ව්‍යාජ තොරතුරු සඳහන් කරමින් කරගෙන ගිය ගෑස් උඳුන් ජාවාරමක් කොටුකළ ‘හිරු CIA’ මෙහෙයුම
ව්‍යාජ තොරතුරු සඳහන් කරමින් කරගෙන ගිය ගෑස් උඳුන් ජාවාරමක් කොටුකළ ‘හිරු CIA’ මෙහෙයුම
(08.08.2025 – hirunews.lk)
ව්‍යාජ තොරතුරු සඳහන් කර ගෑස් උඳුන් නිෂ්පාදනය කර වෙළෙඳපොළට මුදාහරින මහා පරිමාණ කර්මාන්ත ශාලාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් මුද්‍රා තැබුවා.
ඒ කොළඹ – මාලිගාකන්ද අධිකරණය ලබාදුන් නියෝග මතයි.
රජයට රුපියල් ලක්ෂ ගණනින් බදු මුදල් අහිමි කරමින් කොළඹ-14 ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම නීතිවිරෝධී ජාවාරම පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබුවේ, ‘හිරු CIA’ ලබා දුන් තොරතුරු අනුවයි.
නිසි ප්‍රමිතියෙන් තොර ගෑස් උඳුන් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන භාවිතයෙන් පසුගිය කාලයේ විටින්විට ඒ හරහා සිදු වූ අනතුරු රැසක් වාර්තා වුණා.
එවන් පසුබිමක් තුළ පාරිභෝගික ජනතාව නොමග යවමින් චීනයේ නිෂ්පාදනය කළ බවට ව්‍යාජ තොරතුරු සඳහන් කර, බාල තත්ත්වයෙන් යුතු කොටස් එකලස් කර සාදන ගෑස් උඳුන් වෙළෙඳපොළට බෙදාහැරීමේ මහා පරිමාණ ජාවාරමක් සිදුවන බවට ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු හෙළි කර ගත්තා.
අප කළ විමර්ශනයේදී අනාවරණ වූයේ කොළඹ-14 ග්‍රෑන්ඩ්පාස්, ලෙයාස් බ්‍රෝඩ්වේ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක දෙවැනි මහලේ නීතිවිරෝධීව මෙම ගෑස් උඳුන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන යන බවයි.
සේවකයින් 20 දෙනෙකු පමණ දිනපතා නිසි ප්‍රමිතියෙන් තොර ගෑස් උඳුන් 500 ක් පමණ මෙම ස්ථානයේ එකලස් කර ඒවා චීනයේ නිෂ්පාදිත බවට ව්‍යාජ තොරතුරු සඳහන් කර ඇති ඇසුරුම්වල බහා මහා පරිමාණයෙන් වෙළෙඳපොළට යැවීමේ මෙම ජාවාරම කර ගෙන ගොස් තිබුණා.
මෙරට පාරිභෝගිකයින් අමු අමුවේ රවටමින් කරගෙන යන මෙම ජාවාරම පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ‘හිරු CIA’ (අපි) දන්වා සිටි අතර, එහි නිලධාරීන් අදාළ කර්මාන්තශාලාව පරීක්ෂා කළේ, ඉන් අනතුරුවයි.
මෙරටට ගෑස් උඳුන් ආනයනය කරන්නේ නම් ඒවායේ ප්‍රමිතිය පරීක්ෂා කර ‘SLS ප්‍රමිති සහතිකය’ ලබාගත යුතුවීම අනිවාර්යයෙන් කළ යුතු කාර්යයක්.
රජයට ගෙවිය යුතු බදු මුදල් මගහැර අධික ලාභ උපයා ගැනීමේ අරමුණින් ප්‍රමිතියෙන් තොර කොටස් එක්කර මෙම කූට ව්‍යාපාරය කලක පටන් කර ගෙන ගොස් තිබුණේ, කිසිදු ප්‍රමිති සහතිකයක් හෝ නොමැතිවයි.
නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවූයේ මෙම කර්මාන්ත ශාලාවේ මෙම ගෑස් උඳුන්වල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා නිසි සුදුසුකම් සහිත පුද්ගලයින් පවා නොමැති බවයි.
මෙම නීතිවිරෝධී ගෑස් උඳුන් එකලස් කිරීමේ කර්මාන්තශාලාව පිළිබඳ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කොළඹ – මාළිගාකන්ද අධිකරණයට කරුණු වාර්තා කළා.
එහිදී මාළිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම නියෝග කළේ, නිසි ප්‍රමිතියෙන් තොරව පවත්වාගෙන යන අදාළ කර්මාන්තශාලාව මුද්‍රා තබන ලෙසයි.
එසේම කර්මාන්තශාලාවෙන් මේ වනවිට වෙළෙඳපොළට නිකුත් කර ඇති ගෑස් උඳුන් සම්බන්ධ විමර්ශනයක් කර කරුණු වාර්තා කරන ලෙස ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට අධිකරණය නියෝග කළා.
+
‘අද දෙරණ උකුස්සා’ හෙළිකළ කුළුබඩු ජාවාරම
(08.08.2025 – 20:09 +0530 – sinhala.adaderana.lk)
මිරිස් ඇතුළු කල් ඉකුත් වූ කුළුබඩුවල දවටන ඉවත්කර ඒවා නැවත වෙළෙඳපොළට නිකුත් කරන ජාවාරමක් සම්බන්ධයෙන් ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු වාර්තා විය.
‘අද දෙරණ උකුස්සා’ ගේ අද (08) අනාවරණය ඒ පිළිබඳවයි.
සෑම මිනිසෙකුගේම අවශ්‍යතාවය තමා ලබාගන්නා ආහාරවේල පිරිසිඳු අන්දමින් ලබාගැනීමටය.
නමුත් මුදලට ගිජු වී කන බොන ආහාරවලට පවා වස විස එකතු කරන කූඨ ජාවාරම්කරුවන් අද සාමාජය බහුලය.
ඒ ආකාරයෙන් කල් ඉකුත් වූ මිරිස්කුඩු ඇතුළු කුළුබඩුවල දවටන ඉවත් කර ඒවා නැවත වෙළෙඳපොළට නිකුත් කරන ජාවාරමක් සම්බන්ධයෙන් පන්නල ප්‍රදේශයෙන් ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු වාර්තා විය.
මෙම ජාවාරම්කරු මෙලෙස කල් ඉකුත් වූ මිරිස් කුඩු නැවත ඇසුරුම් කර තොග වශයෙන් වෙළෙඳුන්ට ලබාදෙන බවට තොරතුරු ලැබුණ හෙයින් ‘අද දෙරණ උකුස්සා’ උපාය දූතයෙකු මාර්ගයෙන් ජාවාරම්කරු සම්බන්ධ කර ගත්තේය.
ඒ අනුව ඔහු සමඟ ඇතිකරගත් එකඟතාව මත ‘අද දෙරණ උකුස්සා’ එම කුළුබඩු මිලට ගැනීම සඳහා පන්නල බම්මින්න ප්‍රදේශයට ගියේ තොග වෙළෙඳෙකු ලෙස අඟවමිනි.
එම අවස්ථාවේදී ඔහු අප වෙනුවෙන් කුළුබඩු උරයක් සූදානම් කර තිබූ අතර එම ස්ථානයේ තිබූ අපිරිසිඳු බව වටහා ගැනීමට ‘අද දෙරණ උකුස්සා’ට වැඩි වේලාවක් ගතවූයේ නැත.
එසේම එහි ගබාඩාවක් අගුළුලා වසා ඇති ආකාරයත් ‘අද දෙරණ උකුස්සා’ට නිරීක්ෂණය විය.
ඒ අනුව මෙහි යම් කූට ජාවාරමක් සිදුවන බවට සැකහැර දැනගත් ‘අද දෙරණ උකුස්සා’ මේ සම්බන්ධයෙන් ‘පන්නල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්’ ද දැනුවත් කළේය.
‘අද දෙරණ උකුස්සා’ ලබාදුන් තොරතුරු මත වහාම එම ස්ථානය පැමිණි එම නිලධාරින් අගුළු ලා තිබූ ගබඩාව සහ එම පරිශ්‍රය පරීක්ෂා කළේය.
එහිදී ගුල්ලන් ගැසූ පරිභෝජනයට නුසුදුසු මිරිස් ඇතුළු කුළුබඩු රැසක් සොයා ගැණුනි.
කොළඹ සිට ගෙන්වන මෙම කල් ඉකුත් වූ කුළුබඩු නැවත දවටනවල යොදා තොග වශයෙන් බෙදා හරින බව මෙහිදී වැඩිදුරටත් දැනගන්නට ලැබිණි.
එසේම ඒවාට විවිධ ඩයි වර්ග මිශ්‍ර කරන බවට ද අනාවරණය විය.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ‘මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්’ මෙම ගබඩාවට මුද්‍රා තබා මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගත්තේය.
මුදලට ලොල්වී, ආහාරවලටත් විෂ එකතු කර මෙවන් කූට ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකරගැනීම සඳහා ‘අද දෙරණ උකුස්සා’ සීරුවෙන්.
+
බෞද්ධ බලය ඉවරයි. මොකටද අපිට මේ රටේ ජීවත්වෙලා. කොටපිටියේ රාහුල හිමියන් අද (08) කළ විශේෂ ප්‍රකාශය (08.08.2025)
+
මාලිමාවේ බට්ටෝ ඕවා දන්නේ නැහැ | අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා අගමැති හරිනිට නොසිතූ ප්‍රහාරයක් (08.08.2025)
+
අර අසරණ අගමැතිනියට මොකද කළේ? – සැර කතාවක් එක්ක හිතමිත්‍ර අනුරට හර්ෂගෙන් පණිවිඩයක් (08.08.2025)
+
කළුතර ප්‍රාදේශීය සභාවේ රුපියල් කෝටි තුනකට ආසන්න වංචාවක්
(08.08.2025 – hirunews.lk)
‘කළුතර ප්‍රාදේශීය සභාවේ’ සේවකයන්ගේ වැටුප්වලින් රුපියල් කෝටි තුනකට (3,00,00,000) ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාව මත හිටපු වැටුප් ලිපිකාරිණියක් සහ ඊට සම්බන්ධ රියදුරකු ‘කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය’ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය 45 හැවිරිදි කළුතර, බෝමුවල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, රියදුරා 54 හැවිරිදි වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වසර හතරකට (4) ආසන්න කාලයක් තිස්සේ, මාසිකව රුපියල් ලක්ෂ තුනත් හතරත් (3-4) අතර මුදලක් මෙම සැකකාරිය විසින් ඉතා සූක්ෂ්ම ලෙස ඇයගේ සහ රියදුරුගේ ගිණුම්වලට බැර කරගෙන ඇති බව මේ වනවිට සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
මෙම වංචාව හෙළිවීමත් සමඟම, ආයතන මට්ටමින් සැකකාර සේවකයන් දෙදෙනාගේ (2) වැඩ තහනම් කර ඇති අතර, ‘කළුතර ප්‍රාදේශීය සභාවේ’ ලේකම් එරංග දේවපුර විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ‘කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය’ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴
මධ්‍යම අධිවේගී මාර්ගයේ 48.4 වන කිලෝමීටර් කණුව අසලදී මීරිගම සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබූ ‘මිට්සුබිෂි පෙජරෝ’ වර්ගයේ රථයක් හදිසියේම ගිනිගැනීමට ලක්වීමෙන් 08-08-2025 දින දහවල් සිදුවූ අනතුර.
+
ජනපතිට ඇඳේ ශාන්තිය අවශ්‍ය ඇයි? සමාජෙට ප්‍රමිෂ්කා – කොළඹට බෙනීටා (09.08.2025)
+
ඔබේ බැංකු ගිණුමෙන් මුදල් අදින අලුත්ම වංචාව – විශේෂ හෙළිදරව්ව (08.08.2025)
මට ඔයාව බලන්න ඕනේ | Under Pant එක ගලවන්න; ඔයයි මායිනේ ඉන්නේ | ‘සෝමරත්න දිසානායක’ගේ Video Call Interview (09.08.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴