තැපැල් වර්ජනය 06 වන දිනටත් අද (23) ක්‍රියාත්මකයි
(23.08.2025 – hirunews.lk)
ඉල්ලීම් 19 ක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ වර්ජනය 06 වන දිනටත් අද (23) ක්‍රියාත්මකයි.
ඔවුන් මෙම වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ සේවයට නොපැමිණෙන සියලු තැපැල් සේවකයින් තනතුරු අතහැර ගියා සේ සළකා කටයුතු කරන බවට තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමකයි.
මෙම වර්ජනය හමුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී තිබු තැපැල් භාණ්ඩ තොගයක් යුද හමුදා ලොරි රථ උපයෝගි කර ගනිමින් ඊයේ (22) පස්වරුවේ මඩකලපුව සහ කෑගල්ල බලා පිටත් කර යැවුණා.
ඒ, යුද හමුදා සහ කැරලි මර්දන කණ්ඩායම්වල දැඩි ආරක්ෂාව මධ්‍යයේයි.
කෙසේ වෙතත්, තැපැල් වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ මේ ආකාරයෙන් තැපැල් භාණ්ඩ ප්‍රවාහනය මගින් ජනතාවගේ පෞද්ගලිකත්වයට බලපෑම් ඇති විය හැකි බවයි.
වර්ජනය හේතුවෙන් ලිපි සහ පාර්සල් රැසක් කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවේ ගොඩ ගැසී තිබෙන අතර එම පරිශ්‍රයට ඊයේ (22) පොලිස් ආරක්ෂාව ද යොදවා තිබුණා.
කෙසේ වෙතත්, සිය ඉල්ලීම්වලට රජය තවමත් නිසි විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් තැපැල් වෘත්තීය සමිති ඊයේ (22) පෙරවරුවේ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ද ආරම්භ කළා.
ඒ අතරතුර මධ්‍යම තැපැල් හුවමාරුවේ සිට තැපැල් මලු තොගයක් ප්‍රවාහනය කිරීමට තැපැල් බලධාරින් උත්සහ කිරීමත් සමග ඊට වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත සේවකයින්ගෙන් විරෝධයක් එල්ල වුණා.
කෙසේ වෙතත් මධ්‍ය තැපැල් හුවමාරුවේ සිරවී තිබෙන ලිපි සහ පාර්සල් පිටත ප්‍රදේශවල පර්යන්තවලට රැගෙන ගොස් බෙදා හැරීම ඊයේ (22) පස්වරුවේ සිදු කෙරුණේ දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේයි.
මේ අතර, කොළඹ ඊයේ (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය තැපැල්පතිනි චමීෂා ද සිල්වා කියා සිටියේ වර්ජනය හේතුවෙන් මේ වන විට රුපියල් මිලියන 120 ක පාඩුවක් සිදුව ඇති බවට අනුමාන කරන බවයි ෴
අනතුරකින් තුවාල වූ කළුතර උතුර පොලිස් ස්ථානාධිපති කොළඹ ජාතික රෝහලට
(23.08.2025 – hirunews.lk)
විශේෂ මෙහෙයුම් රාජකාරි කටයුත්තක යෙදී සිටි කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර සිල්වා වෑන් රථයක ගැටී තුවාල ලබා තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, ඊයේ (22) රාත්‍රියේ වස්කඩුව වාඩියමංකඩ ප්‍රදේශයේදී ඔහු මෙම අනතුරට ලක්වූ බවයි.
අනතුරින් තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා කලුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණා.
රිය අනතුර සිදු කළ වෑන් රථයේ රියදුරු සහ එම රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴
රනිල් වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ නායකයෝ අද (23) දහවල් රැස්වෙති
(23.08.2025 – hirunews.lk)
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද දහවල් 12:00 ට මල්පාරේ පිහිටි කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවනවා.
මෙම සාකච්ඡාව සඳහා විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් සහභාගී වන බවද වර්තා වෙනවා.
එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රීලංකා නිදහස් පක්ෂය, පොදුජන ඵක්සත් පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය ඇතුලු පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන දේශපාලන පක්ෂ රැසක නායකයින් සහ නියෝජිනයින් මෙම අවස්ථාවට පැමිණීමට නියමිතව තිබෙනවා ෴
+++
ෆයිසර් ඉල්ලා අස් වෙයි ? – ඇප අරන් ආපු ගමන් රනිල් පාර්ලිමේන්තුවට (23.08.2025)
+
සිමෙන්ති ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අනතුරක – පාර පුරා සිමෙන්ති – වාහන 4 ක් හැප්පෙයි
(23.08.2025 – hirunews.lk)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක සහ ගොඩගම අතර ප්‍රදේශයේදී අද (23) අලුයම සිමෙන්ති ලොරියක් සමඟ වාහන හතරක් (4) ගැටී දෙදෙනකු (2) තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූවන් අතර බස් රථයේ කොන්දොස්තරවරයා සහ මගියෙකු ද සිටින බව සඳහන්.
සිමෙන්ති ලොරිය අපරැක්ක ප්‍රදේශයේ සිට ගොඩගම දෙසට ධාවනය වෙමින් තිබියදී පසු පසින් කොළඹ දෙසට ධාවනය වූ බස් රථය එහි ගැටීමත් සමගම මෙම අනතුර සිදුවී තිබෙනවා.
සිමෙන්ති ලොරියේ පසුපස ගබඩා කර තිබූ සිමෙන්ති තොගයක් මාර්ගයට වැටී විසිරී යාමෙන් පිටුපසින් පැමිණි මෝටර් රථයක් සහ වෑන් රථයක්ද එකිනෙක ගැටී අනතුරට ලක්වුණා.

අධිවේගී රථවාහන පොලිසිය පවසන්නේ මෙම අනතුර හේතුවෙන් අධිවේගී මාර්ගය පුරා සිමෙන්ති කුඩු විසිරී යාමෙන් දැඩි දුමාරයක් අවට පැතිරී ඇති බවයි.
ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට දැඩි බාධා මතුව තිබෙනවා.
අනතුර සිදුවූ ප්‍රදේශයේ මීටර් පන්සියයක (500) පමණ ප්‍රමාණයක් ගොඩගම සිට කොළඹ දෙසට එක් මං තීරුවක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුවුණා.
මේ වන විට මාර්ගය පුරා විසිරී තිබෙන සිමෙන්ති ඉවත්කර යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.
අනතුරින් බස් රථයේ වම්පසට දැඩි හානි සිදුවී ඇති අතර අධිවේගී රථවාහන පොලිසිය පරීක්ෂණ පවත්වනවා ෴
රුපියල් ලක්ෂ 40 ක ‘අයිස් මත්ද්‍රව්‍ය’ එක්ක ජෝඩුවක් දැලේ
(23.08.2025 – hirunews.lk)
රුපියල් ලක්ෂ 40 කට අධික මිලකින් යුත් ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගයක් සහ ජාවාරමෙන් උපයා ගත් මුදල් තොගයක් සමග කාන්තාවක් සහ පිරිමියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසන්නේ අත්අඩංගුවට ගත් සැකකාරිය ජාවාරමේ මුදල් අයකැමිවරිය ලෙස කටයුතු කළ තැනැත්තිය බවයි.
එම සැකකරු සන්තකයේ තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 250 කට ආසන්න ප්‍රමාණයක් හා සැකකාරිය සතුව තිබී ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් ලක්ෂ පහක (5) මුදලක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්තට ලද තොරතුරකට අනුව පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී සැකකරු ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමග අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවයි පැවසෙන්නේ.
ප්‍රධාන ජාවාරම්කරුගේ ජාලයේ මුදල් අයකැමීවරිය ලෙස කටයුතු කරන තැනැත්තිය වත්තල එඬේරමුල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 5 ක මුදල් තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ප්‍රධාන ජාවාරම්කරු සොයා ජාඇල ප්‍රදේශයේ නිවසක් වැටලුවද ඔහු එම නිවසින් පලාගොස් තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරු පින්තාරු ශිල්පියෙක් ලෙස රැකියාව කරමින් මෙම ජාවාරම සිදුකරන බව හෙළිවී තිබෙනවා.
සැකකාරිය ස්වයං රැකියාවක් සිදුකරන මුවාවෙන් මෙම ජාවාරමේ මුදල් අයකැමිවරිය ලෙස කටයුතු කරන බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබුණා.
28 හැවිරිදි සැකකාරිය සහ 47 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වනවා ෴
අනුරට ඉන්න වෙන්නේ මන්දිරේම තමයි | රනිල්ට වැඩ වැරදුණු සිද්ධිය අනුරටත් ආපිට කැරකෙන හැටි මෙන්න (23.08.2025)
+++
අනුර අම්මා බලන්න ගිය ගමනත් වැරදියිනේ | රනිල් වැලිකඩ යවපු සිද්ධියෙන් තිස්සකුට්ටිලා හොඳටම ෆෝම් වෙයි (23.08.2025)
+++
සාගරගෙන් අනුර ජනපතිට අභියෝගයක් කරපු දේවල්වලට විදවන්න ලෑස්තිවෙන්න (23.08.2025)
+
භූ දේශපාලන ගණිකාවන්ට ගමනක් නෑ! – විමල් වීරවංශ (23.08.2025)
+
ටිල්වින් මහ උළු ගෙදරට – පැලවත්තේ කෝටි ගණනක මහජන මුදල් අවභාවිතයක් (23.08.2025)
+
රනිල්ට හොඳ වැඩේ තමයි වුණේ එයා තමයි JVP එක කළින් බේරගත්තේ (23.08.2025)
+++
26 වෙනකල් රිමාන්ඩ් වුණු රනිල්ට ඇප ලබාගන්න පුළුවන් වෙයිද..? | රටම හොයන නීති පසුබිම මෙන්න | ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා (23.08.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴