ගලෙන්බිදුණුවැවෙන් මතුවූ, නවදහසට (9000) ආසන්න උණ්ඩ තොගය කාගෙද? – අධිකරණයට කරුණු දැක්වීමත් අද (15)
ගලෙන්බිදුණුවැවෙන් මතුවූ, නවදහසට (9000) ආසන්න උණ්ඩ තොගය කාගෙද? – අධිකරණයට කරුණු දැක්වීමත් අද (15)
(15.08.2025 – hirunews.lk)
ගලෙන්බිඳුණුවැව – ගැටලාව වැවේ සඟවා තිබීයදී සොයාගත් ටී-56 ජීව උණ්ඩ සහ මැගසීන් සම්බන්ධයෙන් කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට අද (15) කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කිරීමට නියමිත බව පොලිසිය ප්‍රකාශ කළා.
එමෙන්ම, අදාළ ජීව උණ්ඩ යුද සමයේ භාවිතා කිරීමට තිබූ හෝ පොලිස් ස්ථානවලට ලැබුණු ජීව පතොරම්ද යන්න තවදුරටත් විමර්ශන සිදු කරනවා.
දරකැඩීම සදහා පැමිණි පුද්ගලයෙකු ජලයේ තිබී මෙම උණ්ඩ තොගය දැක ඒ පිළිබදව පොලිසිය දැනුවත් කර තිබුණා.
ඒ අනුව පෙරේදා (13) දිනයේ එම වැවෙන් ජීව පතොරම් 7124 ක් සහ ඊයේ (14) දිනයේ 1750 ක් සොයාගත් බවයි ගලෙන්බිදුණුවැව පොලිසිය සදහන් කළේ.
ඒ අනුව එම ස්ථානයෙන් සොයාගෙන ඇති මුලු ජීව පතොරම් සංඛ්‍යාව 8874 ක්. ඊට අමතරව ගැටලාන වැවේ තිබී මැගසීන් 11 ක් ද සොයාගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, මේවා පිටුපස සටහන් කර ඇති කාණ්ඩ අංක ආරක්ෂක අමාත්‍යංශයට යොමුකර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
පසුගිය මස 23 වනදා ද ගලෙන්බිඳුණුවැව හුරුළුවැවේ දියනෑමට පැමිණි තරුණයින් තුන්දෙනෙකුට (3) ද විවිධ වර්ගයේ ජීව පතොරම් හමුවී තිබුණා.
පසුව පොලිසිය සිදු කළ පරීක්ෂාවකදී ටී-56 උණ්ඩ 63 ක්, අත්බෝම්බයක් (01), එල්.එම්.ජී. වර්ගයේ උණ්ඩ 54 ක් සහ වෙනත් වර්ගයේ පතොරම් 05 ක් සොයාගනු ලැබුවා ෴
සීදූව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 7 ක් මන්නා පිහි සමග අත්අඩංගුවට
(15.08.2025 – hirunews.lk)
සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදී පසුගිය 12 වැනිදා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සීදූව පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ අනුව ඊයේ (14) දුම්ලසූරිය පොලිස් වසමේදී සීදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු (5) හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු (2) මන්නා පිහි තුනක් (3) ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 17, 18, 21, 25, 27 හා 44 වයස්වල පසුවන සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සැකකරුවන් අද (15) දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සීදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට
(15.08.2025 – 06:44 +0530 – sinhala.adaderana.lk)
මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වු සිඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ ඊයේ (14) රාත්‍රී කාලයේදී කළුතර උතුර පොලිස් වසමේ කොළඹ බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ සැතපුම් 23 අණුව අසලදී මෙම අනතුර සිදුවී ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැත.
මෘතශරීරය නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර කළුතර උතුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි ෴
වෛද්‍යවරුන්ට සහ රෝහල් කාර්යමණ්ඩලයට තර්ජන කල දෙදෙනෙකු (2) අත්අඩංගුවට ..
(15.08.2025 – 05:55 +0530 – lankacnews.com)
කොටගල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරුන්ට සහ කාර්යමණ්ඩලයට තර්ජනය කර බැන වැදුනේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු (2) දිඹුල පතන පොලිසිය මගින් (14) දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල රෝසිටා ප්‍රදේශයේ 14 වන දින සිදු වූ ත්‍රිරෝද රථ අනතුරකින් තුවාල ලැබූ තුවාල කරුවෙකු කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම තුවාලකරුට කොටගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්යමණ්ඩලය මූලික ප්‍රතිකර ලබා දී තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මූලික රෝහලට මාරු කර යැවීමට විරෝධය පාමින් තරුණයින් දෙදෙනෙකු (2) කොටගල ප්‍රාදේශීය රෝහලේ කලහකාරි ලෙස හැසිරෙමින් වෛද්‍යවරුන්ට සහ කාර්යමණ්ඩලයට බැන තර්ජනය කල බව පවසමින් එම රෝහලේ වෛද්‍යවරයෙකු විසින් දිඹුල පතන පොලිසිය වෙත සිදු කරන ලද පැමිණිල්ලක් මත සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගත් බවයි දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) හැටන් මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත්කරන බව දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.
රංජිත් රාජපක්ෂ
මීදුම මැද රථයක් පෙරලේ.. දෙදෙනෙකුට බරපතලයි..
(15.08.2025 – 02:10 +0530 – lankacnews.com)
කොළඹ සිට නුවරඑලිය දක්වා ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් සහිත කණුවක ගැටී (14) දින අනතුරට පත් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් රියදුරා සහ පසුපස ගමන් ගත් අයෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කල බව නානුඔය පොලිසිය පැවසීය.
(14) දින මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය බංගලාහත ප්‍රදේශයේදීය.
නානුඔය ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණ තත්ය සහ දැඩි මීදුම් තත්වය හමුවේ ධාවනය වෙමින් තිබූ කැබ් රථය ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැනි සහිත කණුවේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බවට අනතුර පිලිබද පරික්ෂණ පවත්වන නානුඔය පොලිසියේ රථාවාහන අංශයේ නිළධාරින් සැක කරයි.
නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයක් සදහා පැමිණි පිරිසක් මෙසේ අනතුරට පත් වී ඇත්තේ.
අනතුරින් කැබ් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇත.
පවතින දැඩි අයහපත් කාළගුණය සහ මීදුම් ත්තවය හමුවේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙස නානුඔය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
රංජිත් රාජපක්ෂ
රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමට පිරිසක් කටයුතු කරනවා – කාදිනල් හිමි
(15.08.2025 – 07:45 +0530 – sinhala.adaderana.lk)
රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා විදේශීය සංවිධාන සමග එක්වී පිරිසක් කටයුතු කරමින් සිටින බව අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමියන් පවසයි.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන නායකයින්ද මේ සඳහා සම්බන්ධ බවය.
ඊයේ (14) කොළඹ පැවැති රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ධර්ම කීර්ති ශ්‍රී ආචාර්ය අකුරැටියේ නන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත මියන්මාර රජයෙන් ලබාදුන් අග්ගමහා පණ්ඩිත ගෞරව නාමය පිදීමේ උත්සවයට එක්වෙමින් කාදිනල් හිමි මේ බව පෙන්වා දුනි.
එම අවස්ථාවට එක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියේ ව්‍යවස්ථා සංශෝධනයකදී මානව අයිතිවාසිකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළයුතු බවය.
+
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ බිහිසුණු අනතුරක්
(15.08.2025 – 09:06 +0530 – sinhala.adaderana.lk)
ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා දිය ඇල්ලට ඉහළ ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ.
එම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් හය දෙනෙකු (6) තුවාල ලබා දෙමෝදර සහ බණ්ඩාරවෙල යන රෝහල්වලට ඇතුළත් කර ඇත.
මෙසේ අනතුරට ලක් වී ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන අතර අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි ෴
වන්දනා නඩයක් රැගෙන ගිය බස් රථය අනතුරක – පිරිසක් රෝහලට
(15.08.2025 – 09:24 +0530 – sinhala.adaderana.lk)
බදුල්ල – මහියංගනය මාර්ගයේ දුන්හිද හන්දියේ දී අද (15) උදෑසන 07:15 ට පමණ බස් රථයක් අනතුරට ලක්ව තිබේ.
වන්දනා නඩයක් ගමන් කරමින් තිබූ බස් රථයක් නවතා තිබූ ලොරියක රථයක ගැටී අනතුර සිදුව තිබුණි.
බස් රථයේ 30 ක පමණ පිරිසක් ගමන් කරමින් සිට ඇති අතර, එයින් 7 දෙනෙකුට පමණ තුවාල සිදුව ඇති බව පොලීසිය පැවසීය.
බස් රථයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් රියදුරුට බසය පාලනය කරගත නොහැකිව නවතා තිබූ ලොරියක ගැටී අනතුර සිදුව තිබුණි.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴