පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්‍යාලයට මැර ප්‍රහාරයක්!

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්‍යාලයට මැර ප්‍රහාරයක්!


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්‍යාලයට මැර ප්‍රහාරයක්!

(02.09.2025 – hirunews.lk)

ගම්පහ යක්කල ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්‍යාලයට අද (02) දින උදෑසන කඩාවැදුණු ආණ්ඩුවේ පිරිසක් එහි සිටි පුද්ගලයින්ට පහරදෙමින් බලහත්කාරයෙන් කාර්යාලය අත්පත් කරගැනීමට උත්සාහ කරන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ චෝදනා කරනවා.

පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් මෙසේ කඩු පොලු රැගෙන කාර්‍යාලයට කඩා වැදී තිබෙන අතර එම පිරිසට ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අණ්ඩු පක්ෂයේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවිධායකවරුන්ද අයත්‍ බවයි ඔහු පවසන්නේ.

මෙම මෙලෙච්ඡ ප්‍රහාරය නැවැත්වීම සඳහා පොලීසිය කිසිඳු මැදිහත් වීමක් සිදුකර නොමැති බවට ඔහු චෝදනා නඟනවා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කණ්ඩායම සතු වූ මෙම කාර්‍යාලය දැනට අවුරුදු 14 ක් තිස්සේ එම පක්ෂය විසින් පරිහරණය කරනවා.

මෙම පක්ෂයේ මැතිවරණ කටයුතු, පක්ෂ සංවිධාන කටයුතු, බහුජන මැදිහත් වීම් ආදී සියලු නිල කටයුතු මෙම ස්ථානය මූලික කරගෙන ක්‍රියාත්මක වුණා.

නඩු තීන්දුවක් ඇතැයි පවසමින් ආණ්ඩුවේ පිරිස් මෙම ස්ථානයට කඩා පැනීම කිසිසේත්ම යුක්ති සහගත නැති බවයි පුබුදු ජයගොඩ පෙන්වා දෙන්නේ.

මෙම පහරදිමෙන් තුවාල ලැබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට මෙහිදී මාධ්‍ය වෙත පැවසුවේ මෙම පහරදීම සිදු කර ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් විසින් බවයි.

යම් ස්ථානයකින් ඉවත් කිරීමට අවශ්‍ය නම් නිත්‍යානුකූලව ෆිස්කල් නියෝගයක් සමඟ පැමිණිය යුතු බවත්, අදාල ස්ථානයේ තමන්ගේ පක්ෂයට අයත් බඩු බාහිරාදිය භාණ්ඩ මෙන්ම පුස්තාකාලය සතු පොත්පත් විශාල ප්‍රමාණයක් තිබෙන බව ද සුජිත් කුරුවිට සඳහන් කළා.

ආණ්ඩුව විසින් රජයේ කාර්‍යාල පවිත්‍ර කිරීම යැයි පවසමින් ව්‍යාපෘතියක් පටන් ගෙන දැන් එය තමාට විරුද්ධ මත දරන දේශපානලන පක්ෂවල කාර්‍යාලවලට පහරදීමේ උපක්‍රමයක් දක්වා වෙස් මාරු කිරීම පිළිකුල් සහගත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ පිළිබඳ අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් පැවසුවේ මේ පිළිබඳ මෙතෙක් තමා වෙත වාර්තා වී නොමැති නමුත් නඩු කටයුත්තක් සම්බන්ධයෙන් යම් සිද්ධියක් වාර්තා වී ඇති බවත් වැඩිදුර තොරතුරු ලැබුණු පසු ඒ පිළිබඳ දැනුවත් කරන බවයි ෴

+++

+++

ජෙප්පෝ සහ පෙරැට්ටෝ මහ පාරේ ලෙසටම ඇර ගනී – යක්කල උණුසුම් (02.09.2025)

+++

ජෙප්පෝ සහ පෙරැට්ටෝ කුපිත වෙයි – පෙරටුගාමීන් ජවිපෙ මැරයන්ගේ රෙදි ලෙසටම ගලවයි (02.09.2025)

+


ඇතුලට දානවට බයේ ගම්මන්පිල රටින් පැනලා? මාව කූඩුවට දාන්න මේ ආණ්ඩුව 6 පාරකට වඩා එක එක සෙල්ලම් දැම්මා. (01.09.2025)

+++

ගම්මන්පිල වෙනුවෙන් සජිත් පෙරට…

(03.09.2025 – 19:10 +0530 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ICCPR පනත අවභාවිතා කරමින් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීමට මාලිමා ආණ්ඩුව දරණ උත්සාහය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුම්වත් කිරීම සදහා පිවිතුරු හෙළ උරුමය මධ්‍යම කාරක සභිකයන් ‍කොළඹ 07, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ අංක 30 හි පිහිටි විපක්ෂ නායක කර්යාලයයේදී විපක්ෂ නායකතුමන් හමුවීමට කටයුතු කළහ.

විපක්ෂ නායකතුමන් එහිදී දේශපාලන දඩයමට ICCPR පනත අවභාවිතා කිරීම වැරදි බව ප්‍රකාශකර සිටියේය.

+

03-09-2025

+


කැමරාවට සවි කළ පිස්තෝලයකින් මාධ්‍යවේදියෙකු වගේ ඇවිත් ‘හරක් කටා’ මරන්න හදලා : ‘බැකෝ සමන්’ගේ මිතුරෙක් අත්අඩංගුවට

(03.09.2025 – mawbima.lk)

දරුණුතම ගණයේ අපරාධකරුවෙකු වන ‘හරක් කටා’ නොහොත් ‘නඳුන් චින්තක වික්‍රමරත්න’ රක්ෂිත බන්ධනාගාරයේ සිට අධිකරණයට රැගෙන එන අවස්ථාවකදී මාධ්‍යවේදියෙකු ලෙස වෙස් ගෙන කැමරාවට සවි කළ රිවෝල්වරයකින් වෙඩි තැබීමට සූදානම්ව සිටි බව කියන සැකකරුවෙකු රිවෝල්වරයක් ද සමග දෙල්කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසියේ බස්නාහිර උතුර කොට්ඨාස විමර්ශන නිලධාරීහු ඊයේ (සැප්. 02) සමත් වූහ.

36 හැවිරිදි මිද්දෙණියේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු පහත්බිම් සංවර්ධන මණ්ඩලයේ සේවකයෙකු වන අතර දැනට රැඳවුම් නියෝග මත සිට විමර්ශන නිලධාරීන් භාරයේ සිටින ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ උපදෙස් මත ඔහු ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බව අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් ලද තොරතුරු මත දැනට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රශ්න කිරීම්වලට ලක්වන ‘බැකෝ සමන්’ නමැති අපරාධකරුවා විසින් හෙළි කරන ලද තොරතුරුවලට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පොලිස් නිලධාරීන්ට අනුව ඔහු ‘බැකෝ සමන්’ගේ පාසල් පන්ති මිතුරකු වන අතර ඔහු මේ සඳහා යොදවා ගෙන තිබේ.

‘බැකෝ සමන්’ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට ද මහා පරිමාණයෙන් සම්බන්ධ වී ඇති බව කියන ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් මිලිග්‍රෑම් 20 ක් ද ඔහු සතුව තිබී ඇත.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී තමන් එවැනි ඝාතනයක සැලසුමකට සම්බන්ධ වූ බව ප්‍රතික්ෂේප කර තිබේ. එසේ වුවද විමර්ශන නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ තමන් ඊට සම්බන්ධ වූ ආකාරය අනාවරණය කර තිබේ.

ඒ අනුව, දැනට අත්අඩංගුවේ පසුවන ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ තවත් සගයෙකු වන ‘පස්දේවා’ නමැති අපරාධකරු කැමරාවකට රිවෝල්වරයක් සවි කරන ආකාරය අන්තර්ජාලයෙන් නරඹා ඒ අනුව ඔවුන් කැමරාවකට රිවෝල්වරයක් සවිකර තිබේ.

කුරුණෑගලින් මිල දී ගෙන ඇති කැමරාවට ‘බැකෝ සමන්’ලා විසින් සපයන ලද රිවෝලවරයේ මිට ගලවා සූක්ෂ්ම ලෙස කැමරාවට සම්බන්ධ කර ඇති අතර රිවොල්වරයේ කොකා‍ නූලක් ආධාරයෙන් ගස්සන ලෙසට එය සවි කර ඇති බව ඔහු පාපෝච්ඡාරණය කර ඇත.

කෙසේ වුවද, මෙම මෙහෙයුම සිදු කිරීමට බිය වී ඇති ඔහු මීට දින දෙකකට (2) පෙර එම ගිනි අවිය සවි කළ කැමරාවේ ඡායාරූප ගෙන එය ගලවා පුළුස්සා තිබේ.

මාධ්‍යවේදියෙකු ලෙස සැකසූ ව්‍යාජ හැඳුනුම්පත ද ඒ සමග පුළුස්සා ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය විමර්ශන නිලධාරීන්ට ඔහු පිලිස්සූ ස්ථානය පෙන්වා ඇති අතර එහි ශේෂ කොටස් රැගෙනවිත් තිබූ භාවිත කළ රිවෝල්වරය ද අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගලගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කරති ෴

+++

ගණේමුල්ල සංජීව ඝාතනයට පිස්තෝලය සූදානම් කළ අයුරු දැක්වෙන වීඩියෝවක් එළියට

(02.09.2025 – 19:06 +0530 – sinhala.adaderana.lk)

ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා යොදාගත් බවට පැවසෙන ගිනිඅවිය ඊට පෙර දිනක සූදානම් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබුණි.

අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව පසුගිය පෙබරවාරි 19 වනදා අලුත්කඩේ අංක 5 අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය‍.

ඒ සඳහා යොදාගත් පිස්තෝලය රැගෙනවිත් තිබුණේ නීතීඥයන් භාවිත කරන පොතක් කපා සූක්ෂ්ම ලෙස ඒ තුළ බහාලමින්ය.‍

පිස්තෝලය එම පොත තුළට දමා සූක්ෂ්ම ලෙස සකසන අයුරු අදාළ වීඩියෝපටයේ දැක්වෙයි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, ගණේමුල්ල සංජීව ඝාතනයට දින කිහිපයකට පෙර යම් කිසිවෙක් මෙම රූගත කිරීම සිදුකොට කෙහෙල්බද්දර පද්මේ වෙත යවා ඇති බවය.

+


ජෙප්පෝ සහ පෙරැට්ටෝ කුපිත වෙයි – පෙරටුගාමීන් ජවිපෙ මැරයන්ගේ රෙදි ලෙසටම ගලවයි (03.09.2025)

+++

03-09-2025

+


ආණ්ඩුවේ මර්දනයට එරෙහිව විපක්ෂයේ නීතීඥයෝ වහාම රැස්වෙති (03.09.2025)

+


විදුලිබල මණ්ඩලයේ සේවකයෝ හෙට (04) සිට අකුරට වැඩ වර්ජන..! | ආණ්ඩුවට දැනෙන රතු එළියක් (03.09.2025)

+


තාත්තා අපිව දාලා ගිය වේදනාවට අම්මා මානසිකව රෝගීවුණා | අද මම නිසා ඇය සතුටින් ඉන්නවා (14.08.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *