අගරදගුරු නිවසින්, විමල්ට එන්තරවාසියක්
(06.08.2025 – hirunews.lk)
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට එරෙහිව කතෝලික සභාව විසින් එන්තරවාසි යැවීමට කටයුතු කරන බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසනවා.
ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සිදුවූ දින කාදිනල් හිමිපාණන් දේව මෙහෙයට සහභාගි
නොවූ බවට කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම එන්තරවාසි යවන බවයි.
+++
+++
+++
+
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නවුෆර් මවුලවී ඇතුළු 24 දෙනෙකුට එරෙහි නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී කැඳවයි
(06.08.2025 – hirunews.lk)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය, කිරීම ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරු 24 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද (06) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.
ඒ අනුව අදාල නඩුව නවරත්න මාරසිංහ, ප්‍රදීප් අබේරත්න සහ සූජීව නිශ්ශංකගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විත්තිකරුවන් දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මෙම නඩුකරයට අදාළව විත්තිකරුවකු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා මෙම නඩුවේ සාක්ෂි විභාගය වෙනත් දිනයකට කැඳවීමට නියම වුණා.
ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 11 වන දා දක්වා කල් තිබුණා.
මෙම නඩුවට අදාළව ‘නව්ෆර් මව්ලවි’ ඇතුළු විත්තිකරුවන් විසිහතර (24) දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.
මෙම නඩුවේ විත්තිකරුවන් සියලු දෙනා අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴
කොම්පඤ්ඤවීදිය පොලිසියෙන් රිවෝල්වරයක් ඉස්සූ සාජන් මාට්ටු, රු. ලක්ෂයකට මාවතගම අයෙකුට විකුණලා
(06.08.2025 – hirunews.lk)
කොම්පඤ්ඤවීදිය පොලිසියේ අවි ගබඩාවෙන් රිවොල්වරයක් (1) සහ පතොරම් 10 ක් සොරාගෙන රුපියල් 100,000 කට ‘මාවතගම අමිල’ නැමැති පුද්ගලයෙකුට අලෙවි කළ බව කියන පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ සේවයේ නිරත මෙම සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (05) රාත්‍රීයේදීයි.
රිවෝල්වරයට යොදන පතොරම් 10 ක් සහ පිස්තෝලවලට යොදන මිලි මීටර් 9 වර්ගයේ පතොරම් 10 ක් ද ගිනි අවිය සමඟ මෙම නිලධාරියා විසින් සොරාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
අවි ගබඩාව භාර පොලිස් නිලධාරියා ගබඩාවේ ඇති ගිනි අවි සහ පතොරම් ගැන කළ සංගණනයකදී අවිය (1) සහ පතොරම් 10 ක් අතුරුදන්ව ඇතැයි පෙනී ගිය බැවින් ඒ ගැන ඊයේ (05) ඔහු සිය උසස් නිලධාරීන් දැනුවත්කර තිබෙනවා.
ඒ අනුව පොලිසියේ ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ පසුගිය 21 වෙනිදා රාත්‍රී කාලයේදී මෙම සැකකාර සැරයන්වරයා අවි ගබඩාවට පැමිණ තොප්පියක් තුළ සඟවාගෙන අවිය රැගෙන ගොස් ඇති බවයි.
ඒ අනුව සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ගිනි අවිය සොරගත් බව පිළිගෙන තිබෙනවා.
එම අවිය ‘මාවතගම අමිල’ නැමැති පුද්ගලයාට ලබාදුන් බවද ඔහු පවසා තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
පසුව ඔහු රැදී සිටි පොලිස් බැරැක්කය පරීක්ෂා කිරීමේදී ඔහුට අයත් ඇඳුම් දමන යකඩ කබඩ් එකේ සඟවා තිබී අත් බෝම්බයක් (1) සහ අත්විලංගුවක් (1) ද හමුවී තිබෙනවා.
මෙම සැකකරුගේ තොරතුරු මත ‘මාවතගම අමිල’ නැමැත්තා සොයා විමර්ශන ආරම්භකර තිබෙන බවයි ‘හිරු ප්‍රවෘත්ති’ වෙත පොලිසිය පැවසුවේ ෴
නීති විරෝධි ලෙස එකලස් කළ සුපිරි රියක් අත්අඩංගුවට
(06.08.2025 – hirunews.lk)
නීති විරෝධි ලෙස එකලස් කළ රු. කෝටි 03 ක් පමණ වටිනා සුඛෝපභෝගි වාහනයක් ගණේමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගරාජ් හිමිකරුවෙකු සතුව තිබියදී ඊයේ (05) ‘වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය’ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Toyota Land Cruiser Prado වර්ගයේ ජීප් රථයක් මෙසේ අත්අඩංගුවට ගත් බවයි ‘වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය’ පැවසුවේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රථය ‘ගණේමුල්ල පොලිස් ස්ථානය’ට භාරදී තිබෙනවා.
වැඩිදුර විමර්ශනයේදි මෙම රථය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සිටි දුෂිත නිලධාරින් සමඟ සම්බන්ධතා පවත්වන ලද පුද්ගලයෙකු විසින් ගැණුම්කරු වෙත විකිණිම සිදුකර ඇති බවට හෙළිව තිබෙනවා.
ඒ සම්බන්ධව සාක්ෂි අනාවරණය කර ගැනිම සඳහාද වැඩිදුර විර්මශන ක්‍රියාත්මකයි ෴
රටම බලා සිටි මහරගම තරුණ විරෝධතාවය | හිතාගන්න බැරි තරුණ සෙට් එකක් ඇවිත් මහරගම දෙවනත් කරපු හැටි (06.08.2025)
+++
මහරගම වගේද කළුතර…| ලොකු සද්ද බද්ද මොකුත් නැහැ | කොල්ලෝ කෙල්ලෝ පාරට බැහැලා රටටම දුන්න පණිවුඩය (06.08.2025)
+
ආණ්ඩුවේ IMF මර උගුලට එරෙහිව වසන්ත මුදලිගේ අරගලයක් අරඹයි | කඩවතින් අද පටන් ගත්ත වැඩේ (06.08.2025)
+
මාලිමාවේ බොරු කියන ඇමතිවරු මෙන්න (06.08.2025)
+
මහ බැංකුවෙන් ආයතන තුනකට රුපියල් මිලියන 6.5 ක දඩ
(06.08.2025 – hirunews.lk)
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) විසින් 2025 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ ආයතන තුනකින් (3) රුපියල් මිලියන 6.5 ක දඩ මුදලක් අය කරගෙන තිබෙනවා.
මෙම දඩ මුදල් අය කර ඇත්තේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුව (National Savings Bank), බැලීස් ලිමිටඩ් (Bally’s Limited) සහ බෙලාජියෝ ලිමිටඩ් (Bellagio Limited) යන ආයතන තුනෙන් (3).
මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත (Financial Transactions Reporting Act – FTRA) උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මෙම දඩ පනවා ඇති බවයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ.
මෙම දඩ, අදාළ ආයතනවල නොසැලකිලිමත්කමේ ස්වභාවය සහ බරපතලකම සැලකිල්ලට ගනිමින් නියම කරන බවයි මහ බැංකුව සඳහන් කළේ.
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියාමන ආයතනය ලෙස FIU, අදාළ ආයතන මෙම නීතිරීතිවලට අනුකූලව කටයුතු කරවීම සඳහා මෙම දඩ මුදල් අය කරගෙන තිබෙනවා.
ඒ අනුව ජාතික ඉතිරිකිරීමේ බැංකුවට 2025 අප්‍රේල් 16 වැනි දින මෙම දඩය පනවා ඇති අතර අනෙක් ආයතන දෙක (2) සඳහා 2025 මාර්තු 28 වැනිදා මෙම දඩ මුදල් පනවා ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව ජාතික ඉතිරිකිරීමේ බැංකුවට රුපියල් 3,500,000 ක දඩ මුදලකුත් බැලීස් ලිමිටඩ් සහ බෙලාජියෝ ලිමිටඩ් වෙත රුපියල් 1,500,000 ක දඩ මුදලක් පනවා තිබෙනවා ෴
නඩු ගොනුවක පිටු ඉරූ නීතිඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසි කෙරේ
(06.08.2025 – 19:14 +0530 – sinhala.adaderana.lk)
අභියාචනාධිකරණ නඩු ගොනුවක පිටු අනීතික ලෙස ඉරා ඉවත්කිරීම තුළින් නීතීඥ ආචාරධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඩබ්. ඩී. ධර්මසිරි කරුණාරත්න නමැති නීතිඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසිකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරී විසින් අදාළ නීතිඥවරයාට එරෙහිව සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කුමුදුනි වික්‍රමසිංහ, අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
අභියාචනාධිකරණයේ ලේඛනාගාරයට පිවිස නඩු ගොනුවක් ලබාගෙන අනීතික ලෙස එහි පිටු දෙකක් (2) ඉරා ඉවත් කර ඇති බවට මෙම වගඋත්තරකාර නීතිඥවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
ඉන් අනතුරුව අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරී ඩබ්ලිව්.එස්.බී.එස්. ප්‍රනාන්දු විසින් මරදාන පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ නීතිඥවරයා මාළිගාකන්ද මාහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර 2023 වසරේ ජනවාරි මස 25 වනදා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරුණු බවත් නඩු තීන්දුවේ සඳහන් වෙයි.
ඉන් අනතුරුව නීතිඥභාවය ඉවත් නොකිරීම සඳහා නිදහසට කරුණු දක්වන ලෙස දන්වා අධිකරණ සංවිධාන පනතේ 42(3) යටතේ චෝදනා පත්‍රයක් නිකුත් කළ අතර, ඔහු එම චෝදනාවලට නිවැරදිකරු බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණි.
මෙම චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි විභාගයක් පැවති අතර එහිදී වගඋත්තරකාර නීතිඥවරයාද සාක්ෂි ලබා දී ඇත.
ඉදිරිපත් වූ කරුණු මත තීන්දුව ප්‍රකාශයට පත් කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණ සංවිධාන පනතේ 40 වන වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිඥවරු ලෙස පිළිගෙන බඳවා ගනු ලබන්නේ හොඳ කීර්තියක් ඇති සහ දක්ෂ දැනුමක් සහ හැකියාවක් ඇති පුද්ගලයින් පමණක් බව මතක තබා ගත යුතු යැයි සඳහන් කළේය.
එවැනි නීතිඥවරුන්ට ලියාපදිංචි වූ පසු කිසිදු වංචාවක්, අක්‍රමිකතාවක්, අපරාධයක් හෝ වරදක් කළ නොහැකි අතර එය මහජනතාවගේ සහ රටේ යුක්තිය පසිඳලීමේ කටයුතුවලට සම්බන්ධ වූවන්ගේ සාධාරණ අපේක්ෂාවක් බවත් තීන්දුවේ සඳහන් විය.
නීතිඥවරයෙකුට අපේක්ෂිත ප්‍රමිතිය පවත්වා ගැනීමට නොහැකි නම්, එවැනි නීතිඥවරයෙකුට තවදුරටත් එම තනතුරේ කටයුතු කිරීමට අවසර දිය නොහැකි අතර යහපත් කීර්තියක්, දැනුමක් සහ හැකියාවක් ඇති පුද්ගලයින් පමණක් නීතිඥවරු ලෙස කටයුතු කරන බවට මහජනතාව තුළ පවතින අභිලාෂය ද සැලකිල්ලට ගැනීම තම අධිකරණයේ යුතුකමක් බවත් අගවිනිසුරුවරයා එහිදී පැවසීය.
මෙම වතාවරණය මත වගඋත්තරකාර නීතිඥවරයාගේ ක්‍රියා කලාපය සමස්තයක් ලෙස මේ රටේ නීති වෘත්තියේ කීර්ති නාමයට කැළලක් ඇති කර ඇති ආකාරය පෙන්වීමට තවදුරටත් හේතු දැක්වීම අවශ්‍ය යැයි තමා නොසිතන බවත් අගවිනිසුරුවරයා සිය තීන්දුවේ ප්‍රකාශ කළේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව වගඋත්තරකාර නීතිඥවරයා අධිකරණ සංවිධාන පනතේ 42 වන වගන්තිය ප්‍රකාරව ඔහු වහාම නීතිඥ භාවයෙන් ඉවත් කිරීමට නියෝග කරන බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සිය තීන්දුවේ දී සඳහන් කළේය.
ඒ අනුව මෙම නියෝගය අනුව කටයුතු කර අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙසත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එහි රෙජිස්ටර්වරයාට කළ නියෝගය වැඩිදුරටත් සඳහන් විය ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴