11.08.2025 දින උදෑසන ආරම්භ කිරීමට නියමිතව තිබූ GMOA වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි
11.08.2025 දින උදෑසන ආරම්භ කිරීමට නියමිතව තිබූ GMOA වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි
(10.08.2025 – hirunews.lk)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව, සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී එළඹි එකඟතාවයන්ට ලැබුණු ධනාත්මක සහ සාධනීය ප්‍රතිචාර සලකා බලමින්, හෙට (11) දින උදෑසන ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට ‘රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාව’ විසින් තීරණය කර තිබෙනවා.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ ගැටළුවට අදාළ කරුණු සහ එකඟතාවයන් ක්‍රියාත්මක වීමට අදාල ප්‍රවණතාවයන් සමීපව නිරීක්ෂණය කරමින්, ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිතයි.
අක්‍රමවත් සහ දෝෂ සහිතව ප්‍රකාශයට පත් කරන ලද, පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ පුරප්පාඩු ලැයිස්තුව නිවැරදි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ විය යුතු අතර, නිවැරදි ක්‍රමවේදය මත සකස් කරන ලද පුරප්පාඩු ලැයිස්තුව ප්‍රකාශයට පත් වන තුරු, වෘත්තිය ක්‍රියාමාර්ගයක් ලෙස එම ලැයිස්තුවට අයදුම් කිරීමෙන් සියලු පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් වැළකී සිටීමටද තීරණය කර තිබෙනවා ෴
නිවසේ ගින්නෙන් මියගිය දරුවාගේ මව, පියා සහ අනියම් පෙම්වතා රිමාන්ඩ්
(10.08.2025 – hirunews.lk)
බලන්ගොඩ, දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් පිළිස්සී මියගිය 8 හැවිරිදි දරුවා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ මව, පියා සහ මවගේ අනියම් පෙම්වතා මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ අද (10) ඔවුන් බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් දේශබන්දු සූරියබටබැඳි වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.
දරුවාට නිසි ආරක්ෂාව සහ රැකවරණය ලබා නොදීම යන චෝදනාව මත මව සහ පියා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර, අනියම් පෙම්වතාට ද වෙනත් වරෙන්තු කිහිපයක් තිබෙන බැවින් ඔහු ද රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය බලන්ගොඩ මූලික රෝහලේදී සිදුකිරීමෙන් අනතුරුව, අවසන් කටයුතු සඳහා සිරුර පවුලේ ඥාතීන් වෙත භාර දී තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴
තුන්වැනි මහලෙන් බිමට පැන්න ‘වලස්කටා’ගෙන් පාපොච්ඡාරණයක්
(10.08.2025 – hirunews.lk)
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ සිටි ‘තිළිණ සම්පත්’ නොහොත් ‘වලස්කටා’ නැමැති සංවිධානාත්මක අපරාධකරු එහි තුන්වන (3) මහලෙන් බිමට පැන පලා යාමට උත්සහ කිරීමේදී තුවාල ලබා තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඔහු අස්ථි බිදීමට ලක්ව ප්‍රතිකාර සඳහා මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.
විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ ප්‍රධාන ගෝලයෙකු වන ‘පස්දේවා’ නමැත්තා පසුගියදා අත්අඩංගුවට පත්වූ අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව ‘වලස්කටා’ නමැති අපරාධකරු සම්බන්ධයෙන් ද තොරතුරු රැසක් අනාවරණ වුණා.
එමෙන්ම, ‘පස්දේවා’ සහ ‘වලස්කටා’ රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී සහ ඔවුන්ගේ ජංගම දුරකථන දත්ත පරීක්ෂා කිරීමේදී තවත් වැදගත් තොරතුරු රැසක් ද විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබෙනවා.
ඒ අනුව ‘වලස්කටා’ අත්අඩංගුවට පත්වූ පසු විදෙස්ගතව සැඟව සිටින ‘කමාන්ඩෝ සලින්ද’ විසින් ‘වලස්කටා’ගේ දුරකථනයට ඇමතුම් කිහිපයක් ලබාදී තිබෙනවා.
එමගින් ‘ගම්පහ ඔස්මන්’ නැමැත්තා ඝාතනය සඳහා ‘පස්දේවා’ විසින් සිදු කළ සැලසුමකට ‘වලස්කටා’ගේ සහය ලැබුණු ආකාරය ද අනාවරණ වූ බවයි විමර්ශන නිලධාරීන් පැවසුවේ.
‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් කරන ලද සියලු අපරාධ සැලසුම්වල නිර්මාණකරු ‘පස්දේවා’ බවත්, ‘හරක්කටා’ ඝාතනය සඳහා ද සැලසුමක් පැවති බවටත් අනාවරණ කරගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වී තිබෙනවා.
ඒ අනුව ‘හරක්කටා’ අධිකරණයට පැමිණෙන අවස්ථාවක මාධ්‍යවේදියෙකු ලෙස හැඳපැළඳ එම ස්ථානයට පැමිණ ‘හරක්කටා’ ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
‘හරක්කටා’ ඝාතනය කර රටින් පළා යාමට ‘වලස්කටා’ සූදානමින් සිටි බවටද තොරතුරු අනාවරණ කරගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ ෴
බොරැල්ලේ වෙඩිතැබීමෙන් තවත් තරුණයෙක් මරුට
(10.08.2025 – 22:56 +0530 – sinhala.adaderana.lk)
බොරැල්ල සිරිසර උයන ක්‍රීඩාංගණයේදී ඉකුත් 07 වනදා රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටි තවත් තරුණයෙකු (1) ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
මියගිය පුද්ගලයා 23 හැවිරිදි වියේ පසුවන අයෙකු බව පොලීසිය පැවසීය.
ඒ අනුව සිද්ධියෙන් මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකුට (2) දිවි අහිමි වී ඇත.
+++
බොරැල්ලේ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට තවත් 3 දෙනෙකු අත්අඩංගුවට
(11.08.2025 – hirunews.lk)
බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් තුන්දෙනෙකු (3) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් බොරැල්ල සහ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24, 25 සහ 40 යන වයස්වල පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම වෙඩිතැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවකු (1) පොලිසිය මීට පෙරද අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහු මේ වනවිට දින තුනක (3) රැදවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටිනවා.
පසුගිය 07 වනදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබූ අතර, එහිදී තුවාල ලැබූ පස් දෙනෙකු (5) රෝහල් ගත කෙරුණා.
කෙසේ වෙතත් ඉන් දෙදෙනෙකු (2) මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් තුන්දෙනෙකු (3) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ ෴
වනඅලි රැකගන්න දුම්රිය දෙපාර්තමේන්තුවේ නව තාක්ෂණය
(10.08.2025 – 20:23 +0530 – sinhala.adaderana.lk)
වනඅලි දුම්රියේ ගැටීම් බහුලව සිදුවීම හේතුවෙන් එම අනතුරු වළක්වාගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන දුම්රිය මාර්ගවල වනඅලි නිතරම ගැවසෙන ස්ථාන ආශ්‍රිතව සවිකළ CCTV කැමරා පද්ධතියේ සොයා බැලීමක් අද (10) සිදුකළේය.
මෙම කැමරා පද්ධතිය අබන්පොළ කාසිකොටේ වනඅලි මාරුවන දුම්රිය උමං මාර්ගය අසල මෙන්ම ගල්ඔය සහ මින්නේරිය ප්‍රදේශයන්හි වනඅලි නිතරම ගැවසෙන ස්ථාන ආශ්‍රිතව මීට මාස 2 කට පමණ ඉහතදී ස්ථාපිත කරනු ලැබීය.
පැය 24 පුරා ක්‍රියාත්මක මෙම කැමරා පද්ධතියට ‘සෝලාපැනල්’ මාර්ගයෙන් විදුලිය ලැබේ.
කැමරාවේ පටිගතවන දර්ශන අනුව වනඅලි දුම්රිය මාර්ගයේ සිටී නම් GPS හරහා සංඥාවක් අනුරාධපුරය ප්‍රධාන දුම්රිය මෙහෙයුම් මධ්‍යස්ථානයට ලැබෙන තාක්ෂණයක් ස්ථාපිත කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
එහි දර්ශන අනුව එම අවස්ථාවේ දුම්රිය මාර්ගයේ ගමන්ගන්නා දුම්රියන්හි රියදුරන් දැනුම්වත් කරනු ලබයි.
මෙම නිරික්ෂණ චාරිකාවට දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් එක් වූහ.
එහිදී ඔහු සඳහන්කර සිටියේ, මෙවැනි එක් කැමරාවක් සවිකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් 20,000 ක පමණ මුදලක් වැය වන බවයි.
ඒ හේතුවෙන් සම්පත් දායකින් සිටිනවා නම් ඔවුන්ට මෙම කැමරා පද්ධති ලබාදිය හැකි බවත්, එසේ වුවහොත් දුම්රිය මාර්ගයේ වනඅලි බහුවල සිටින ස්ථාන ආශ්‍රිතව තවත් කැමරා සවිකිරීමට හැකිවනු ඇති බව පැවසීය.
+++
+
ජීවිතයේ සැඳෑ සමය ගෙවන නීල් අලස්ගේ දිරාපත් වුනු ගෙදරට වෙන්න යන දේ ? (10.08.2025)
+++
Alles Neil Stanely
014200140111840
Peoples Bank
Branch – Union Place
+++
+
දිය නෑමට ගිය විදෙස් කාන්තාවක් මුහුදේ ගිලී ජීවිතක්ෂයට
(11.08.2025 – hirunews.lk)
අලුත්ගම මොරගල්ල වෙරළ තීරයේ දිය නෑමට ගිය වියට්නාම කාන්තාවක් අද (11) උදෑසන 06:30 ට පමණ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 48 ක කාන්තාවක්.
ඇය ඊයේ (10) රාත්‍රී මොරගල්ල ප්‍රදේශයේ සංචාරක නිවාඩු නිකේතනයට කණ්ඩායමක් වශයෙන් පැමිණ ඇති අතර අද (11) උදෑසන ඔවුන් මොරගල්ල වෙරළ තීරයේ සංචාරය කරමින් සිටියදී මෙම කාන්තාව දියට බැස විනෝද වී තිබෙනවා.
එකවරම එම කාන්තාව දියවැලකට හසුව ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
ඇගේ මෘත දේහය මේ වන විට බෙන්තර වෙරළ තීරයට ගොඩ ගසා ඇති අතර බෙන්තර පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි ෴
ජනාධිපතිතුමා ඔයාගේ සද්දෙට මම බය වෙන්නේ නෑ – මාධ්‍ය හමුවේ ගම්මන්පිල රතු එළි දල්වයි (11.08.2025)
https://www.youtube.com/watch?v=YKHd_mr-tHo
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම පිටවීමේ මාර්ගයේදී ලොරියක් හදිසියේ ගිනිගෙන විනාශ වීමෙන් එහි ගමන්ගත් තිදෙනෙකු (3) තුවාල ලබා තිබෙනවා (11.08.2025)
+
චිචීගේ රොකට් එකේ එල්ලුණු suprime SAT 1 කතා වස්තුව | වසර 13 කට පසු එළියට (09.08.2025)
+++
සැටලයිට් හුටපට අස්සේ අකුණක් පාත් වෙයි | Supreme SAT සමාගමෙන් අපට නිවේදනයක් එවලා (11.08.2025)
+++
බූමරංගයක් වී ආණ්ඩුවට කඩාවැදුණ චිචීගේ රොකට් එක (10.08.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴