පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටී තිදෙනෙක් (3) මරුට

පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටී තිදෙනෙක් (3) මරුට


පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටී තිදෙනෙක් (3) මරුට

(27.08.2025 – 08:34 +0530 – sinhala.adaderana.lk)

කුලියාපිටිය, විල්පොළ පාලම ආසන්නයේදී අද (27) උදෑසන 07:10 ට පමණ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු (2) ඇතුළු තිදෙනෙකු (3) ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු අනතුර සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය :

“මම ත්‍රිවිල් එකේ ඉඳගෙන ඉන්නකොට දැක්කා වෑන් එක හැප්පෙනවා. ඉස්කෝල ළමයි 7ක් 8ක් හිටියා. ඔක්කෝම අරගෙන වාහනවලට පැටෙව්වා. ටිපර් එකේ වැදුණේ. වෑන් එකේ රියදුරු මහත්තයා බලාගෙන ඉන්නකොටම ඇදගෙන වැටුණා. එයා නැති වුණා. ළමයි දෙන්නෙක් හිටියා නැතිවෙලා. අපි පුළුවන් තරම් වාහනවලට පැටෙව්වා. එක ළමයෙක් හොඳ තත්ත්වයෙන් හිටියා.”

+++

+++

+++

බිහිසුණු පාසල් වෑන් අනතුර ගැන තවත් තොරතුරු – ටිපර් රියදුරා අත්අඩංගුවට

(27.08.2025 – 13:38 +0530 – sinhala.adaderana.lk)

කුලියාපිටිය විලපොළ මංසන්ධියේ පල්ලේවෙල පාලම මතදී ටිපර් රථයක් හා පාසල් වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී අද (27) උදෑසන සිදුවූ අනතුරකින් සිසුවියන් දෙදෙනෙකු (2) හා වෑන් රථයේ රියදුරු (1) මියගොස් තිබුණි.

තුවාල ලැබූ සිසු සිසුවියන් 13 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසු වෙයි.

කුලියාපිටිය පොලිසිය පැවසුවේ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවය.

මෙම අනතුර සිදුවී තිබුණේ අද (27) උදෑසන 7 ට පමණ ය.

පාසල් වෑන් රථය දුම්මලසූරිය ප්‍රදේශයේ සිට කුලියාපිටිය දක්වා පැමිණ තිබුණි.

වැලි පැටවූ ටිපර් රථය ධාවනය කර තිබුණේ කුලියාපිටිය ප්‍රදේශයේ සිට, වෑන් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවටය.

අනතුරත් සමග එම ස්ථානයට පැමිණි පොලිසිය සහ ජනතාව තුවාල ලැබූ සිසුන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.

ප්‍රතිකාර සඳහා ඔවුන් රැගෙන ගොස් තිබුණේ කුලියාපිටිය ශික්ෂණ රෝහලටය.

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ සිසුවියන් 12 දෙනෙකු සහ සිසුන් තිදෙනෙකු (3) සිට ඇති බව පොලිසිය පැවසීය.

එහිදී මියගොස් ඇත්තේ, වයස අවුරුදු 12 ත් 13 ත් අතර වයස්වල පසුවන සිසුවියන් දෙදෙනෙකි (2).

අනතුරින් මියගිය අනෙක් පුද්ගලයා (1) වන්නේ වෑන් රථයේ රියැදුරු ය.

ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තිබුණි.

අනතුරින් තුවාල ලැබූ සිසු සිසුවියන් 13 දෙනාගෙන් 9 දෙනෙකු මේ වනවිට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් තිදෙනෙකු (3) වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

එක් (1) සිසුවියක් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට ද පියවර ගෙන ඇත.

වයඹ පළාත් ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.එම්.සී. වන්නිනායක මහතා සහ කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා බන්දුලානි බස්නායක මහත්මිය කුලියාපිටිය ශික්ෂණ රෝහලට පැමිණ සිසුන්ගේ සුවදුක් විමසා බැලීය.

කුලියාපිටිය පොලිසිය පැවසුවේ, ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණ කරගෙන නොමැති බවය ෴

+


+


ගෙදරකට යන්න එන්න බැරිවෙන්න යකඩ වැටක් ගහපු බලවතා – අනේ ජනාධිපති මාමේ ඉස්කෝලේ යන්න වැට ගලවලා දෙන්න (27.08.2025)

+


විමල් අද (27) හදිසියේ උසාවි එයි – ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි (27.08.2025)

+


+++

+++

+++

+++

+++

+++

+++

+++

+++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *