මොණරාගලදී බස් රථ දෙකක් ගැටී අයෙකු ජීවිතක්ෂයට; 22 ක් රෝහලට
(16.08.2025 – hirunews.lk)
අද (16) උදෑසන කාලයේ මොණරාගල පොලිස් වසමේ පොතුවිල් වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 255 කිලෝමීටර් කණුව ආසන්නයේදී දඹගල්ල දෙස සිට මොණරාගල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වන්දනා චාරිකාවක් යමින් සිටි පුද්ගලික බස් රථයක ගැටී තිබෙනවා.
අනතුරින් ලංගම බස් රථයේ රියදුරු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මරණකරු වයස අවුරුදු 32 ක් වූ රුවල්වෙල, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුරින් බස් රථ දෙකෙහි ගමන් ගත් මගීන් 22 දෙනෙකු පමණ තුවාල ලබා මොණරාගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මොණරාගල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
+++
+++
+
ගාල්ලේ සුනඛ ගැටලුව නිසා සංචාරකයින් පීඩාවට
(15.08.2025 – 15:24 +0530 – sinhala.adaderana.lk)
ගාල්ල නගරයේ සහ ගාල්ල කොටුව ප්‍රදේශයේ සුනඛ ගැටලුව උග්‍රවීමෙන් සංචාරකයින් සහ ප්‍රදේශවාසීන් පීඩාවට පත්ව තිබේ.
ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදීද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.
නිරන්තරයෙන් සංචාරයකින්ගේ පිරී පවතින මෙහි අද වනවිට සුනඛ ගහනය බහුල වී තිබේ.
ඒ කිසිවෙකුගේ රැකවරණය නොමැතිව සිටින සුනඛයින් ගාලු කොටුව ප්‍රදේශයේ හා නගරයේ වීථීවල සැරිසැරීම හේතුවෙනි.
ප්‍රදේශවාසීන් පවසන්නේ, දේශීය සංචාරකයින් මෙන්ම විදේශීය සංචාරකයින්ගේ නිතර සුනඛ සපාකෑම්වලට ලක්වන බවය.
ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන් මෙන්ම සංචාරකයින් ද පීඩාවට පත්ව සිටී.
කෙසේ වෙතත් සුනඛ ගහනය පාලනය කිරීම සඳහා සුනඛයින් වන්ද්‍යාකරණයට ලක්කරන ආයතන ද මේ වනවිට ගාල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යෑමට ඇතැම් පිරිස් කටයුතු කර ඇත ෴
සම සුදුවන අලේපන භාවිතයෙන් රෝගී වන පිරිස ශීඝ්‍රයෙන් ඉහළට
(15.08.2025 – 15:15 +0530 – sinhala.adaderana.lk)
සම සුදු වීමට භාවිත කරන ආලේපන හේතුවෙන් රෝගී වන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ජාතික විෂ තොරතුරු නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය දීප්ති ප්‍රනාන්දු මහත්මිය පවසයි.
ජාතික විෂ නිවාරණ සතියේ ප්‍රගති සමාලෝචනය සහ ඉදිරි සැලසුම් පිළිබඳව අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරිය මේ බව පැවසුවාය.
ජාතික විෂ නිවාරණ සතිය අගෝස්තු 11 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන අතර ජාතික විෂ නිවාරණ සතියේ මෙවර තේමාව බවට පත්ව ඇත්තේ ‘සම සුදු කිරීමේ ක්‍රීම් භාවිතයේ අවදානම’ යන්නය.
එහිදී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරිය පැවසුවේ පුද්ගලයෙකුගේ ශරීරයේ ඇති විශාලම ඉන්ද්‍රීය සම බවත් සම මගින් සමට සහ එහි ශරීරයේ අභ්‍යන්තරයට ආරක්ෂාවක් සපයනු ලබන බවය.
එමෙන්ම මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයද සමේ ආලේපන ක්‍රීම් සඳහා කිසිදු රසදිය ප්‍රමාණයක් අඩංගු නොවිය යුතු බවද මේ වන විට සඳහන් කර ඇතැයිද විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික විෂ තොරතුරු නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය දීප්ති ප්‍රනාන්දු මහත්මිය :
“අපේ සම තමයි අපේ ශරීරයේ තියෙන විශාලම ඉන්ද්‍රීය. එය සමට සහ එහි අභ්‍යන්තරයට ආරක්ෂාවක් සපයනවා. එතකොට මෙම ආරක්ෂකයට වැදගත් වන්නේ ඒකේ තියෙන මෙලනින් වර්ණිකය. එම මෙලනින් වර්ණිකය මත තමයි අපේ පැහැය තීරණය වෙන්නේ. අපි ඝර්ම කලාපීය රටක්. අපේ මෙලනින් වර්ණයක සෞඛ්‍ය ආරක්ෂා කිරීමට ඉතා වැදගත් වෙන්නේ පාරජම්බුල කිරණ වලින් වෙන හානිය වැළැක්වෙන්නේ මේ මෙලනින් වර්ණකය නිසයි. ඒ වගේම සම වයසට යාම වැළැක්වෙන්නෙත් මේ මෙලනින් වර්ණකය නිසයි. නමුත් සම සුදු කිරීමේ ආලේපනවල වැඩි වශයෙන් තියෙන්නේ ස්ටීරොයිඩ්, හයිඩ්‍රෝක්ලීනොන් සහ බැර ලෝහ. අද ලංකාවේ වෙළෙඳපොළේ දක්නට ලැබෙන සම සුදු කිරීමේ ආලේපනවල වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ මර්කරි (රසදිය) සහ ස්ටිරොයිඩ්. මකරි වලින් වෙන්නේ මෙලනින් වර්ණකය අවහිර කිරීමක්.
මෙලනින් වර්ණකය අවහිර කිරීම නිසා ඇතිවන ගැටලු රාශියක් තියෙනවා. මේකෙන් ප්‍රධාන වශයෙන් වෙන්නේ මෙලනින් වර්ණකය අවහිර වීම සහ ඒ ගාන ක්‍රීම් එකේ තියන රසදිය අපේ ශරීරයට අවශෝෂණය වීම. මේ රසදිය දිගුකාලීන අවශෝෂණය වීම නිසා ඒක දිගු කාලීනව තැන්පත් වීම නිසා අපේ ස්නායු පද්ධතියේ සහ වකුගඩුවල ක්‍රියාකාරීත්වය අක්‍රීයවීම දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ස්නායු පද්ධතිය අක්‍රීයවීම නිසා මාංශ පේශි දුර්වල වීම සිදුවිය හැකියි. ගර්භණී මවක් මර්කරි තියෙන ක්‍රීම් එකක් භාවිතා කළොත් එයාගේ මව්කිරි හරහා දරුවාට සම්ප්‍රේෂණය වී දරුවා මන්දබුද්ධික තත්ත්වයට පත්වෙන්න පුළුවන්.
ඒ වගේම තමයි ස්ටීරොයිඩ. මේකත් භාවිත වෙන්නේ අධික සාන්ද්‍රණය සහිතව. මේවා ශරීරයට ආලේපනය කිරීමෙන් ප්‍රමාණයක් නොමැතිව අවශෝෂණය වෙනවා. එහෙම වුණාම අපේ සම තුනී වෙනවා, සම ඇදීම සහ මේක දිගු කාලීනව අවශෝෂණය වීමෙන් දියවැඩියාවද ඇති වීමේ අවදානමක් තියෙනවා” ෴
+++
ඇසිල්ලකින් සුදු වූ සුදු නෝනලා බොහෝ දෙනෙකුගේ ඇඟට දැන් වෙන දේ – වකුගඩු අක්‍රීය වීමේ අවදානමක් (15.08.2025)
+
බම්බලපිටියේ රු. කෝටියක මංකොල්ලයේ අභිරහස පැය 24 න් විසදෙයි | මාස හයකට (6) කළින් ආ සේවකයා ගහපු ගේම මාට්ටු (15.08.2025)
+
බත්තරමුල්ලේ නිවසක නවතා තිබූ කාර් එක නොසිතූ මොහොතක සම්පූර්ණයෙන්ම ගින්නෙන් අළු වෙයි (15.08.2025)
+
හර්ෂට හොඳටම තද වෙයි – Live ඇවිත් අනුර සැරටම දෙසයි (15.08.2025)
+
චීන ජාවාරම්කරුවන්ගෙන් ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයට දැවැන්ත පාඩුවක් – විදෙස් මාධ්‍ය
(15.08.2025 – hirunews.lk)
ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයට චීන ජාතිකයින්ගේ නීතිවිරෝධී මැදිහත්වීම හේතුවෙන් මෙරට ආර්ථිකයට විශාල ආදායම් අහිමිවීමක් සිදුවෙමින් පවතින බව IANS මාධ්‍ය වාර්තාවක දැක්වෙනවා.
මෙම ක්‍රියාවන් දේශීය ව්‍යාපාරිකයන්ටද දැඩි බලපෑම් එල්ල කර ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
චීන ජාතිකයින් විසින් රුපියල් බිලියන 30 ක් පමණ වටිනා මැණික් ශ්‍රී ලංකාවෙන් නීතිවිරෝධී ලෙස අපනයනය කර ඇති බවත්, එමගින් රටට ලැබිය යුතු බදු ආදායම් අහිමි වී තිබෙන බවත්, මෙය නීත්‍යානුකූල මැණික් ව්‍යාපාරවලටද බරපතල තර්ජනයක් වී ඇති බවත් එම වාර්තා පෙන්වා දෙනවා.
මෑතකදී, දශකයක් පුරා ක්‍රියාත්මක වූ ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණ මෙහෙයුමකට සම්බන්ධ චීන ව්‍යාපාරිකයෙකුගේ බැංකු ගිණුමක තිබූ රුපියල් මිලියන 201 කට අධික මුදලක් කොළඹ මහාධිකරණය විසින් රාජසන්තක කළ බවද එම වාර්තාවේ සඳහන්.
ඊට අමතරව, චීන ජාතිකයෙකු සහ ඔහුගේ දියණියක් කොළඹ ගුවන් තොටුපළේදී රුපියල් මිලියන 17 කට අධික වටිනාකමකින් යුත් මැණික්, එනම් ‘සඳකැන්, තරු නිල් මැණික් සහ මරකත මැණික්’ ජාවාරම් කිරීමට උත්සාහ කිරීමේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් IANS මාධ්‍ය වාර්තාවෙන් පෙන්වා දෙනවා.
මෙම චීන ජාතිකයින් සංචාරකයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ, නීතිවිරෝධී අතරමැදියන් ගෙන් මැණික් මිලදී ගෙන, ඒවා නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ අපනයනය කරනු ලබන බවද එම වාර්තාවේ සඳහන්.
මෙමගින් රාජ්‍යයට ලැබිය යුතු බදු, විශේෂයෙන්ම වාර්ෂිකව රුපියල් බිලියන 38 ක් පමණ එකතු කළ අගය මත බදු (VAT) අහිමිවන බවට තක්සේරු කර ඇති බවත් IANS මාධ්‍ය වාර්තාවෙන් පෙන්වා දෙනවා.
මෙම නීතිවිරෝධී සමාන්තර ආර්ථිකය හේතුවෙන් දේශීය මැණික් වෙළඳුන්ට දැඩි අසාධාරණයක් සිදුවන අතර, එය රත්නපුරය සහ බේරුවල වැනි සාම්ප්‍රදායික මැණික් කලාපවල වෙළඳුන්ට සෘජුවම බලපා ඇති බවද එම වාර්තාවේ සඳහන්.
තවද, මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ මැණික් වෙළෙඳපොළට අන්තර්ජාතික වශයෙන් ද හානි පමුණුවා ඇති බවත් යුරෝපීය සහ ඇමරිකානු ගැනුම්කරුවන් ශ්‍රී ලංකාවේ මැණික් වෙළෙඳපොළ කෙරෙහි ඇති විශ්වාසය බිඳී යාම නිසා තායිලන්තය වැනි වෙනත් මැණික් වෙළෙඳපොළ වෙත යොමු වී ඇති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙනවා ෴
‘චිචී’ගෙ රොකට් එක ගැන කවුරුත් නොකියපු ඉතිහාස කතාව – ‘චිචී’ගේ සම්බන්ධය මොකක් ද? supremesat ඇත්තටම කාගෙද? (16.08.2025)
+
එක්සත් ජාතීන් ආණ්ඩුවට එරෙහි වෙයි. මාලිමාව බලයට ගෙනා CIA ක්‍රමය හෙලිවෙයි (16.08.2025)
+
ගිංතොට දුම්රිය ස්ථානයේදී ගාලු කුමරී පීලි පනී
(16.08.2025 – 17:54 +0530 – sinhala.adaderana.lk)
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ.
මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන අංක 8056A ‘ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය’ මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.
ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කිරීමට සිදුව ඇත.
දුම්රිය පිලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද විශාල වශයෙන් හානී සිදුව ඇතිබව වාර්තා වෙයි ෴
විදුලි ලොක්කන්ගේ දූලා පුතාලාට සලකන අමුතු විදිහ මෙන්න | රටටම විශේෂ අනාවරණයක් (16.08.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴