මාතර වෙඩිතැබීමක් – වෙඩික්කරු සමග පොර බැදීමක්
(26.08.2025 – 07:28 +0530 – sinhala.adaderana.lk)
මාතර පොලිස් වසමේ වෙරළ පාර ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් අවන්හලක හිමිකරුවෙකුට වෙඩිතැබීමක් සිදුකර පලා ගොස් තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ (25) රාත්‍රීයේ වෙඩිතැබීම සිදුකර ඇති බවය.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇතැයි පොලීසිය පවසයි.
වෙඩි තැබීමට ඉලක්ක වූ අවන්හලේ හිමිකරු වෙඩික්කරු සමග පොර බැදීමක් සිදුකිරීමෙන් පසු සැකකරු පලාගොස් ඇත.
ගිනිඅවිය (1), සජීව පතරොම් 4 ක් සහ හිස් කොපුවක් (1) එම වෙඩිතැබීම සිදුකළ ස්ථානයේ තිබී හමුව තිබේ.
වෙඩි තැබීමට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
+++
+
බොරලැස්ගමුව වෙඩික්කරු අත්අඩංගුවට
(26.08.2025 – hirunews.lk)
බොරලැස්ගමුව මාලනීබුලත්සිංහල මාවතේදී තරුණයකු (1) වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට (1) බරපතල තුවාල සිදු කළ වෙඩික්කරු (1) නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරනවා.
අත්අඩංගුවට ගන්නා විට සැකකරු (1) සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 20,550 ක් සන්තකයේ තිබූ බවයි පොලිසිය පවසන්නේ.
ඉකුත් 24 වැනි දින සිදුකළ එම වෙඩි තැබීමෙන් 25 හැවිරිදි තරුණයකු (1) මරුමුවට පත් වී තවත් පුද්ගලයකු තුවාල ලැබුවා.
සැකකරු කොළඹ ජින්තුපිටිය වී-ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකා මොරටුව කඳවුර පරීක්ෂණ පවත්වනවා ෴
නිදන් හාරන්න ගිය මේජර් ජනරාල් ඇතුළු 5 ක් රිමාන්ඩ්
(25.08.2025 – hirunews.lk)
ඉඩමක නිධානයක් ගොඩ දැමීමට තැත්කිරීමේ චෝදනාව මත බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා ඇතුළු සැකකරුවන් පස්දෙනා ලබන 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, තංගල්ල වැඩබලන මහේස්ත්‍රාත් නීතිඥ බාසුර මඩවල මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදියි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ, හෝමාගම ගොඩගම පදිංචි විශ්‍රාමික මේජර් ජනරාල්වරයකු වූ කිත්සිරි බංඩාර ඒකනායක (59), බහිරව පූජාවේ ප්‍රධාන කපුවා ලෙස කටයුතු කළ විශ්‍රාමික යුද හමුදා සෙබළකු වූ බුලත්සිංහල ගෝවින්න ප්‍රදේශයේ පදිංචි ඒ.පී. මංජුල (40), බුලත්සිංහල, ගෝවින්න ප්‍රදේශයේ පදිංචි යකැදුරකු වූ කේ.එම්.ඩබ්ලිව්. සමරසිංහ (69), බුලත්සිංහල, ගෝවින්න ප්‍රදේශයේ පදිංචි ඩී. අචල දිල්ශාන් (28) සහ බහිරව පූජාවේ බෙරකරු ලෙස කටයුතු කළ, බුලත්සිංහල, ගෝවින්න ප්‍රදේශයේ පදිංචි අයි.කේ. ආරියරත්න (59) අයවලුන්ය.
බෙලිඅත්ත ගලගම උතුර, හිගුරුවැල් පොකුණ ප්‍රදේශයේ ඉඩමක නිදන් හාරමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 24 වැනිදායි.
සැකකාර විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයාට අයත් අක්කර 12 ක පමණ වපසරියකින් යුතු ඉඩමේ යම් පිරිසක් නිධන් හාරමින් සිටින බවට පොලිස් හදීසි ඇමතුම් අංකයට (119) ලැබුණු දුරකථන ඇමතුමකට අනුව එහි ගිය පොලිස් නිළධාරින් නිධානයක් ගොඩ දැමීම සදහා බහිරව පූජාවක් සිදුකරමින් සිටි සැකකරුවන් පස්දෙනා (5) අත් අඩංගුවට ගත්තා.
පොලිසිය එහි පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටියදී පැමිණි එම ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පිරිමි ළමයකු තමා සරුංගල් ඇරීමට සවස 05 ට පමණ එම ඉඩමට පැමිණි බවත් එම ඉඩම අසළ කැබ් රථයක් නවතා තිබූ බවත් සඳහන් කර තිබුණා.
එම කැබ් රථයේ සිටි කිහිප දෙනකු කට රෙදි පටියකින් ගැට ගැසූ තරුණ ගැහැණු ළමයකුව ඉඩමේ පහළට ඇද ගෙන ගොස් බිම වාඩි කරවා පිහියකින් ගෙලට පහර දෙනු දුටු බව ද එම දරුවා පැවසූවැයි පොලිසිය පවසනවා.
එහෙත් සිද්ධිය වූ ස්ථානයේ රුධිර පැල්ලම් හෝ මනුෂ්‍ය ඝාතනයක් සිදුවූ බවට නිරීක්ෂණය නොවූ බවද පොලිසිය කියනවා.
පසුව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු සිද්ධියවූ ස්ථානයට පැමිණි තංගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ බාසුර මඩවල මහතා ද එම ස්ථානය නිරීක්ෂණය කර තිබුණා.
14 හැවිරිදි දරුවා ලබාදුන් ප්‍රකාශයට අනුව මෙම ස්ථානයේ මිනිස් ඝාතනයක් සිදුවී දැයි සොයා බැලීමට වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය කියනවා.
තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න, තංගල්ල සහකාර පොලිස් අධිකාරි (01) ආරියරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි බෙලිඅත්ත පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴
චීන්නු චීනෙක් පැහැරගෙන රු. එක්කෝටි අසූ ලක්ෂයක වටිනාකමක් ඇති ඩොලර් 60,000 ක් කොල්ලකාලා
(25.08.2025 – hirunews.lk)
මෙරට සිටින චීන ජාතිකයින් පිරිසක් විසින් වීන ජාතික ව්‍යාපාරිකයෙක් පැහැරගෙන ගොස් (රුපියල් එක්කෝටි අසූලක්ෂයක් පමණ වන) අමෙරිකානු ඩොලර් 60,000 ක් USDT ක්‍රමවේදය ඔස්සේ කොල්ලකා තිබෙනවා.
කොල්ලුපිටිය ආර්.ඒ. ද මෙල් මාවතේ පිහිටි Hua Hui නැමැති වෙළඳ සැළ පවත්වාගෙන යන Wang Huaqiang නැමැති මෙම චීන ජාතිකයා මෙසේපැහැරගැනීමට ලක්ව ඇතැයි පොලීසිය පවසවා.
පසුගිය 22 වෙනිදා රාත්‍රී 09:00 ට පමණ මෝටර් රථයකින් ඔහුව පැහැරගෙන ගොස් මෙම කොල්ලය සිදුකර ඇති බව කොල්ලුපිටිය පොලිසිය සඳහන් කරනවා.
ගොඩනැගිල්ලක තමාව සිරකරගෙන දිනක් රඳවාගෙන සිට මුදල් කොල්ලකෑමෙන් පසු මාර්ගයක දමා ගිය බව ද ඔහු පොලිසිය හමුවේ පවසා තිබෙනවා.
ඔහු මේ වන විට නාරාහේන්පිට පිහිටි පුද්ගලික රෝහලක ඇතුලත්ව සිටින බවත් පැමිණිල්ල ලැබෙන්නේ ඊයේ (24) සවස් කාලයේ දී බවත්පොලිසිය සඳහන්කරනවා ෴
ඒකාබද්ධ බස් කාලසටහන් අද (25) මධ්‍යම රාත්‍රියේ සිට
(25.08.2025 – hirunews.lk)
ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික අංශයේ දුරගමන් සේවා බස් රථ ඒකාබද්ධ කාල සටහනක් යටතේ අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
ඒ අනුව කොළඹ – හලාවත, කොළඹ – පුත්තලම, කොළඹ – ආනමඩුව, කොළඹ – එළුවන්කුළම සහ කොළඹ – කල්පිටිය, ගමන් මාර්ගවල මෙම ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක වනු ඇති.
එමෙන්ම මීගමුව – කල්පිටිය, කොළඹ – මන්නාරම, කොළඹ – තලෙයිමන්නාරම, කොළඹ – කුලියාපිටිය, කොළඹ – නිකවැරටිය, කොළඹ – කුලියාපිටිය, කොළඹ – අනුරාධපුර, කොළඹ – වව්නියාව, කොළඹ – කිලිනොච්චිය, කොළඹ – යාපනය, කොළඹ – කන්කසන්තුරේ, කොළඹ – කරෙයිනගර් සහ කොළඹ – තුන්නුක්කායි, යන ගමන් මාර්ගද මෙය ක්‍රියාත්මක කෙරෙනවා.
අද (25) මධ්‍යම රාත්‍රියේ කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් රථ අංගනයේ සිට එම ගමන්වාර ආරම්භ කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියා සිටියේ.
එමෙන්ම මෙහිදී පැය හතරහමාරක (4½) ධාවන කාලයකින් පසුව බස් රථ රියදුරාට නිශ්චිත ස්ථානයකදී විවේක ගැනීම සඳහා ප්‍රතිපාදන සැලසෙනු ඇති.
බස් රථයේ ගමන් ගන්නා මගීන් සඳහා සෞඛ්‍යාරක්ෂිතව ආපනශාලාවක ආහාර පහසුකම් සැලසෙන්නේද යන්න පිළිබඳවද මෙහිදී නිරන්තර නියාමනයකට ලක්වන බවයි එම කොමිෂන් සභාව කියා සිටියේ ෴
බොහෝදුරට රනිල්ට අද (26) උසාවි එන්න බෑ : බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක
(26.08.2025 – hirunews.lk)
රක්ෂිත බන්ධනාගාර ගත වී දැනට ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද(26) දින බොහෝදුරටකොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා .
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දුන් බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය, නිපුණතා, කර්මාන්ත) ජගත් වීරසිංහ ප්‍රකාශ කළේ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත අද (26) දින රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට බොහෝදුරට නොහැකි වනු ඇති බවයි.
ඒ මහතාට තවදුරටත්විවේකය අවශ්‍ය බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති නිසා ඒ තත්ත්වයන් සලකා බලා අද (26) දින භෞතිකව වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇති බව බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කරනවා.
නමුත් ‘සූම් තාක්ෂණය’ ඔස්සේ රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණය සමග සම්බන්ධ කළයුතු බව දැනුම් දීමක් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පහසුකම් සැපයීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද ජගත් වීරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළා.
+++
රනිල් වෙනුවෙන් විපක්ෂයම අද (26) කොළඹට
(26.08.2025 – hirunews.lk)
විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ අද (26) පක්ෂ පාට භේදයකින් තොරව කොළඹට රැස්වීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක, අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.
විපක්ෂයේ පක්ෂ රැසක සහභාගීත්වයෙන් ඊයේ (25) පැවති විශේෂ සාකච්ඡාවකදීයි ඔහු මේ බව කියා සිටියේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදි ඊයේ (25) පැවැත්වුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, මෙන්ම විපක්ෂයේ මන්ත්‍රිවරුන් සහ හිටපු මන්ත්‍රිවරුන් පිරිසක් ද එක්වුණා.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව නඩුව අද (26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවන අවස්ථාවේ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නීතිඥ කණ්ඩායම්වලටද නඩුව සඳහා සහභාගි වන ලෙස දැනුම් දී ඇති බවද වාර්තා වනවා ෴
+++
සජිත්ගෙන් ආණ්ඩුවට අවසන් නිවේදනයක් – රජය කරන විරුද්ධවාදී දඩයමට ඉඩක් නෑ (26.08.2025)
+++
කොළඹ උණුසුම් – පොලිසිය කැඳවයි උසාවියට යන පාරත් වසා දමයි (26.08.2025)
+++
රනිල් ප්‍රතිකාර ගන්න වාට්ටුව ළඟ පොලිස් ආරක්ෂාව වැඩි කරයි (26.08.2025)
+++
මතක තියාගන්න ඊළඟ පාර මේ ආණ්ඩුව ගෙදර – ආණ්ඩුවට හැමදාම බලයේ ඉන්න බෑ (26.08.2025)
+++
කොටුව උසාවිය ළඟ උණුසුම් වෙයි – කාන්තාවක් මාලිමාවේ පලු අරියි (26.08.2025)
+++
කොළඹට දහස් ගාණක් මිනිස්සු බහිද්දී මුළු කොළඹටම පොලිසිය යොදවයි (26.08.2025)
+++
කොටුව උසාවිය ළඟ උණුසුම් තත්ත්වයක් – ඊශ්වර දෙයියන්ගේ වයිෆ් යකා නටයි (26.08.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴