අනතුර සිදුවන මෙහොතේ බස්රිය පැමිණ ඇත්තේ හතරවැනි (4) ගියරයේ : RMV පරීක්ෂණයෙන් හෙළිවෙයි

අනතුර සිදුවන මෙහොතේ බස්රිය පැමිණ ඇත්තේ හතරවැනි (4) ගියරයේ : RMV පරීක්ෂණයෙන් හෙළිවෙයි


අනතුර සිදුවන මෙහොතේ බස්රිය පැමිණ ඇත්තේ හතරවැනි (4) ගියරයේ : RMV පරීක්ෂණයෙන් හෙළිවෙයි

(10.09.2025 – hirunews.lk)

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කණුව ආසන්නයේ දී 15 දෙනකුට මරු කැදවමින් අඩි දහසක් (1000) පමණ ප්‍රපාතයකට පෙරළී ගිය බස් රථයේ අනතුරට හේතුව බසයේ තිරිංග පද්ධතියේ දෝෂයක් මෙන්ම රියැදුරු බසය ධාවනය කර ඇත්තේ දැඩි බෑවුමේ හතරවන (4) ගියරයේ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමේ පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

මෙම පරීක්ෂණය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ විශේෂ කණ්ඩායමක් විසින් සිදුකරනු ලබනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික) අනුර බතීගම, ප්‍රධාන මෝටර් වාහන පරික්ෂක ප්‍රභාත් රජතේව, ප්‍රථාන මෝටර් රථ වාහන පරික්ෂකවරුන් වන නිශාන්ත හෙට්ටිආරච්චි (මහනුවර), ජාලිය බණ්ඩාර (නුවරඑළිය), හසිත රන්දෙණිය (කුරුණෑගල), හසිත් කුලතුංග (කෑගල්ල) යන අය සමග බදුල්ල ප්‍රධාන මෝටර් රථ වාහන පරික්ෂක (බදුල්ල) නුවන් චාමිකර කරවිට මෙයට එක්වී සිටියා.

මෙම කණ්ඩායම බණ්ඩාරවෙල දෝව ප්‍රදේශයේ ගරාජයක සේවක පිරිසකගේ සහාය මත මෙම බස් රථයේ සුන්බුන් කොටස් එකින් එක ගලවා පරික්ෂා කර තිබුණා.

එහිදී බසයේ ගියර් පෙට්ටිය ගලවා පරීක්ෂා කළ අතර එහිදී එම බස් රථයේ රියැදුරු අනතුර සිදුවන අවස්ථාව වනවිට එම බස් රථය ඇල්ල වැල්ලවාය මාර්ගයේ දැඩි බෑවුමක සිව්වන (4) ගියරයේ බවත්, බස් රථයේ තිරිංග පද්ධතියේ දෝෂයක් කලක සිට තිබූ බවටත් දැනට සිදුකළ පරීක්ෂණවලින් හෙළිව ඇති බවත් මෙම නිලධාරීන් හෙළිකරගෙන තිබේ.

තංගල්ල නගර සභා සේවක පිරිසක් සිය පවුලේ සාමාජිකයින් ද සමඟ නුවරඑළිය විනෝද චාරිකාවකට ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදී ඉකුත් (04) වැනිදා රාත්‍රී මෙම අනතුර සිදුව තිබුණා. මෙම බස්රථය අඩි 1000 කට අධික පල්ලමකට වැටී තිබුණා.

මෙම අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම්වරයා, බස්රථයේ රියැදුරු ඇතුළු 15 දෙනකු මරුමුවට පත්වුණා. 18 දෙනකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළා ෴

+++

ඇල්ල මාරක අනතුරට සම්බන්ධ බස් රථයේ හිමිකරු අත්අඩංගුවට

(10.09.2025 – hirunews.lk)

පසුගිය දා ඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරට අදාල බස් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඇල්ල පොලිසිය විසින්.

නිසි ලෙස බස් රථය නඩත්තු නොකිරීමේ චෝදනාව මතයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අදාළ බස් රථය පරීක්ෂා කිරීමෙන් අනතුරුව, අනතුරට පත් වන අවස්ථාවේ එම බස් රථයේ පිටුපස දකුණු රෝදයේ බ්‍රේක් අක්‍රිය වී තිබුණ බව අනාවරණය වුණා ෴


ගම්මන්පිලගේ සෙට් එක විමල් හමුවට – ගම්මන්පිල බේරගන්න කට්ටිය එකතු වෙයි (10.09.2025)

+


60 ක් එක්ක බස් එකක පෙරලුනා කියලා කෝල් එක ආවේ – කවුරුත් නොහිතපු කතාවක් අද (10) එළියට එයි (10.09.2025)

+


මත්ද්‍රව්‍ය වලට විරුද්ධ වු සිසුවාට අපතයෝ ටික ආබාධිත වෙනකම් ගහලා අරන්නායක පොලීසිය නිහඩයි (10.09.2025)

+


කවුද හලෝ මේ නංගි බබා – සුදාගේ ‘අයිස් නංගී’ නේද ?? අලුත් පියාපතේ නංගි ගොන් කතා කියන්න එපා (10.09.2025)

+


සපුගස්කන්ද මහා ගින්නේ තවත් දරුණුයි ?? අවට ජනතාව බියෙන් තැති ගනී (10.09.2025)(9 pm)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *