මෙරට පෙනහළු පිළිකා ශීඝ්‍ර වර්ධනයක්
(09.08.2025 – 18:32 +0530 – sinhala.adaderana.lk)
මෙරට පෙනහළු පිළිකා ශීඝ්‍ර ලෙස වර්ධනය වීමක් පෙන්නුම් කරන බව වැලිසර ජාතික ළය රෝහලෙහි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.
පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් සඳහන් කරනුයේ වසරකට පෙනහළු රෝගීන් 2,000 – 3,000 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවය.
මෙහිදී අදහස් දක්වමින් ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ පිරිමින් අතරේ ගත් විට දෙවැනි (2) වැඩිම පිළිකාව බවට පත්ව ඇත්තේද මෙම පෙනහළු පිළිකා බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දමල්ගොඩ මහතා :
“දැනට ලංකාවේ පිළිකා රෝගීන් ගත්තාම පිරිමින්ගේ දෙවැනියට (2) වැඩිම පිළිකාව පෙනහළු පිළිකාව. ඒ වගේම 2021 වසරේ සිට දත්ත සලකළා ගත්තාම ඔවුන්ගේ පළමුවෙනි පිළිකා 10 අතරට පෙනහළු පිළිකාව වාර්තා වෙනවා. පසුගිය දත්ත ගත්තාම කාන්තාවන්ගේ පෙහළු පිළිකා වර්ධනයක් අපි දකිනවා. පසුගිය අවුරුදු 5-10 අතර කාලය තුළ පෙනහළු පිළිකාව ලංකාව තුළ වර්ධනයක් පෙන්නුම් කරනවා. මේ වර්ධනය පිරිමින් සහ කාන්තාවන් දෙපාර්ශ්වයේම වාර්තා වෙනවා.
මේ පෙනහළු පිළිකාවට ප්‍රධානම කාරණයක් තමයි දුම්පානය. ඒ වගේම තමයි වර්තමානයේ සමීක්ෂණ වාර්තා අනුව අපි හොයාගෙන තියෙනවා කිසිම දවසක දුම්පානය නොකර සිටින පුද්ගලයින්ද පෙනහළු පිළිකාවට ගොදුරු වෙලා තියෙනවා. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය දුම් පානයට සෘජුව සම්බන්ධ නොවුනත් ඔවුන්ගේ පෙනහළු පිළිකා වර්ධනයකුත් දක්නට ලැබෙනවා. ඒකට සෘජු සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන් වාතාශ්‍රයේ තියෙන සහ ගෙවල්වල තියෙන වායු දූශක කාරක.
වසරකට වාර්තා වෙන නව පෙනහළු පිළිකා රෝගීන්ගේ ගණන 2021 වසරේ සිට වසරකට 2,000- 3,000 ත් අතර ප්‍රමාණයක් වෙනවා.”
එමෙන්ම මෙම මාධ්‍ය හමුවට එක්වූ විශේෂඥ වෛද්‍ය ඒශාන්ත් පෙරේරා මහතා පැවසුවේ මෙම රෝගයේ රෝග ලක්ෂණ සුළු කොට තැකිය නොහැකි බවය.
“කොහෙමද ළය පිළිකාවක් මහජනතාව දැනගන්නේ? ඉතාම වැදගත් රෝග ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඕනෑම ශ්වසන රෝගියෙකුගේ දකින කැස්ස. විශේෂයෙන්ම කැස්ස කාලාන්තරයක් තිස්සේ තිබෙනවා නම්, සති දෙකතුනකට (2-3) වඩා යනවා නම් නැත්නම් වරින්වර එනවානම් ඒක ඉතා වැදගත් රෝග ලක්ෂණයක්. ඒක අපි සුළුකොට තැකිය යුතු නැහැ. ඊට අමතරව කැස්සක් හොඳ වෙලා ආයෙම ඊළඟ මාසෙත් එනවා නම් ශ්වසන රෝග කිහිපයකම රෝග ලක්ෂණයක් විය හැකියි ඒක.
අනෙක් කාරණය කැස්සක් සමග ඔවුන්ට ලේ පිටවෙනවා නම්, සමහර අයට හුස්ම ගැනීමේ අපහසුතාවය නොයෙකුත් ළය පිළිකා සංකූලතා නිසා ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව පපුවේ වේදනාව ළය පිළිකාව තියෙන ප්‍රදේශයේ සිට වෙනත් ස්ථානවලට පැතිරෙන්න පටන් ගත්තාම නොයෙකුත් ස්ථානවල වේදනාකාරී තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම සමහරක් රෝගීන්ට කාලාන්තරයක් තිස්සේ පවතින උණ ගතිය, කෑම අරුචිය, අසාමාන්‍ය ලෙස බර අඩුවීම මෙම රෝගයේ ලක්ෂණ විය හැකියි.
ඒ වගේම ශරීරයේ නොයෙකුත් ස්ථාන වෙත පිළිකාව පැතිරෙන්න පුළුවන්. එසේ පැතිර ගිහින් තැන්පත් වෙන ස්ථානය අනුව ඒ ඇතිවන රෝග ලක්ෂණ වෙනස් විය හැකියි. මේ ළය පිළිකා ගැන දැනුවත් වීම ඉතා වැදගත්” ෴
තහනම් කල තද බෑවුම් මාර්ගයේ බර වාහන යයි…
(10.08.2025 – 02:10 +0530 – lankacnews.com)
නුවරඑලිය හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල‍්ල කෙටි මාර්ගයේ ටොන් 5 ට වඩා වැඩි වාහන ධාවනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබියදී ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක් එම මාර්ගයේ ධාවනය විය.
අධික බෑවුමක් සහිත රදැල්ල කෙටි මාර්ගයේ මාරාන්තික රිය අනතුරු ගණනාවක් සිදු වූ නිසා එම මාර්ගයේ ටොන් 5 ට වඩා වැඩි බර වාහන එම මාර්ගයේ ධාවනය කිරීම සපුරා තහනම් කර තිබියදී එම මාර්ගයේ නුවරඑලියේ සිට හැටන් කොටගල දෙසට එම බවුසර් රථය (09) දින ධාවනය කෙරිණ.
ටොන් 5 ට වඩා වැඩි බර වාහන නානුඔය කිරිමැටිය මාර්ගයේ ධාවනය කරවන ලෙස රියදුරන්ව මාර්ග සංඥා යොදමින් දැනුවත් කර තිබියදී ඇතැම් බර වාහන එම මාර්ගය් ධාවනය කිරිම හේතුවෙන් යලිත් එම මාර්ගයේ බරපතල රිය අනතුරු සිදු වීමට ඉඩ ඇති බවයි එම මාර්ගයේ පිහිටි තේ වතුවල රැකියාවල නිරතව සිටින වතු කම්කරුවන් කියා සිටින්නේ.
අධික බැවුමක් සහිත එම මාර්ගයේ බර වාහන ධාවනය කිරිමේදි ඇතැම් වාහනවල තිරිංග පද්ධතිය ක්‍රියා විරහිත වීම හේතුවෙන් එම මාර්ගයේ පහළ සිට ඉහළට ධාවනය වන වාහන යට කරගෙන බස් රථ සහ ලොරි රථ ගණනාවක් පසුගිය වසර කිහිපය තුල ධාවනය වී අනතුරු සිදු වී ඇති බවත්, මේ පිලිබදව නානුඔය පොලිසියේ රථාවාහන අංශයේ නිළධාරින්ගේ අවධානය යොමු විය යුතු බවයි එම මාර්ගයේ ධාවනය කරන සැහැල්ලු වාහන හිමියන් කියා සිටින්නේ.
රංජිත් රාජපක්ෂ
ඇමෙරිකානු බදු ප්‍රහාරය හමුවේ ඉන්දියාවේ ප්‍රතිප්‍රහාරය කුමක් වේද? විමල්ගෙන් දැන ගන්න! (09.08.2025)
+
ගාල්ල ධීවර වරායේ ගින්නකින් බෝට්ටු කිහිපයකට හානි
(10.08.2025 – hirunews.lk)
ගාල්ල ධීවර වරායේ නවත්වා තිබූ බෝට්ටු කිහිපයක ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නෙන් බෝට්ටු 03 ක් පමණ විනාශ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, නාවික හමුදාව, ගාල්ල දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය සහ ධීවර ප්‍රජාව එක්ව මේවන විට ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙන බවද පොලිසිය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴
+++
+
නිවසක ගින්නකින් මියගිය දරුවාගේ මරණ පරීක්ෂණය අද (10)
(10.08.2025 – hirunews.lk)
බලංගොඩ, මහවත්ත ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් මිය ගිය 9 හැවිරිදි දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (10) පෙරවරුවේ සිදුකරන බව බලංගොඩ පොලිසිය පවසනවා.
ඒ අනුව එම මරණ පරීක්ෂණය බලංගොඩ රෝහලේදී පැවැත්වීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.
මෙම මරණය සම්බන්ධයෙන් දරුවාගේ මව සහ අනියම් සැමියා පොලිස් භාරයට ගෙන ඇති අතර නිවසට ගිනි තැබුවා ද නැතහොත් හදිසි ගින්නක් නිවස තුළ හටගත්තේ ද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
මේ අතර දරුවාගේ පියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අනියම් සැමියාගේ මවට පහරදීමේ චෝදනාවක් මතයි.
බලංගොඩ, දෙහිගස්තලාව, මහවත්ත ප්‍රදේශයේ නිවසක් ගිනි ගනිමින් ඇති බවට ප්‍රදේශවාසීන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දන්වා තිබුණේ ඊයේ (09) අලුයම් කාලයේදීයී.
සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වූ නිවස තුළ දරුවෙකු ද සිට ඇති නමුත් ඒ පිළිබඳව මුල් අවස්ථාවේ කිසිවෙකු දැන සිට නැහැ.
දරුවාගේ පියා එහි පැමිණ දරුවා පිටතට රැගෙනවිත් තිබූ නමුත් දරුවා ඒ වනවිටත් බරපතල පිළිස්සුම් තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව සිටියා.
මෙලෙස මියගොස් තිබුණේ ‘මොහොමඩ් නශාස් රිසාස්’ නමැති 9 හැවිරිදි දරුවෙක්.
පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ දරුවාගේ මව සහ පියා අතර ඇති වූ ආරවුලක් මත මව සිය අනියම් සැමියා සමග පෙර දින රාත්‍රියේ නිවසින් පිටව ගොස් ඇති බවයි.
පසුව පියා දරුවා නිවස තුළ තබා මව සොයාගැනීම සඳහා නිවසින් ගොස් තිබුණා.
දරුවාගේ පියා තදින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයෙකු බවත්, මව අනියම් සබඳතාවක් ගොඩනගාගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ලබාගැනීම සඳහා නිවසට පැමිණි පුද්ගලයෙකු සමග බවත් පොලිසිය පැවසුවා.
එම අනියම් සැමියා ද බන්ධනාගාරගතව සිට ඉකුත් (08) වැනිදා නිදහස ලබා බලංගොඩට පැමිණ ඇති බවයි පොලිසිය පවසන්නේ ෴
මහජන ආරක්ෂක ඇමති ලෙසින් පොලීසිය ඇමතූ අයෙක් අත්අඩංගුවට
(10.08.2025 – hirunews.lk)
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ ලේකම්වරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිට මහරගම පොලීසියට දුරකථන ඇමතුම් දුන් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා සිටි අයෙක් මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම තැනැත්තා පොලීසියෙන් නිදහස් කර ගැනීමටයි සැකකරු මෙසේ ඇමතුම් ලබා දී ඇත්තේ.
සැකකරු සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගෙන ඇති අතර විශේෂ විමර්ශනයක්ද ක්‍රියාත්මකයි.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ අමාත්‍යවරයා හෝ කාර්යමණ්ඩලයේ හෝ කිසිවෙක් පොලීසිය විසින් සිදුකරන අත්අඩංගුවට ගැනීම් හෝ කිසිදු ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් අයුතු බලපෑමක් හෝ අයුතු මැදිහත් වීමක් සිදු නොකරන බවයි.
එමෙන්ම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගේ නමින් හෝ අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ යැයි පෙනී සිටිමින් යම් පුද්ගලයෙකු අනීතික ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ නම් හෝ පොලීසිය ඇතුලු ආයතනවලට අයුතු බලපෑමක් සිදු කරන්නේ නම් අමාත්‍යාංශය දැනුවත් කරන ලෙසයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴
ජල සැපයුම අත්හිටුවීමේ නිවේදනයක්
(10.08.2025 – hirunews.lk)
ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයෙහි නිට්ටඹුව සිට මිනුවන්ගොඩ දක්වා ඇති සම්ප්‍රේෂණ නලයේ පිරිසිදු කිරීමේ හා විශබීජහරණය කිරීමේ කටයුතු හේතුවෙන් හෙට (11) පෙ.ව. 10:00 සිට ප.ව. 08:00 දක්වා පැය 10 ක කාලයක් රපොකුණගම, බටලීය, අත්තනගල්ල, පස්යාල, නිට්ටඹුව යන කලාපවල ජල සැපයුම් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
මේ අනුව නිට්ටඹුව කන්දහේන, මාපගොල්ල, ගස්දෙනිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙනිය, රන්පොකුනගම, රන්පොකුනගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල, උරොපොල, දික්කන්ද, මීවිටිගම්මන, පාඉඹුල, මාතලාන, භග්ගල්ල, අලවල, කලල්පිටිය, ඇල්ලමුල්ල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීම සිදුවනු ඇති.
මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදු වන අපහසුතාවය පිළිබඳව එම මණ්ඩලය සිය කණගාටුව පල කරනවා ෴
‘වලස්කටා’ පලා යාමට තැත් කරලා
(10.08.2025 – 11:21 +0530 – sinhala.adaderana.lk)
‘තිළිණ සම්පත්’ නොහොත් ‘වලස්කටා’ බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයෙන් පළා යාමට උත්සාහ දැරීමේදී ඔහුගේ දෙපාවලට සහ එක් අතකට හානි සිදුව තිබේ.
දින 90 ක රැඳවුම් නියෝග මත ‘වලස්කටා’ මේ වන විට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබයි.
ඒ අනුව ඊයේ (09) රාත්‍රි 09:15 ට පමණ සැකකරුට වැසිකිළි යාමට අවශ්‍ය බව පවසා ඇති අතර එහිදී අත්මාංචු ගලවා නිලධාරීන් සිව් (4) දෙනෙකු සමග ඔහු වැසිකිළියට ගොස් තිබේ.
එහිදී වැසිකිළියට යන අතරතුර ‘වලස්කටා’ නිලධාරීන්ට පහරදී තුන්වන (3) මහලින් බිමට පැන ඇති බව වාර්තා වේ.
එහිදී මොහුගේ දෙපා කැඩී ගොස් ඇති අතර එක් අතක් වැළමිට ප්‍රදේශයෙන් බිඳී ගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.
සැකකරු මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි ෴
+++
+
‘ඊසි කෑෂ්’ ක්‍රමයට හෙරොයින් බෙදූ ජාවාරම්කරු කොටුවෙයි
(10.08.2025 – 10:59 +0530 – sinhala.adaderana.lk)
ඩුබායි රාජ්‍යයේ සැඟව සිට කළුතර හා අවට ප්‍රදේශ රැසකටම ‘ඊසි කෑෂ්’ ක්‍රමයට හෙරොයින් ජාවාරම් කළ ප්‍රධාන සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකුගේ ගෝලයෙකු රු. ලක්ෂ 15 ක් පමණ වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
කළුතර අපරාධ කොට්ඨාසයට අනුබද්ධ බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
මොහු ‘ඊසි කෑෂ්’ ක්‍රමය යොදා ගනිමින් කළුතර, මතුගම, පානදුර, පයාගල, බේරුවල, මතුගම ආදි ප්‍රදේශ රැසකටම තොග වශයෙන් හෙරොයින් බෙදා හැරීම සිදු කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41 ක් වන කළුතර පළාතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු ගමන් කළ ත්‍රිරෝද රථයද, එම ජාවාරම මෙහෙයවීම සඳහා භාවිත කළ ජංගම දුරකථනය ද කළුතර අපරාධ කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන ඇත.
සැකකරු අද (10) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය ෴
නාවින්නේ වෙඩි තැබීමට පලිගන්න ආ වෙඩික්කරුවන්ගේ තැත වැරදෙයි
(10.08.2025 – hirunews.lk)
මහරගම, නාවින්න බස් නැවතුම්පළ ඉදිරිපිට ඉකුත් 06 දා සිදුවූ වෙඩි තැබීමට පලිගැනීම සඳහා සංවිධානාත්මක අපරාධ කල්හි සාමාජිකයකු වන ‘බඩෝවිට අසංක’ගේ පාර්ශවයේ පුද්ගලයින් දෙදෙනකු (2) ඉකුත් දා යතුරුපැදියකින් බොරලැස්ගමුව, බෙල්ලන්විල, මාලනී බුලත්සිංහල මාවතේ නිවසකට පැමිණ තිබෙනවා.
පැමිණි දෙදෙනා (2) ගෙන් අයෙක් ‘කොස් මල්ලි’ගේ ඥාතියකු පිළිබඳ විමසා ඇතැයි පොලිසිය පවසනවා.
මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් දෙදෙනකුයි (2) මෙම නිවසට පැමිණ ඇත්තේ.
කෙසේ වෙතත් ඝාතනය සඳහා සෙවූ පුද්ගලයා ඊට මිනිත්තු දෙකකට (2) පමණ පෙර නිවසින් පිටව ගොස් තිබූ බවයි පොලිසිය පවසන්නේ.
එබැවින් ඒ මොහොතේ අදාළ නිවසේ සිට ඇත්තේ ඔහුගේ මව සහ බිරිඳ පමණයි.
මහරගම නාවින්න ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිටදී, දෙහිවල, කළුබෝවිල, විමලසාර මාවතේ පදිංචි ‘ලියනගේ දේශාන් කුමාර පෙරේරා’ (28) නැමැත්තාට ඉකුත් (06) දා රාත්‍රී වෙඩි තබා තිබෙනවා.
එහිදී තුවාල ලැබූවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා 07 වන සේවා බලකායේ, රත්මලානේ පිහිටි ස්වාධීන ප්‍රවාහන බලඝණයට අනුයුක්තව සේවය කළ ලාන්ස් කෝප්‍රල්වරයෙක්.
බරපතල තත්ත්වයේ පසුවූ යුද හමුදා සෙබළා මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
එම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘කොස් මල්ලි’ නැමැත්තා විසින් සිදුකළ බවට තොරතුරු වාර්තා වී තිබුණා.
ඊට පළිගැනීමක් ලෙස ‘බඩෝවිට අසංක’ගේ පාර්ශ්වයේ දෙදෙනකු (2) මෙසේ පැමිණි බවටයි පොලීසිය සැක කරන්නේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴