වෛද්‍ය පාලිත රාජපක්ෂ අදත් (09) පැය 06 ක් විනය පරීක්ෂණයේ

වෛද්‍ය පාලිත රාජපක්ෂ අදත් (09) පැය 06 ක් විනය පරීක්ෂණයේ


වෛද්‍ය පාලිත රාජපක්ෂ අදත් (09) පැය 06 ක් විනය පරීක්ෂණයේ

(09.09.2025 – hirunews.lk)

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේදී අඩි 1000 ක් පමණ ප්‍රපාතයට ඇද වැටුණු බසයේ තුවාලකරුවන් බේරාගැනීමට කටයුතු කළ බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාපක්ෂ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් පවත්වන විනය පරික්ෂණයේ අද (09) දෙවන දිනයටටත් පැය 06 ක ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

ඊයේ (08) දිනයේදී ද උදෑසන 09 සිට පස්වරු 04 දක්වා වෛද්‍යවරයා මෙලෙස ප්‍රකාශ ලබාදුන්නා.

වසර 2023 දී රෝහල්වල ඖෂධ නොමැතිවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත ප්‍රකාශයන් නිකුත් කිරිමට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් නිදහසට කරුණු විමසමින් මෙම විනය පරික්ෂණය ආරම්භ කර තිබුණා.

මේ වන විට එම විනය පරික්ෂණය රාජ්‍ය සේවා කොමිෂම මගින් පවත්වාගෙන යන අතර මෙම කාලය තුළ වෛද්‍යවරයාට උසස්වීම්, විදේශ ගතවීම් සියල්ල අහිමි වී තිබෙනවා.

ආරම්භ කර ඇති විනය පරික්ෂණය ඉක්මනින් නිමා කර තීන්දුව ලබාදෙන්නැයි වෛද්‍යවරු ඉල්ලීමක් කරනවා.

බැටරියක් ආධාරයෙන් හෘදය ක්‍රියාත්මක කරමින් රාජකාරි ඉටුකරන වෛද්‍ය පාලිත රාජපක්ෂ දණහිස් දෙක සහ බෙල්ල සැත්කමකට ලක්කර තිබියදී ප්‍රපාතයකට බැස ජීවිත බේරා ගැනීම සබන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ කිසිවෙකුගේ හෝ ඇගයීමකට ලක් නොවීමද කණගාටුවක් බවයි වෛද්‍යවරු පෙන්වාදෙන්නේ.

බදුල්ල රෝහල තුළ Spinal board 2 ක් පමණක් තිබු අවස්ථාවක එයට තවත් Spinal board 6 ක් එකතු කර ගැනීම වෛද්‍ය පාලිත රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයින් පිරිසක් කටයුතු කර තිබුණා.

මේ හේතුවෙන් අනතුරුට පත් තුවාලකරුවන් කිසිවෙකුටත් සුසුම්නාවට හානිනොවන ලෙස ප්‍රපාතයෙන් ඉහළට ගැනීමට හැකිවි තිබෙනවා.

එසේම ඇල්ල-වැල්ලවාය බස් අනතුරෙන් පසුව මුස්ලිම් ජාතිකයෙක් වෛද්‍ය පාලිත සොයා විත් ඔහුට කරන ගෞරවයක් ලෙස රෝහලට රු. ලක්ෂ 15 ක් වටිනා දැඩි සත්කාර ඒකක ඇඳක් (1) පරිත්‍යාග කළේ පසුගිය 07 වෙනිදායි.

සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් නොකර වෛද්‍යවරුන් සිය ගණනක් රැස්කරමින් ඇල්ල-වැල්ලවාය බස්රථ අනතුරෙන් තුවාල ලැබූවන් බේරාගැනීමට කටයුතු කිරිම සම්බන්ධයෙන්ද විනය පරික්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයට කටයුතු කළහොත් එහි පුදුමයට කරුණක් නොවන බවද බදුල්ල ජනතාව පවසා සිටිනවා.

තවත් වසර කීපයකින් පමණ විශ්‍රාම යාමට නියමිතව සිටින වෛද්‍ය පාලිත රාජපක්ෂ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇගයීමට ලක්නොවුවද ඌවපළාත් ජනතාවගේ ඇගියීමට ලක්ව අවසන් බව ජනතාව පවසනවා ෴


යක්කල පක්ෂ කාර්යාලයේ ප්‍රශ්නය උසාවියටම යයි : “බලහත්කාරයෙන් ඉන්න අය ඉවත් කරන්න” (09.09.2025)

+


අපේ රටට එන්න එපා – ඕස්ට්‍රේලියානුවෝ කියති | ජනපතිට ජුලී චංගෙන් තරවටුවක් (09.09.2025)

+


‘අයිස්’ අරන් නාමල් ‘බයි තක්සලාව’ට ? (09.09.2025)

+


ලංකාවට පේෂල වුණාට ඉන්දියාවට මම ෆයිසාල් (09.09.2025)

+


රාජකාරියට අනුරාධපුරයට පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අනුරධපුර පුද බිමේ කුඹුරු යායක් ගොඩ කර ඉදිකළ සිව් මහල් හෝටල් සංකීර්ණයක් ගැන පැමිණිල්ලක්

(08.09.2025 – nethnews.lk)

අනුරාධපුර පූජා නගරයේ කුඹුරු යායක් ගොඩ කර වර්තමානයේ රුපියල් කෝටි 20 කට අධික වටිනාකමකින් යුතු සිව් මහල් අති සුඛෝපභෝගි හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමට රාජකාරි සඳහා අනුරාධපුරයට පැමිණි උතුරු මැද පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු මෙන්ම වර්තමානයේ ද දිවයිනේ පළාතක් බාරව රාජකාරි කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට මෙතරම් විශාල මුදලක් ලැබුනේ කෙසේද? යන්න පුළුල් විර්ශනයක් සිදු කරන ලෙස ‘අනුරාධපුර පුරවැසි සංවිධාන එකමුතුව’ ‘අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව’ට පැමිණිළි කර තිබෙනවා.

අනුරාධපුර පුරවැසි සංවිධාන එකමුතුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට යොමු කර ඇති එම පැමිණිල්ලේ තවදුරටත් දැක්වෙන්නේ අනුරාධපුර පුද බිමේ පිහිටි තිසාවැවේ ජලයෙන් පෝෂණය වන කුඹුරු යායක් ගොඩ කර ඉදිකර ඇති උතුරු මැද පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අයත් මෙම සිව් මහල් හෝටල් සංකීර්ණය ඉදිකිරීමට සැලසුම් අනුමත කල මෛන්ම අනුමැතිය ලබා දුන් සහ බලපත්‍ර හෝ ඔප්පු සහ විදුලි බලය ලබා දීමට අනුමැතිය දුන් රජයේ නිලධාරීන් කවුරුන්ද? යන්න සොයා බැලිය යුතු බවයි.

රාජකාරි කිරීමට අනුරාධපුරයට පැමිණි මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අනුරාධපුර පුද බිමට අයත් කුඹුරු යායක් ගොඩ කර මෙතරම් විශාල සිවි මහල් හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමට මුදල් ලැබුනේ කෙසේද? යන්න සොයා බලන ලෙසද අල්ලස් හෝ දූෂණ විමර්ශන කෙමිසන් සභාවෙන් ඉල්ලා තිබෙනවා.

තවද මෙම හෝටල් සංකීර්ණය ඉදිකිරීමට අනුරාධුපර පොලිස් කෙට්ඨාශයේ ගොඩනැගිලි අංශයේ පොලිස් නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක භටයින්ගේ රාජකාරි ශ්‍රම දායකත්වය ලබා ගෙන ඇති බවට පොලිස් තොරතුරු පොත් වල සටහන්ව තිබෙන බවයි ‘අනුරාධපුර පුරවැසි සංවිධාන එකමුතුව’ යොමු කළ පැමිණිල්ලේ තවදුරටත් දැක්වෙන්නේ. මෙම හෝටල් සංකීර්ණය ඉදිකිරීමට අවශ්‍ය සිමෙන්ති ගල් වැලි ටයිල් ඇතුළු අමුද්‍රව්‍ය සිය නිල බලය භාවිතා කොට අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් උතුරු මැද පළාතේ උසස් පොලිස් නිලධාරීන් මගින් සපයා ගෙන ඇති බවට තොරතුරු ඇති බවද පවසන ‘පුරවැසි සංවිධාන එකමුතුව’ හෝටලය අයිති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුරයේ රාජකාරි කරන අතරතුර සිය හෝටල් සංකීර්ණයේ පරිපාලන කටයුතු සඳහා යොදවා සිට ඇත්තේද පොලිස් නිලධාරීන් බවද එහි සඳහන් කර තිබෙනවා.

අනුරාධපුර පුද බිමේ, අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයත් ඉසුරුමුණියත් අතර ඉදිකර ඇති මෙම සිව් මහල් හෝටල් සංකීර්ණයට නවාතැන් ගැනීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට අදාළ හෝටලයේ නවාතැන් ගෙන සිටින විට අනුරාධපුර පුද බිමේ පිහිටි සියලුම ස්ථූප මෙන්ම අටමස්ථානයම දිස් වන බැවින් හෝටලයට ‘ස්තූප’ යන වචනය ඇතුලත් ඊට සුදුසු නමක් යොදා ඇති බවද ‘පුරවැසි සංවිධාන එකමුතුව’ පවසන්නේ. මෙම හෝටලයේ දිනකට එක් කාමරයක මිළ රුපියල් 27,000 සිට ඉහළට පවතින බව සමාජ මාධ්‍ය ඔස්සේ හෝටලය පිළිබදව සිදු කරන ප්‍රචාරණයට අනුව තහවුරු වන්නේ යැයි ‘පුරවැසි සංවිධාන එකමුතුව’ කියා සිටිනවා.

අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම හෝටලය ආසන්නයේ කුඹුරු යායේ පිහිටි තවත් බිම් කොටසක, සිව් මහල් හෝටලයට ආසන්නයේ තවත් ඉදිකිරීමක් මේ දිනවල සිදු කෙරෙන බවත් මෙම හෝටලයේ ප්‍රචාරණ පුවරු අනුරාධපුර නගරයට ඇතුල් වන ස්ථාන කිහිපයක සවි කර ප්‍රදර්ශණය කර ඇති බවත් ‘පුරවැසි සංවිධාන එකමුතුව’ පවසනවා.

මසකට රුපියල් ලක්ෂයක පමණ වැටුපක් ලබන මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෞද්ගලිකව පරිහරණය කරන ලෑන්ඩ් රෝවර් ඩිපෙන්ඩර් ජීප් රථයේ වර්ථමාන මිළ රුපියල් ලක්ෂ 250 කට අධික බවද පවසන පුරවැසි සංවිධාන එකමුතුව කුරුණෑගල හෙට්ටිපොල මාර්ගයේ කිලෝ මීටර් දෙකක් (2) ගිය පසුව හමුවන තට්ටු 3 කින් සමන්විත ලී බඩු සාප්පුව මෙන්ම ගාල්ල, මාතර, මාවනැල්ල, කුරුණෑගල සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශ වලද මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ඔහුගේ බිරිදට අයත් ලී බඩු සාප්පු සහ නිවාස ඇති බව ද කියයි. අසීමිත දේපලකට හිමිකම් කියන වර්තමානයේ ද දිවයිනේ පළාතක් බාරව රාජකාරි කරන මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අරඹන ලෙසද ‘අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවෙන්’ ඉල්ලා ඇති ‘පුරවැසි සංවිධාන එකමුතුව’ එම විමර්ශනය තුලින් පැහැදිලි වැදගත් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට හැකි වනු ඇති බවද සඳහන් කරයි.

උපාලි ආනන්ද

+++

+


දඹුල්ල – කුරුණෑගල පාර කඩලා නැවත හදලා නෑ ! (09.09.2025)

+


අනුරාධපුර අප්පච්චි සුව මැඳුර | මහනුවර තෙල්දෙණිය සුව මෙහෙය සහා ආශිර්වාදය | තෙල්දෙණිය උඩවෙල පුරාණ බෝධිමලු විහාරයෙ සිට (10.09.2025) (සජීව විකාශය)

+


දැන් නේපාලයට ව්‍යවස්ථාවක් නෑ.. සමාජ ජාල ආණ්ඩු පෙරලීමට ඔවුන් අහුවුනා.. – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

(10.09.2025 – 15:00 +0530 – lankacnews.com)

නේපාලයේ ඇතිව තිබෙව අරගලකාරී තත්වය ගැන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ විශේෂ නිවේදනයක් මෙහි දැක්වෙයි :

නේපාලයේ කත්මන්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මගේ අවධානය යොමුව තිබේ. ඒ ගැන මාධ්‍ය ගණනාවක්ම විමසීම් කරනු ලැබිණ.

නේපාලයේ සිදුවූ සියලුම ආකාරයේ තරුණයන් ඇතුළු මිනිස් ඝාතන පළමුවෙන්ම හෙළා දකිමි.

එලෙසම හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ගිනිතබා හිටපු අගමැති බිරිඳ ඝාතනය කිරීම අතිශය ශෝකජනක තත්ත්වයකි. ඒ ඝාතනය ගැන කණගාටුව ප්‍රකාශ කරමි. එසේම ඇමතිවරුන්ට සහ විශේෂයෙන්ම විදේශ ඇමතිනියට පහරදීමද ඇති වූ ඛේදවාචකයේ තවත් දිගුවකි. එමගින් කාන්තා අයිතිවාසිකම් ප්‍රබල ලෙස උල්ලංඝනය විය. මෙවැනි ක්‍රියා මගින් පහර වදින්නේ නේපාලයේ කීර්ති නාමයටය. එය නේපාලයට අවනම්බුවකි.

කත්මණ්ඩු නුවර තත්ත්වය මෙතරම් දුරදිග යා යුතුව තිබුණේ නැත. පොලීසිය විසින් කරනු ලැබූ වෙඩි තැබීම්ද අනුමත කළ නොහැකිය. ප්‍රථම දිනයේදීම වෙඩි නොතබා ඇති වූ තත්ත්වය පාලනය කිරීමට හැකියාව පැවැති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙවැනි සිද්ධි හමුවේ ඇති විය හැකි භයානක තත්ත්වයක්ද වේ. ගූගල්, ෆේස්බුක්, යූටියුබ් වැනි ඇමරිකානු සමාජ මාධ්‍ය සමාගම්වලට ලෝකයේ සෙසු රටවල ආණ්ඩු නැති කිරීම සඳහා ඉඩ ප්‍රස්තාව විවර වීම කිසි ලෙසකින්වත් අවතක්සේරු කළ නොහැකිය.

නේපාලයේ කාලයක් පුරා ප්‍රශ්න ගණනාවක්ම පැවතිණි. ඒවාට රජයේ අවධානය යොමු වූයේ නැත. සෑම අයෙකුම කළේ දකුණු ආසියානු සම්ප්‍රදාය අනුව එදිනෙදා දේශපාලනය කිරීම මිස උග්‍ර ප්‍රශ්නවලට විසඳුම් සෙවීම නොවේ. මේ නිසා තරුණ පරපුර අතර විශාල කලකිරීමක් හට ගෙන තිබිණ. ඒ අතරවාරයේදී සමාජ මාධ්‍ය ආරක්ෂණය නොකර ඒවා සම්පූර්ණයෙන්ම තහනම් කිරීම හේතුවෙන් අර්බුධය පුපුරා ගියේය.

පාර්ලිමේන්තුව සහ අධිකරණ ගොඩනැගිලි රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ‍ලෙස සැලකෙන්නේ ඒවා තුළ සිටින පුද්ගලයන් පදනම් කරගෙන නොවේ. පාර්ලිමේන්තුවටත්, අධිකරණයටත් ගිනි තැබීම නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදයට කළ විශාල අගෞරවයකි.

කෙසේ වුවත් අවසානයට ඉතිරි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැති නේපාලයකි. රට තුළ සාමය ඇතිකර ව්‍යවස්ථානුකූලව ඡන්ද පැවැත්වීම පාලනය බලය ගත් හමුදාවේ වගකීම වන්නේය.

බුදුරජාණන්වහන්සේ උපත ලැබූ නේපාලය ශ්‍රී ලංකාවට සුවිශේෂ රටකි. එවැනි රටක මේ ආකාරයේ මිලේච්ඡ ක්‍රියා සිදුවීම කිසිසේත් අනුමත කළ නොහැකිය. රාජ්‍ය පාලනයට දැක්වූ අදක්ෂතාවය ද මේ තත්ත්වය ඇති වීමට හේතු වූයේ යයි සිතීමට පුළුවන.

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘සමගිව රැස්වී, සමගිව සාකච්ඡා කර, සමගිව විසිරී යන’ ලෙසය. බුදුන් දේශනා කළ ‘සප්ත අපරිහානී ධර්මය’ නේපාලයේ වත්මන් පාලනය ආදර්ශයට ගනු ඇතැයි අපෙක්ෂා කරමි.

රනිල් වික්‍රමසිංහ
VIII වැනි විධායක ජනාධිපති
2025.09.10

+++

“අපේ මව්බිම තොපි විනාශ කලා” කියමින් නේපාලඅරගලකරුවන් එරට දේශපාලඥයන්ගේ ජීවිත දේපොළ සියල්ල විනාශ කරයි (10.09.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *