රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක්
රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක්
(25.08.2025 – 13:34 +0530 – sinhala.adaderana.lk)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තත්ත්වය යම්තාක් දුරට සතුටුදායක මට්ටමකට පැමිණ ඇති බව කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ පවසයි.
දැඩි සත්කාර ඒකකයේ සිටින විශේෂඥ වෛද්‍යවරු හිටපු ජනාධිපතිවරයා පිළිබඳව දැඩි අධීක්ෂණයෙන් සිටින බවත් මේ වන විට සතුටුදායක මට්ටමක සිටියද ඔහුගේ තත්ත්වය වෙනස් විය හැකි බවත් වෛද්‍යවරයා මෙහිදී පැවසුවේය.
කෙසේ වෙතත් වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ හෙට (26) දිනයේ දී ඔහුට උසාවිය ඉදිරියේ පෙනී සිටීමේ හැකියාව පවතීන යන්න පිළිබඳව අද (25) පස්වරුවේ වෛද්‍යවරුන්ගේ සාකච්ඡාවෙන් පසුව තීරණය කරන බවය.
එහිදී අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා :
“එතුමාට ප්‍රතිකාර කරන වෛද්‍ය මණ්ඩලය මේ වෙලාවෙත් එතන ඔඩිටෝරියම් එකේ සාකච්ඡාවක් පවත්වනවා. ඒ සාකච්ඡාවෙන් පස්සේ තීරණය කරයි වෛද්‍යමය හේතුව කොයි විදියද, කොයි තත්වෙද තියෙන්නේ කියලා එතනින් පස්සේ තමයි තීරණය කරන්න වෙන්නේ එතුමාට උසාවියේ පෙනී සිටීමට හැකියාව පවතිනවද නැද්ද කියලා. එතුමා මේ වෙද්දී දැඩි සත්කාර ඒකකයේ දැඩි අධීක්ෂණය යටතේ වෛද්‍ය අධීක්ෂණය යටතේ, ඒකට කියන්නේ ‘ක්ලෝස් සුපර්විෂන්’ යටතේ තබා ගැනීම සුදුසුයි කියලා තමයි අපේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශ කරලා තියෙන්නේ. යම්කිසි ගුණයක් පෙන්වමින් යම් ‘ස්ටේබල්’ තත්වයක් පෙන්නනවා. ICU එකේ මොනිටර් කරන එක විශේෂඥ වෛද්‍යවරු උදේ, හවස දෙකම කරන නිසා හරිම තත්වය වෙනස් වෙන්න පුළුවන්. හවස් වෙනකොට තමයි අපිට තීරණය කරන්න පුළුවන් එතුමා සුදුසු තත්වයක සිටියිද කියලා.”
නිල සංචාරයක යෙදෙන බව පවසමින් පෞද්ගලික සංචාරයක නිරත වීමෙන් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් CID අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පසුවනවා.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නඩු කෘත්‍යය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙට (26) යළි කැඳවීමට නියමිතය.
+++
අගමැතිනිය ගැන පළ කරපු සාවද්‍ය පුවත නිසා හිරුට වැඩ වරදියි…? CIDය වහා විමර්ශන අරඹයි (25.08.2025)
+++
හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද (26)
(26.08.2025 – 06:09 +0530 – sinhala.adaderana.lk)
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.
සිද්ධියට අදාළව පසුගිය 22 වෙනිදා අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා අද (26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.
ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එදින ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර වෛද්‍ය නිර්දේශ මත ඊට පසුදින (23) ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි.
ඒ අනුව මේ වන විට හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහු අද (26) දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු වේ.
කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මඟින් ඔහු අධීක්ෂණය සිදුකරන අතර අද (26) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරනවාද? නැද්ද? යන්න එම කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කරන බව වාර්තා වේ ෴
+++
මාධ්‍ය කැඳවූ දිලිත් වරම අතට ගනී – රනිල්ට මාංචු දාලයි හිරේට අරන් ගියේ – මේක ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් (25.08.2025)
+++
මාලිමාවේ නීතිඥයෝ ඊයේ (24) කියපු දේට විපක්ෂයේ නීතිඥයෝ අද (25) රිදෙන්න කියයි (25.08.2025)
+++
මේ ගේම ලේසියෙන් අත හරින්නේ නෑ – හිරුණිකා රනිල් බලන්න ගිහිං දාපු සද්දේ (25.08.2025)
+++
ආණ්ඩුව පෙරලන්න විපක්ෂය එක් වෙයි ?? – කවුරුත් නොදැකපු දර්ශන එළියට (25.08.2025)
+++
හෙට (26) කොළඹ කැළඹෙන හැටි මෙන්න – විපක්ෂයේ ප්‍රබලයෝ මාධ්‍ය කැඳවයි (25.08.2025)
+++
සජිත් හමුවෙන්න ඇතුළට ගිය ප්‍රබලයෝ එළියට – සිදුවූ රහස් කතා ඔක්කොම හෙළිකරයි (25.08.2025)
+++
සජබේ චරිත් ගේමට එන්ටර් වෙයි – හෙට (26) අපි තරුණයෝ එක්ක කොළඹ එනවා (25.08.2025)
+++
තරුණයෝ හෝගාලා මල් පාරට එයි – ආණ්ඩුවට අවසන් නිවේදනය කරයි (25.08.2025)
+++
රනිල් ඇතුළට දාන වැඩේට අනුර සම්බන්ධ නෑ – BR ගහපු මාස්ටර් ප්ලෑන් එක මාධ්‍ය හමුවේ හෙළි කරපු හැටි (25.08.2025)
+
වතු නිවාස පෙළක ගින්නක් – නිවාස 4 ක් විනාශයි
(25.08.2025 – 14:19 +0530 – sinhala.adaderana.lk)
කොත්මලේ පූඩළුඔය පොලිස් වසමට අයත් ඩන්සින්න වත්තේ මැද කොටසේ වතු නිවාස පේළියක (25) දින දහවල් හට ගත් ගින්නකින් වතු නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව පූඩළුඔය පොලීසිය පවසයි.
පෙ.ව. 11 ට පමණ එක් නිවසකින් ඇවිලුණු ගින්න සෙසු නිවාසවලට පැතිර ගිය බවත්, එම නිවාස පේළියේ වතු නිවාස 20 ක් පිහිටි බවත් පොලීය සඳහන් කළේය.
පැතිර යමින් තිබූ ගින්න වතු කම්කරුවන් එක්ව සෙවිලි තහඩු සහ වහළ ගලවා පාලනය කර ඇති අතර, ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත.
ගින්නෙන් විනාශ වූ වතු නිවාස හතරේ (4) පදිංචිව සිටි වතු කම්කරුවන් 30 දෙනෙකු පමණ තාවකාලිකව එම වතුයායේම ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව නතර කර ඇති බවත්, ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවට සැකකරන බවත්, ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවත් පූඩළුඔය පොලීසිය පැවසීය ෴
+++
+
බිරිඳව මැරූ සැමියා දිවි නසාගෙන
(25.08.2025 – hirunews.lk)
සැමියා විසින් සිය බිරිඳව ලණුවක් ආධාරයෙන් එල්ලා ඝාතනය කොට ඔහුද සියදිවි හානිකරගෙන ඇතැයි පොලිසිය පවසනවා.
පොල්ගස්ඕවිට, කිරිගම්පමුණුව ප්‍රදේශයේ නිවසක දී අපරාධය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
මියගොස් ඇත්තේ 75 හැවිරිදි පුද්ගලයෙකු සහ 69 හැවිරිදි කාන්තාවක්.
අදාළ නිවසේ සිටි ඔවුන්ගේ දියණිය සහ ඇගේ සැමියා හෝමාගම මහාධිකරණයට ගොස් තිබෙනවා.
ඒ මොහොතේ මෙම සිද්ධිය සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
පසුව දියණිය නැවත නිවසට පැමිණි අවස්ථාවේ දී මේ බව දැක පොලීසියට දැනුම් දී තිබෙනවා.
මාස කිහිපයකට පෙරත් මොහු විසින් සිය බිරිඳව මේ අයුරින්ම ඝාතනය කිරීමට උත්සහ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඝාතනයට පෙර ඔහුගේ ජීවනෝපාය සලසා ගත් තණකොළ කපන යන්ත්‍රය විකුණා මත්පැන් පානය කළ බවයි පැවසෙන්නේ.
ඝාතනය වූ කාන්තාව වසර 10 ක පමණ සිට අංශභාග රෝගයෙන් පෙළී තිබෙනවා.
මේ අතර මාස තුනක (3) පමණ සිට ඇය එක්තැන්ව සිට ඇති බවයි පොලීසිය පවසන්නේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴