බන්ධනාගාර රෝහල් සේවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රිමාන්ඩ්

බන්ධනාගාර රෝහල් සේවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රිමාන්ඩ්


බන්ධනාගාර රෝහල් සේවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රිමාන්ඩ්

(13.08.2025 – 15:40 +0530 – sinhala.adaderana.lk)

බන්ධනාගාර සෞඛ්‍ය සේවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ,2024 වර්ෂයේදී, බන්ධනාගාරගත කර සිටි රැඳවියෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු බන්ධනාගාරගත රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව, තවදුරටත් එහි නේවාසිකව රඳවාගෙන ප්‍රතිකාර සිදු කිරීම සඳහා අල්ලස් වශයෙන් රුලියල් 15,00,000 ක් ඉල්ලා ඉන් රුපියල් 3,00,000 ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

වෛද්‍ය හේමන්ත රණසිංහ මහතාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (13) පෙරවරුවේ පිටකෝට්ටේ පිහිටි සැකකරුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

ඔහු දැනට අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (වැ.බ) ලෙස කටයුතු කරයි.

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

+


මීගොඩ, මහවත්ත, මුතුහේනවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක්

(13.08.2025 – hirunews.lk)

මීගොඩ, මහවත්ත, මුතුහේනවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය පවසනවා.

එම ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී අහසට වෙඩි තැබීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

මිලිමීටර් 9 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලිසිය පොලිසිය පවසනවා ෴


හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

(13.08.2025 – hirunews.lk)

හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

තුවාල් ලැබූ අයෙක් රෝහල් ගත කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ ෴


මිනුවන්ගොඩදී ‘පස් දිලීප’ ඝාතන තැත වරදී

(13.08.2025 – hirunews.lk)

මිනුවන්ගොඩ, පතණ්ඩුවන ප්‍රදේශයේ දී ‘පස් දිලීප’ නමැති පුද්ගලයෙක් ඉලක්කර ගනිමින් සිදුකළ වෙඩි තැබීම ව්‍යර්ථ වී තිබෙනවා.

පොලිස් ‘PT Kit’ ඇඳුමට සමාන ඇඳුමින් සැරසුණු යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයින් දෙදෙනෙකු (2), මෙම වෙඩි තැබීම සිදුකිරීමට උත්සාහ දරා ඇති බවයි වාර්තා වෙන්නේ ෴


හෝමාගම මන්ත්‍රී ඝාතනය ගැන ජංගම දුරකතනයෙන් සාක්ෂි රැසක් : දින 04 කට කළින් වෙඩික්කරු ආවේ හම්බන්තොට ඉඳන්

(13.08.2025 – hirunews.lk)

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන ‘ශාන්ත මුදුන්කොටුව’ ඊයේ (12) සවස මීගොඩ ආටිගල මාර්ගයේදී වෙඩි තබා ඝාතනය කිරීම මෙහෙයැවූ බවට හඳුනාගෙන ඇති ‘පොළොන්නරුවේ සුද්දා’ නැමැති අපරාධකරු රඳවා සිටින මහර බන්ධනාගාරයේ ඔහු සිටින වාට්ටුව තුළ අද කළ සෝදිසියේදී ජංගම දුරකථනයක් හමුවී තිබෙනවා.

මෙම ඝාතනය මෙහෙයවීමට බන්ධනාගාරයේ සිට වෙඩික්කරු ඇතුළු පාතාලයේ අපරාධකරුවන් සම්බන්ධ කරගැනීමට යොදාගෙන ඇත්තේ මෙම දුරකථනය බවට තොරතුරුද මේ වනවිට අනාවරණය වී අවසන්.

වෙඩික්කරු පැමිණි මෝටර් රථය පැදවූ ‘දමිත් ඉන්දික’ නැමැත්තා සමඟ ද ‘පොලොන්නරුවේ සුද්දා’ සම්බන්ධකම් පවත්වා ඇත්තේ එම දුරකථනය ඔස්සේ බවද තහවුරු වී තිබෙනවා.

‘දමිත් ඉන්දික’ නමැත්තා ‘සුද්දා’ගේ ඥාතියෙක් වන අතර අත්තිඩියේ පදිංචිකරුවකු වන ඔහු කොල්ලකෑම් ඇතුළු අපරාධ 10 කට පමණ චෝදනා ලැබූවෙක් බවද අනාවරණය වෙනවා.

මෙම අපරාධය සඳහා වෙඩික්කරු දින 04 කට පමණ පෙර පැමිණ ඇත්තේ හම්බන්තොට සිට බවත් දින 04 ක්ම හෝමාගම ආශිත ප්‍රදේශයක පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිට ඇති බවත් වෙඩික්කරු පැමිණි මග ඔස්සේ කළ ආරක්ෂක කැමරා පරීක්ෂාවකදී සහ දුරකථන ජාල විශ්ලේෂණයකදී අනාවරණය වී තිබෙනවා.

වෙඩික්කරු වෙඩි තැබීමෙන් අනතුරුව නැවතත් අධිවේගී මාර්ගය ඔස්සේ පලා ගියේදැයි සැකයක් විමර්ශන නිලධාරීන්ට මතුවී තිබෙනවා.

ඩුබායි හී රැඳී සිටින බවට මේ වන විට තොරතුරු ඇති ‘ලලිත් කන්නන්ගර’ විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව ‘පොලොන්නරුවේ සුද්දා’ සමග බන්ධනාගාරගතව සිටින තවත් අපරාධකරුවකු වන ‘ආමි සම්පත්’ මෙම ඝාතනය මෙහෙයවා ඇති බවද අනාවරණය වී තිබෙනවා.

“ලලිත් කන්නන්ගර රට ඉඳන් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ඉල්ලනවා. බයට මේ ගැන ව්‍යාපාරිකයන් පොලිසියට පැමිණිලි කරන්නේ නැහැ. එහෙම ව්‍යාපාරිකයන් ගැන තොරතුරු ලැබුණම මෙම හිටපු මන්ත්‍රී ඒ කියන ව්‍යාපාරිකයන්ව හමුවෙන්න යනවා බන්ධනාගාරයේ වැඩ කරන ඔහුගේ මිතුරු ජේලර් කෙනෙක් එක්ක. ගිහින් කියනවා ‘ලලිත් කන්නන්ගර’ව දන්න කියන අය බන්ධනාගාරයේ ඇතුළේ ඉන්නව කියල. ඒ අයට කියල වැඩේ ෂේප් කරල දෙන්නම් ඒ නිසා කප්පම් දෙන්න යන්න එපා කියල. ඔය අතරේ ඒ කියන ව්‍යාපාරිකයන්ගෙන් මේ අය සංතෝසම් අරගන්නවා කියල තොරතුරු අපිට ලැබිල තියෙනවා. ඔය කියන ජේලර්ගෙන් අපි ඉදිරියේදී ප්‍රශ්න කරනවා” විමර්ශන භාරව සිටින උසස් පොලිස් නිලධාරියකු පැවසුවා.

හිටපු මන්ත්‍රීවරයාගේ ඝාතනයට මෙම සිදුවීම මුල් වීදැයි පැහැදිලිවම සඳහන් කළ නොහැකි බවත් ‘ලලිත් කන්නන්ගර’ සමඟ මන්ත්‍රීවරයාට සම්බන්ධකම් තිබී ඇති බවත් එම නිලධාරියා සඳහන් කළා.

මෙම වෙඩි තැබීම පවා සිදුකර ඇත්තේ මන්ත්‍රීවරයා නිවසේ සිට ගෙන්වාගෙන බවද විමර්ශනවලින් අනාවරණය වී ඇතැයිද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා ෴

+++

+


මින්නේරිය කඳවුරෙන් පැන්නූ ගිනි අවිවල අංක රහස් හෙළි කරයි

(13.08.2025 – hirunews.lk)

මින්නේරිය හමුදා කඳවුරෙන් පැන්නූ බව කියන ගිනි අවිවලින් සොයාගත් ගිනි අවි අතර හමුදාවට අයත් අවි ද ඇතැයි ඒ සම්බන්ධයෙන් කෙරන විමර්ශන ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන තිබෙනවා.

2020 වසරේ සිට විටෙන් විට ගිනි අවි 74 ක් පමණ කඳවුරෙන් පන්නා ඇති බවයි හෙළිවී ඇත්තේ.

එම අවිවලින් 36 ක් සොයාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුව හමුදාවෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ හමුදාවට අයත් ගිනි අවි කිසිවක් අස්ථාන ගතව නැති බවයි.

එහෙත් ඒ ගැන රස පරීක්ෂණ මෙන්ම තවත් විමර්ශන ගණනාවකදී හෙළිවී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය මගින් හමුදාවට නිකුත් කළ ගිනි අවි කිහිපයක්ද සොයාගත් ගිනි අවි අතර ඇති බවයි.

ඒ බව අනාවරණය වී ඇත්තේ ගිනි අවිවල අනුක්‍රමික අංක ඔස්සේයි.

ඒ අනුව හමුදාවේ ගිනි අවි සම්බන්ධයෙන් විගණනයක් සිදුකරන ලෙස නිල වශයෙන් දැනුම්දීමක් කර ඇතත් මෙතෙක් එම විගණනයේ වාර්තා ලැබී නැති බැවින් විමර්ශන ඉදිරියට කරගෙන යාමට බාධාවක් මතුව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කරනවා.

එබැවින් නැවත වරක් ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු පවසනවා.

මෙම අවි ජාවාරම ගැන තොරතුරු හෙළිවන්නේ හෝමාගම පිටිපන පිහිටි ව්‍යාපාරික ස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බලකාය 2020 වසරේ ජුනි 29 වෙනිදා කළ පරීක්ෂාවකදී ටී-56 ගිනි අවි 11 ක් ඇතුළු ගිනි අවි 12 ක් සොයා ගැනීත් සමගින්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් හෙළිවී ඇත්තේ මින්නේරිය කඳවුරෙන් පැන්නූ මෙම ගිනි අවි වෑන් රථයකින් කොළඹට රැගෙන විත් පාතාලය අතර බෙදා හැර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් හමුදාවේ කිහිප දෙනෙක් මෙන්ම මාධ්‍යවේදියෙක්ද පසුගිය කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා ෴


සැප්තැම්බර් 01 වැනිදා සිට සෑම සඳුදා දිනකම කොළඹ ජාතික කෞතුකාගාරය ඇතුළු සියලු ප්‍රාදේශීය කෞතුකාගාර නඩත්තු කටයුතු සඳහා වසා තැබෙයි

(13.08.2025 – hirunews.lk)

සැප්තැම්බර් 01 වැනිදා සිට සෑම සඳුදා දිනකම කොළඹ ජාතික කෞතුකාගාරය ඇතුළු සියලු ප්‍රාදේශීය කෞතුකාගාර නඩත්තු කටයුතු සඳහා වසා තැබෙන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් ජනතාව වෙත විවෘත නොවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ෴


වරකාපොල රෝහලෙන් මතු වූ මත්ද්‍රව්‍ය

(13.08.2025 – hirunews.lk)

වරකාපොල මූලික රෝහල තුළ පිහිටි පෞද්ගලික සනීපාරක්ෂක සේවා ආයතනයක වැඩ පරීක්ෂකවරයෙකුගේ කාමරය තුළ තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ සහ මත්පෙති සොයාගෙන තිබෙනවා.

අදාළ සැකකරු වරකාපොල පොලිසියේ දූෂණ මර්දන අංශ නිලධාරින් විසිනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු, අද (13) වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


දෙහිබාලේ නමැත්තාගේ ගෝලයෙකු ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමග අත්අඩංගුවට

(13.08.2025 – hirunews.lk)

විදේශ රටක රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘දෙහිබාලේ’ නමැත්තාගේ ගෝලයෙකු බව කියන පුද්ගලයෙකු ‘අයිස් මත්ද්‍රව්‍ය’ සහ යුධ හමුදා නිල ඇඳුම් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි වැලිගම පිටිදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිසිය පැවසුවේ සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 210 ක්, යුධ හමුදා නිල ඇදුම් කමිස 9 ක්, කලිසම් 4 ක්, යුධ හමුදා ක්‍රීඩා ඇදුම්, හිස් වැසුම් 2 ක්, නිල ලාංඡන 4 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 99,000 ක් සොයා ගත් බවයි.

එමෙන්ම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවන් සමග සමීප සබදතා පවත්වා ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලිසිය කියා සිටියේ ෴


පාසල් දරුවන්ට අලෙවි කළ ඊ-සිගරට් සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට

(13.08.2025 – hirunews.lk)

පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ ශබ්ද උපකරණ විකුණන වෙළඳසැලක නීති විරෝධීව පවත්වාගෙන ගිය ඊ-සිගරට් හයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 42 ක් වූ පුද්ගලයෙක්.

මෙම ඊ-සිගරට් විකුණා ඇත්තේ පොළොන්නරුව ප්‍රදේශයේ පාසල් සිසුන්ටය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් හමු වූ ප්‍රථම ඊ-සිගරැට් යන්ත්‍ර සහ එම උපාංග කොටස් මෙය බවයි සුරාබදු නිලධාරීන් පවසන්නේ

මෙහි එක්වර විශාල දුමක් නොයන අතර එහි රසාස්වාදය ඔවුන්ට උපරිම ලැබෙන අතර මෙවැනි යන්ත්‍ර භාවිතා වෙන්නේ ලෝකයේ දියුණු රටවල් වල කැසිණෝ ශාලා ආශ්‍රිත බවයි වාර්තා වෙන්නේ ෴


රුපියල් කෝටි 03 ක මත්ද්‍රව්‍ය සමග අඹු සැමි යුවලක් අත්අඩංගුවට

(13.08.2025 – hirunews.lk)

රුපියල් කෝටි තුනකට (03) ආසන්න වටිනාකමකින් යුත් ‘අයිස් මත්ද්‍රව්‍ය’, ‘හෙරොයින්’ සහ මත්පෙති තොගයක් සමග සැකපිට අඹු සැමි යුවලක් මීගොඩ – ඕවිටිගම දී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගොඩ – දාම්පේ ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී ‘හෙරොයින්’ ග්‍රෑම් 150 ක් සමග සැකකරුවෙකු පළමුව අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෝමාගම – පිටිපන – සුවපුදුගම ප්‍රදේශයේ කුලී පදනම් මත ලබාගත් දෙමහල් නිවසක සඟවා තිබූ ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ එකයි (1) ග්‍රැමි 50 ක් සහ මත්පෙති තොගයක් පොලිසිය සොයාගෙන තිබූ අතර එහි සිටි කාන්තාවක්ද අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව අනාවරණය වී ඇත්තේ මොවුන් දෙදෙනා අඹු සැමි යුවලක් බවටයි.

අනුරාධපුර ප්‍රදේශයේ පාසල් දරුවන් ඉලක්ක කර බෙදා හැරීමට මත් පෙති සූදානම් කර තිබූ බවටද අනාවරණය වී තිබෙනවා ෴


ජපන් රැකියා සිහිනය පෙන්වා මුදල් ගැරූ ගල්කිස්සේ කත පලා ගිහින්

(13.08.2025 – 11:52 +0530 – sinhala.adaderana.lk)

ජපානයේ රැකියා සඳහා යවන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් පිළිබඳ තොරතුරු ගල්කිස්ස ප්‍රදේශයෙන් වාර්තා වේ.

වසර දෙකක කාලයකට Work Visa ලබාදෙන බව පවසමින් මෙම කාන්තාව ගනුදෙනුකරුවන්ගෙන් මුදල් වංචා කර ඇති බවට පොලීසියට පැමිණිලි ද ලැබී තිබේ.

ඒ අනුව ගම්පොළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු 2023 වසරේ නොවැම්බර් මස 14 වන දින අදාළ කාන්තාවට රුපියල් ලක්ෂ 5 ක මුදලක් මුලික ගෙවීම් ලෙස සිදුකර ඇත.

මේ වන තෙක් අදාළ කාන්තාව එම මුදල් ආපසු ලබාදීමට හෝ ජපාන රැකියා සඳහා යොමුකිරීම කටයුතු කර නොමැති හෙයින් අදාළ කාන්තාවට එරෙහිව ගල්කිස්ස පොලීසියේ පැමිණිල්ලක් ගොනුකර තිබේ.

එහෙත් එම කාන්තාව ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි වාර්තා වේ.

කෙසේවෙතත් අදාළ කාන්තාව විසින් මෙලෙස පුද්ගලයින් කිහිපදෙනෙකුටම වංචා කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ අතර ‘අද දෙරණ’ කළ විමසීමක දී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, තම කාර්යාංශයේ ලියාපදිංචි නොවී සිදුකරන මෙවැනි මුදල් ඉපැයිම් නීතියෙන් දඬුවම් හිමිවන වරදක් බවය ෴


නර්තන ශිල්පිණි හිමාලි සිරිවර්ධන සිය නිවසේ පඩිපෙලින් වැටී දරුණු අනතුරකට ලක්වෙයි (13.08.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *