හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට
(22.08.2025 – 13:38 +0530 – sinhala.adaderana.lk)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනුලැබ තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ධුර කාලයේදී රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වූ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වනු ලැබුවේ, ජුනි 24 වෙනි දා ය.
අනතුරුව එම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා ගෙන් ද, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.
එවැනි පසුබිමක එම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර පෙරවරු 9 යට පමණ ඔහු එම ස්ථානයට පැමිණියේය ෴
+++
+++
කොටුව උසාවිය ළඟ නවතම දර්ශන – රනිල් එනකම් දහස් ගණනක් උසාවිය ළඟ (22.08.2025)
+++
+++
හිටපු ජනපති රනිල්ට විශ්වවිද්‍යාලයෙන් ලද ආරාධනා පත්‍රය මෙන්න
(22.08.2025 – 15:54 +0530 – sinhala.adaderana.lk)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙත ‘වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය’ විසින් කරන ලද ආරාධනා පත්‍රයේ පිටපතක් නිල වශයෙන් ‘එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය’ මේ වන විට නිකුත් කර තිබේ.
එම පක්ෂයේ මාධ්‍ය ඒකකය මේ සම්බන්ධව සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය අරමුදල් අනිසි ලෙස භාවිත කර නොමැති බවය.
එම සම්පූර්ණ ලිපිය පහතින් :
හිටපු ජනපති රනිල්ට විශ්වවිද්‍යාලයෙන් ලද ආරාධනා පත්‍රය මෙන්න by poornima
+++
රනිල් කියන්නේ අපරාධකාරයෙක් ?? රනිල් ගැන රහස් රැසක් එළියට (22.08.2025)
+++
රටම කැළඹුණු රනිල්ගේ සිද්ධිය | නීතියෙන් රනිල්ට ගැලවිල්ලක් නැද්ද.. | ප්‍රතිභා මහානාමහේවා සියල්ල හෙළිකරයි (22.08.2025)
+++
හිටපු ජනපති රනිල්ගේ නඩුව විභාග කරන ශාලාවේ විදුලිය විසන්ධි වෙයි
(22.08.2025 – 18:41 +0530 – sinhala.adaderana.lk)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව විභාගයට ගැනෙන අධිකරණ ශාලා පරිශ්‍රයේ විදුලිය විසන්දී වී ඇති බව වාර්තා වේ.
දැනට විනාඩි කිහිපයක සිට විදුලිය විසන්ධි වී ඇති බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රනිල් වික්‍රමසිංහ මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර නඩුවේ තීන්දුව ලබා දීම පැය භාගයකට (½) කල් තැබීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
පස්වරු 05:30 ට පමණ අදාළ නියෝගය ලබා දුන් අතර ඉන් අනතුරුව මේ දක්වාත් නඩුව විභාගයට ගැනීම සිදුකර නොමැත ෴
+++
රනිල්ට උසාවියෙන් තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී උසාවියේ ලොකු අකරතැබ්බයක් (22.08.2025)
+++
+++
+
තැපැල් වෘත්තීය සමිති සත්‍යග්‍රහයක් අරඹයි
(22.08.2025 – 11:12 +0530 – sinhala.adaderana.lk)
වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති කොළඹ පිහිටි මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
එම සත්‍යග්‍රහය සඳහා ලංකා ගුරු සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් ද එක්ව සිටින බව ‘අද දෙරණ’ වාර්තාකරු සඳහන් කළේය.
අද (22) පෙරවරුවේ සිට ආරම්භ කළ එම සත්‍යග්‍රහය හේතුවෙන් මධ්‍ය තැපැල් හුවමාරුව අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් ‘අද දෙරණ’ වාර්තාකරුවන් පැවසුවේ පාර්සල් යැවීමට සුදානම් වන සේවකයින්ගේ රාජකාරියට එම ස්ථානයේ සිටින ඇතැම් පිරිස් බාධා කිරීම හේතුවෙන් මේ වනවිට කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවට පොලීසිය කැඳවා ඇති බවය.
ප්‍රධාන ඉල්ලීම් 19ක් මුල්කරගනිමින් තැපැල් වෘත්තීය සමිති පසුගිය 17 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කළ වැඩවර්ජනය අද 05 වන දිනටත් ක්‍රියාත්මක වන අතර වර්ජනය හේතුවෙන් තැපැල් සේවා ලබා ගැනීම සඳහා පැමිණි ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටියේය.
මේ අතර සමස්ත ලංකා උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රවීන්ද්‍ර අමරජීව මහතා සඳහන් කළේ, ජනතාව අපහසුතාවයට පත් නොකර වර්ජනය අවසන් කරන ලෙස සෙසු තැපැල් වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බවය.
මේ අතර අද (22) දිනයේ සේවයට නොපැමිණෙන සියලු තැපැල් සේවකයින් තනතුර අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට සිදුවන බව පවසමින් තැපැල්පති රුවන් සත්කුමාර මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබුණි.
එමෙන්ම සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු පසුගිය 17 වනදා සිට අවලංගු වන බැවින් විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයින්ට මෙම මස වැටුප් නොගෙවීමට තීරණය කර ඇති බව ද තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේය.
ඒ අනුව මාසික වැටුප අවශ්‍යනම් වහාම සේවයට වාර්තා කරන ලෙස වර්ජනයේ නිරත සියලු තැපැල් සේවකයින්ගෙන් තැපැල්පතිවරයා ඉල්ලා සිටී ෴
+++
වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සේවය හැර ගියා සේ සලකන කතාවේ ඇත්ත කතාව මෙන්න…අද මොකක්ද වෙන්න යන්නේ ? (22.08.2025)
+++
රජයේ අනතුරු ඇගවීමට තැපැල් සංගම්වලින් දුන්න උත්තරේ | 10,000 ක් රස්සාවලින් දොට්ට දායිද? (22.08.2025)
+++
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴