ඩිජිටල් හැඳුනුම්පතට එරෙහිව විමල් වීරවංශ ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඩිජිටල් හැඳුනුම්පතට එරෙහිව විමල් වීරවංශ ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්


ඩිජිටල් හැඳුනුම්පතට එරෙහිව විමල් වීරවංශ ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(22.08.2025 – hirunews.lk)

මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31 දෙනෙකු නම් කරනු ලැබ සිටිනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාව සමග මෙරට පුරවැසියන්ගේ ඩිජිටල් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙන බවයි.

මීට අදාළව ඉකුත් ජනවාරි මස 27 සහ ජුනි මස 02 වනදා අමාත්‍ය මණ්ඩල තීන්දු දෙකක් ලබාගෙන තිබෙන බවත්, මහජනතාව හෝ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමකින් තොරව මෙම අමාත්‍ය මණ්ඩල තීරණය ගෙන තිබෙන බවත්, පෙත්සමේ සඳහන් වෙනවා.

මෙම කටයුතුවලට අදාළව 2022 වසරේ ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු රජය සමග අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙන බවත්, එම අවබෝධතා ගිවිසුම සංශෝධනය කිරීම සඳහා මෙම අමාත්‍ය මණ්ඩල තීන්දු දෙක ලබාගෙන තිබෙන බවත්, පෙත්සමින් පෙන්වා දී තිබෙනවා.

මෙම අවබෝධතා ගිවිසුම තුළින් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ජීව දත්ත ඇතුළු කරුණු ඉන්දියාව අතට පත්වන බවත්, ඒ තුළින් ඉන්දියාවට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවකාශ සැලසෙන බවත්, පෙත්සමෙන් චෝදනා කර තිබුණා.

දේශීය වශයෙන් ඩිජිටල් හැදුනුම්පතක් නිකුත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් මෙරට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් සකස් කරමින් පවතිද්දී එම කටයුත්ත රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට රජය විසින් ගනු ලබන තීරණය අත්තනෝමතික මෙන්ම නීතියට පටහැනි බවත්, පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

මේ තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආර්ථිකයට සහ ජාතික ආරක්ෂාවට මෙන්ම ස්වාධීනත්වයට මැදිහත්වීමට විදේශීය රාජ්‍යයකට අවස්ථාව සැලසෙන බවත්, මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත්, පෙත්සමින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව සමග ඇතිකරගෙන මෙම තිබෙන අවබෝධතා ගිවිසුම සහ ඊට අදාළ කැබිනට් තීන්දු බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, මෙම හැදුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා ෴

+++

+


රනිල් කරපු දේ අනුරත් කරලා. විශ්‍රාම ගියාම අනුරට වෙන දේ මෙන්න (22.08.2025)

+


බොරැල්ලේ වෙඩි තැබීමක්; කිසිවෙකුටත් තුවාල සිදුව නෑ

(22.08.2025 – hirunews.lk)

බොරැල්ල, කාදර් නානා වත්ත ප්‍රදේශයේ මීට මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැති බවයි ෴

+++

+


යාපනයේ නිවසක් අසළින් අවි සහ උණ්ඩ ගබඩාවක් මතුවෙයි

(22.08.2025 – hirunews.lk)

යාපනය – කොට්ටඩි ප්‍රදේශයේ වලදමා තිබූ ටී-56 ගිනි අවි 30 ක් සහ උණ්ඩ 5000 ක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජ් ඉදිරියේදී මෙම ගිනිඅවි සහ උණ්ඩ ගොඩගත් බවයි ෴


සුදත්තගේ යූටියුබ් ප්‍රකාශයට විමර්ශනයක් ඉල්ලා එජාපයෙන් CIDයට පැමිණිල්ලක්

(22.08.2025 – 20:06 +0530 – sinhala.adaderana.lk)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) අත්අඩංගුවට ගෙන දින 14 ක් රක්ෂිත බන්ධනාගාරගත කරන බවට ‘සුදත්ත තිලකසිරි’ යන අය සිය යූ-ටියුබ් නාලිකාව ඔස්සේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා ‘එක්සත් ජාතික පක්ෂය’ ‘අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව’ට අද (22) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මේ අතර සිය ‘එක්ස් අවකාශයේ’ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට පෙරම යූ-ටියුබ් නාලිකාකරුවෙක් ඒ පිළිබඳ අනාවැකියක් පළ කිරීම අහඹු සිද්ධියක් විය නොහැකි අතර එය සැලසුම් කරන ලද්දක් දැයි සැක මතුවන බවය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේ අත්අඩංගුවට ගෙන දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට ‘සුදත්ත තිලකසිරි’ යන අය විසින් ඊයේ (21) සිය යූ-ටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රකාශයක් සිදු කර තිබුණි.

හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පෙර රක්ෂිත බන්ධනාගාරගත කරන බවට ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ‘එක්සත් ජාතික පක්ෂයේ නීතිඥයින් පිරිසක්’ අද (22) ‘අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව’ට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මේ අතර, සිය ‘එක්ස් අවකාශයේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට පෙරම යූටියුබ් නාලිකාකරුවෙක් ඒ පිළිබඳ අනාවැකියක් පළ කිරීම අහඹු සිද්ධියක් විය නොහැකි අතර එය සැලසුම් කරන ලද්දක් දැයි සැක මතුවන බවය.

එසේ වූයේනම් අප පාරිශුද්ධත්වයෙන් සලකන නීතිය හා සාමය හුදෙක් පහත් රංගනයක් බවට පත්වන ශෝකජනක දිනයක් උදාවී ඇති බවද විපක්ෂ නායකවරයා තැබූ එක්ස් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *