආරක්ෂක ඇමති

රතු නිවේදන නිකුත් කළ පාතාලයේ 15 ක් නීති කටයුතුවලින් පසු දිවයිනට – මහජන ආරක්ෂක ඇමති


රතු නිවේදන නිකුත් කළ පාතාලයේ 15 ක් නීති කටයුතුවලින් පසු දිවයිනට – මහජන ආරක්ෂක ඇමති

(12.09.2025 – hirunews.lk)

රතු නිවේදන නිකුත් කර ඇති පාතාල සාමාජිකයින් 15 දෙනෙකු රුසියාව, ඕමානය, ඩුබායි සහ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඊයේ (11) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඒ අනුව එම පාතාල සාමාජිකයින් ඒ ඒ රටවල නීතිමය කටයුතු අවසන් වූ වහාම ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, ‘කෙහෙල්බද්දර පද්මේ’ සහ ‘කමාන්ඩෝ සලින්ත’ට ගිනි අවි සැපයූ චෝදනාවට අත්අඩංගුවට ගත් යුද හමුදා ලු‍තිනන් කර්නල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (12) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07 ක රැදවුම් නියෝග ලබාගැනීමට අපේක්ෂා කරන බව පොලිසිය සඳහන් කළා.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශනයකදීයි.

සැකකරු මල්ලාවි පරෙයිනගර් යුධ හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කරන ගාල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය භාරයේ රදවා සිටින ‘වලස්කටා’ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී යුද හමුදා නිලධාරියෙකු ජීප් රථයකින් පැමිණ ආයුධ ලබාදුන් බවට මීට පෙර අනාවරණ වී තිබුණා.

ඒ සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලු‍ගලගේ මෙහෙයවීම මත එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ද සිදු කළා.

එම විමර්ශනයෙන් අනාවරණ වී ඇත්තේ අදාළ අවි ආයුධ මල්ලාවී පලෙයිනගර් යුද හමුදා කඳවුරේ ලු‍තිනන් කර්නලයෙකු විසින් ඔවුන්ට ලබා දී ඇති බවටයි.

ඒ අනුව අදාළ යුද හමුදා ලු‍තිනන් කර්නල් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය වෙත කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණා.

සැකකරු කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජරයෙකු වශයෙන් කලක් සේවය කර ඇති අතර ‘කමාන්ඩෝ සලින්ත’ එම කාලයේදී ඔහු යටතේ රාජකාරී කර ඇති බවයි ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිව ඇත්තේ.

එම හැදුනුම්කම මත ‘කමාන්ඩෝ සලින්ත’ ඔහුගෙන් අවස්ථා කිහිපයකදීම ආයුධ ඉල්ලා ඇති අතර ඒ අනුව අදාළ නිලධාරියා විසින් ‘සලින්ත’ විසින් නම් කළ පුද්ගලයින්ට අවස්ථා දෙකක (2) දී උණ්ඩ ලබා දී තිබෙනවා.

එක් අවස්ථාවකදී උණ්ඩ 200 කුත් තවත් අවස්ථාවකදී උණ්ඩ 70 කුත් ලබා දී ඇති බවටයි සැකකාර ලුතිනල් කර්නල් ප්‍රකාශ කර ඇත්තේ.

ඒ වෙනුවෙන් අදාළ නිලධාරියාගේ ගිණුමකට රුපියල් හය ලක්ෂ පනස් දහසක (6,50,000) මුදලක් බැර කර ඇති බවටද අනාවරණ වී තිබෙනවා.

විමර්ශන නිලධාරීන් සැක කරන්නේ ඔහු විසින් අදාළ පාර්ශ්වයට ගිනි අවි ද ලබා දෙන්නට ඇති බවටයි.

එමෙන්ම, ගම්පහදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ සමඟ සමීප සබඳතා පැවැත්වූ බව කියන උප පොලිස් පරික්ෂක අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ රදවා ගෙන ප්‍රශ්න කෙරෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් කියා සිටියේ අදාළ උප පොලිස් පරීක්ෂක ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනියුක්තව රාජකාරි සිදු කරන අයෙකු බවයි ෴


අත්අඩංගුවට ගත් නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු නිලධාරීන් දෙදෙනාට (2) ඇප

(11.09.2025 – hirunews.lk)

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක සහ එහි හිටපු අධ්‍යක්ෂ – ඉඩම් සහ අභ්‍යන්තර තක්සේරු කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ වීරවංශ පෙරේරා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ අනුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම නියෝග කර ඇත්තේ ඔවුන් දෙදෙනා (2) රුපියල් ලක්ෂ 25 බැගින් ශරීර ඇප මත මුදාහැරීමටයි.

එසේම, ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කෙරුණා.

නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ 05, මයුර පෙදෙසේ පිහිටි පර්චස් 55.5 ක ඉඩම් කොටසක් තාවකාලික බදු පදනම මත ලබාදීමේදී එම අධිකාරීයට රුපියල් දෙකෝටි අනූපන් ලක්ෂ දහනමදාස් හයසිය හැට හයයි ශත 16 ක මුදලක් පාඩුකිරීමේ වරද මත මොවුන් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා ෴


රට අදුරට වට්ටන්නද යන්නේ? අපි කරන්න යන දේ 15 න් පස්සේ එළියට දාන්නම් (11.09.2025)

+


ඇල්ලේ පෙරලුණු බස් එක ගත්තේ රු. ලක්‍ෂ 55 කට .. තොරොම්බල් කරන්න රු. ලක්‍ෂ 70 ක් ගිහින් ..

(12.09.2025 – 12:00 +0530 – lankacnews.com)

පසුගිය දා ඇල්ල ප්‍රදේශයේදි 15 දෙනෙකුට මරු කැදවමින් තවත් විශාල පිරිසකට බරපතල ලෙස තුවාල සිදු වු බස් රථයේ වටිනාකමට වඩා බස් රථයේ මෝස්තර සදහා අයිතිකරු විසින් මුදල් වැය කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් (12) දින පැවසීය.

බස් රථ අනතුරේ විමර්ෂණ කටයුතු සදහා තමන්ද සහභාගි වූ බවත්, එහිදි බස් රථයේ අයිතිකරු සමග සාකච්ඡා කිරිමේදි බස් රථය රුපියල් ලක්ෂ 55 කට මිලදී ගෙන බස් රථයේ මෝස්තර සදහා රුපියල් ලක්ෂ 70 ක පමණ මුදලක් වැය කල බවත්, විනෝද චාරික සදහා යන පිරිස් වලින් මෝස්තර බස් රථවලට විශාල ඉල්ලුමක් පවතින නිසා තමන් එවැනි විශාල මුදලක් වැය කර බස් රථය විනෝද චාරිකා සදහා මෝස්තර යොදා බස් රථය අලංකාර කල බවද අයිතිකරු විසින් පැවසූ බවයි ජාලිය බණ්ඩාර මහතා කියා සිටයේ.

බස් රථයේ මෝස්තර සදහා විශාල මුදලක් වැය කර තිබුණද බස් රථයේ නිසි ලෙස නඩත්තු නොකර තිබූ බවට පරික්ෂණවලදී අනාවරණය වූ බවත්, බස් රථයේ තිරිංග පද්ධතියේ පසුපස ‘හබ්’ කොටසේ කාලයක් තිස්සේ ග්‍රීස් කාන්දුවක් තිබි ඇති බවට පරික්ෂණවලදී අනාවරණය වූ බවයි ජාලිය බණ්ඩාර මහතා කියා සිටියේ.

අධික බෑවුම් සහිත මාර්ගවල තිරිංග පද්ධතිය එක දිගට ක්‍රියාත්මක කරමින් වාහන ධාවනය කිරිමේදි වාහන වල රෝදවල ‘ඩ්‍රම්’ කොටස රත් වීම නිසා තිරිංග පද්ධතිය අක්‍රීය වන බවද ජාලිය බණ්ඩාර මහතා පැවසීය.

සංචාරයක් සදහා යෑමට ප්‍රථම තමන් තෝරා ගන්නා වාහනය ආරක්ෂාව පිලිබදව විශේෂ අවධානය යොමු කර එම වාහනය නිසි ලෙස නඩත්තු කර තිබේද සහ එම වාහනයේ රියදුරාගේ පල පුරුද්ද පිලිබදව විශේෂ අවධානය යොමු කරන ලෙසයි නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා සංචාරයන් සදහා යෑමට අදහස් කරන පිරිසගෙන් ඉල්ලා සිටින්නේ.

රංජිත් රාජපක්ෂ

(කඳු බැසීම පහළ ගියර් වලින් ‘ඇක්සලරේටරය’ නොපාගා කළයුතුයි; එවිට ‘එන්ජින් බ්‍රේකින්’ ක්‍රියාත්මක වේ; වේගය වැඩිවේගන එන විට ‘බ්‍රේක් පැඩලය’ තත්පර කීපයක් පාගා වේගය අඩුකළ යුතුයි; ඉහත බස්රථයේ අත්දැකීම් අඩු රියැදුරු ‘එන්ජින් බ්‍රේකින්’ භාවිතා නොකර තිරිංග පද්ධතියෙන් කඳු බැසීම කළා වියහැක – අමරසර)


නීතියට අවනත වී අමතර උපාංග ගැලවෙන ඔප දැමූ බස් – “තොරණ වගේ තියෙන ඒවා ඉක්මනින්ම ඉවත් කරන්න” (12.09.2025)

+


මේක මහා පළිගැනීමක් – මෙහෙම දෙයක් කලින් වුණේ නෑ – පොදු විපක්ෂ ප්‍රබලයෝ මහනා හිමිවරු හමුවෙති (12.09.2025)

+


ගම්මන්පිල අත්අඩංගුවට ගැනීමේ තීරණයක් නෑ – අභියාචනාධිකරණයට නීතිපතිවරයා දන්වයි (12.09.2025)

+


ඒකාධිපති රාජ්‍යයක ජේවීපී හීනය (12.09.2025)

+


මේක දේශපාලනික ත්‍රස්තවාදයක් – විජේරාමේ සිටියත් තංගල්ලේ සිටියත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි (12.09.2025)

+


කසල ගොඩකට තැබූ ගින්න පැතිරී ගොස් මෝටර් රථයක් අළු වෙයි

(12.09.2025 – hirunews.lk)

වීරගුල පොලිස් බලප්‍රදේශයේ නෙල්ලිගහමුල වැලි මාර්ගයේ පොල් ඉඩමක තිබූ කසල ගොඩකට තැබූ ගින්නක් පැතිරී ගොස් එම ඉඩම ඉදිරිපිට අතුරු මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක් ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බව වීරගුල පොලිසිය පවසනවා.

පොල් ඉඩමෙහි හිමිකරු අද (12) පස්වරු 01:00 ට පමණ සිය මෝටර් රථයෙන් පැමිණ පොල් ඉඩම ඉදිරිපිට අතුරු මාර්ගයේ මෝටර් රථය නවතා ඉඩමට ඇතුළු වී එහි තිබූ කසල ගොඩකට ගිනි තබා ඇති තිබෙනවා.

එහිදී මේ දිනවල පවතින අධික අව් රශ්මියක් සමග එම ගින්න තණපිඩලි හරහා පැතිර ගොස් මෝටර් රථය ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි පොලිසිය විසින් සිදුකල මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පසුව එම ස්ථානයට පැමිණි ගම්පහ ගිනි නිවන ඒකකය විසින් ගින්න පැතිර යාම මැඩ පවත්වා ඇති අතර, වීරගුල පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

+


eCourt ව්‍යාපෘතියේ පළමු අදියර ඇරඹේ

(12.09.2025 – 18:28 +0530 – sinhala.adaderana.lk)

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණ කටයුතු වේගවත් කිරීමේ වැඩසටහනෙහි පළමු පියවර ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල්කරණය කිරීමේ කටයුතු ආරම්භ කරමින් අධිකරණ eCourt ව්‍යාපෘතියෙහි පළමු අදියර වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කිරීම සහ නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවිය විවෘත කිරීම අග්‍රවිනිශ්චයකාර ප්‍රිති පද්මන් සුරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

විනිසුරු පුහුණු ආයතන පරිශ්‍රයේදී අද (12) පස්වරුවේ පැවති මෙම වැඩසටහන සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාද සහභාගී විය.

අධිකරණ සේවාවවල කාර්යක්ෂමතාවය ඉහළ නංවා මහජනතාවට ඵලදායී අධිකරණ සේවාවක් ලබාදීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කිරීම සහ නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවිය විවෘත කිරීම අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සුරසේන, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, මහින්ද සමයවර්ධන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මහත්වරුන් අතින් සිදු විය.

අධිකරණ කාර්යල තුළ සිදුවන දුෂණ අක්‍රමිකතා අවම කිරීම, අධිකරණ පිළිබඳව මහජන විශ්වාසය වර්ධනය කිරීම හා අධිකරණයට පැමිණෙන ජනතාවට සහ නීතිඥවරුන්ට කඩිනමින් සේවා ලබා ගැනීමේ පහසුව ලබාදීම ඩිජිටල්කරණ වැඩසටහනෙහි අරමුණ වේ.

පළමු පියවර වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිත අතර, ඉන්පසුව අභියාචනාධිකරණය, මහාධිකරණ, දිසා මහෙස්ත්‍රාත් අධිකරණ සහ සෙසු අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිතව තිබේ.

ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබද ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසුරිය මහතා මෙහි ප්‍රධාන දේශනය පවත්වන ලදී.

අධිකරණ දඩ ගෙවීම්, නඩු ගාස්තු, මුද්දර ගාස්තු, සහතික පිටපත් ගාස්තු යන සියලු ගෙවීම් බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ පහසුකම් අධිකරණ පද්ධතියට හදුන්වාදීම පසුගියදා සිදු වු අතර, ඒ යටතේ කොළඹ අවට අධිකරණ කිහිපයක් සඳහා ගෙව්ම් යන්ත්‍ර බෙදාදීම ද මෙහිදී සිදු විය ෴


ඇල්ලේ ඛේදවාචකයෙන් බරපතළ තුවාල ලබා සිටි කාන්තාවක් ජීවිතය හැරයයි

(12.09.2025 – 17:00 +0530 – sinhala.adaderana.lk)

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදුවූ බස් අනතුරින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද (12) ජීවිතක්ෂයට පත්ව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 41 හැවිරිදි නාමලී ගමගේ නැමති තංගල්ල නගර සභාවේ සේවිකාවක් බවය.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 16 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය සැප්තැම්බර් මස 04 වන දා රාත්‍රීයේ මෙම අනතුර සිදුව තිබූ අතර,එහිදී තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද මිය ගොස් තිබුණි.

තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබුණි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Video relating to Wimal Weerawansa. These people have no shame. It is disgraceful that these so called leaders were living like parasites using poor tax payers and government resources, while the citizens were lving in abject poverty. Now when their exceses were found out and exposed to the public, got thrown out of their palatial homes, they have the nerve to go and complain to prelates. What are the prelates going to do, they think? Are the prelates going to join these vultures and promote more parasitic living. Weerawansa is a scourge in the society, as we know how he was fattening up his family when he was a minister. Shame, shame, shame, and I hope the public will kick the ass of this man whenever he comes complaining. Hope that the prelates have reminded him how Prince Siddhartha abandoned all his wealth and entered the forest to reflect on the futility of wealth and luxurious lives to find wisdom. Of course people like Weerawansa does not even understand the word wisdom, he was such a fool!

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *